Tuesday, April 8, 2014

අනියත නියත වූ රාජ්‍ය නොවන සංවිධාන



   
                                 ලංකාවේ විවිධ ප්රශ්න වලට මැදිහත් වී උදව්  උපකාරකරමින් අපි අතර ,අපේම උදව්වෙන් රැදී සිටින සංවිධාන විශේෂයකි රාජ්නොවන සංවිධාන . යම් ව්යපෘත්යක් හරහා , අපේ උගත් පිරිසක් හට සංවිධානයේ තනතුරු හා වගකීම් පිරිනමමින් විශාල ලෙස මුල්ය ප්රතිපාදන ලබා දෙමින් ගැටළුවක් සදහා මැදිහත්වීම මේවයේ ලක්ෂණයන්ය . එහෙත් කල්ගතවත්ම , රටේ ජාතික ආරක්ෂාවටද ,ආර්ථිකයටද , සංස්කෘතියටද දැඩි හානියක් සිදු කෙරෙමින් පවතින බව දනගැනීමට කල්ගත වේ 

                           සිවිල් ජනයාගේ සුබසාධනය සදහා පෙනී සිටිමින් , රාජ්ය නොවන සංවිධාන වල න්යාය ත්‍ර  වලට අනුගතව ජාත්යන්තර බලවේගවල උවමනා එපාකම් පිරීමැහිමට ඔවුන් අපේ අයත් එක්ක එකතු වී බලාසිටි . කෝටි ගණන් මුදල් මෙම සංවිධාන මගින් ලබා දුන්නද මේවයේ වාර්ෂික සැලසුම් ,ප්‍ර ගති වාර්තා , රාජ් ආරක්ෂක අමාත්යංශය යටතේ ඇති රාජ් නොවන සංවිධාන පිළිබද ජාතික ලේඛම් කාර්යාලයට එවා නොමැති බවද රහස් පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇත . අදාලඅමාත්යංශයේ කිසිදු අවසරයකින් තොරව සංචාරක විසා මත මෙම කණ්ඩායම් වරින්වර පැමිණේ . තවද ලංකාව පිළිබද අසත් තොරතුරුද ඔවුන්ගේ වෙබ් අඩවි වල පළකර ඇත 
                         වරෙක අනුන්ගේ ක්රෙඩිට් පත් වල දත්ත හොරාගෙන විශාල මුල් වංචාවක් සිදුකිරීම හේතුවෙන් අපේ රාජ් බැංකුවක් මේ වනවිට මුල්යමය දැඩි අපහසුතාවයකට ලක්වීම හේතුවෙන් තවමත් පරීක්ෂණ පැවැත්වේ . ගොවීන්ගේ තොරතුරු සොයන මුවාවෙන් උතුරු නැගෙනහිරපලාතේ තොරතුරු රැස් කරමින් එහි තිබු හමුදා කදවුරු සම්බන්ධ තොරතුරු එක්රැස් කොට ඇත . සංරක්ෂිත වනාන්තර වල පරීක්ෂණ පවත්වමින් අපට අවේනික ශාක හා සත්ව ජාන මංකොල්ලයක් සිදුකරඇත . මේ  සියලු අකටයුතුකම් වලට වග කිව යුත්තේ  රාජ් නොවන සංවිධානයි .   
මෙවන් ආකර්ශනීය වැඩ පිළිවෙලක් ඇති මෙම රාජ් නොවන සංවිධානවල යථාර්තය මෙයයි . ඉහල වැටුප් දෙමින් විදේශ සංචාර පිරිනමමින්යාන වාහන  සපයමින් අලංකාර කාර්යාල හා අදාල පහසුකම් ලබාදීම හේතුවෙන් අපේ උදවිය මේවයේ රැකියා කරමින් නොදැනුවත්වම මෙම වංචාවේ කොටස්කරුවන් වී ඇත . අදාල ජාත්යන්තරයේ අරමුණ ඉටුවූ පසු ඔවුන් ආපසු යයි , එහෙත් පසුවිපාක විදින්නේ අපි සහ අනාගත පරපුරයි .යම් අවස්ථා වලදී මෙහි රැකියා වල නියළුවන් නීතිමය ගැටළු වලටද මුහුණපා ඇත්තේද  ඇතුලාන්තය නොදත් කමිනි දැන්වත් මෙම රාජ් නොවන සංවිධාන ගැන අවදානයෙන් සිටිය යුතුබව අවදාරණය කරගත යුතුය.

14 comments:

  1. //අදාල ජාත්‍යන්තරයේ අරමුණ ඉටුවූ පසු ඔවුන් ආපසු යයි ,//
    අප අවධානෙයන් සිටියා කියා ඔවුන්ෙග් ක්‍රියා කළාපය ෙවනස් ෙව්යැයි සිතිය ෙනාහැක..
    සිදුකල යුත්ෙත් ඔවුන් හට රටතුල ක්‍රියාත්මක වීමට අවසර ලබා ෙනාදීමයි..

    ReplyDelete
    Replies
    1. දැන් තිබෙන තත්වය හොදයි. ඒ සදහා නීති ක්‍රියාත්මක වී තිබෙනවා. සැම සංවිධානයක්ම රජයේ ලියාපදිංචි වීම හා සියළුම ගනුදෙනු පිළිබද වාර්තා. රජයට සැපයිය යුතුය. මේ නිසා දැන්.... රාජ්‍ය නොවන සංවිධාන පැමිණීම හා උදව් කිරීම බොහොමයක් වැලකි ඇත.විනිවිදභාවයට ඔවුන් බයයි.මේ තත්වය පෙර තිබුණා නම් මෙපමණ හානියක් වන්නේ නැත.

      Delete
  2. ලංකාවේ වැඩකරන එන්ජීඕ හැම එකක්ම ඔය කියන තරම් කළු නෑ. කීපයක් තියෙන්න පුළුවන් නමුත් එන්ජීඕ වලින් රටට ලැබුනු දායකත්වය ගැනත් ලියවුනානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව්..... හොද පැත්තකුත් තිබුණා. බහුතරයක් එහෙම උනේ නැ. දැනටත් ජනතාවට සුභාසධන කටයුතු කරන එන් ජි ඔ තියනවා. ඒවා සදහා රජයේ අනුමැතිය ලැබී තිබෙනවා , වගේම ඒවායේ නිර්දේශද රජය ක්‍රියාත්මක කර තිබෙනවා.

      Delete
  3. Replies
    1. මොකද්ද ඔයාගේ අත්දැකීම.....

      Delete
  4. ඔක්කම උන්නෙ වාසියට...
    ඩොලර් හම්බනව නං ඔන එකෙක් ඔය වැඩේ කරයි...
    කාටවත් කවමදාවත් ඇත්තටම උදව් කරන්න ඕන වෙලා ඇති කියල මම නං හිතන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔයා දැක්ක දේ හරි.....එන් ජි ඕ කියන්නේ ගොඩක් අයගේ මතය ඕකම තමා. උදව් කරපු අවස්ථාත් මං දැකල තියනවා. ඒවාට රජය අනුමැතිය දීල . හානිදායක නොවන නිසා.

      Delete
  5. NGO කාරයෝ කියන්නෙනම් තනිකරම වෛරස්.

    ඒක නෙවෙයි, අක්ෂර වින්‍යාසය ගැන ටිකක් සැලකිලිමත් වුනොත් හොඳයි නේද. අමාරුයි කියවන්න. මටත් ඔය ලෙඩේ තිබුන ඉස්සර. දැන් නම් හරි. ඒ නිසා ඔයත් පුලුවන් නම් හදාගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්ෂර වින්‍යාසය මං හදා ගන්නම්. මං ඒක දැක්කා.....

      Delete
  6. ඔය අකුරු තුන ඇහෙද්දීම අපි ඒ දිහා බලන්න පුරුදු වෙලා ඉන්නේ නරක පැත්තෙන්.. හැබැයි ඉතින් ඒකට සාධරණ හේතු නැතුවමත් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. හේතු තියනවා දිනේෂ්..... ඒවායෙන් ඇතිවුණු ගැටළු ගැන මුලින් කතා කරේ......

      Delete
  7. ඕනම එකක හොද නරක දෙපැත්තක් තියෙනව නේ දෙපැත්තටම සමබර වෙන්න ලියන්න

    ජයවේවා!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සහෝදර .... මං මේ වගේම හොද පැත්තත් සමග උදාහරණ ලියන්නම් ඉදිරියේදී.....

      Delete