Wednesday, April 2, 2014

දික්කසාදය



      මං කසාද බැන්දේ පෙරුම් පුරලා , මගේ විවාහය කල් ගියා , ඒ ඇයිද කියන්න මං දන්නේ නැ . අම්මල මට මනමාලයෝ හෙව්වා , කේන්දර බැලුව . එක එක්. කෙනා ගෙන්නුවත් එක්ක මාව බලන්න , එත් ඒවා හරිගියේ නැ . මගේ කරුමේ හින්දද දන්නෙත් නැ. මට රස්සාවක් තිබුන රජයේ එකක් මං ඉස්පිරිතාලේ වැඩකලේ . ඉතින් කවුද මට අකමැති වෙන්නේ , මං හිතුවේ එහෙම , කසාද බැන්දේ නැ කිව්වම , ඒක නිකන් මට අඩුවක් වගේ , මාත් ආසයි මුද්දක් දාන්න .

        ඔහොම ඉන්න කොට අම්මල මට තව යෝජනාවක් ගෙනාව , එයාට රස්සාවක් නම් නැ , ඒත් වතු තියනවා කිව්වා . අදායම් තියන නිසා , මාත් ඒකට කැමති උනා . අපේ කේන්දරත් ගැලපුනා බොහොම හොදට . මිනිහත් හොදයි , ටිකක් අහිංසක පාටයි . ඉතින් අපේ කසාදෙ මාසයක් ඇතුලත රෙජිස්ටර් කරා . මගේ හිතට ලොකු සතුටක් දැනුන . දැන් ඉතින් මංගල්ලෙට ලේස්ති වෙන්නත් ඕනනේ , මන් මගේ , මගුල් ඇදුම හදා ගත්ත . තව තව බඩුත් ගත්තා .හෙට අනිද්දා එයත් එක්ක යන නිසා , හීන ගොඩක් දැක්කා .

        ඔය අතරේ , අපේ අම්මට ආරංචි වෙලා , මගේ මිනිහට වයස වැඩියි කියල , කවුදෝ කියලා , අම්ම යුද්දේ පටන් ගත්ත , හොයල බැලුව , ඒක ඇත්තක්ද කියල , කතාව නම් ඇත්ත , මේ මිනිහ අඩු වයසක් දාල කේන්දරේ හදල , මට වඩා අවුරුදු නවයකට වැඩිමල්ලු . දැන් මට හතලිස් දෙකයි  , ඉතින් අම්ම කියනවා හොර කේන්දර හදල බැන්ද හින්ද කේන්දර ගැලපෙන්නේ නැතිලු , ඕක , අතහැරලා දාපන් පුතේ කියල අම්ම මට කියනවා  . මගේ මංගල සිහිනය දෙපාමුල කඩන් වැටුන . ඔලුව ගිනි අරන් මන් කල්පනා කරා , මොකද කරන්නේ කියල . මගේ හිතට අවේ දික්කසාද වෙයන් කියන උත්තරය , 

            මන් දික්කසාද නඩුව දැම්ම , මුලාකරලා කසාද බැන්ද කියල , අනේ , ඒ මිනිහ අහිංසකව බලන් හිටිය , මං දික්කසාදය ඉල්ලුව , වන්දි ඕන නැ . දවසින් දවස නඩුව කතාකරා , තීන්දුව දෙන්න අන්තිම දවසත් ආවා . අනේ , අර මනුස්සයාගේ ඇස් දෙකේ කදුළු පිරිලා . මට දික්කසාදය ලැබුන . මගේ හිත කිරි ගැහිලා ගියා . මාව ගැස්සිලා ගියා . මගේ කසාදෙ කොලේකට සිමා වෙලා උසාවියෙන්ම අවසන් වෙලා ගියා . මං කල්පනා කරා මට මොකද උනේ කියල , කේන්දර ගැලපෙන්නේ නැ කිව්වම , මට ඒ මිනිහව එපා උනා , ගෙදර කට්ටිය මට එක එක දේවල් කිව්වා . එත් මේ මිනිහගේ කිසිම වැරද්දක් මන් දැක්කේ නැ , මාව රැවට්ටුව තමයි , බොරු වයසක් දාල , ඒත් ඒක කරලා තියෙන්නෙත් මාව ඕන හින්දලු . මන් දැන් මොකද කරන්නේ , දැන් අපි දික්කසාද වෙලා . 

      සමහර විට මං ආයේ කසාද බදින එකක් නැතිවෙයි . දැන් මගේ වයසත් පහුවේගෙන එනවා . බැන්දත් අර වගේ මනුස්සයෙක් නම් මට ආයේ හමුවෙන එකක් නැ . කසාදයේ සතුටට  වඩා , මට දික්කසාදය දැඩි වේදනාවක් උනා . ඒත් අපි එක දවසක්වත් ලංවෙලා , ඉදල නැ , මට දැන්නම් , ඒ මනුස්සයා ගැන මොකද්දෝ ආදරයක් දැනෙන්න පටන් ගන්නවා .

49 comments:

  1. මොනා කියන්නද හිතා ගන්න බෑ.. අම්මලට ඕනේ එකක් කර ගන්න කියලා යන්න තිබ්බේ මනුස්සයා එක්ක..

    ReplyDelete
  2. කසාද බදින්න ගියාම සමහරු මොලේ අවුල් කර ගන්නවා, අනික මේක ගමේ සිද්ධියක් නේ..... දෙමාපියන්ට එකගයි.... ඇත්ත දැන දැනත්.....

    ReplyDelete
    Replies
    1. කසාදය කියන්නේ ඔය තරම් වැදගත් දෙයක්ද?

      Delete
    2. ලංකාවේ හැටියට කසාදය වැදගත්.....

      Delete
  3. සත්‍ය සිදුවීමක්ද මේක?
    මොනාඋනත් ඔය යෝජිත විවාහනම් මහ ඇණයක්, තමන්ම හොයාගන්න කෙනා තමා තමාට වඩාත් ගැලපෙන්නෙ, අම්මලට අපේ සිතුම් පැතුම්වලට ගැලපෙන කෙනෙක් හොයන්න අමාරුයිනෙ.

    ReplyDelete
    Replies
    1. සත්‍ය සිදුවීමක් තමයි සසිදු ....... තාමත් මේ චරිතය මට ඉදහිට හමුවෙනවා. මේ එයාගේ භාෂාවෙන්ම තමයි ලිව්වේ.

      Delete
    2. මේ සිද්ධියේ හැටියට ජෝඩුවම ගොඩක් අසරන උනේ මවුපියන්ගේ අදූරදර්ශී ක්‍රියාව නිසා. ගෑනියෙකුට වයස 42ක් කියන්නේ පොඩි ගානකුත් නෙවෙයි එහෙම තියෙද්දී අවුරුදු 9ක් වැඩිමල් මනුස්සයෙක් ලැබිම ගැටලුවක් වෙන්න බෑ. මොකද අවුරුදු 9 ලොකු ගානක් නෙවෙයි සාපේක්ෂව. අන්තිමට උනේ තිබුණ කසාදෙත් නැති වෙලා තව කාලකන්ණි වීමක්නේ. හරියන කසාදයක් වෙච්ච වෙලාවේ ඒක ආරක්ෂා කරගන්නේ නැතිව වෙන පණ්ඩිතකම් කරන්න ගිය එකේ ප්‍රතිඵලේ.

      Delete
    3. Anonymous
      කොහොම හරි පුරුෂාධිපත්‍යට යටත් වෙලා හිටියනම් ඉවරයිනේ කියලද කියන්නේ. මේ කාලේ ඒවා හරියන්නේ නෑ මල්ලී හොඳද

      Delete
  4. අවුරුදු 42ක්! ලේසි නෑ. මේ වයසේදී මොන කේන්දර ද!

    ReplyDelete
    Replies
    1. ගම්බද හා සම්ප්‍රධායික , පැරණි පවුල් වල තාමත් මේ තත්වය තියනවා. අම්මල කියන දේට උඩින් යන්නේ නැ. අම්මට වඩා උගත් තැනැත්තියක් මේ.

      Delete
  5. මොනවා වුනත් බොරු කරන එක හොඳ නෑ. ඒවා දැන ගත්ත දාට ඔය දේ වෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහර විට මේ තැනැත්තියටත්, ඒ ගෙදර ඇයටත් එපා වෙන්න ඇත්තේ බොරු කිව්වා හින්ද වෙන්න ඇති. මනුස්සයා නම් කියන්නේ . මේ ඔක්කොම කරේ මට ගැනිව ඕන හින්දළු. සමහර විට වෙන්නැති. මුලින්ම කේන්දර ගැලපුනේ නැත්නම් මේක කෙරෙන්නෙම නැනේ. එයාට ලොකුවට කසාදයක අවශ්‍යතාවය තිබුණා.

      Delete
  6. හතලිස් දෙකත් වයසක්ද නංගි

    ReplyDelete
    Replies
    1. කසාදය කියන්නේ අවශ්‍යම දෙයක් නෙවෙයි නේ. ඒකට ඔච්චර නහින්න කාන්තාවන්ට උගන්වන්න ඕන නෑ කියලයි මම කියන්නේ.

      Delete
    2. කසාදයේ අවශ්‍යතාවය එක එක්කෙනාට වෙනස්..... නේද....

      Delete

  7. අවුරුදු නමයක් කියන්නේ ලොකු වයස් පරතරයක් නෙවෙයි ඊට වඩා තාත්තලගේ දූලගෙ වයසේ අය කසාද බැඳල සතුටින් ඉන්නේ.. මේක බාහිරින් ආපු ප්‍රශ්ණයක් නිසා ගත්ත තීරණයක් කියල තමයි මට හිතෙන්නේ.. මිනිහගෙ වෙන වරදක් නැත්නම් ආයෙත් ඒ ගැන හිතන්න තිබුනා

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අවුරුදු නමයක පරතරයක් එන්න ඇත්තේ කේන්දර ගලපන්න හදපු නිසා වෙන්න ඇති. ඒත්, මේ වෙද්දී ගැනිට ආපහු හිතෙනවලු එයාම බදින්න. මිනිහගේ අහිංසකකම තේරිලා,ඒත් තවම බැන්දේ නැ.

      Delete
  8. යෝජිත විවාහ නම් අප්පා ඕනිම නෑ. ඒත් මෙතනදිනම් ටිකක් වෙනස්. මේ මනුස්සය ඇත්තටම ආදරෙ කරපු කෙනෙක්. අපේ ජීවිතවලට හැමදාම හොඳම කෙනා හමුවෙන්නෙ නෑ. ඒත් අහම්බෙන් හරි එහෙම හමුවුන කෙනා නැතිකරගන්නෙක ලෝක අපරාදයක්. ඒකෙන් ඒ මනුස්සයට අවුලක් වෙන්නෑ. ප්‍රශ්නෙ අත්තැරපු කෙනාටමයි. අනික අවුරුදු 9ක් කියන්නෙ එහෙම මහා ලොකු පරතරයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මේ දෙන්නම මම දැක්කා. දෙන්නම කතා කලා. මගේ අදහස නම් මේ දෙන්නා ගැලපෙනවා, කේන්දර පැත්තකින් තිව්වොත්, ඒත් .....ඒක ගැනිට තේරුම් යන්න අවුරුදු දෙකක් ගියා. සමහර විට දැන් ලැජ්ජාවක් ඇති.

      Delete
    2. යෝජිත තියා මොනම කසාදයක්වත් ඕන නැති තරමට කාන්තාවන් නිදහස්.

      Delete
    3. කවදාවත් කාන්තාවන්ගේ වගකීම් වලින් ගැලවෙන්න බැ.....

      Delete
  9. කසාඳ‍ය කියන්නෙ කාටවත්ම ඕන විදියට ගන්න ඕන තීරණයක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒත් පරණ මිනිස්සු වෙනස් කරන්න අමාරුනේ.

      Delete
  10. කසාද සමීකරණයට අනුව ඔයාට 64 ක කෙනෙක් එක්ක උනත් යන්න පුළුවන්. අර මනුස්සයට 51 යි නේ. නියම කොල්ලෙක්.

    අම්මා දන්නේ නැත්නම්, අම්මට කසාද සමීකරණය කියලා දෙන්න.

    බිරිඳගේ වයස = ස්වාමියාගේ වයස / 2 + 10

    උදා: 42 = 64 / 2 + 10

    ReplyDelete
    Replies
    1. කවුද මේක හොයා ගත්තේ.....? සිග්මන් ද......?

      Delete
    2. මහාචාර්ය මාතලන්

      Delete
  11. අවුරුදු නවයක පරතරය ප්‍රශ්නයක් නැහැ‍නෙ.ඔය ‍කේන්දර පැත්තකින් තියලා ඔබ‍‍‍ගෙ ජීවි‍තේ ඔබටම තීරණය කරන්න තිබුණා කියලයි හි‍තෙන්‍නෙ.........

    ReplyDelete
    Replies
    1. එහෙම තීරණයක් ගන්න තරම්.මේ මනුස්සයට ආත්ම ශක්තියක් තිබිල නැ.

      Delete
  12. ඇත්තටම කණගාටුයි. හැබැයි විවාහය වගෙ බරපතල දෙයකදි මොන අරමුණකින් වුනත් බොරුවක් කරන එක නම් අනුමත කරන්න බෑ.අපිත් විහිළුවට බොරු කිව්වට බොරුව කියන්නෙ කොහෙත්ම හොඳ දෙයක් නොවෙයි. බොරුව පුරුද්දට යනව අනික තමයි බොරු කියන එකාට කරන්න බැරි නරක වැඩකුත් නෑ කියනවනෙ.

    මේ කතාවෙ එන මිනිහනම් පට්ටම අහිංසකයෙක් බවයි පේන්නෙ.ඒ මනුස්සයත් ඔය තත්වෙට වැටිල තියෙන්නෙ එයාගෙත් වැඩිහිටි බලපෑම් වැඩි නිසාම වෙන්න ඇති.
    කොහොමටත් විවාහයෙදි බලන දේවල් නම් නිමක් නෑ. කෝදුරු තෙල් හත් පට්ටෙට තව ටිකක් හොයනව වගෙ. අපේ වගෙ රටවල විකාර වැඩියි.

    ම්නිස්කම ට උඩින් තිබෙන නීති පොත් නම් මහ හිරිහැරයක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. මිනිහ අහිංසකයෙක් තමයි, විවාහ කල්පමාව නිසා,, මේ රැවටිල්ල කරන්න ඇති, නැත්නම් කවුරු හරි මෙහෙම කරන්න ලනුවක් දෙන්න ඇති.

      Delete
  13. යකෝ උඹටත් 42 ක නම් අම්මට @#!$නෙන්න කියල බදින්න ඕන ඒ බුවාව....
    කියන්න ගියොත් පික්ෂු හැදෙනව ....

    ReplyDelete
  14. අවුරුදු 42ක් වෙලත් තාම ස්වාධීනව තීරණයක් ගන්න බැරි හැටි?වයස වෙනස් කළ පමණින් කේන්දර නොගැලපෙන්නේ කොහොමද?අනික මෙච්චරක් වුනාට පස්සෙත් තව හොයන්නේ මොකක් කරගන්නද කියලා ඔය අම්මලගෙන් අහන්න.දැන් ඔයා වයසට ගියාට අමතරව දික්කසාදත් වෙලා.මේක ලංකාවේ විවාහ වෙළෙඳපොලේ බාධකයක්නේ.ඔයා මුලින්ම ඔයා කවුද,ඔයාගේ මතය,කැමැත්ත මොකක්ද කියලා තේරුම් ගන්න.ඔයාට වෙලා තියෙන ලොකුම ගැටළුව ඔයාට ඔයාගේ ස්වාධීනත්වය නැති වීම.

    ReplyDelete
    Replies
    1. එළ. මම කියන්න ගියදේ ඔයා කියලා. මම දැන් ඕවා කියන්න යන්නේ නෑ.පන්ඩිතයා කියලා හැම එකාම බනිනවා. ඇත්ත කියලා බැණුම් අහගන්න ඕනා නෑ නේ...

      Delete
  15. මේක මගේ කතාව නෙමේ......මං මේක ලිව්වේ, අද වෙද්දී විවාහ කල්පමාව නිසා, ඇතිවන ගැටළුකාරී තත්වයන් හා තවමත්, ඇති සමාජ බාධක මොනවද යන්න හදුන ගන්නත්, ගම්බද පවුල් වල මෙවැනි තත්වයන් ඇති බව කියන්නයි. අනෙක මේ සම්බන්ධව ඔයාලා දරන මතය පැහැදිලි උනා.

    ReplyDelete
  16. වයස පරතරේ නම් එච්චරම අවුලක් නෙමෙයිනේ දෙන්නට දෙන්නා කැමති නම්.. අනික ඉතින් කාටවත් ඕන විදිහට කසාද තීරණ ගන්න එක කරන්නම හොද නැති දෙයක්..

    ReplyDelete
  17. ඒක ඇත්ත..... දිනේෂ්

    ReplyDelete
  18. මගුලයි... යකෝ 42ත් කේන්දරේ බලනව කීව....විකාරනෙව... එහෙනම් වලව් පැලැන්තියෙ වෙන්නැ... අපරාදෙ අරූ එච්චර හොදා නං වෙන සෙද්දක් වෙයං කියල බැදගත්ත නං ඉවරවෙ

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙත් ආපහු බදින්න කියලයි...

      Delete
  19. කේන්දර බලබල හිටපු හින්ද වෙන්න ඇති 42ක් වෙනකම් හිටියෙ, :/

    ReplyDelete
    Replies
    1. ඔව්..... මේ ගොල්ලන්ගේ ඔලුවේ තියෙන්නේ කේන්දරේ තමයි....

      Delete
  20. අවුරුදු 9ය මොකක්ද .පිස්සුනේ

    ReplyDelete
  21. විවාහය කියන්නේ කොහොම බැලුවත් කාන්තාවන් පිරිමින්ට යටත් වෙන සම්ප්‍රදායික සංකල්පයක්. එකෙන් ගැලවෙන්න පුලුවන් මානසික හයියක් තියෙන කාන්තාවන් අගය කළයුතුයි විවාහය මත්තේ නහින අයට වඩා.

    ReplyDelete
    Replies
    1. එහෙම මානසික හයියක් තියෙන කාන්තාවෝ ඉන්න පුළුවන් ..... ඒත්..... තනිකම කවදාක හරි විදවන්න වෙනවා.....

      Delete
  22. මේක පුරුෂාධිපත්‍ය නෙමේ..... දෙන්නම දෙන්නා ඉන්න තත්වය ගැන බැලුව නම් තමයි හොද.....

    ReplyDelete
  23. මගේ යෙහෙලියක් බැන්දේ 47න්. බැඳපු එකාට 49යි.
    පරක්කු උනේ කේන්දර බැලිල්ලේ ආශ්චර්ය නිසා තමයි
    කේන්දර හරියටම හරි ගිහිල්ලත් බැඳලා මාස 6න් ෆුල් කචල්

    ReplyDelete
    Replies
    1. ඔව්..... ජිවන වයස ගියාට පස්සේ නම් කේන්දර ගැලපිල්ල තාත්වික නැ.... කොහොමත් ප්‍රශ්න වයසත් එක්ක එනවනේ..... ඔවා..... කේන්දර දෝෂ නෙමේ..... එකයි නැවතත් දික්කසාද වෙන්න ඇත්තේ.....

      Delete