Tuesday, April 22, 2014

විරූප උන සුරූපී



 



          ලස්සන වෙන්න තරුණියන් ආසයි , ඒත් ලස්සන වෙන්න ගිහින් එක එක ක්‍රම භාවිතා කරන්න හොද නැ කියල මේ ගොල්ලන් හිතන්නේ නැත්තේ ඇයි ? මෙහෙම ලස්සන වෙන්න ගියපු කොරියානු මෝස්‌තර නිරුපිකාවක් වන මීයකු හට වෙච්ච දේ , අනිත් අයටත් හොද පාඩමක් .

          ඇය රූමත් තරුණියක් ඒත් , සම මෘදු කරගන්න ,ය අමුතු ප්‍රතිකර්මයක් අත්හදා බලා තිබුණා . ඇය විසින් සිලිකන් හා පොල්තෙල් මිශ්‍ර කොටගෙන මුහුණට එන්නත් කරන්න පටන් අරන් තියෙන්නේ වයස 28දී , එම හේතුවෙන් සම සියුමැලි වෙද්දී , ඇය මේක දිගටම කරගෙන ගිහින් , නමුත් මුහුණ ක්‍රමයෙන් එල්ලා වැටෙන්න පටන් ගත් නිසා ,ඇය වයිද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙලා තිබුණා .

වයිද්යවරුන් විසින් මුහුණෙන් සිලිකන් ග්‍රෑම් 60ක පමණ ප්‍රමාණයක් පොල්තෙල් සමග ඉවත් කර තිබුණා . ඇගේ බෙල්ල ප්‍රදේශයෙනුත් 200ග්‍රෑම් පමණ ඉවත්කර තිබුණා . මේ අතර ඇය සැත්කම් 10කට පමණ යොමු කර තිබුණා . ඒත් තිබුන ලස්සන පෙනුම නම් ආපහු ගන්න බැරි උනා . මෙම අවාසනාවන්ත  තත්වය ගැන හැමෝම දුක් උනා , එරට වැසියෝ මේ වියදම් සදහා මුදලින් පවා ආධාර කලා . 

වයිද්යවරුන්ගේ මතය වුයේ තව දුරටත් මුහුණ සැත්කම් කිරීම සදහා යෝග්‍ය නොවන බවයි . ඉහලම තාක්ෂනය යෙදුවද නැවත මුහුණ යථා තත්වයට ගන්න බැරිඋනා . වයිද්යවරුන් ඇයව ප්‍රශ්න කරනු ලැබුවා . පසුව ඔවුන්ගේ නිගමනය මත ,ඇයව මානසික වයිද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරනු ලැබුවා . මින් ඉදිරියට වයිද්‍ය උපදේශයකින් තොරව කිසිම , රුප ලාවන්‍ය කටයුත්තක් නොකල යුතු බව සියලුම කාන්තාවන් දැනුවත් විය යුතුය .

22 comments:

  1. /වයිද්යවරුන්/ - වෙෙද්‍යවරුන්
    රූපලාවන්‍ය අාලේපන සහ ඔෟෂධ අප සමාජයේද කිසිඳු වග විභාගයකින් තොරව භාවිත කරනවා - මෙය අති භයංකාර තත්වයක්.. උදේ 9 - 12 අතර රූපවාහිණී බැලුවොත් අපිට බලාගන්න පුළුවන් කෙතරම් පොරකමින් ඔවුන් මේවා ප්‍රචාරය කරනවාද කියා..
    අවධානය යොමුවිය යුතු මාතෘකාවක්..
    සියළුම කාන්තාවන් මේ සම්බන්ධව දැනුවත් කලයුතුයි...

    ජය වේවා!!!

    ReplyDelete
  2. තමන්ගේ ලස්සන රක ගන්න නම්..... කරන්න ඕන, ඔය දේවල් වලට රැවටෙන්න නැතිව ඉන්න එක. හොදට හිනාවෙලා ඉන්න පුළුවන් නම් මුණ ලස්සන වෙයි. නේද සි.ජේ.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක් බක බක බක බහ් හි හික් .. හී.....................
      හැක් හැක් හැක් බක බක බක බහ් හි හික් .. හී.....................
      හැක් හැක් හැක් බක බක බක බහ් හි හික් .. හී.....................
      හැක් හැක් හැක් බක බක බක බහ් හි හික් .. හී.....................
      හැක් හැක් හැක් බක බක බක බහ් හි හික් .. හී.....................
      හැක් හැක් හැක් බක බක බක බහ් හි හික් .. හී.....................///////////////////////////////

      Delete
    2. දැන් කෝ බලන්න ඔයාගේ සුදු මුනේ ලස්සන.....

      Delete
  3. දිරන පස් වෙන සරීරෙට අනවශ්‍ය විදිහට වද දෙත්දි ඔහොම ඒවා වෙනවා.

    ReplyDelete
  4. මොනවා හරි උනාමනේ තේරෙන්නෙ ....

    ReplyDelete
    Replies
    1. Reply කරන තැන පටලවා ගන්න එපා

      Delete
  5. වග විභාගයක් නැතිව කරන්න ගියහම ඕවා වෙනවා. වැඩිපුර රුප්ලවන්ය කරාම මුහුණ වෙස් මුහුණක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්...... සමහරු හිතනවා, ඒ තමයි ලස්සන... කියල

      Delete
  6. තමන්ගෙ තියෙන ස්වභාවික ලස්සන කෘත්‍රීමව විකෘති කරන්න ගියාම ඔහොම වෙනවා. හොඳ වැඩේ කියල තමයි ඉතින් කියන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේක සමහරුන්ගේ මානසික රෝගී තත්වයක් .... ඒකනේ මියැකුටත් , අන්තිමේදී මානසික ප්‍රතිකාර දෙන්න තීරණයේ කලේ....අපට බැ.... ස්වභාව ධර්මය වෙනස් කරන්න....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. හරියට දැනගෙන කරන එක තමා හොද ...මේ වගේම දෙයක් තමා පිරිමි ඇගේ මාංශ පේෂි හදා ගන්න කරන දෙවලුත් ..කතා කරන්න හොද මාතෘකවක්

    ReplyDelete
    Replies
    1. ඔයාට මතක ඇතිනේ මයිකල් ජැක්සන්ටත් වෙච්ච දේ , මරණයට ආසන්න හේතුව විදියට හොයා ගත්තේ. ඔහු කර ගත්තු ප්ලාස්ටික් සැත්කම් . ඒ වගේම අහල ඇතිනේ මැරෙන්න කලින් කාලයක් තිස්සේ විදපු ශාරීරික වේදනා.

      Delete
  8. හිසකෙස් ඩයි වර්ග පාවිච්චියත් නිසි ආකාරයෙන් කල යුතුයි. අපට මාලණි බුලත්සිංහලයන් අහිමිවුනෙත් ඔවැනි සිද්ධියක් නිසා බව මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එතුමියගේත් මරණයට ආසන්න හේතුව ඩයි විස වීම කියල තමයි කියන්නේ. මම දන්න සමහර අයගේ මුණු කළු උනා, කවදාවත් වෙනස් කර ගන්න බැරි විදියට, මතකනේ වත්තල පැත්තේ උණු රුපලාවන්‍ය ආයතනයක කාන්තාවක් මැරිලා, කොහෙද ගිහින් දාල තිබුනේ, ඒ ගැන මිනි මැරුම් චෝදනාවකට , තාමත් නඩුවක් යනවා.

      Delete
  9. උපතින් ලැබෙන ලස්සන වෙනස් කරන්න යන එක තාවකාලිකයි.. ඒක තේරුම් ගන්න ඕන දෙයක්..

    ReplyDelete
    Replies
    1. උපතින් ලැබෙන්නේ අපට අයිති ඩයල් එක තමා. වෙනස් කලොත්, ලැබෙයි දඩුවම්....

      Delete
  10. අච්චර ලස්සන කෙල්ල විහිං කැත වුණානෙ..
    මට මතකයි කාලෙකට කලිං මේ නිවුස් එක මවුබිමේ තිබ්බ

    ReplyDelete
  11. තියෙන රූපේ ලස්සන දකින්න පුරුදු වුනානම් ඔහොම දෙයක් වෙන්නෑ

    ReplyDelete