Thursday, March 27, 2014

'' 90 දශකයේ ප්‍රේමයක් ''



            මම O/L වලට  පන්ති ගියේ ඉගෙන ගන්නමද මන්ද , කියල මට නම් දැන් හිතෙනවා . එකක් ගෙදරින් නිදහස නැතිකම , අනික යන්නම් වාලේ යාම . ඉතින් , අපේ පන්තියේ ගොඩක් දෙනකුට ප්‍රේමවන්තයනුත් හිටිය . ඒ ගොල්ලන් ලියුම් ලියනවා , ලියුම් කියවනවා , අපි එක්ක විස්තර කතා කරනවා . අනේ ඉතින් අපිත් කටවල් ඇරන් , උඩ බලන් සුරංගනා කතා අහන්න වගේ අහගෙන ඉන්නවා . දැන් වගේ නෙමේනේ , ආදර කතාවක් අහන්න එක්කෝ නවකතා පොතක් කියවන්න ඕන . නැත්නම් චිත්‍රපටියක් බලන්න ගෙදරින් එක්ක යනකම් ඉන්න ඕන . 

         ඔහොම ඉන්නකොට කොල්ලෙක් නැති අඩුව මට දැනුනේ වයසේ වැරද්දටද , නැත්නම් යාලුවෝ ඔක්කොටම ප්‍රේමවන්තයින් හිටිය නිසාද කියල මට තේරුනේ නැ . ඒත් , දැන්නම් දන්නවා , මේ ඔක්කොටම වඩා පරිසර සාධකය බලපාපු බව , මන් ඉතින් ලස්සනම නැ , ඒත් ටිකක් පෙනුමයි . ඊට වඩා පාසල්වියේ කැපී පෙනන දස්සකම් තිබුන නිසා , පිරිමි ළමයිනුත් මන් දිහා බැලුව . ඔන්න ... කොල්ලෙක් මං දිහා බලනවා , මං ගැන ටිකක් උනන්දුයි වගේ . මාත් බැලුව , හොරෙන් ...හොරෙන් මෙන්න එයා මට ලියුමක් එවල යාලුවෙකුගේ අතේ . 

        බයෙන් ... බයෙන් ලියුම අතට අරන් එකසයිස් පොතක කවරේ අස්සේ දාගෙන ගැහි ගැහි ගෙදර අරන් ගියා . ලියුම එලියට ගන්නත් බයයි , කවුරු හරි දකී කියල . පැය ගානක් පොත අස්සේ තිබිල , ගෙදර කට්ටිය අඩුවෙනකම් ඉදල , ටොයිලට් එකට අරගෙන ගිහින් ලියුම දහ සැරයක් විතර කියෙව්වා . හිතට මොකද්දෝ වෙනවා වගේ , ඒ වුනාට මේකට හා කියන්න බයයි මට , ඔහොම දව ගානක් ගිහින් , මෙන්න දන්නෙම නැතුව මාත් ලියුමක් ලියනවා , මාත් ඔයාට ආදරේ කියල , උත්තර ඇරිය , එදා ඉදන් කොල්ල බය නැතුව මං දිහා බැලුව , 

         දැන් අපි ආදරය කරනවනේ , දිගටම පොත් ගණන් ලියුම් ලිව්වා . එයාගේ පන්තියේ සටහන් , මගේ මුතු අකුරින් පිළිවෙලට ලියනවා . වරද්දන්නෙ නැතුව පන්ති ගියා . එයාව දකින්න පුළුවන් මට පන්තියේදී විතරයි . පන්ති ගියාට කිසිම දෙයක් ඉගෙන ගත්තේ නම් නැ . ඔලුවේ තිබුනේ එයා විතරමයි , වාසනාවට මොනවා හරි දන්න නිසා , විභාග අසමත් උනෙත් නැ . ලාවට ගොඩ දාගත්ත . මේ සම්බන්ධෙ ගෙදරට ආරංචි වෙලා , අපේ ගෙදරින් යුද්ධ ප්‍රකාශ කලා . අපට ඒගොල්ලන් ගැලපෙන්නේ නෑලු . හරියට ගම පෙරළියේ නන්දට උනදේ මටත් උනේ . 

            ඒත් අපි හොරෙන් ආදරේ කරා , ප්‍රශ්න ආව , අපට , ලියුම ලිවුවා ඇති වෙන්න , හම්බ උනේ නැ , දවස් ගණන් . ඔහොම ඉන්නකොට අපි ටික ටික ඇත් වෙනවා වගේ දැනුන , එයාට දැන් මාව අමතකයි වගේ ,  ලියුනුත් එවන්නේ නැ . මටනම් ගොඩක් දුක හිතුන , ඒ මගේ ප්‍රථම ප්‍රේමය නිසා . මම හිතෙන විදියට ගෙවල් වල අකමැත්ත නිසා , එයා මගෙන් ඇත් වෙන්න හිතන්න ඇති , අදටත් මං හරි හේතුව දන්නේ නැ . මගේ ලියුම් එයා අපහු ගෙනත් දුන්න . එයාගේ ඒවත් මන් අපහු දුන්න . අපේ ප්‍රේමය අවසන් කියල මං දැනගත්ත .

18 comments:

  1. ඊලග ලව් එක ගැනත් ලියන්න හොදේ, අපරාදේ කලින් ඉපදුනේ අයියෝ, ටිකක් ඉවසලා 80 ගණන් වල ඉපදෙන්න තිබ්බනේ එහෙනම් ලියුන් ලියන්න වෙන්නේ නැහැ ,,

    ReplyDelete
  2. දිගටම ලියන්න අක්කේ,

    ReplyDelete
    Replies
    1. එකනේ ... දෙවියෝ මට යන්න කිව්වේ කලින්නේ..... දිගටම ලියන්නම්.....

      Delete
  3. ඔය තියෙන්නෙ ලෙසටම ... දවස ගානෙ පෝස්ට් පබ්ලිෂ් කරන්න උත්සුක නොවන්න ....කියවන්නන්ගෙ අදහස් දැක්වීමට ඉඩ දී දින කීපයක් ඔවුන් සමග සංවාදයේ යෙදෙන්න...
    ඔබට හොද පන්නරයක් ලැබේ,,,,,!
    සුභ පැතුම්.,.,.,.!

    ReplyDelete
    Replies
    1. හා.....එහෙමවත් කරලා බලමු..... මං තාම ආධුනිකයිනේ.... දන්නේ නැතුව පෝස්ට් කරා .....

      Delete
  4. බ්ලොග්කරුවෙක් විදියට මම මුලින්ම ඔයාට සුබ පතනවා. මමත් මුලදි හිතුව දිනපතාම මොනවහරි ලියන්න. ඒත් ඒක ප්‍රායෝගික නොවන බව ටික දවසකින්ම වැටහුනා. හෙමින් සීරුවේ ලියන්න.
    මම මේ බ්ලොග් එකේ පෝස්ට් ඔක්කොම කියෙව්ව. හොඳටම හොඳයි. මමත් ඉඩ ලැබෙන හැම වෙලාවකම කියවල කොමෙන්ට් එකක් දාල සහයෝගය දෙන්නම්. මොකද මටත් ඒ සහයෝගය ප්‍රවීණයන්ගෙන් ලැබුන නිසා. මම නම් ප්‍රවීණයෙක් නොවෙයි. බ්ලොග් ලෝකෙට අළුත්.

    මම මගෙ බ්ලොග් රෝලටත් දා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... සුභ පැතුම් වලට..... මං ඔයාගේ බ්ලොග් එකට ඊයේ ආව.....

      Delete
  5. Replies
    1. ම්ම්ම්ම්ම්ම්........

      Delete
  6. හ්ම්ම්… කවිය අයින් කලාද?

    ඇත්තට අපිට ලිපි ලියන්න නොලැබීම කොයි තරම් අවාසනාවක්ද කියලා හිතෙන්නෙ මේවා කියවත්දි තමා.

    දිගටම ලියන්න.…… ඇත්තටම හොදයි. ඔයාට වෙලාව තියෙනව නම් ඇති තරම් පෝස්ට් ලියලා සේව් කරලා තියන්න. ඒ වගේම පුළුවන් තරම් හොද පෝස්ට් කියවලා (අනිත් අ‍යගෙ) ඒවට කමෙන්ට් කරලා කට්ටියව දැන හදුන ගන්න…

    සුභ පැතුම්………!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි......ඒ යුගය නෙමේනේ දැන් තියෙන්නේ......දැන් මැසේජ් විතරයි....

      Delete
  7. නිහිංසා.......පළමුව ඔබට සුභ පැතුම්!!

    ඔබ විවිධ මාතෘකා ඔස්සේ ලිවිය හැකි කෙනෙක් බව පේනවා. හදිසියට හැමදාම පෝස්ට් දාන්න ගියොත් කියවන අයට කරදරයක් වෙන්න පුළුවන්. මොකද දවසකට පෝස්ට් සෑහෙන්න ප්‍රමාණයක් කියවන්න තියෙනවා ඕනනම්. දවසකට ලෝකයේම බ්ලොග් පෝස්ට් මිලියන 3ට ආසන්න ප්‍රමාණයක් අප්ඩේට් වෙනවාලු. ඒ නිසා ඔබ එකක් ලියා...ඉන්පසු අනිත් ඔබ තෝරාගත් බ්ලොග්ස් කියවා අදහස් හුවමාරු කරගන්න. ඔවුන් විත් ඔබව කියවාවී. ලියනවා වාගේම අනිකුත් බ්ලොග්ස් කියවන්න උනන්දුවන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා .... මචෝ... අපි මේ ලමයව දැනුවත් කරමු... උඹට thnx ...

      Delete
    2. ඔබ දෙදෙනාගේම උපදෙස් වලට ස්තුතියි....... සුබ පැතුම් වලට ස්තුතියි .... මං පෝස්ට් දැන එක හෙමින් කරන්නම්..... ඔව්.... මට තේරුණා......නිවිසැනසිල්ලේ කියවන්න වෙලාව ඕන බව........... ඒ වගේම මට දැන් අනෙක් බ්ලොග් පේනව,,,, මම කමෙන්ට්ස් කරනවා.

      Delete
  8. ඊයේ මම මුලින්ම මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කරලා ගියාට පස්සේ පෝස්ට් දෙකක්ම වැටිලා.. අපිත් මුල් කාලේ ඔහොම තමා.. ඒ හන්දා ඉතින් ඒකට එපා කියන්නත් බෑ.. හිතේ තියෙන අදහස් ලියලා දන්නත් එපැයි..

    ලියුම් ගැන කිවුවම ඉතින් මට නම් කියන්න දේවල් එමටයි..ඒ තරමටම ලියුම් මතක වලින් පිරිලා..

    ReplyDelete
    Replies
    1. එදා ඇති වෙන්න ලියුම් ලිව්වා හින්ද තමයි අද මෙහෙම ලියවෙන්නෙත් ...... හොද නිර්මාණ බිහිවෙන්නෙත් ..... ඒ වගේම සමාජ ප්‍රශ්නත් අඩුයි. හැමදේම ලියුමේ ලියවුනම හිත නිදහස් නේ ...

      Delete