Sunday, April 13, 2014

මනෝමය ප්‍රේමය







           ආදරය අපට මානසික අවශ්‍යතාවයකි . එහෙත් , ඒ මුලික අවශ්‍යතාවය ඉටු කරගන්න ගොස් ජිවිතයෙන් වන්දි ගෙවූ සහ ජිවිතයම විදවන්නන් අද සමාජයේ බහුලව දකින්නට හැකිවී ඇත . හේතුව කුමක්ද යන්න තවම හරිහැටි සොයා ගෙනද නැත . සිතෙහි ඇතිවන බලවත් තෘෂ්ණාව , අයිතිකර ගැනීමට ඇතිවන අධික ආශාව මෙම සිද්ධිය සදහා හුදෙක්ම බලපා ඇතැයි සිතිය හැක . සැකය හා අවිශ්වාශය නිසා සියදිවි හානිකර ගැනීමද , අනෙක් තැනැත්තාගේ ජීවිතය විනාශ කිරීමද මේ සංසිද්ධිය හරහා සිදුව ඇත . 

       අප සිතන්නේ මේ තත්වය ලාංකීය සමාජයට පමණක් උරුමව ඇත කියායි , ඒත් එය එසේ නොව , ලෝකයටම පොදු ධර්මතාවක් වී සාමාන්‍යකරණය වී ඇත . අප කෙනෙකුට ප්‍රේම කරයිද , ඇය හෝ ඔහු , කෙලෙසද අපේ සිතගියාවන්ට , ගැලපෙන සේ හසුරුවන්නේ ? ඔහුට හෝ ඇයට , වෙනමම ජිවිතයක් ඇත . අවශ්‍යතා පොදු ස්වභාවයක් නොගනී , පාරිසරික සාධක වෙනමම බලපායි , ඉතින් කෙලෙසද අප ජිවන රටාවට වෙනයම් චරිතයක් අනුගත වෙන්නේ , ආදරයේ කැපකිරීම් කැමැත්තෙන් කල යුතුය . යම්තාක් දුරට , එමගින් අදාල තැනැත්තා අනුගත කලහැක . එහෙත් , එය සදාකාලික කැපකිරීමක් නොවනු ඇත . ආත්මය පුපුරා යන්නේ එවිටයි . මෙයට උගත්කම හෝ වයස බලපාන්නේ නැත . මනස මුලිකව ක්‍රියා කරයි .

          අපේ , මගේ කියා කිසිම දෙයක් නැත . අයිතිකර ගැනීමට වඩා රදවා ගැනීමටයි අප උත්සහ කල යුත්තේ . ලෝකය වෙනස් වන සුළු වගේම සියලු දේ කලකින් වෙනස් වේ . සත්‍ය හා ප්‍රයෝගිකත්වය අවබෝධ කරගත යුතුයි . ජිවිත විනාශ කර ගන්නවට වඩා , කල යුතු බොහෝ දේ ඇත . දරාගත නොහැකි සිතුවිලි සමුදායක අවසානය මරණය නොවේ . දරාගත නොහැකි ආශාවන් අප කාටත් ඇත . අප සමාජයට මතක හිටින යමක් කල යුත්තේ , භයානක සිද්ධියකට මැදිහත්ව නොව ,සුන්දරවූ නිර්මාණයකට දායක වීමෙනි  . ස්වභාව ධර්මයා යහපත් සියලුදේට ආශීර්වාද කරයි . විශ්ව ශක්තින් අප සමග ඇති නිසා , නිමාවක් නැති සිතුවිලි ධාරා ලෝකයේ පැවැත්ම පිණිසම යොදා ගත යුතුය . මට තනියම ගොඩ නැගිය හැක යන සංකල්පයේ පිහිටන්න පුළුවන් නම් , අප මිට වඩා ඉස්සරහින් හිදිවී .  

11 comments:

  1. /මට තනියම ගොඩ නැගිය හැක යන සංකල්පයේ පිහිටන්න පුළුවන් නම් , අප මිට වඩා ඉස්සරහින් හිදිවී/ යෙස්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

      Delete
    2. ඔබ ඇතුළු පවුලේ සියලුදෙනාටමත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා......

      Delete
  2. ඇත්තටම ස්ත්‍රී හා පුරුෂ ලෙස විරුද්ධ ලිංගිකත්වය මත ගොඩනැගෙන ආදරය කියන එකේ පසුබිම ලිංගික ස්වභාවය හා ලිංගික පෙරැත්ත මිස වෙන දෙයක් නෙවෙයි. අපි මේ කාරනේ වසන් නොකර සමාජය තුල ලිංගිකත්වය අතින් තිබියයුතු සමබරතාවයන් වගේම සමාජයේ පැවැත්මට අවශ්‍ය අනිවාර්‍ය අංග පිළිබඳ අවබෝධයකින් කටයුතු කරනවනම් ආදරය ඇතුලු ලිංගික ක්‍රියාකාරකම් වගකීමෙන් යුතුව සිදුකරන්න පුලුවන්. ඒ වගකීමෙන්යුතු බව ඉදිරියටගත් විට ආදරය නිසා ඇතිකරගන්න බොහොමයක් ගැටලු මගහරවාගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ආදරය තුල ඔබ කියන සියළු කාරනා ගැබ්ව තිබෙනවා. සමබර නොවීම තමා ගැටළුව. මේකට කියන්නේ ලිංගික කුහකත්වය .....ආදරය අපට අවශ්‍යයි. ජිවින්ගේ පැවැත්මට , හා අඛණ්ඩ වර්ධනයට ආදරය අවශ්‍යයි.

      Delete
  3. ඇත්තටම ආදරේ කියන්නෙ අයිති කර ගැනීමම නොවෙයි. හොද ලිපියක්.

    ඔබටත් සුබ නව වසරක් වේවා…… !!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ,,, ආදරය කියන්නේ අයිති කරගනිමම නොවේ......
      ඔබට සුබම සුබ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි.....

      Delete
  4. අලුත් අවුරුද්දෙ හොඳ යහපත් සිතුවිල්ලක්.

    ආදරය කිය්න්නෙ මූලික මිනිස් අවශ්‍යතාවක්නෙ. ඉතින් මූලික අවශ්‍යතා වෙනුවෙන් සටන් වැදීම ස්වාභාවිකයි නේද?

    ReplyDelete
    Replies
    1. මිනිස් මුලික අවශ්‍යතා වෙනුවෙන් සටන් වැදීම ස්වාභාවිකයි තමයි..... ඒත්.... ශිෂ්ඨ සම්පන්න විදියට..... හා මානව අයිතිවාසිකම් රැකෙන විදියට සටන් වැදුනට කම් නැ.....ඒක සුන්දරයි.....

      Delete
  5. ආදරය කියන්නේ අයිති කර ගැනීමම නෙමෙයි කියන එක මමත් විශ්වාස කරන දෙයක්.. හැබැයි ආදරය මානසික අවශ්‍යතාවක් වුනට මූලිකම අවශ්‍යතාවකුත් නෙමෙයි..

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ආදරය මානසික අවශ්‍යතාවයක් වගේම, මුලික අවශ්‍යතාවයක් වෙලා තියෙන්නේ අපටත් නොදැනීමයි......දිනේෂ්...... මේ සංකල්පය ..... අම්මා ළග ඉදලම හිතල බලන්න. අපේ පැවැත්මේ පධාර්ථ සියල්ල සැකසිලා තියෙන්නේ ආදරය මුල් කරගෙන, මේක නිලින සාධකයක්, නිසා අපි හිතන්නේ ආදරය නැතිව අපට ඉන්න පුළුවන් කියල......

      Delete