Thursday, April 24, 2014

මට මගේ නොවන ආදරයක් තිබුණා.......

       ජීවිතය පුරා සුවද හමන ආදරයක් මට තිබුණාද......නැත්නම් කවදාක හරි තියේවිදැයි හොයාගෙන යනවිට .......දැන් තියෙන්නෙත් එයමැයි කියල වරෙක සිතන විට ..... හිත නතරවුණේ කොතනදැයි සිතිය යුතු කාලය දැන් එළඹ ඇත. මේ කොතැනක හෝ ඔබ සහ මං නතර වෙලා ඇති. එය මගේම යයි අයිතිකරගන්න හදන විටම අල්ල ගන්න බැරි දුරකට පාව යන්නේ ඇයිදැයි නොදනිමි.මේ තරමට හිත අතරමං වන ආදරය දෙවියෝ දුන්නේ ඇයිදැයි වරෙක සිතේ. ආදරය කරන්න ගොස් මේ හැම ජීවිතයක්ම අවුල් උනේ මන්දැයි කවුරුත් නොදනී.දුරස් වෙන්න වෙන්න ලංවෙන ....ඈත් වෙන්න වෙන්න .... ඕන වෙන මේ ආදරය කොතරම් බලගතුදැයි ඔබ දන්නවා ඇති .
               සමනල පිහාටුවක් වගේ පාවෙන..... සමනල සංධ්වනියක් වගේ හිත තුල නින්නාද වන ...... මේ ආදරය සුවද හමන පොහොට්ටුවක් වගේ සියුමැලියි. මනෝ මුලික ලෝකයක සැරිසරන මේ ආදරය ජිවිතයේ ලොකු වෙනසක් කරා ගෙනියපු විදිය ඔබ දන්නව ඇති. හොදට  හෝ නරකට හිටියෙත් එයම යයි ඔබට හිතෙන්නත් ඇති. අයිතිකර ගන්න බැරිව විනාශ කලෙත්, ජිවිත කාලයම දුක් විදින්නෙත් මේ මහා බලගතු ආදරය හින්දයි. සියළු දේ අහිමි කර ගනිමින්, ජිවත් වීමේ අයිතියද නැති කර ගනිමින්, විදවන්නෙත් විදින්නෙත් මේ සොදුරු ආදරයමයි, කියල කිව්වොත් ඒක සහතික ඇත්ත. 
                    සාලිය ,අශෝකමාලා ලබා ගන්න රජකමත් අත හැරලා, චිත්‍රා එක්ටැම් ගෙයක හිරවෙලා, සකුන්තලා දිග යන්නත් පෙර බඩදරු උනෙත් , මේ අනගි ආදරය හින්දමයි. ඒ අතිතයේය, වර්තමානයේ , මෙය අත්දුටුවේ වෙනස් මුහුනුවරෙකිනි. සෙව්වන්දි මාලබන්ධන අතින් මරුනෙත් , ඔහු ඒ හන්ද ජීවිතාන්තය දක්වා හිරබත් කන්නෙත් , රෝයල්පාර්ක් සුන්දරිය මියගියෙත් ඔහුට මරණිය දණ්ඩනය නියම වුනෙත් මේ සොදුරු ආදරය හින්දා නේද.......? දස්කොන් ප්‍රමිලා වගේ ආදර බන්ධනත් අද කොතෙකුත් ඇති, ඒත්..... අවසානය ...... මට මගේම ආදරයක් තිබුණා කියල විතරයි කියන්න වෙන්නේ. 
                  සියළු හිරවීම් වල හිරවෙන මේ උතුම් ආදරය සැම පරම්පරාවකටම ඒක සේ බලපාන නිරතුරු විදින..... උගුලක්දෝයි සමහරුන්ට සිතුන බව කියවේ. ආත්මාර්ථකාමී බවක් දැනෙන නිසාදෝ මටම පමණක් විදින්න පුළුවන්  , මේ සියළු දුක් ගැහැට ...... සුන්දර අතීතයක් අයිති ආදර අන්දරයක් කොතැනක හෝ එදා තියෙන්න ඇති....... කුස ..... පබා රැවට්ටුවෙත් , අයිති කර ගන්න තරම් ආදරය බලවත් වුනු හින්ද. මෙලෙස නියම් අනියම් වූ මේ පෙම් කතන්දර ....සමාජයේ කොතනත් ඇති, ඉතින් මට මගේම කියල ආදරයක් තිබුනේ..... මේ තරම් හැලහැප්පිලි තිබුන නිසා නේද.....?  

25 comments:

  1. නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම
    නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම
    නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම
    නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම

    සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම
    මල් සුවඳ විඳගන්න අහිමියිද මට ඒ වරම
    නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම
    ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම

    වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම
    තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම
    වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම
    නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම

    නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
    ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
    තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
    පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......

    අපි හැමෝටම අපේ නොවෙන ගොඩක් දේවල් තියෙනව වගේම ඉස්සරහටත් එහෙම වෙයි, ඒත් අපි ඒ දේවල් බලාපොරොත්තු වෙනවා නේද? අදයි මුලින්ම ආවේ, අපූරු ලිවීමේ ආරක් තියෙනවා, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ...ඔබට ...ඔබ ආදරය රසවින්ද කෙනෙක් බව මේ පදවැල දුටුවම හිතෙනේව. කොච්චර දුකක් දැනුනත් , ඕනෑත් .... ආදරයමයි.....

      Delete
    2. සො.මි........හරිම මිහිරි කවි පදවැල්!!!!

      Delete
    3. පෝස්ට් ඒකත් හරි සොමී ගේ කවි සැට් එකත් හරි,,,

      Delete
    4. සමාවෙන්න නිහින්සා මම ඔයාගේ පෝස්ට් එකක් මැද්දට කවි සැට් එකක් දාලා ඔයාගේ පෝස්ට් එක අල කරානම්, අනේ නෑ මේ එවෙලෙ ඔයාගේ පෝසට් එක කියවපු වෙලේ හිතට ඇවිත් ලියපු එකක් නෙවෙයි, මං මගේ බ්ලොග් එකේ කාලෙකට කලින් දාපු කවි ටිකක් ඔය, ඔයාගේ පෝස්ට් එක කියවද්දි ඒ අතීතෙ මතක් වෙලා මට මං ඒ ටික මෙතනට ඇලෙව්වා, ස්තූතියි arugeadaviya, අපූර්වී. ආයෙත් එහෙනං සමාවෙන්න ඈ.

      Delete
    5. සොමි , ඔයා ඒ කවි ටික ලිව්ව එකට මං කැමතියි...... අදහස් ප්‍රකාශය කවියකින් හෝ ඔයාගේ හිත එලියට ආව එක හොදයි..... මේක ඔයාගේ අත්දැකීම...... ඉතින් මොකටද සමාවක්..... මටත් ඕන, ඉබේ ලියවෙන දේවල්.......

      Delete
  2. ආදරය විටෙක අත්මාර්ථකාමි. තවත් විටෙක පරාර්ථකාමි.මේ දෙක මැද වු මධ්‍යස්ථ ආදරයයි ගොඩක් වටින්නෙ.
    ඔව් හැමෝටම "මට මගේ නොවන මගේම ආදරයක් "හිත් තුල තියෙනව.

    ReplyDelete
    Replies
    1. මේ අන්ත දෙකට ආදරය දෝලනය වනවා, මිසක් කවදාවත්...... ආදරය එක තැනක නතර වෙන්නේ නැ.....නිරෝෂා, අපි ජිවත් වනවා කියන්නේ මේ ගැටුමට....

      Delete
  3. ආදරය කියන්නෙ සොඳුරු උගුලක් හැමෝම පැටලෙන

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතෙනවා.....චතුරංග..... ඒත්..... මේක ...ජිවින්ගේ පැවැත්ම තීරණය කරන සාධකයක් නේ....

      Delete
  4. දුක රැදි හදට හසරැලි හිමි නැති සේම...
    කිම නුඔ මෙමට හිමිනොවුනේ හැමදාම..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයත් එහෙම කියනවනේ.....? සි.ජේ.

      Delete
  5. ආදරය ගැනනම් කියන්න දේවල් කොතෙකුත් ඇති. සමහර ආදර කතා හරිම සුන්දරයි තවත් සමහර ඒවා හරිම ශෝකජනකයි. ඒ හැටි.

    ReplyDelete
    Replies
    1. අපිට ලැබෙන ආදරය කොයි මුහුනුවරකින් ආවත්.....බාර ගන්න වෙනවා.....අජිත් ,

      Delete
  6. අනේ මටනං මොකුත්ම හිතෙන්නේ නෑ!

    ReplyDelete
  7. ආදරය ගැන එක පෝස්ට්ටුවකින් දෙකකින් නෙවයි, බ්ලොග් එකක් පුරා ලීවත්, මුලු බ්ලොග් අවකාශයේම ලියුවත් කවදාවත් කිසිකෙනෙක්ට ලියල, පහදල ඉවරකරන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. ආදරය කවදාවත් ලියා ඉවර කල නොහැක.

      Delete
  8. අපි නම් ඔවා ගැන දන්නෙ නෑ ...හක් ;))

    ReplyDelete
  9. ආදරයේ උනුසුම ලඟ දුක දැණෙන්නේ නැහැ.....

    ReplyDelete
    Replies
    1. සිනහ වේවි..... සිනහවේවි..... කල් ගෙවන්න බැ.....

      Delete
    2. ඔව් තර වෙලා එකක් වෙයි නේද :)

      Delete
  10. අපි හැමෝටම මඟහැරුන ආදරයක් තියෙනවා.. එහෙම නෑ කියන්න බෑ කාටවත්.. ආදරේ කියන්නේ ඔහොම තමයි.. ලැබුනත් නොලැබුනත් හුඟක් වෙලාවට හිත නොසන්සුන්..

    ReplyDelete
  11. ආදරය කවදාවත් අපට අල්ල ගන්න බැ....ලං වෙනකොට ඇතට යනවා.....

    ReplyDelete