Friday, April 4, 2014

පොල් කඩන්නාගේ ගීතය









                 උදසනින් නැගිට පාරට බහින්නේ මං , පොල් ගහකට නැගල කියක් හරි හොයාගෙන දරු පැටවූ හතර දෙනාගේ බඩ පුරවන්න . ළමයි ලොකු මහත් කලේ මං  එහෙමයි . මට ඉන්න තැනක් තිබුනේ නැ . ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් මැදිහත් වෙලා මට , සුනාමි ගෙයක් අරන් දුන්නා . ඊට අමතරව දියුණු වෙන්න කියල , කිරි හරක් ජෝඩුවක් දුන්නා . මගේ බිරිද ටිකක් මෝඩයි , එත් මං  හරි ආදරෙයි . මගේ ජීවිතේම එයා කියලයි මං හිතුවේ .

            මට ඉන්නේ දුල දෙන්නයි , පුත්තු දෙන්නයි . ලොකු එකිට 17යි ඊලග 16යි පුතා 13යි ,පොඩිපුතා අවුරුදු 2යි . මන් උන්ව කාලයක් පරිවාසේටත් දීල තිබුන . හදා ගන්න අමාරු නිසා , ගස් නැගල ආවම මං ටිකක් බොනවා ඇගේ අමාරුවට , ඒ වැඩිපුර සල්ලි තිබුනොත් විතරයි . නැති දවසට කහට එකක් බිල ,  පොඩි උන්ගේ බඩ පුරවනවා . අපේ පවුලේ දියුණුව ගැන හිතල , මං හැමදේම කලේ , මගේ බිරිදගෙන් අහල . අර කිරි හරක් දෙන්න, අපි රුපියල් 5000 කට විකුණුව , උන් හදන්න අමාරුයි , සල්ලි හදිසියක් වෙලා ගේත් උකස් කලා 8000 කට , 

         ලොකු දුව පිරිමි ළමයෙක් එක්ක යාලු වෙලා තණමල්විල පැත්තේ , මගේ බිරිද දැනුවත්ව උන් දෙන්න දැන් ඉන්නේ එක ගෙදර , කසාද බැදලත් නැ , වයස මදි . නැන්දම්මා , කෙල්ලට පවුල් සැලසුමකුත් කරලා දීල . අනිත් කෙල්ලත් යාළුවෙලා ඒකි නම් ගෙදර ඉන්නවා .පුතා නම් ඉගෙන ගන්න දක්ෂයි . මේ අස්සේ බිරිද වෙන කවුදෝ එක්ක පටලැවිල්ලක් හදාගෙන හොදින් කියල නතර කෙරෙව්වා . මොකද , මට  මගේ ගැනී නැතුව මට ඉන්න බැ .

          මේ අතර බිරිද මට කිව්වා අපි ගේ විකුණලා බලන්ගොඩින් වෙන ගෙයක් ගමු කියල , මාත් ඒක අහල ලක්ෂ 10 කට ගේ විකුණලා බලන්ගොඩින් ගෙයක් ගත්තා . ඉතිරි සල්ලි වලින් ලක්ෂ එකහමාරකට බිරිදට රත්තරන් බඩුත් අරන් දුන්න . ඒ අතර පොඩි එකාට අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කලා . ඊට පස්සෙන්ද ,මං පුතත් එක්ක පාන්දරම ඉස්පිරිතාලෙට ගියාම මේ ගොල්ල ඉස්පිරිතාලෙන් ටිකට් එකත් අත්සන් කරලා යන්න ගිහින් . මං ගෙදර ගිහින් බැලුව ගෙදරත් නැ . 

          ආරංචි විදියට ගෑනි අර මිනිහත් එක්ක පැනල ගිහින් , මගේ ළමයත් අරගෙන . දවස් දෙකකට විතර පස්සේ ගෙදර තිබුන බඩුත් පටවාගෙන ගිහින් බෑන ඇවිත් , අනිත් පුංචි එවුන්ගේ ඇදුනුත් ගෙනිහින් , උන්ට අදින්න කිසි දෙයක් නැ . තව ලක්ෂ 4ක් විතර තිබුන ඒකත් ගැනී අරන් ගිහින් , මං පොලිසියේ පැමිණිල්ලක් දැම්ම , මේ ගැන කියල , ඒත් ඉන්න තැනක් දන්නේ නැ .  කොහොම හොයන්නද? මේ වෙනකොට අනිත් ළමයින් දෙන්න එක්ක මං අතරමන් වෙලා . මට දැන් ගැනී එපා . මං හොයන්නේ මගේ අර කිරි සප්පයව  , ගැනී මට ආයේ අහු උනොත් මරල දානවා . මගේ අසීමිත ආදරේට වෙච්ච දේ , මං ඒකිව විශ්වාශ කලා . ආදරේ කලා .
  මේ ඔහුගේ කතාවයි. ගැමි පරිසරය තුල , තාර්කික නොවුනු මෙවැනි කතා , තවමත් බොහොමයක් ඇසේ. ඔවුහු හැමදාම උසාවි යයි , පොලීසි යයි . ප්‍රශ්න වල අවසානයක් නැත. සමාජයේ යම් කොටසක මෙහෙම  හැසීරිමක් ඇයි ?  

22 comments:

  1. බ්ලොග් රෝලට කියවන බ්ලොග් ටික දැම්මොත් නරකද අනේ

    ReplyDelete
  2. හා.....හා..... වෙලාව එනකන් හිටියේ......

    ReplyDelete
  3. අන්ධ ආලය විනාශයේ මුඛයයි..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේක ග්‍රාමීය ආදරයක්නේ...... විශ්වෂකරනවා....

      Delete
  4. වරදින්න ගත්තම පෝලිමට වරදිනවලු ,

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට වරදින්නේ එක දිගට.....

      Delete
  5. එනකොට එන්නෙ පෝලිමටලු....
    මොනවද ඇහුව....
    දුක් කංකටලු තමා වෙන මොනවද...

    ReplyDelete
    Replies
    1. සැම සමාජයකම අවස්ථානුරුපිව ...... මේ දේවල් වෙනවා.

      Delete
  6. කොහොමත් ජීවිතේට එක කරදරයක් එන්නෙ තව කරදරයක් අතින් අල්ලන්නෙ.

    ReplyDelete
  7. තවත් එක් කතාවක්.. ආදරය බොරු බව ඔප්පු කරන්න. ඒ ගෑණිට ආදරේ නම් කොහොමද ආයෙත් හම්බ උනාම මරන්නේ.

    ReplyDelete
  8. ආදරේ කරේ මුලින්ම්නේ...... මිනිහගේ දේවල් එක එක ගත්තම , මිනිහට ගැනිව එපා වෙලා .... ආදරේ පිටිපස එන්නේ වයිරයනේ..... එතකොට මරන්න පුළුවන්.... ඒක සිතේ ඇති වන ක්ෂණික සිතුවිල්ලක් විතරයි.....plan කරන මරණයක් නෙමේ.....කාලයත් එක්ක මරණිය සිතුවිලිල්ල ඉවත් වෙන්නත් පුළුවන්....

    ReplyDelete
  9. නූගත්, නමුත් අවංක, අහිංසක ගැමියෙකුගේ තවත් ශෝකාන්තයක්. මෙහෙමත් ගෑණු!

    ReplyDelete
    Replies
    1. නුගත් ගැමියන්.... අහිංසකයි...... මෝඩ ගෑනුන්ට අහු උනාම ජීවිතය ශෝකාන්තයකින් තමයි කෙළෙවර වෙන්නේ.

      Delete
  10. තවත් එක මිනිසෙක් නේද කියලා හිතුනා.. මන්දා ඉතින්..

    ReplyDelete
  11. ආදරේ කියන්නේත් එක්තරා ආකාරයක ගනුදෙනුවක් නේ, තමන් සපයන තරමට ගනුදෙනු කරුවා ගෙවන්නේ නැත්නම් ඉතින් තමන් බංකොලොත් වෙනවා. එහෙම වුණාම ඉතිං තවදුරටත් සපයන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. ආදරය සමබර වීම තමා වැදගත්..... දෙන්නට දෙන්නා තෙරුන් ගත්තා කියන්නේ එකටනේ.....නැත්නම් එක පාර්ශවයක් හැමදාම පරාදයි......

      Delete
  12. ගොඩාක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නෙත් එහෙම අසමබර ආදර කතා වල දුක්මුසු ශෝකාන්තයක් තමයි නේද?

    ඉඳලාමත් අහන්න ලැබෙන සුවිශේෂී ආදර කතා හැරුණම ගොඩක් වෙලාවට පව්තින්නේ අසමබරතාවය මයි.

    ReplyDelete
  13. ලෝකය කවදාවත් සමබර නොවන තාක් හැමෝගෙම කතාවල් අසමතුලිත වේවි......

    ReplyDelete
  14. මේකත් බලාගෙන යන කොට පට්ට කතාවක්නෙ. හැබැයි ඇත්තටම මෙහෙම දෙවල් මේ පොල මත නම් වෙනවා.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  15. අනේ ....... මං link කරන්න try කරා...... මාව reject වෙනවනේ......

    ReplyDelete