Monday, May 12, 2014

පොප් ගායිකා මැඩෝනාගේ අමිහිරි මතකය

                 ලෝකප්‍රකට පොප් ගායිකා මැඩෝනාගේ අමිහිරි අතීත මතකයන් ප්‍රථම වරට ජනමාද්‍ය ඉදිරියේ ඇය විසින් හෙළි කරන ලදී . ඇය මේ වන විට 55 හැවිරිදිය . ලෝකයේම ජනාදරයට පත්වුවද , ඇයටත් , ඇගේ අතීතය වේදනාකාරී වී ඇති බව ඇගේ ප්‍රකාශයෙන් හෙළිවිය . ලෝකයටම රහසක් කරගත් මේ සිදුවීම පිළිබද විචාරීමේදී පෙනී යන්නේ , ඇයද ලිංගික කෘරකම් සදහා මුහුණ දී ඇති ආකාරයයි . එය අද , ඊයේ කියා වෙනසක් නැතිවම කාන්තාව මුහුණදුන් තත්වයම  බව පෙනේ . සැම සාර්ථක ගැහැනියක්ම , අතීත පපොච්චාරණයන්හිදී දී තමන්ට විදින්න සිදුවූ , ලිංගික අඩන්තේට්ටම් ගැන ඉතාම වේදනාවෙන් පවසා ඇත  . සමහර විටක ජීවිතය දිනන්න ඇය ලැබූ පන්නරයද මෙයට හේතුවක් වන්නට ඇතැයි අපට සිතේ .  
               මැඩෝනා නිව්යෝක් නුවරදී , ක්ෂේශ්ත්‍රයට පැමිණි මුල් යුගයේ දී , වයස 19දි , පිහියක් අතින් ගත් පුද්ගලයකු විසින් ,පැහැරගෙන ගොස් වහලයක් මතදී දුෂණයට ලක්කල  බව කියා සිටි . 

...............මගේ කාමරය තිබුනේ තුන්වෙනි මහලේ , මං කාමරයට යන සැම මොහොතකදීම මට මේ සිදුවීම මතක් වෙන්න ගත්තා . එම සිදුවීමෙන් වසර 20කට පස්සේ මං ජීවත්වීමේ අරුත සොයන්න පටන් ගත්තේ , අද්යාත්මික ජීවිතයකට හුරු වෙමින් බව පවසයි ............ 

        ..............මගේ කුඩා කාලයේදී මම අපයෝජනයට ලක්වුනත් , අසරණ ළමුන් වෙනුවෙන් පෙනී සිටියා . ඒ හන්ද මාව , ළමුන් පැහැරගෙන යන , ළමා ජාවාරමේ යෙදෙන අයෙක් බවට චෝදනා කළා . ඒ වගේම මගේ සිපවැලද ගැනීම් දර්ශන වලදී , මාද්‍ය එයත් විවේචනය කලා . මම දරුවන් හදා වඩා ගන්නේ , ඔවුන්ට සේවාවක් කරන්න ,................

         ඒත් .... එයත් මාද්‍ය විවේචන වලට ලක්වුවට,  පසු නොබසින බව මැඩෝනා කියයි . මේ ඇගේ ජිවිත යථාර්තය බව , ප්‍රථම වරට කරන ලද ප්‍රසිද්ධ හෙළිදරව්වකින් අපට දැන ගන්නට ලැබුණි .  

24 comments:

  1. අනේද කියන්නේ, අපේ රටේ අර කාන්තාවෝ බර ගානක් අපයෝයනය කරපු ඇමතියෝත් නිදහසේ ඉන්න කොට ඔය කියන අපයෝජනය කවද්ද පිටු දකින්නේ, ඒ රටවල නම් ඔවැනි දෙයකින් ජීවිතය පන්නරයක් කර ගන්න අනිත්‍ය ඇත හිත දෙන කොට අනිත් අපේ රටේ මාධ්‍ය මොකද කරන්නේ එ ලමයව කී සැරයක් නම් අසරණ කරවනවද, අර ඔලුව කියන නාලිකාවට ඔබේ ජීවිතය අපේ ප්‍රවුත්" නම් ඒ කියන්නේ තවකෙකුගේ ජීවිතයක් ඒ ඇයට පුවතක්ම විතරයි කියන එක නෙවේද, අයි ඒවගේ ළමයි සියධිවී නසාගංඊමකතංඅ පොලඹවලා ඊට පස්සේ එකත් තවත් එක පුවතක් විතරක්මේ වෙනවා, ඒ අතින් මැඩෝනා ජීවිතය දිනලා තවත් ජීවිත දිනවන්න අත දෙනවා, එත් ලංකාවෙන් තව කල්පයක් ගියත් මැඩෝනලා බිහි වෙන එකක් නම් නෑ, පිලුවන් නම් අපේ මදාවියෝ ඒ ලමයව තව සැරයක් අපයෝජනය කරන්න බලාවි. අපූරු ලිපිය, ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් ... සොමි..... ලංකාවේ තත්වය වෙනස් තමයි.... මෙතන වරද අපේ අයගේ ආකල්ප තුල තියෙන්නේ.... මතකනේ වෙනුෂා ඉමන්දිට වෙච්ච දේ..... දැන් හැමෝම නිහඩයි.... ශාරීරිකව වගේ මානසිකවත් ළමුන් අතවර වල ලක් වෙනවා.

      Delete
  2. මොනවා කියන්නද කාගේ කාගෙත් ජීවිත පිටිපස්සෙ තියෙන්නෙ සුන්දර කතා නෙවෙයි හැම වෙලාවෙම ,

    ReplyDelete
    Replies
    1. සහෝ..... හැම කෙනාගේම ජීවිත වල වසාගත් කළු සෙවනැලි තියනවා. එලියට එන්නේ කීප දෙනෙකුගේ කතා විතරයි. මැඩෝනා උනත් සැහෙන්න කාලයක් ගිහින් නේ මේ විදියට තම ජීවිතය හෙළිදරව් කලේ....

      Delete
  3. අපේ හිටපු සභාපති තුමා තුන්සීයක් දූෂණේ කරල පාටියකුත් දුන්නේ....

    -ගොඩක් දෙනෙක් ගේ ජීවිතවල දුක්බර මතකයන් සිදුවීම් රැසක් සැඟවිලා තියනවා...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. දුෂණ වල ගානේ තරමට පාටි දුන්නෙත් අපේ රටේ අයමනේ. ඒවාට ගියෙත් අපේ කට්ටියමනේ, මේ වගේ පහත් සිරිත් තාමත් අපේ මිනිස්සු අතරේ තියනවා.සිජේ.....

      Delete
  4. හුඟක් ජනප්‍රිය අයගේ ජීවිත පිටිපස්සේ මොකක් හරි දෙයක් හැංගිලා තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඔව්.... දිනේෂ්... ජනප්‍රියත්වය කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක්.

      Delete
  5. අහල දැකල තියෙන කිසිම සාර්ථක මිනිසෙක්ගෙ අතීතය සුන්දර නෑ. ඒ අතීතෙ මහා දුක් කඳුලු සාගරයක්..

    ReplyDelete
    Replies
    1. ජිවිත දිනුවේ ඒ ලබපු පන්නරයන් තුලින්. දුක, කදුල..... සාර්ථක මිනිස්සු බිහි කරා. මං හිතන්නේ .. පිඩාවට පත් වුවන්ට නැවත නැගිටින්න ස්වභාව ධර්මය ආශීර්වාද කරනවා ඇති.... මනෝ....

      Delete
  6. මැඩෝනා ඒ හැම දෙයක්ම අභියෝගයක් කරගෙන ලෝකෙම හොල්ලන චරිතයක් හැටියට නැගී සිටියනේ අන්තිමට , ඒ වෙච්ච දෙනිසා ජීවිතයම අඳුරු කරගන්න තැනට නොවැටී , එක තමයි මමනම් අගය කරන්නේ , යම් දෙයක් වුනාම එක මත්තේ ජීවිතේම විනාශ කරගන්න යට මේක හොඳ ආදර්ශයක් ,
    ඒ කියන්නේ දූෂණය අනුමත කරනවා කියන එක නෙවෙයි , නමුත් නීති දාලා විතරක් මේ දේවල් නවත්තන්න් බෑ .

    ReplyDelete
    Replies
    1. ඉවාන් නීති දාල වැරදි නතර කරන්න බැ. පාලනය කරන්න විතරයි පුළුවන්. ... මොකද අපේ මිනිස්සුන් තුල තිබෙන්නාවූ ගෝත්‍රික ගති එලියට පනිනවනේ දන්නෙම නැතුව..... ඒවායේ ප්‍රතිපල තමා මේ.....

      Delete
  7. අම්මෝ මැඩෝනා ගැන තව කොච්චර කිය්න දේ තියේද??

    ReplyDelete
    Replies
    1. ඔව් ... දේශක තුමනි අපි දන්නේ ටිකයිනෙ.....

      Delete
  8. ඇත්තටම මේ වගේ චරිත පිටුපස කොතරම් ඛේදවාචක සැඟවී තියෙනවද?

    //අසරණ ළමුන් වෙනුවෙන් පෙනී සිටියා . ඒ හන්ද මාව , ළමුන් පැහැරගෙන යන , ළමා ජාවාරමේ යෙදෙන අයෙක් බවට චෝදනා කළා// මේක හැම තැනකම දකින්න පුළුවන් දෝශ‍යක්නෙ.

    ReplyDelete
  9. සමහරු සමාජ සේවයට යොමු උනාම අනිත් ඇය සැකෙන් බලනවා. ඒ තමන්ගේ වැරදි වහගන්න. චතු...

    ReplyDelete
  10. නිහිංසා .. මදොනාගේ ඇතිතේ ඔහොම කතාවක් තිබුණා ,,,,එයාගේ ඒ අතීතය අසුන්දරයි ,, ඒවා හරි කියමුකෝ ,, දැන් එයාව ඇගේ කරන්න එයා යහපත් කෙනෙක් වෙලා නැහැනේ.. මට නම් මැඩෝනා කියන්නේ ලැජ්ජාවක් බයක් නැති අප්‍රිය කරන ගැහැනියක් විතරයි.. නිරුවතින් සින්දු කියන්න , ෆොටෝ ගහන්න සමහර විට එයාගේ අතීතයේ අත්දැකීම් එයාට ශක්තිය දෙනවා ඇති, මේ වගේ ගැහනුන් මගේ දැක්මේ හැටියට ලෝකේ දිනපු ගෑණු නෙමේ,, මෙයා හෙට අනිද්දා තව රෙකෝර්ඩ් එකක් තියන්න ඉන්නේ,, හි හි

    ReplyDelete
    Replies
    1. //දැන් එයාව ඇගේ කරන්න /// මෙහි ඇගේ කියන කොටස අගේ කියලා වෙනස් වෙන්න ඕනේ ,

      Delete
  11. නංගි...... මැඩෝනා කියන්නේ ඔයාගේ දැක්මට අනුව නරක ගැහැනියක් වෙන්න ඇති...... ඒත්.... සැම ගැහැනියක්ම ඉතාම හොද හා ඉතාම නරක ... නැ. ගැහැණිය තුල හොද හා නරක දෙකම තියනවා. අනික මැඩෝනා එවැනි නිරුපන වල යෙදෙන්නේ , ඇය බටහිර අභාෂය ලබපු කෙනෙක්, බටහිර සමාජයේ නිලියන් පමණක් නොව සාමාන්‍ය චරිත පවා හැසිරෙන්නේ ඔය ආකාරයෙන්. ඒක ඒ සමාජයට සාමාන්‍යයි . අනික අපි එයාගේ අකමැති කොටස අයින් කරලා හොද දේ විතරක් අගය කරමු. මඩෝනට නිවැරදි වෙන්න අවශ්‍ය නම් අපි එයාව පාගන්නේ නැතුව අවස්ථාවක් දෙන්නා ඕන. මං කවදාවත් මිනිස්සු දිහා අන්තගාමිව බලන්නේ නැ. වරදින්න මිනිස්සුන්ට ඕන තරම් සමාජයික හේතු තියනවා. මේ ලෝකේ ඉන්න අන්ත අපරාධකාරයකු දිහා උනත් මං බලන්නේ මැදිහත් සිතෙන්. අතීතයේ අපිත් ඇදුම් නැතිව හිටිය කියන එක මතක ඇතිනේ..

    ReplyDelete
    Replies
    1. යන්නේ කොහෙද මල්ලි පොල් උත්තර දෙන්න එපා නිහිංසා

      Delete
  12. ඇනෝ මල්ලේ පොල් උත්තරයක් නෙමේ මේක ඔයාගේ තේරුම් ගැනීමේ ශක්තිය පිළිබද ප්‍රශ්නයක්..... මොකද අපුර්වී දාන සමහර comment එක්කම උත්තර දෙන්නේ ඔයා...... මන්දා .....

    ReplyDelete
    Replies
    1. අක්කේ .ඔයා මේ කොමෙන්ට් එකෙන් මොනා අදහස් කලාද දන්නේ නැහැ, නමුත් මං පෝස්ට් එකක් කියෝලා කෙලින් දැනිච්ච දේ කියනවා ,ඇනෝ වලින් කියන්න අවශ්‍යතාවක් නැහැ. අනිත් එක ඇනොලා කියන දේවල් ගණන් ගන්න එපා අක්කේ. මටයි බස්සිටයි කියන ඒවා බලන්න ,නරක වචන පවා කියනවා ඒවා අපි ගණන් ගන්නේ නැහැ.

      Delete
  13. නංගි මං ඔයාගේ comment එකට reply කරා....... ඇනොගේ comment එකටත් reply කරා....ඒ දෙන්නෙකුට .... දෙවිදියකට .... ඒක ඔයා ගණන් ගන්න එපා. මං මොකුත් හිතන්නේ නැ.... මොකද අපි කවුද කියල කවුරුවත්ම දන්නෙත් නැනේ.....දන්නේ නැති උනත් ...ලියන්න හිතෙන හරි දේ ලියනවා.....

    ReplyDelete