Saturday, March 29, 2014

මින් ඉදිරියට පිරිමි රුපරාජිනියන් .....?




ලෝකයේ තාක්ෂනය දියුණු වීමත් සමග නොයෙක් තරග බිහිවේ , එහෙත් මෙම තරගයේ වෙනස , පවතින තරගයකට වෙනස් මුහුණුවරක් ලැබීමය . රුපරාජිනියන් තරගයට පිරිමි තරගකරුවන් ඉදිරිපත්වීම මෙහි විශේෂත්වයයි . වයිද්ය විද්‍යාවේ මෑතකදී සිදුකරනු ලබන ලිංග විපර්යාසය නිසා පිරිමි ගැහැණු බවට පත්වීම මේ වන විට සාමාන්‍ය ක්‍රියාවකි . මේ සදහා නීතිමය බාධාවන් නොමැත . ගැහැණු තරමටම ස්ත්‍රී ලාලිත්‍ය මතුකරලීම නිසා , වෙනසක් දකින්නන්ට නොපෙනේ . එම නිසා , රුප සුන්දරී තරග සදහා ඉදිරිපත් වීමට මෙම ගැහැණු බවට පත්වූ පිරිමිද ආශාවක් දක්වයි .


එහෙත් සින්ගපුරුවාසීන් එකිනෙකට වෙනස් මත දරයි . ඔවුන්ගේ මතයට අනුව කෘතීම ලිංග විපර්යාසය නිසා , තරගය අර්ථවත් වී ඇති බව පවසයි . තවත් සමහරක්ගේ මතය වුයේ , මෙම අය ඉදිරිපත්වීම තුලින් තරගයට කිසිසේත් නොගැලපෙන අත්දැකීමක් එක්වන බවයි . එහෙත් මින් ඉදියට ජයග්‍රහණය කරන්නේ පිරිමියෙක් නම් , එය අපට නැවැත්විය නොහැක . ලිංග විපර්යාසය ලෝකය පිළිගෙන ඇති නිසා , ජයග්‍රාහිකව අපටද පිළිගන්නට සිදු වේ . ප්‍රේක්ෂකයෝ මෙයට අකමැති නම් ,මෙම තරග නීති වෙනස් කල යුතුය . එහෙත් අන්තර්ජාතික වශයෙන් බලවත් විරෝධතා මතුව ඇත්තේ , පසුගිය මාසයේ කැනේඩියානු ජාතික තරුණයකු එහි පැවැත්වූ රු රැජින තරගයකට නොසුදුස්සකු කිරීමත් සමගය . 23 හැවිරිදි ජිනා වලක්කෝවා , විසින් සංවිධායකයන්ට විරුද්ධව නඩු මගට බසින්නට සුදානම් වීමත් සමග , නැවත ඉදිරිපත් වීමේ අවස්ථාව සංවිධායකයෝ ඔහුට ලබාදුනි . කෙසේ නමුත් මෙම සිද්ධිය හරහා ලෝකයටම කතා කිරීමට දැන් නව මාතෘකාවක් ලැබී ඇත .

32 comments:

  1. ෂහ්..
    යන්ඩ ඕන බල්න් ඒ පැත්තේ
    //වයිද්ය// - වෛද්‍ය
    සහ තව වැරදි කීපයක් තියෙනවා..
    ආයේ කියවලා හදන්න...

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ...වැරදි හදා ගන්න ඕන...

      Delete
  2. වැන්න පොඩක්. නොන්නයෙක් පොවෙනු.

    ReplyDelete
  3. පිරිමිකම තියාගෙන හිටියනම් ඉවරයිනෙ. ලෝකය විපරිත වෙමින් පවතිනවා.

    ReplyDelete
    Replies
    1. සමහර අය කැමති දේවල් අපට වෙනස් කරන්න බැනේ. ලෝකේ පවතින්නේ වෙනස්වීම් මත

      Delete
    2. වෙනස් වෙනවා කියන්නේ ගෑනුන් පිරිමින් වෙන එකයි පිරිමින් ගෑනුන් වෙන එකයි විතරද? එහෙම නොවී ලෝකේ වෙනස් වෙන්න බැරිද? ලෝකේ අද ඊයේ වෙනස් වෙන්න පටන්ගෙන නෑනේ. මේ වගේ මානසික තත්වයක් තියෙන්නේ ඇත්තටම ලෝකේ කොහෙවත් මිනිස් ප්‍රජාව සමාජමය වශය හා සංස්කෘතිකව වඩා ප්‍රායෝගික ලෙස ගොඩනගන්නන්ට නෙවෙයි. ඇත්තටම මේ මිනිස්සුන්ට අනුකම්පා කරන්න ඕනේ මේ අයගේ ල්බා උපන් හැටිය ගනත් ඔවුන්ට නිසි ලෙස පිරිමින් හැටියට ජීවත් වීමට කිසිවෙක් උදවු නොකිරීමත් ගැන.නමුත් මෙතන වෙන්නේ ඔවුන්ගේ මානසික තත්වය හා හැසිරීම වෛද්‍ය විද්‍යාව එක්ක සම්බන්ධ කරලා අවස්ථාවාදීව යම් පිරිසක් ලිංගිකත්වයේ ස්වභාවයට අභියෝග කරන්න යන එක.

      Delete
    3. මොකක්ද? ඔය පිරිමිකම? කාන්තාවන් පීඩාවට පත්කරන පුරුෂාධිපත්‍ය නේද?

      Delete
    4. පුරුෂාධිපත්‍ය එපා කියන්නේ සම තැන ඉල්ලන්න නෙමේ.....කාන්තාවන්ට නිසිතැන ලැබ ගන්න......නේද....?

      Delete
  4. එක එක්කෙනාගෙ කැමත්ත සහ ආශාවනෙ. ලංකාවෙත් අවුරුදු කුමාරයා නොතෝරා දෙගොල්ලොන්ගෙන්ම අවුරුදු කුමාරි තෝරයිද දන්නෑ ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ලංකාව ඇතුලේ චන්ද්‍රිකාගේ ආන්ඩු කාලේ හදපු සමලිංගික සංවිධාන දැනටත් මේක කරනවා.

      Delete
  5. මෙවැනි දේවල් නිසා ගැටීම් ඇති වෙන්න තියන ඉඩ කඩ වැඩි .
    …අලුත් බ්ලොග් එකක්. අදමයි ආවෙ මේ පැත්තට . දිගටම ලියන්න . ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි ..... ලෝකය හැමවිට ගැටීම වලින් යුක්තයි.

      Delete
    2. සමහර විට මනුස්ස සංහතියම අවසන්වන ගැටුමක් වෙන්නත් පුලුවන්. ලිංගිකත්වය් කියන්නේ බුද්ධිමත්ව හැසිරවියයුතු දෙයක් එතනදි ඒකේ ස්වභාවය දැනගෙන ඊට අනුකූලව වෙන ස්වභාවික් වෙනස් වීම් පිළිගන්න ඕනේ. නැතුව මිනිස්සුන්ගේ අත්තනෝමතික වෙනස් කිරීම් වලට ගියොත් නැති ව්‍යසනයක් වෙනවා. මෙකේ ප්‍රතිඵල තාම අපේ රටට හරියට දැනිලා නෑ.

      Delete
  6. අකුලු තික හදාගන්න... ඔදේ...
    හිහි...
    ගැහැණු බවට පරිවර්තනය නොවුණත් ඒ ජාතියෙ වැඩ කරන අය ඉන්න සමාජයක් නෙව මේක... ඒ අයටත් වෙනව කොන්ටෙස් එකක් තිබ්බොත් කෝමද... ඈ......

    ReplyDelete
    Replies
    1. ඉස්සර අකුරු වැදිච්ච විදිය තමයි මේ....දැන් සිංග්ලිෂ් දියුණුයි....

      Delete
  7. ගැහැනුන් වෙන්න ආසාවක් තියෙන පිරිමින්ට ඒක වෛද්‍ය විද්‍යාවෙන් ලිංග විපර්‍යාසයක් කරලා දෙන එක ඒ කෙනාගේ අවශ්‍යතාවය ඉටුකරදීමක් කියලා හිතන්න පුලුවන්. නමුත් මමනම් කියන්නේ ඊට වඩා හොඳයි උපතින් පිරිමි ලිංගයක් හා ශරීරයක් එක්ක මෙලොව බිහිවන්නට පිහිටන මෙවැනි සුලු මානසික දෝශ හදාගෙන පිරිමින් හැටියට ජීවත් වෙන්න උදවු කරන එක. මේ අයට මෙහෙම වෙන්නේ නෑ පොඩි කාලේ ඉඳලා දෙමවුපියෝ වගකීමක් ඇතිව ඔවුන් හදාගෙන තියෙනවනම්. තව දෙයක් තියෙනවා. මෙතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවක් හැටියට මේ කාරනේ උලුප්පන්න යන අය බොහොමයකට ලිංගිකත්වයේ ස්වභාවය හා විශම ලිංගිකත්වය ගැන යම් නොරිස්සුම්සහගතබවක් තියෙනවා. ඒ අය සාමාන්‍ය වශයෙන් මේ සිද්ධියේ අනෙක් පැත්ත ගැනත් කතා කරනවා ඒකත් දියුණුව හැටියට දකිමින්. ඒ කියන්නේ කාන්තාවන් පුරුෂභාවය තුලට කායිකව හා මානසිකව පරිනාමනය කිරීම. ඒවගේම මේ පිරිස සමලිංගිකත්වය පිලිගන්න ඕනේ කියන මතයේ ඉන්නවා. මේ ඇත්තටම ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග පිළිගැනීමට අකමැති ඒ ගැහැනුන් වෙන්න ආසාවක් තියෙන පිරිමින්ට ඒක වෛද්‍ය විද්‍යාවෙන් ලිංග විපර්‍යාසයක් කරලා දෙන එක ඒ කෙනාගේ අවශ්‍යතාවය ඉටුකරදීමක් කියලා හිතන්න පුලුවන්. නමුත් මමනම් කියන්නේ ඊට වඩා හොඳයි උපතින් පිරිමි ලිංගයක් හා ශරීරයක් එක්ක මෙලොව බිහිවන්නට පිහිටන මෙවැනි සුලු මානසික දෝශ හදාගෙන පිරිමින් හැටියට ජීවත් වෙන්න උදවු කරන එක. මේ අයට මෙහෙම වෙන්නේ නෑ පොඩි කාලේ ඉඳලා දෙමවුපියෝ වගකීමක් ඇතිව ඔවුන් හදාගෙන තියෙනවනම්. තව දෙයක් තියෙනවා. මෙතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවක් හැටියට මේ කාරනේ උලුප්පන්න යන අය බොහොමයකට ලිංගිකත්වයේ ස්වභාවය හා විශම ලිංගිකත්වය ගැන යම් නොරිස්සුම්සහගතබවක් තියෙනවා. ඒ අය සාමාන්‍ය වශයෙන් මේ සිද්ධියේ අනෙක් පැත්ත ගැනත් කතා කරනවා ඒකත් දියුණුව හැටියට දකිමින්. ඒ කියන්නේ කාන්තාවන් පුරුෂභාවය තුලට කායිකව හා මානසිකව පරිනාමනය කිරීම. ඒවගේම මේ පිරිස සමලිංගිකත්වය පිලිගන්න ඕනේ කියන මතයේ ඉන්නවා. මේ ඇත්තටම ලිංගිකත්වයේ ස්වභාවික ගුණාංග පිළිගැනීමට අකමැති ඒ වගේම ඊට අභියෝග කිරීමට දඟලන අත්තනෝමතික මානසිකතත්වයක් ඒ අයට තියෙන. නැතිව මේක වෛද්‍ය විද්‍යාවේ දියුණුව කියලා කියන්නේ වෛද්‍ය විද්‍යාවේ වෙනත් අංශ වල දියුණුව ගැන කතා කරන්න බැරුවටද? ලිංගිකත්වය කියන කානේ මුලට එන විට මේ සේරම ඉන්නේ වෛද්‍ය් විද්‍යාව වේවා, භෞතික විද්‍යාව වේවා, වෙනත් කවර දැනුමක් වේවා, ලිංගිකත්වයේ ස්වභාවික යහගුණයන්ට පටහැනි මිනිසුන්ගේ කුහකකම් මත පදනම් වන අත්තනෝමතික ක්‍රියාකාරකම් පැත්තේ. "LGBT " ක්‍රියාකාරකම් වලට සියලු විද්‍යාවන් තාක්ෂණයන් ගෑවීම මේ අවස්ථාවාදීන්ගේ ලක්ෂණයක්.

    ReplyDelete
    Replies
    1. ස්වභාව ධර්මය වෙනස් කරන එක.... ප්‍රයෝගික ගැටළුවක් තමයි....ඒත් මේ වගේ අයට උදව් කරන්නේ අවස්ථානුචිත ප්‍රයෝජන ගන්න පමණයි, විද්‍යාව දියුණුයි කියන්නේ . ස්වභාවධර්මය වෙනස් කරන්න උත්සාහ ගැනීම නම් තමයි. ලෝකේ දියුණු වෙන්නත් ඕන.... ඒත්..... විද්‍යාව දියුණු වෙන්නත් ඕන.....සමලිංගිකත්වය ..... හා ලිංග විපර්යාස අදාල වන්නේ .....මොන වගේ පුද්ගලයන්ටද කියල නම් හිත ගන්න අමාරුයි. මොකද.... සාමාන්‍ය ඝනයේ පුද්ගලයින්ටත් මේ තත්වයෙන් මිදෙන්න බැරිවීම. මානසික රෝගයක ආරම්භයද කියන්න දන්නේ නැ.

      Delete
  8. මටත් හිතෙනව මෙහෙම ලිංගිකත්වය මාරු කරන්න හිතෙන්නෙ පෞර්ෂ ගැටළු තිබෙන අය කියල. විරුද්ධ ලිංගිකයන් ලෙස අදින පළදින එක මනෝ ලිංගික දුබලතාවයක්ලු නේද? මේ අයට ලිංගිකත්වය මාරු නොකර වෙනත් මනෝ ප්‍රතිකාර දෙන එක නේද හොඳ.ගෑනු පිරිමි විදියටත් පිරිමි ගෑණු විදියටත් හැසිරෙන එක මහ ජරා දෙයක් වගෙයි මට පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒත් යකා ඒක අපිට පිළිකුල් කරන්න බැහැ. සමහරු හිතා මතා සහ බාහිර පෙළඹීම් මත ඔයදෙවල් කලත් ,සමහරුන්ගේ ශරීර අභ්‍යන්තරය සිතුම් පැතුම් උපතින්ම ඒ මිනිස්සුන්ට ලැබිච්ච විදිය. ගැහැණු පිරිමි බව අපේ තේරීමක් නෙමේ, උපතේදී සොබාදහම දීපු දෙයක්,, ඒත් පසු කාලීනව තමන්ට ඒක මාරු කරගන්න අවශ්‍යනම් ඒ වගේම ඒකට පහසුකමුත් ලෝකේ තියෙනවා නම් මාරු කරගත්තුදෙන්.. අපිට මොකෝ ඈ,,, මොනා කියලා මේ ලෝකේ රකින්නද අර රතුදත්ත පොතේ තියෙන සංස්කෘතියද මොකක්ද කියන එකද ,

      Delete
  9. ඔය තරඟ වලට නොගියත් කෙල්ලො වගේ වැඩ කරන අය ඉන්නවනේ ඉතින් ඕන තරම්.. ඕක ඇවිල්ලා මානසික ප්‍රශ්ණයක්..

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. නිහිංසා ඔබ අහිංසකයෙක් ගැන පළ කරපු හිංසාවාදී කොමෙන්ට් එකකට උත්තර දුන්න බලන්න.

    http://rscpriyashad.blogspot.com/

    ReplyDelete
    Replies
    1. http://rscpriyashad.blogspot.com/2014/03/blog-post_23.html?showComment=1396188476565#c5837657877355647116

      මිතුරුගේ කොමෙන්ට් එක මෙතනින් බලන්න

      Delete
    2. මොකක්ද බං ඒ කමෙන්ට් එකේ තියන හිංසාවාදී කම

      Delete
  12. ඔබගේ බ්ලොග් එකේ ලිපි සියල්ල මම කියවා බැලුවා. ඒවා එක විදියක ලිපි බව පේනවා. හොඳයි.මම බ්ලොග්කරුවෙක් වුනත් මම ලිපි ලියන්නෙ නැහැ කොමෙන්ට් කරනවා විතරයි. මම ඔබට සුබ පතනවා .
    ඊයෙ පෙරේද අප්ඩේට් වුනේ නැත්තෙ මැතිවරන වැඩ නිසා වෙන්න ඇති. දිගටම ලියන්න.ඔබ සමාජ පරිවර්තනයක් උදෙසා ලියන්නියක් බව පේනවා. ඒ ගැනයි මට හුඟක් සතුටු.

    ඔබේ සමහර අදහස් සාමාන්‍ය දේවල් හෝ නොවැළැක්විය හැකි ප්‍රවනතා ලෙස දැක්වුවත් අඩුගානෙ ඔබලාට තවම ගබ්සාව නීතිගත කර ගන්නවත් බැරි වෙලා තිබෙනව නේද? සමලිංගික විවාහ වගෙ දේවල් ඇත්තේ ගවු ගනනක් දුරින්.ආගමික හා සංස්කෘතික කරුණු ඉතා ප්‍රබලයි. බටහිර මෙන් ඒවා සම්පූර්නයෙන්ම නැති කර දමන්න බැහැ.

    ReplyDelete
  13. ස්තුතියි .... සුබ පැතුම් වලට.....ඔව් මං කැමති සුබවාදී සමාජ පරිවර්තනයකට දායක වෙන්න.

    ReplyDelete
    Replies
    1. අස්වාභාවික මානසික තත්වයන් ඇති අයට එක්කෝ ශාරීරිකවත් ලිංග මාරු කරගෙන රිසි සේ ඉන්න ඉඩක් සලසන එක සහනයක් වෙන්න පුලුවන්. නමුත් ඒක සුබවාදී සමාජ පරිවර්තනයක් කියලා කියන්නම බෑ. මොකද මානසික ප්‍රතිකර්මත් මේවගේ ගැටලු වලට තියෙනවා. අනෙක කුඩාකළ සිට ඔවුන් හැදුන සමාජයේ වැරදිත් මේ තත්වයට බලපාන්න පුලුවන්. ඒ වැරදිත් හදන්න පුලුවන් කමක් තියෙනව. එහෙම වෙද්දී ඔය විදිහේ පරිවර්තන අවශ්‍ය වෙන්නේ නෑ.

      Delete
    2. කවුරු මොකක් කිවුවත් මේක අයහපත් දෙයක් නෙවෙය්, යහපත් පරිවර්තනයක්

      Delete
    3. කාට හරි හොදක් වෙනවා නම් ..... සමාජ සම්මතයන් බිද වැටෙන්නත් පුළුවන්.....

      Delete
    4. ඒකට මානසික ප්‍රතිකර්මයක් නෑ..ඒ මානසික රෝගයක් නෙවෙයි මානසික සොබාවයක්..රෝගයක් ඇති වෙන්න මොකක්ම හරි බාහිර බලපෑමකින් ඒත් මේක උපතින්ම සමහර අයට තියෙන එකක්ලු..මේ මම කියවල තියෙන දෙයක්.... ඉතින් මනස ගෑනු කෙනෙක්ගේ වගේ ශරීරය පිරිමි කෙනෙක්ගේ වගේ ශරීරයට වඩා මනස වෙනස් කරගන්න අමාරු අයට මේක හොදයි

      Delete
    5. ඔව්...... කැමති අයට කැමති විදියට ජිවත් වන්න ඉඩ දෙන්න ඕන......අකිෆා....මේක මානසික රෝගයක් නෙමේ කැමැත්ත මත තීරණය වීමක් පමණයි.....

      Delete