Wednesday, April 30, 2014

වහල්භාවය




              "The Narrative of the Life of Frederick Douglas," Fredrick Douglass විසින් රචිත ඉංග‍්‍රීසි භාෂිත චරිතාපදනය නීතිඥ හර්ෂි පෙරේරා විසින් පාඨකයින් හට කියවීම සදහා සිංහළ භාෂාවෙන් රචනා කරන ලදි. මෙය ශ‍්‍රී ලාංකීය පාඨකයින් හට අළුත් අත්දැකීමක් වන්නේ වහල්බාවය ශ‍්‍රී ලංකාව තුළ නොතිබුනු සංකල්පයක් බැවිනි. ඇමරිකා ඵක්සත් ජනපදය පදනමි කරගත් මෙම සංසිද්දීන් අද වන විට වියැකී ගොස් ඇත්තේ හිටපු ඇමරිකානු ජනාධිපති ඵබ‍්‍රහමි ලින්කන් මහතාගේ මැදිහත් වී තූලිනි. මේ වන විට ශ‍්‍රීලංකාව තුළ පැවතියේ වැඩවසමි යුගයයි. වහල් යුගය බටහිර සංකල්පයක් බව සිතාගත හැක්කේ සියළුම පෙරදිග රටවල් තුළ වැඩවසමි ක‍්‍රමය ක‍්‍රියාත්මක වීම නිසාය.

          ලෝකය විකාශනය විය. ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් ආරමිභ වු සමාජ විකාශණයේ දෙවන අදියර වහල් යුගයයි. වහලා හා වහල් හිමියා ඵම යුගයේ වැදගත් සංකල්පයන් විය. බලය හිමි පංතිය වහල් හිමියා වු අතර බලය අහිමි පංතිය වහලා බවට පත්විය. මෙම ගැටුම බටහිර සමාජය තූල ඵවකට නිරන්තරයෙන් සිදුවිය. මෙම ගැටුමි තීවිර වීමට තවත් හේතූවක් වුයේ සුදු කළු බේදයයි. සුද්දන් හා කල්ලන් වහල් සමාජයේ ප‍්‍රබල සාධක විය. බොහෝ වහළුන් කල්ලන් විය. ඵවකට පැවැති සමාජ තත්වය මනාව නිරූපණය කරමින් වහල්බාවය Federick Douglass මෙම කෘතිය රචනා කරන ලදි. මෙය හර්ෂි පෙරේරා අපුරුවට සිංහළ භාෂාවෙන් අප පාඨකයන් වෙත ගෙනෙන්නේ සිංහල සාහිත්‍ය වංශයේ ඵක් සංදිස්්ථානයක් බවට පත් කිරීමේ අභිලාෂයෙනි. මෙය අපේ කථාව නොවුනු නමුදු අප සමාජ අභ්‍යන්තරය ඵවකට වැඩවසමි යුගයේ සිද්ධාන්ත වහල් යුගය තුළින් පිළිබිඹු වන ආකාරය වටහා ගත හැක වහල්බාවය චරිතාපදනයකි. මෙය ඹහුගේම ආත්ම කථනයයි.

         Fedrick Douglass ගේ අධිෂ්ඨානය වහල් බවෙන් මිදීමයි. ඹහු උපතින්ම වහලෙකි. මව කල්ලෙක්. පියා සුද්දෙකි. ඹහු තවත් සමාජ අසාධාරනයක ප‍්‍රථිපලයෙකි. වහළුන් බෝ කිරීමෙි ඵක් ක‍්‍රියාවක සංකේතයකි. වහල් සමාජයේ සාමාජික සංඛ්‍යාව වැඩි වුයේ කල්ලන්ගෙන් හා මේ ආකාරයට බෝ කරගත් නව සාමාජිකයන්ගෙනි. ශ‍්‍රමය පමනක් මුල් කරගත් මෙම යුගය ඉහල වටිනාකමක් ලබා ගන්නේ ශ‍්‍රමය සදහා පමනි. ඹවුන්ට වටිනුයේ මනුෂ්‍යයා නොව ශ‍්‍රම වටිනාකමයි. ඵ් සදහා ඹවුහු වහළුන් වදහිංසාවට ලක් කිරීමට තරමි පෙළඹුනේ ඹවුන්ගේ සමාජ දේශපාලනය ඵම ක‍්‍රියාවන් සාධාරණිය කල නිසාවෙනි. Fedrick Douglass ඹහු විදි අනේක දුක්ඛ දෝමනස්සයින් පෙල ගැස්සුවකි. හර්ෂි පෙරේරා ඵම සංවේදනාවන් ඵකින් ඵක ඇමිනුවේ තව දුරටත් මනුෂ්‍යත්වයේ නාමයෙනි.

           මනුෂ්‍යයා ජීවත් විය යුත්තේ සමානාත්මතාවය රජයන සමාජයක වීම ස්වාභාවික නීතියේ මුලිකාංගයකි. නමුත් ඵදා වහල් සමාජය ඵ් සියල්ල ඹවුන්ට අහිමි කරන ලදි. Fedrick Douglass ඵ් බව මනාව පැහැදිලි කලෙය. වදහිංසා වලින් ගහණ සමාජයක උපත ලැබු Fedrick Douglass වහල්භාවයෙන් මිදීමට හා කැමැති ලෙස නිදහසේ ජීවත් වීමට ලැබු පන්නරය සියළුම වහළුන්ගේ විමුක්තිදායකයා වීම මුළු මහත් පීඩිතයන්ටම සැපයු ආදර්ශයක් විය.

               හර්ෂි පෙරේරා මෙවැනි චරිතාපදනයක් පරිවර්තනය කිරීම සදහා තෝරා ගැනීම කාලීන මෙහෙවරක් බව මාගේ හැගීමයි. මන්දයත් වහල් යුගයේ නෂ්ඨාවශේෂ යමි අවස්ථාවන්හිදී අප සමාජයේද දක්නට ඇති නිසාය. ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පටන් ගත් සමාජ විකාශණය මේ වන විට පන්ති ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. සමාජය යුගයෙන් යුගය පියවර තබයි. ඵහෙත් මනුෂ්‍යයින් ගෞරවාන්චිතව ජීවත් විය යුතූය. වදහිංසාව තුරන් විය යුතූය. Fedrick Douglass මේ බව අපට මතක් කර දී ඇත. ඵබැවින් මෙවැනි කෘතින් පරීවර්ථනය කිරීම සමාජ මෙහෙවරක් බව කිවයුතු මනාය.

19 comments:

  1. හොඳ ඔත්තුවක්...

    ජය වේවා!!!

    ReplyDelete
  2. ලොකයේ තිබූ තවත් එක් අඳුරු යුගයක් නිමා කරමින් සිදුවූ වහල් සේවයේ අවසානය මනුෂ්‍යත්වය අගයන ලෝකයට සොඳුරුතම තිළිණයක් විය.

    ReplyDelete
    Replies
    1. මනුෂ්‍යත්වයට අප ලද තිළිණය..... රැක ගත යුතුයි......

      Delete
  3. වහල් භාවයේ නවමු ආකාරයන් හදුනා ගැනීම පීඩිතයන්ට අයිති කාර්යයක්.වහල් යුගයේ ඉතිහාසය අතීතයක් විතරයි.වර්තමානයේ තිබෙන ප්‍රතිගාමීත්වයන් හදුනා ගනිමු.
    ආරම්භයක් ලෙස මැයි දින පනිවිඩයක් මා දැම්මා. ඉන් එහාට පීඩකයන් හා පීඩිතයන් ගැන ලිපි ලියනවා

    ReplyDelete
    Replies
    1. පිඩකයින් හැමදාම පීඩිතයින් පෙලනවා..... මුහුණුවර වෙනස් කරමින්.....සමාජ පරිණාම කරා අපව රැගෙන විත්, නැවතත් ව්‍යංගයෙන් ඒ යුගයටම තල්ලු කරනවා.

      Delete
  4. අපි නොදැනුවත්වම වහලුන් වෙමින් පවතිනවා කියා මට හිතෙනවා ජනතාවත් පාලකයිනුත් අතර ඇති හිදැස ගැන හිතනකොට. මෙවන් ලිපි සහ පොත් කියවන කොටස දිරිමත් කිරීම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... ඔබට අවුරුද්දකට සැරයක් වත්, මතක් කරමින්, යන්නේ ඒ අදුරු යුග වල පීඩනයේ ශාපයයි කියලයි මට හිතෙන්නේ. මෙවන් ලිපි සහ පොත් වලින් අවදාරණය කරන්නේ...... අතීතයට සමගාමිව, වර්තමානය සකස් කර ගන්නයි.......

      Delete
  5. විදේශ විනිමය ලැබෙන්නේ මානුශික මුහුණුවරක් දුන්නු (එහෙම නැතිනම් අයිසිං ගාපු)නූතන වහල් සේවයෙන් නෙවෙයිද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්..... මුහුණුවර වෙනස් කරමින් තවමත් අපි ඒ නෂ්ඨාවශේෂ තුල රැදී සිටිනවා.

      Delete
  6. Replies
    1. ස්තුතියි.... ඔබටත් .....

      Delete
  7. පොත හොයා ගෙන කියවන්න වටිනවා.

    ReplyDelete
  8. පොත ගන්න පුළුවන් ඔයාට international book fair එකෙ ජනසංසදය පොත් කුටියෙන්. නැතිනම් පානදුර ජනසංසදය ආයතනයෙන්....

    ReplyDelete
  9. හොද පොතක් වගේ.. ඒත් කොහෙද ඉතින් දැන් ඉස්සර වගේ පොත් කියවන්න තරම් වෙලාවක්..

    ReplyDelete
    Replies
    1. වෙලාවක් නම් නැ තමයි..... ඒත් උවමනා නම් වෙලාව හොයා ගන්න වෙනවනේ.....

      Delete
  10. තාම කලු සුදු වාදය තියෙනව..
    වැඩිපුරම දකින්න පුලුවං පුට් බෝල්වලදි...

    ReplyDelete
    Replies
    1. ඔව්..... ඒ වගේම ක්‍රිකට් ,

      Delete