Tuesday, April 15, 2014

දකුණේ සක්විත්තෝ

           මුදල් පිරමිඩ  ක්‍රමය මේ වන විට නැවතත් රටම ගිලගෙන ඇති බව වාර්තා වන සිද්ධීන් වලට අනුව සිතිය හැක. වරක් සමාජ ව්‍යසනයක් වූ මෙම ක්‍රියාවලිය නැවත වෙනස් මුහුණුවරකින් හිස ඔසවන්නේ ඇයිදැයි සෙවිය යුතුය. රජය ජනතාව දැනුවත් කළේය. අධිකරණ ක්‍රියාදාමයන් තවමත් මේ සම්බන්ධව විමර්ශනය කරයි. දඩුවම්ද නියම කර ඇත. එහෙත්, තවමත් ජනතාව ඔවුන්ගේ මුදල් සෙවීමේ සිහිනයේම සැරිසරති. 
              පසුගිය යුගයේ මෙම මුදල් සෙල්ලම නිසා, සමහර මිනිසුන් දිවි හානි කරගත්තේ ණයවී, ගත් මුදල්ද ඉඩම්, වටිනා භාණ්ඩ උගස් කරගත් මුදල් පිරමිඩ ක්‍රමයට ආයෝජනය කරන්න ගොසිනි. සමහරුන් සදාකාලික රෝගී තත්වයට වැටුණි. තවත් සමහරෙක් ඇතිවූ ආර්ථික සමුර්ධිය දරාගත නොහැකිව, නොයෙකුත් අපචාර සදහා යොමුවුණි. මේ සිදුවූ අහිතකර බලපෑම්ය.අන්තිමට සිදුවුයේ, තමන් හුන් තැනිනුත් පහලට වැටීමය. 
             මේ සියල්ල දත් ශ්‍රීලංකාවාසීන් නැවතත් මේ සෙල්ලමේ කොටස් කාරයන් වී ඇති බව දකුණේ සංචාරය කළහොත් අසන්නට ලැබේවි. මේ ජාවාරම දැන් කොටුකරගත නොහැකි තත්වයටම තාක්ෂනය හා දැනුම යොදා ආයෝජනය පටන්ගෙන ඇත. මිනිසා දියුණු වන්නේ උගත්කමෙන් හා ලබන අද්‍යාපනය හේතුවෙනි, එහෙත් එම මතය බොරු කරමින් මේ සියල්ල මෙහෙයවන මහා මොළකරුවන් බිහි වන්නේ, සමාජ පීඩනය හා දරිද්‍රතාව මුල්කරගෙනය. ඔවුන්ට මහ උගත්කමක් හෝ සමාජ තත්වයක් අවශ්‍ය නැත . පරමාර්ථය මුදල් සෙවීම පමණය. 
                 මේ නුල් සුත්තරයේ පැටෙලිමින්, තාමත් උගත් මිනිසුනුත් මේ ජාලයේ  සැරිසරති. නුගතුන් යයි කොටසක් සමාජයේ  සිටිනවා යයි, මා නම් අදහන්නේ නැත. දෑල එලන්නේ සමාජය විසින් නුගතුන් යයි නම්කර ඇති කොටසයි.දැලේ පැටලෙන්නේ, උගතුන් යයි කියාගත් කොටසයි. මේ උඩු යටිකුරු වූ වෙනස සිදුවුයේ මුදල් නිසාදැයි සෙවිය යුතුය.ජිවත් වන්න මුදල් මදිකම හේතුවෙන්, මේ සෙල්ලමේ කොටස්කාරයන් වුයේ උගතුන් ඉහල සමාජයක අනුගත වීමටය.
                ජනතාව  වෙත ආර්ථික සමුර්දිය උදාවුයේ  සතියකට සැරයක් බඩු මල්ලක්, පව්ද්ගලික ගිණුමට මසකට දැනෙන ගානක්, මේ සියල්ල නිකන් ලැබුණු නිසාය. අවශ්‍ය නම් අන්තර්ජාලය හරහාද මුදල් සෙවිය හැක. වෙළද දැන්වීම් පමණක් බැලුවම ඇති. එහෙත් , මේ සියල්ලටම කණකොකා හඩමින් ජාලය එකවරම අක්‍රිය විය.මහ මොළකරුවන් යයි හදුනා ගත් කීප දෙනකු මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත. දකුණ අවදියෙන් .රජයේ සේවකයන් බහුතරයක් මේ උගුලේ හිරව ඇති බව පෙනේ. එහෙත් නුල් සුත්තරයේ නුල් දැන් පැටලෙමින් ඇති බව වටින් ගොඩින් ආරංචි වේ අලාභ වුවාට සාධාරණය පැතිය නොහැක. නීතිමය කිසිදු සාක්ෂියක් නැත. සියල්ල තම තමන් නිහඩවම දරාගත යුතුය

37 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පිරමීඩ ජාවාරම යනු රටින් සහමුලින්ම තුරන් කල යුතු ව්‍යවසනයකි.. රන්කාසි හෝ මොනයම්ම හෝ භාණ්ඩයක් විකුණා මුදල් කිරීම මෙයින් සිදු වෙනවා..

      පිරමිඩ වෙළදාම කියන්නේ මේ වගේ දෙයක්නේ.

      මුලින්ම යම් භාණ්ඩයක් කීප දෙනෙක් අතරේ විකුණණවා, එම භාණ්ඩය ලබාගත් තැනත්තා දැන් ව්‍යාපාරයේ සාමාජිකයෙක් ඔහු දැන් එම භාණ්ඩය තවත් නිෂ්ච්ත පිරිසකට විකුණනවා, ඔවුන් නැවතත් නැවත නැවතත් නිමක් නෑ.. මා අසා සිටින විදියට අපික්‍රාවේ සමහර රටවල ආර්ථීකය මේ පිරමීඩ ජාවාරම නිසා කඩා වැටී සිටිනවා

      පිරමීඩ ජාවාරමට මුලින් 4 ක් විතර සෙට් කර ගන්නවා යයි හිතමු. බලමුකෝ එහෙම ගණන් හදලා

      4
      16
      64
      256
      1024
      4096
      16384
      65536
      262144
      1048576
      4194304

      මෙහි 11 වැනි පියවරට එන විට අතිවිශාල මිනිසුන් ප්‍රමාණයක් සෙවිය යුතු වෙනවා එය එසේ නොකල විට ව්‍යාපාරය බිද වැටෙනවා මුලින්ම සම්බන්ධවූවන්ට විශාල මුදල් ප්‍රමාණයක් ලැබුනත් 9, 10, 11 වැනි පියවරවල සිටින්නන්ට තමා යෙදවූ මුදල ගැන ආශාව අතහැර ගැනීමට සිදුවෙනවා...

      ඔබ කියා ඇති පරිදි දකුණේ මේ වනවිට ක්‍රියාත්මක වන ව්‍යාපාරයේ මුහුණුවර මීට වඩා ටිකක් වෙනස්.. ඔවුන් ඉලක්ක කරන්නේ රැකියා අපේක්ෂකයින් රැකියා අපේෂකයින් යමි කිසි මුදලක් තැම්පත් කර රැකියාව ලබාගතයුතු වෙනවා, ඔවුන්ගේ රැකියාව වන්නේ තවත් පිරිස් මෙම රැකියාවට යොමුකරලීමයි.. එසේ යොමුකරන අයගේ තැම්පතු වලින් මොවුන්ගේ වැටුප ගෙවනවා.. හැඩයි නේද?? හම්බන්තොට සුරියවැව, තනමල්විල ආදී ප්‍රදේශ මේ ගැටළුවට දැඩි ලෙස මුහුණපා තිබෙනවා..

      ඔබගේ යොමුව ඉතා හොඳයි.. මේවා වලක්වන්න අපිට අමාරුයි නමුත් මේවා ගැන දැනුවත් කර මීට හසුවන පිරිස් යම් පිරිසක් හෝ වලක්වාගත හැකියි..
      මේ සම්බන්ධයෙන් මහා කළු සිංහලයා විසින් ලියා ඇති මේ පෝස්ටුවද ඉතා වැදගත්..

      ජය වේවා!!!

      Delete
    2. මට වඩා ...ඔබ මේ සම්බන්ධව දැනුවත් කලා . අපේ කියවන්නන් හට උදාහරණ එක්කකම පැහැදිලියි. මෙය ක්‍රියාත්මක වන ආකාරය. ඔබට නැවතත් ස්තුතියි. මේවා සමාජ ප්‍රශ්න. අපි අවිදියෙන් සිටිය යුතු යුගයක් මේක. දන්නා අයම තමයි, මේකට අහු වෙන්නේ , ආකර්ශනීය ක්‍රියාදාමයක් ඔස්සේ විනාශය කරා යන මාවතක්

      Delete
    3. @විදානෙ ++++++++++++++++++++
      අපේ මකසි පේන්න නැති එක දුකයි....

      Delete
    4. කව්ද අනේ ,,,, ඒ.......?

      Delete
    5. @ කෙන්ජි අයියා ~ මම නම් ළඟදි බ්ලොගේක දෙකක කමෙන්ට් කරලා තියෙනවා දැක්කා වගෙ මතකයි. ඒත් එයා ලියන්නෑනෙ. ඇත්තටම ඒක පාඩුවක්.

      @ නිහංසා ~ මකසි කියන්නෙ ඔය විදානෙ දීපු ලිපිය ලියල තියෙන මහා කළු සිංහලයා.

      Delete
    6. මකසි කියන්නේ කවුද කියල දැන් නම් දන්නව චතුරංග, මකසි ඒ post එක හොදට ලියල තිබුණා.හොද හා නරක,

      Delete
    7. @ ප්‍රියා
      මකසිට අවුරුදු උත්සවේට එන්න කියල විවෘත ආරාධනාවක් කරමු. ඊට පස්සෙ (රහසින්) මිනිහව අල්ලල ගොනියක දාල මිරිස් කුඩු ටිකක් දාල ගොනියේ කට බැඳල කයමු.. තෝ ආයේ පොස්ට් එකක් දානකං ලිහන් නෑ කියල.. හඃ හඃ

      Delete
    8. එච්චරටම මකසි ගේ post වටිනවද?

      Delete
    9. ගෝනි වල දාන්න ඕන නැහැ මම ඉක්මනටම තව ලියන්නම්.

      Delete
  2. වැඩේ මේකයි .මොනව කළත් අපේ මිනිස්සු ආයෙ ආයෙ රවටෙනව. මේකට හේතුව තෘෂ්නාව. නිකම් ඉදල සල්ලි හම්බ කරන්න තිබෙන ආසාව. මම නම් දාඩිය මහන්සියෙන් හම්බ කරන දෙයක් මිස වෙන සල්ලි වලට ආස නැහැ. මේ මතයෙ ඉන්න නිසා මාව රවටන්න කාටවත් බැහැ.
    මට අනුන්ගෙ සල්ලි වැඩක් නැහැ.ඇත්තටම මම අනුන්ගෙන් තේ එකක් වත් බොන්න කැමති කෙනෙක් නොවෙයි .හැබැයි අනුන්ට දෙනව ඒකට ආසයි. ඉතින් හැමෝටම එහෙම හිතන්න පුළුවන් නම් ඔය ජාවාරම් එතනින්ම ඉවරයිනෙ
    හැබැයි මේවට මාධ්‍යත් වගකියන ඕන. ඔය ජාවාරම් ගැන ලියපු එක ලොකු දෙයක්. ඒත් මොන විදියකින්වත් අල්ලන්න බැරි ගුරුකම් කරන තක්කඩින් ගැනත් සමාජය අවදි විය යුතුයි

    ReplyDelete
    Replies
    1. තමන්ගේ දුක් මහන්සිය ගැන අපටම සතුටු විය හැකියි.මේ හරහා විශාල මුදල් හම්බ කරපු මොවුන්ගේ ජිවිත දැන් කඩා වැටිලා. ආර්ථික පරිහානිය කරා ගොස් ඇත. පවුල් සංස්ථා බිද වැටි. දරුවන් එකේක තැන් වල , සමාජයට ඔවුන්ට මුහුණ දෙන්න බැ. දෙමාපියන්ගේ දේපල කුපිත වූ මිනිස්සු මංකොල්ල කාල.බිරින්දෑවරුන් , වෙන සම්බන්ධකම් වල පැටලිලා. ඉතින් කෝ..... ඔවුන් ලබපු ආර්ථික සමුර්ධිය....ඒ හින්ද .... තමන් මහන්සි වෙලා උපයන මුදල් කාටවත් ගන්නත් බැ.නැති වෙන්නෙත් නැ....ජීවිතයත් සමබරයි.....

      Delete
  3. මටත් හිතෙන්නෙ අපේ මිනිස්සු ඕව පිළිබදව දැනුවත් උනත් ලොකු ප්‍රතිලාභයක් ලැබෙනවා කියපු ගමන් ඕවට පෙළබෙනවා වැඩියි. කොටුන්ම අපේ බහුතරයක් රෑ වැටිච්ච වලේ දවාලෙටත් වැටෙන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. පිරමීඩ ක්‍රමය නොවුනත්, පොලියට නය අරං සක්විතිල ලග, දඬුවම්ල, දැඩි දඬුවම්ල ගාව තැම්පත් කළේ අපේ ඈයොන්ගෙ තිබ්බ ඒ පෙරේත කම් හින්දමයි.. බලන්න එවුන් ගාව සල්ලි දාල අනාථ උන කීදෙනක් ඉන්නවද කියල. ලොකු ව්‍යාපාරිකයෝ, කලාකරුවෝ, දේශපාලකයෝ.. මේ වගේ හැබැයි හෙට මම ලොකු ප්‍රසිද්ධියක් දීල මේ වගේ ජාවරමක් පටන් ගත්තොත් මේ මිනිස්සු ටික මගේ ගාවටත් එනවා සිකුරුයි..
      පිරිමීඩ ව්‍යාපාරයට මුදල් යොදෝල ඒක බිදවැටුනට පස්සේ ඒ මිනින්ස්සු දොස් කිව්වෙ ඔවුන්ව මේ ජාවාරමට පොළඹව ගත්ත අයට නෙවෙයි. ආණ්ඩුවට...හැක්

      Delete
    2. චතුරංග.....හොදම වැඩේ මිනිස්සු පාඩම් ඉගෙන ගත්තට හැදෙන්නේ නැ....දඩුවමට අහුවෙච්ච අය එකෙන් ගොඩ එන්න. පැනෝරා, ලුමිනාසලා ළග සල්ලි දැම්මා.ඒ අයට නම් උනේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න එකනේ.....
      මේ වන විට දඩුවම්ට සල්ලි දීල නඩු පවරපු පලවෙනි කණ්ඩායමට ...මුදල් ගෙවන ලෙස උසාවි නියෝගයක් නම ලැබුන. ඒ අධිකරණය භාරයේ ඇති මුදල් වලින්.....කියල පත්තරේ තිබුණා. ඒ කට්ටිය නම් ඉහල පෙලේ අයළු. දෙවන පෙළ නම් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු...... තාම ගෙවලද නම් දන්නේ නැ..... සි.ජේ .....

      Delete
    3. @ විදානෙ ~ සිරාවටම බං උඹ වැඩේ පටං ගනින්. මාත් එනවා ආයෝජනය කරන්න. ;) :)

      Delete
    4. @ ප්‍රියා
      දන්නවද ඔය වගේ ආයතන වල මුදල් දාපු අය එ් කියන්නේ ආයතන වල ලනු ගිලපු අය.. සල්ලි දාල හවසට බස් එකෙන් බැහැල ගෙදර එන්නෙ ටිකක් උඩින් මොකද ආයෝජකයොනේ.. ආයතන විසින් ගනුදෙනු කරුවන්ගේ මොල සොදනවා, ඉන්පස්සේ සිහින මාලිගාවල් හදනව, මාසෙකට සැරයක් වැඩමුළු තියනවා. ඒ වැඩමුළු වලට වටිනා කාර් එකකින් කොටට ඇඳගත්ත ලස්සන නෝනා කෙනෙක් බහිනවා.. ඒ නෝනා නැලවි නැලවි කයනවා මේ කාර් එක, මං ඉන්න ගේ මේ රත්රන් බඩු ඔක්කොම ලැබුනේ මං මේකේ ආයෝජනේ කල නිසා කියල.. ඉතිං අපේ අයත් ඇඳන් ඉන්න යට කලිසමත් උගස් තියල සල්ලි දෙනවා පුහ් ආයෝජකයෝ..

      ප්‍රියා මට තාම ලස්සන නෝන කෙනෙක් සෙට් උන්නෑ ගේමට බහින්න (කෙන්ජිට කිව්වොත් සෙටි කරයි නේ)

      Delete
    5. ආකර්ශනීය වැඩමුළු ...... ඇස් බැන්දුම් ..... මේ සේරම කරන්නේ මොළ සෝදන්න තමයි..... මේවට එන්නේ ඇදහිලි කල්ලි වල සාමාජිකයින්.

      Delete
  4. දැන් තියෙන ජීවනබරෙන් මිනිස්සුන්ව බල්ලො මරල හරි සල්ලි හොයන තැනට ඇදල දාල තියෙන්නෙ, :( සාධාරනද, නීත්‍යානුකූලද, මොකුත් කල්පනා කරන්නෙ නෑ සල්ලිම තමයි හොයන්න බලන්නෙ. සක්විතිලා ඒකෙන් ප්‍රයෝජන ගන්නව. :(

    ReplyDelete
    Replies
    1. සල්ලි හොයන්න ගිහින් black market ,අන්තිමට වෙච්ච දේ දැක්කනේ මහා මොලකරු සක්විති අද ඉන්නේ , අංගොඩ මානසික ආයතනයේ ප්‍රතිකාර ලබමින්, ඒ මහා ව්‍යසනයට එයාගේ මුළු පවුලම ගොදුරු උනා. නිත්‍යානුකුල නොවන හැම ජාවරමකටම අන්තිමේ වෙන්නේ මේ ටිකම තමා.

      Delete
  5. neth fm බැලුම්ගලින් සතියෙ දින 5 හේම ජනතාව දැනුවත් කරනව .....
    කොහෙද මේ හරක් කතිරෙ වැරදියට ගහනව මදිවට ..... මේවටත් තාම අහු වෙනව ...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු දැන දැනම අමාරුවේ වැටෙන එක නම් අපි කාටත් නවත්තන්න බැ. එකට උත්තරේ තියෙන්නේ කොතනද මන්ද. ජීවිතේටම හැමදාම කතිරයක් වැටිච්ච එක විතරයි වෙන්නේ.

      Delete
  6. පිරමීඩ ක්‍රමය ගැන විස්තර පැහැදිලිව ලියවෙච්ච තැනක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. පැහැදිලි තැනක් නම් නිශ්චිතවම නැ. ඒත් අපි පුළුවන් විදියට මේකට අහු වෙන්න එපා කියනවා.මහ බැංකුව මගින් මිනිසුන්ව දැනුවත් කරන්න පත්තර නිවේදන පවා කලින් කලට දානවා. ලියාපදිංචි ආයතන සමග පමණක් ගනු දෙනු කරන්න කියලා. ඒත් කෝ........

      Delete
    2. @ හරි පිරමීඩ ජාවාරම කරන ආයතනයකට ගිහින් බලන්න, ලස්සන පිටකවරයක් එක්ක පොත් කට්ටලයක් ලැබෙයි.. ඒකේ තියෙනවා විස්තර මුල ඉදං අගට පැහැදිලිවම.. හොද පැත්ත විතරක් අනික් පැත්ත අපි හිතාගන්න ඕන.. හඃ හඃ

      Delete
    3. මිනිස්සුන්ට ඉස්සෙල්ල දෙන්නේ හොද පැත්ත තමයි...... පස්සේ නේ පසුවදන ලියන්නේ.... ඉතින් ඊට පස්සේ වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.....අඩියක් උඩින් ගියපු කට්ටියට පොළවත් පලන් යන්න වෙලා තියෙන්නේ.

      Delete
  7. වැඩේ දැං නැගල යනව නේ එල එල

    ReplyDelete
    Replies
    1. පිරමිඩ කේස් එක නෙවෙයි නේද?

      Delete
    2. වැඩේ නැගල යනවා...... ඔයාට පින්සිද්ද වෙන්නනේ.....අටම්.......කාටත් මොනා හරි ඉගන ගන්න පුළුවන්..... සි.ජේ. මේක වෙන කේස් එකක් නේ.....

      Delete
  8. කොච්චර දැනුවත් කලත්, කොච්චර රැවටුන අය ගැන විස්තර දැම්මත් තව තවත් මිනිස්සු රැවටෙනවා.. හුඟක් අයට ඕන ඉක්මන් ක්‍රමේට සල්ලී හොයන්නනේ..

    ReplyDelete
    Replies
    1. සල්ලි අද ප්‍රබල අවශ්‍යතාවයක් බවට පත්වෙලා ඉවරයි.....අපේ දැන් තියන life style එක නිසා...... මිනිස්සුන්ට දැන් ඕනෙ සල්ලි.... විතරයි......

      Delete
  9. මුදල් ආයෝජනයට ලයිසන් නැති අයට කරන්න බැරි නිසා, පසුව ඒ සමග භාණ්ඩ විකිණීමක් ආවා. එයාලා කියන්නේ ඒ භාණ්ඩ ප්‍රවර්ධනයට යන මුදල අයින් කරලා පහසු මුදලට දෙනවා විකුනන්න කියලා. තමන්ට තියෙන්නේ තවත් අයට ඒවා හඳුන්වා දෙන්න. එතකොට කමිෂන් එකක් ලැබෙනවා කියනවා. ට්‍රයම්ප් වැනි ආයතන භාවිතා කරන්නේ මේ ක්‍රමය බව ඔවුන් පවසනවා. මේවා ගැන දැනුවත් කරන්න KFC, මැක්ඩොනල්ඩ් වගේ තැන් වල පන්ති පවත්වනවා. ඒවාට යම් මට්ටමක අධ්‍යාපනයක් ඇති අය තමයි ඉදිරිපත් වෙන්නේ. මේවා හරහා විකිණෙන භාණ්ඩ වල අගය රුපියල් 2000 නම්, ඒවාගේ අගය රුපියල් 50,000 කට වගේ නම් කරනවා. හැම කෙනෙකුම තවත් දෙදෙනෙකු හඳුන්වා දීමට අවශ්‍යයි. ඒ අය ගැන හොඳින් හොයා බලනවා. දාමය කැඩෙන්න දෙන්න කැමති නෑ. වලට වැටුනට පස්සේ ගොඩ එන්න, ගෝණි එළුවා වගේ වැටුන අයත් උත්සාහ කරනවා. නොයෙකුත් මූල ධර්ම භාවිතා කරනවා. රක්ෂණයේ හිටිය අය තමයි මේවා ප්‍රවර්ධනයට ඉදිරිපත් වෙන්නේ. මේ සංවිධාන වල අය එකතු වෙන සමුළු වාර්ෂිකව පැවැත්වෙන බව කියනවා. සුරංගනා ලෝකයක් මවනවා. ඒ ගැන කිසිවකු සමග ඔවුන්ගේ අවසර නැතිව ප්‍රකාශ නොකරන ලෙස පොරොන්දු කර ගන්නවා. මේ වගේ දෙයකට යෝජනාවක් ආවොත් නිතරම කාගෙන් හරි අහන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඔය වගේ හයිලෙවල් පාරේ තැනක තිබුණා. teens කියල බඩු විකුණන ෂොප් එකක් , මේකේ වඩා මුළු තිබුණා. රුපියල් පන්සියක් දීල තමයි යන්නේ මාත් ගියා මේක මොකද්ද කියල බලන්න.දැනට oriflame cosmatics වලත් තියෙන්නේ මේ පිරමිඩ සිස්ටම් එකමයි...... සුදික ඔයා කියන විදියට. තව අර ශේන්ශුයි china සිස්ටම් එකත් ඔය කියන විදියට මේ වගේද මන්ද ...? තව නොදන්නා දේවල් වලට අපිත් අහු වෙනවා ඇති මෙහෙම බලන් ගියාම......

      Delete
  10. මේ සියළුම ගුලි යුරෝපයේ රටවලත් විකුණනවා. හැබැයි ටික කාලයයි කෙරෙන්නේ. මිනිස්සු දැණුවත් වුනාම ඉක්මනින්ම ඉවත් වෙනවා. අපේ අයට කිව්වාට තේරෙන්නේ නැහැ. සක්විතිට අහුවෙච්ච එකා ඊට පහුවදා සක්විතිගේ ගෑණිට අහුවෙනවා.අපේ මිනිස්සු හරිම තන්හාධිකයි. මෝඩයි.

    ReplyDelete
  11. මේවයේ සිද්ධාන්ත යුරෝපයේ තියනවා. ඒවා මිට වඩා කාර්යක්ෂමයි. අන්තර්ජාතිකවම සිදුවෙනවා. ඒත් අපේ රටේ අරන් බැලුවම දඩුවම් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ තුනේ පන්තියට විතරයි. කිසිදු තාක්ෂණයක් දන්නේ නැ. ගමේ ගොඩේ හැටියට විශ්වාශයටත් මිනිහා සල්ලි දීල තිබුණා. තමන්ට ලාබද නැත්ද දන්නෙත් නැ, නිකන් ඉල්ලන අයටත් සල්ලි දුන්නා, ළග ඉන්න ගෝලයෝ සල්ලි මලු වලට අත දාගෙන යන්නයි, එන්නයි අරගත්තා . ඒ මිනිස්සුත් මාලිගා වගේ ගෙවල් හැදුව, මිනිහට ආපහු ටික දෙනෙකුට හරි ගෙවන්න උවමනාව තිබුණා. කොහෙද ඉතු ටිකත් ගානක් මිම්මක් අදටත් නැතුව. ගත්තු අය ගත්තලු.

    ReplyDelete
  12. කලින් කලට එක එක විදියට එනවා. එකම දේ බව පෙනුනත් හැමදාම රැවටෙන පිරිසක් ඉන්නවා.

    ReplyDelete
  13. මකසි...... ඔන්න ඔයාගේ post එකට මං වැඩි යමක් එකතු කලා........නව ප්‍රවණතා තිබුනොත් note කරන්න.......

    ReplyDelete