Saturday, April 19, 2014

විරාගික වූ අරවින්ද




        සිය ඇතුලන්තයට වී ජිවත් වූ අරවින්ද ජීවිතය කෙබදු ආකාරයට දුටුවේදැයි සිතීම සංකීර්ණය . මනුෂ්‍ය සිතුවිලි වෙනස් බැවින් , ඔහු ආස කලේ මොනවටද යන්න , ගුප්ත චරිතයකින් වටහාගත නොහැක . මේ ඔහු පිළිබද මද විවරණයකි .

'අරවින්ද උප්පත්තියෙන් ලත් උපාසකකම නොහොත් භක්තිය ඇත්තෙකි . ගිහියකු මෙන් ජිවත් වී , මියගිය එකකු වුවද , ඔහු ලං වෙන්නේ තේරගථාවෙන් ,තමාගේ අද්ධ්‍යත්මය ඍජුව හෙලිකල පැරණි තෙර කෙනෙකුට හෝ තම ගිහි ජීවිතයෙහි දුසිරිත් හෙලිකල පැරණි තවුසෙකුටය ' 

         තනිව ජිවත් වූ ඔහු අවසන තනිකමෙන්ම පෙළෙන්නට විය , කැමති කිසි දෙයකට එළිපිට කැමැත්ත ප්‍රකාශ නොකළේය . ඇතින් හිද සියලු දේ , දකින්නට පුරුදු විය , මෙය ඔහුගේ චිත්ත අභ්‍යන්තරයයි .

'...........මගේ මේ ආත්ම චරිතයෙහි අවසානය කියවන ඔබ , මා , ව්‍යවහාරය නොසලකා නුවනින් තොරව ජිවත්විමෙහි ප්‍රතිපලයක් වශයෙන් අවසානයෙහි දුක් අනුභව කල එකෙකියි සිතනු නිසැකය . මම කිසි විටෙක එසේ නොසිතුවෙමි............... '. 

       අරවින්ද දුක වින්දේය . ජීවිතය විදිනවා කියා , විදෙව්වේය . එය ඔහු දනී , එහෙත් සියල්ල ඉවසුවේ , කුමන සැනසිල්ලකටද කියා ඔහුවත් දැන සිටියේ නැත . ඔහුගේ හැගීම් වල යථාර්තවදී බවක් තුබුණේ යයි , නොසිතෙන්නේ , අවසානයේ ඔහු මියගියද , ජීවිතය අර්ථ ශුන්‍ය වීමෙනි .

' ...........මා  මේ ජීවිතය ප්‍රිය කරන්නට වුයේ , ඇ නොලැබුන නිසා නොව , ඇ නිසා මා තුල හට ගත්තේ , රාගයක්, ආලයක් නොව ආසාවට එක්වුණු අද්භූත හැගීමකි . විරාග රාගයකි........... '. 

      අරවින්ද ආදරය දැන සිටියේය . එහෙත් කිසිවක් ලංකර ගැනීමේ ආශාවක් ඔහු තුල නොවිය . රාගය , දැනිණි , එහෙත් වියුක්තව සිටීමට ඔහුගේ හැගීම් ඔහුට වඩා ප්‍රබලවිය . එනිසා සදාකල් තනිකඩව සිටින්නට සිදුවුනි .

'.............ලෝකය ගැන නොසිතා අවංකව ජිවත් වන්නට වෑයම් කරන්නා ඔවුන්ගේ නින්දා  පරිභව ඉවසිය යුතුය . නොඑසේ නම් ගතානුගතිකව ජිවත් විය යුතුය ...........'.  

     අවට ලෝකය ගැන අරවින්දට කිසිදු හැගිමක්ද නොවිය . අරවින්ද අවංක අයෙකි , එහෙත් , බෙහෙවින් ශිලාචාර ගති ඇත්තෙකු වන්නට පරිසරය බලපාන්නට ඇති බව , කතාව තුලින් විද්‍යමාන නොවිය . අරවින්ද පරාජිතයෙකු යයි , අපට පොදුවේ නිගමනය කල හැක්කේ , ඔහු ලද ජයග්‍රහණ කිසිවක් නොවූ බැවිනි . ඔහු වෙනුවෙන් ඉතිරි වූ කිසිවෙකුත් නොවුයෙනි , මේ තුල ජීව විද්‍යාත්මක සමාජ පරිණාමයක් දැකගත නොහැක . අරවින්ද සදාකල් නිහඩය ගුප්තය.....

24 comments:

  1. නිහිංසා......අරවින්ද වැනි අය ඔබට සැබෑ ජීවිතයේදි හමුවී තිබේද? මට මේ හා සමාන කෙනෙක් ඇසුරු කරන්නට ලැබුණි. එය එතරම් මිහිරි අත්දැකීමක් නොවේ. ඔහු ඇසුරු කරන්නන් පවා යම් කිසි සිහින් මානසික බිඳවැටීම් වලට ලක්විය. එවැන්නන් ජීවිතය යනු හුදකලාවම යැයි සිතා සිටී. ඔවුන් එය රස විඳි.

    ReplyDelete
  2. ඔව්....... මට හමු උනා.....එයා තමයි මට විරාගය පොත තෑගි කරෙත්......ඔහුට මානසික බිද වැටීමක් ඇතැයි අන් අය මට කිවා. ඒත්.... ඒ බවක් මට පෙනුනේ නැ.... ඔහු බොහෝම හොද , තැන්පත් , අන් අයට උදව් කරන, ත්‍යාගශීලි තැනැත්තෙක්......වරෙක ගායකයෙක්, පොත් කියවන්නෙක්.....ඒත් ..... හුගක් අහිංසකයි.......මට හුගක් උදව් කලා. වැදගත් පොත් ගෙනත් දුන්නා.....වයසත් ටිකක් වැඩි මට වඩා ...... ඒත් මට දැක්වුයේ හිතවත්කමක්ද...? යාලුකමක්ද...? සහෝදරත්වයද....? මොකද මට නැ කෙනෙකුත් වෙන හින්ද....... තෙරුන් ගන්න බැ.....කොහොම උනත් සුන්දර හිතක් ඇති , ගුප්ත චරිතයක් කියල නම් කියන්න පුළුවන්.....ඉතින්. ..... මේ මට හමුවූ චරිතයක්...... ඔයාලටත් මෙවැනි අහිංසක පුද්ගලයින් හමුවෙලා ඇති...... මාටින් වික්‍රමසිංහ පොත ලිව්වේ කාගේ චරිතය පදනම් කරගෙනද නම් දන්නේ නැ....

    ReplyDelete
    Replies
    1. මම කියන පුද්ගලයාත් ඉතාමත් අහිංසකයි. මානසික රෝගයක් නැහැ. ඒ ඔහු කැමති විඳගැනීමේ රටාව. ඒ ක්‍රමය පහසු ඔහුට පමණයි.

      Delete
    2. ///ඒ ඔහු කැමති විඳගැනීමේ රටාව. ඒ ක්‍රමය පහසු ඔහුට පමණයි./// මේ ගැන මගේ අත්දැකීමට උත්තරෙත් ඕකමයි... හොද ලිපියක් නිහින්සෝ

      Delete
    3. ඔයාගේ අත්දැකීම මොකද්ද කියල කිව්වේ නැනේ......., උත්තරය මේක උනාට.......

      Delete
  3. මෙහෙව් චරිතත් ඇති නැති නම් විත්‍රමසිංහයන් මෙවන් කතාවක් ලියන්නේ නැහැ නොවැ...
    මං ළග මේ පොත තියෙනව
    ඒ වගේම මං ඒක කීප සැරක්ම කියවලත් තියෙනව... ඒත් තේරුං ගන්න බැරි දේ තමා කවදාවත් ඒක එපා නොවෙන්නෙ ඇයි කියල..
    අනිත් එක තමා අලුතෙන් කියනව හැම පාරකම අලුත් දෙයක් දැනනව...

    ReplyDelete
  4. ඔව්..... මහේෂ් , මේ පොත කියවල ඉවත දමන්න බැ.... මට නොතේරෙන කාලේ ඉදල , මං මේ පොත කීප සැරයක්ම බැලුව...... ඒක ඒක වෙලාවට එකේක දේවල් තමයි තේරෙන්නේ....... හරියට මොනාලිසාගේ පින්තුරේ වගේ......

    ReplyDelete
  5. තේරුම් ගන්න අමාරු චරිතයක්. ඒක තවත් පැත්තකින් ගුප්ත බවක් ද මන්දා.

    ReplyDelete
    Replies
    1. ගුප්ත චරිත නිර්මාණය හරියට ලියෝ තෝල්ස්තෝයිගේ ...කතා රීතිය වගේ.....ඒත් ..... ගුප්ත චරිත වල හොද, නරක දෙකම තියනවා..... මේක හොද පැත්ත.... එළිදක්මක් නේ......චතුරංග....

      Delete
  6. අදහස් හැගීම් ප්‍රබලව ප්‍රකාශ නොකරන නිහඬ චරිතයක් වුවත්, හැගීම් වලට වහල් වී දිවි ගෙවන අයෙකුට වඩා ඔහු ජයග්‍රාහකයෙක් කියලා මට හිතෙනවා.
    අද තමයි මුලින්ම ආවේ...
    ලස්සනට චරිතය විවරණය කරලා තියනවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කැස්පර් ඔබට .....ඔහු ජයග්‍රහයෙක් වෙන්නේ කොහොමද ? මට දැනෙන විදියට හුදකලාව අපි කාටත් වෙලාවකට දරා ගන්න බැනේ.....දැන් කොහොම හිටියත් .... ඒක දැනෙන දවසක් එයි......මොකද මේ විදියට හුදකලා වෙච්ච වින්දිතයින් , මට කිව්වේ..... කවදාවත් තනි වෙන්න එපා ..... කියල....නැත්නම් පසු තැවෙන්න වෙවිලු....

      Delete
    2. පරාජිතද..ජයග්‍රාහිකද...යන්න තීරණය වෙන්නේ තමා තමන් තුලින් ලබන වින්දනය තුල පමණයි. ඒක මණින්න හුන්ඩු, සේරු, බූලි, කරඬි, රාත්තල්, අවුන්ස නැහැ.

      Delete
  7. තමන් ජයග්‍රහකයි .... කියල කියන්න පුළුවන් තමන්ටම විතරයි.......ඒත්...... කවුරුත් නැතුව අන්තිමේදී දුක් විදිද්දී , ඒ අදහස ඔහුම වෙනස් කර ගන්නවා..... මනින්න නම් මිම්මක් නැ......

    ReplyDelete
  8. හපොයි..
    මුකුත් කියන්නෑ...

    ජය වේවා!!!

    ReplyDelete
  9. ඇයි...... සි.ජේ.මුකුත්ම හිතෙන්නැද්ද.....?

    ReplyDelete
  10. පොත නම් කියවලා නෑ, ෆිල්ම් එක බලලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ ඇති අරවින්දව තේරුම් ගන්න.

      Delete
  11. අනේ මංද, උඹල සේරම එකතුවෙලා මට බනින්න නම් එපා. මට මේ පොත් ටික කියවන්න ආසාවක් හිතෙන්නෙම නෑනෙ. ගම්පෙරලිය, කලියුගය, විරාගය. මේ එකක්වත්. හති දාගෙන හැම පොතක්ම එළව එළව කියවන මට මේකට ආසාවක් හිතෙන්නෙම නෑනෙ. දෙතුන්වතාවක් ට්‍රයි කලා කියවන්න. ම්හු.. හරියන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඒ.......මට පෙන්නේ ඔයා වැඩිපුරම ආස .....සුජීවගේ පොත් වලට නේද.....? පටන් ගන්න ..අරලිය මල් අරමෙන්ම........ජයසේන ජයකොඩිගේ....

      Delete
    2. සුජීවගේ පොත්වලට මං පොඩ්ඩක්වත් කැමති නෑ. ජයසේන ජයකොඩිගෙ සේරම පොත් කියවල තියෙන්නෙ. මං අකැමති ඔය උඩින් කීව පොත් 3ට විතරයි.

      Delete
    3. මටත් හිතා ගන්න බැ..... ඔයා ඇයි මේ style එකට අකමැති....? ඔයාට රචනා ශයිලිය හරි යන්නේ නැතුව ඇති.

      Delete
  12. කෙලෙස් පර්වත පොත කියෙව්වාම මට හමුවුනා තවත් අරවින්ද කෙනෙක් . .

    ReplyDelete
    Replies
    1. ඒ පොත කාගේද ? දුකා..... තවත් අපි නොදන්න චරිත මේ ලෝකේ ඇති.....

      Delete