Saturday, April 12, 2014

චාරිකා

         
 මා ඉදහිට සිත්ගත් තැන් වල චාරිකා කරමි. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ , සුරියවැව ප්‍රදේශයේ හුදෙකලාවේ පිහිටි මනරම් භුමි භාගයක අසිරියයි  මේ දිස්වන්නේ. දැකුම්කලු පරිසරය හා මුසුවූ අපුරු තාක්ෂණයත් ගත සිත නිවන පින්බිමක් වන් වූ අශ්‍රමයත් මේ ආකාරයට මගේ ඇසෙහි සටහන් විය.

       
         මේ ඒ පිලිබදව වූ මා අසා ගත් කතාවයි. තිලවක ධජ චයිත්‍ය වට මළුවේ පියස්සට වැටෙන වැසි ජලය නල මගින් මේ ගල් පොකුණට එකතු කර ජල පිරිපහදුවකට ලක් කර ඇත.මේ පොකුණ නම්කර ඇත්තේ මිල්ලෝධක පොකුණ නමිනි. වනයේ සැරිසරන සතා සිව්පාවුන්ට වෙනමම කුඩා පොකුනකුත් මිනිසුන්ගේ ප්‍රොයෝජනයට වෙනමම පොකුනකුත් ඉදිකර ඇත. 

               
             මෙම ජල පිරිපහදුව සදහා පොකුණට ඉහලින් පොකුණ වටකර මේ ආකාරයට නිර්මාණය කරගත් වෙනම , ළිදක් වැනි , නමුත් නොගැඹුරු කොටසේ කොන්ක්‍රීට් යෙදු වැලි පිල්ටරයකින් වතුර පෙරී යන ආකාරයට සකස් කර ඇත.

            
             මේ ජලය පෙරී යන ඉහත වූ ලිද ඇතුලේ වූ  ටැංකියයි . මෙමගින් නැවත මෝටරයක් මගින් ජල ටැංකි කරා ගෙන යාමට සැලසුම් සකස් කර ඇත. මෙහි අවසාන අදියර අවසන් කිරීමට මෙම යෝගාශ්‍රමයේ නායක හිමිපාණන් බලාපොරොත්තුවෙන් හිදී. 
          
        මේ සියළු තාක්ෂණයේ හිමිකරු නවදගල අනගාරික ධම්මික යෝගාචාර හිමියන්ය. එතුමා වසර පහලවක තරම් කැපකිරීම් කර මේ කටුක ශුෂ්ක භුමිය පින්කෙතක් කර ඇත. එතුමාගේම සැලසුමකට අනුව මේ ජල පිරිපහදුව නිර්මාණය කිරීම නම් අනර්ඝ කටයුත්තකි.ජල පොදක් සොයා යන්නට මනුස්සයාට මෙන්ම සිව්පාවන්ටද දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවන මේ ප්‍රදේශයේ දියුණුව මෑත කාලීනව මහවැලි ව්‍යාපාරය හරහා සිදු වුවද , ඉහල පිහිටීමක වූ මේ ස්ථානයට  ජල සැපයුම සිදුකර ගැනීමට 
ධම්මික හිමියන් සිය දැනුම හා කැපවීම භාවිතයෙන් දේශීය තාක්ෂනය උපයෝගී කර ගත්තේ යන්ත්‍ර සුත්‍ර වල පිහිට නොපතමිනි. 

     
            ස්වභාවික පිහිටීමක වූ ගල්තලාව මුල් කරගෙන ගල් පොකුණ මිනිස් ශ්‍රමයෙන්ම සාදා , ජලය පිරවීමට ගත් උත්සාහය ප්‍රසන්ශනියයි . විශේෂත්වය නම් මේ සියල්ල ගම වැසියන් විසින්ම ස්වෙචාවෙන්ම සිදු කිරීමයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොනක හුදකලාව පිහිටි මේ පින්බර ඉසව්ව මේ වන විට උද්‍යානයක හැඩතල දරමින් රමනියව දිස් වේ. 

     
       රමණිය ගල්තලාව , ගල්වැටි, කුඩා පොකුණු , අරලිය වදුල මේ සියල්ල දකින විට  මට සිහි වෙන්නේ ජයසේන ජයකොඩිගේ අරලිය මල් ආරාමයයි . මා සිතින් අරලිය මල් ආරාමයට ගියෙමි. එහි සුවද විදිමි. ඇස අරුණු විට මා සිටින්නේ පොකුනුගල යෝගාශ්‍රමයේ බැව් අමතක විය. මේ සියල්ල ස්වභාවික පිහිටීම් නොව, මිනිස් ශ්‍රමයේ දැඩි උත්සාහයයි. වන ලැහැබක සැගව ගිය මේ භුමිය , නවදගල අනගාරික ධම්මික යෝගාචාර හිමියන්ගේ දෑතින් මිනිස් සිත් නිවනට , සැදු යෝගාශ්‍රමයයි . 

            මේ එතුමන්ගේ කවි සංකල්පනාවකි.

   සා පිපාසා දුකින් මුදවා උපන් සැමටම සෙත                       ලැබේවා 
  උපන් නුපන් සියළු සත හට පිරිසිදුම ජලයම                        ලැබේවා 
  අමා පැන් රස මිනිස් සිතකට මෙපින් බලයෙන් ගුණ            ලැබේවා 
  පැන් පොදක් බොන සියළු සැමටම කෙලෙස් ගිනි නිවා සැප ලැබේවා  

       ඔබට පුළුවන් වූ අවස්ථාවක මේ භූමියට ගොස් නරඹන්න . අසිරිය විදින්න. දැනුම ලබා ගන්න . චිත්ත ශක්තිය බලවත්ව සැදු මේ ආශ්‍රමය සදහා යම් දායකත්වයක් හෝ ඔබේ ශ්‍රම දායකත්වය ලබා දිය හැක. මිනිසුන් විසින් මිනිසුන් වෙනුවෙන් සැදු මේ භුමිය නොමිල දායාදයකි. ලිපිනය පහත සදහන් කරමි.

පොකුනුගල යෝගාශ්‍රමය 
පරණ හත්පෝරුව 
91 /2 හන්දිය 
සුරියවැව 

 712193721 

12 comments:

  1. මග පෙන්වූවාට ස්තුතියි,
    ලඟදීම ඒ දෙසට යා හැකි වෙයි..

    ජය වේවා!!!

    ReplyDelete
  2. හරිම සුන්දරයි. මේ වාගෙ පරිසරයක යෝගී ජීවිතයක් ගෙවන එතුමාගේ ජීවිතයත් මේ තරමටම සුන්දර ඇති.

    ReplyDelete
    Replies
    1. සරල ජීවිතයක් ගත කරන එතුමන් තුල වූ චිත්ත බලය, ගොඩක් වටිනවා. නැතිනම් මේ වගේ අමාරු නිර්මාණයක් සැලසුම් කරන්න අමාරුයි. ඒ වගේම කිසිදු දේශපාලන හයියකුත් නොමැති පාඩුවේ සිටින ශක්තිමත් චරිතයක් කියල මට හැගුනා.

      Delete
  3. වටිනා තොරතුරු ටිකක්. ගොඩක් ස්තූතියි ඔබට.

    ReplyDelete
  4. හොද විස්තරයක්..... ආවම අනිවා යනව ...
    ගොඩක් අය නොදන්න විස්තරයක් සැපයුවට තුති....

    ReplyDelete
    Replies
    1. විනෝද ගමනකට වඩා ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් ගමනක්. සුදුවතින් සැරසී යන්න. හිරු බැසයන මොහොතක නම් ගමන වඩා ප්‍රතිපලදායකයි.

      Delete
  5. නිහින්සා චාරිකා ප්‍රසංසනියයි

    ReplyDelete
  6. ඔබට ස්තුතියි....... නිරෝෂා.....

    ReplyDelete