Wednesday, May 14, 2014

අයාලේ ගිය නුඹ


             අයාලේ ගිය නුඹ ..............

අයාලේ ගිය නුඹේ වත සිව්මන්සලක නතරව 

වැඩිම ලන්සුවකට වෙන්දේසියක තප්පුලන 

කවරකුගේ මන දොළ සපුරන්න රුසිරුව පෙළ ගැසී ....

උවම් දිගහැර , නෙතු සිසිල පිහාදමා  වාරු හැර 

ශෝබමනාව පේවී සුගන්ධයෙන් මන්මත්ව හිදින කල 

මන්සලේ දිවෙන විදුලි ධාරා රුධිර සරණයට වඩා වේගෙන් 

නුඹත් පසුකර නුඹෙන් ඇතට දුව ගියත් උකුසු ඇස්

නුඹව සොයමින් , එකතු කර බා ගන්නට මාන බලන සරි 

විගහට දිවවිත් , දොරැර , ඇතුලට ගුලි ගැසී පියඹා යයි 

නන්නාදුනන සොදුරු පුරවරයක දැහැන් ගත වන්නට 

 සොදුරු සිහිනයේ අවසාන හෝරාව පසු කරලන්නට නොහැකිව 

වල්මත්ව , විපිලිසරව නීතියේ යදමින් නුඹ වට වෙද්දී 

දිනෙක  පාදඩ නිතිය නුඹව වට කරන් අයාලේ ගිය වරදට 

හුදකලාව උකටලීව , වරදක් නොවූ වරදට විද සිර දඩුවම් 

හෙම්බත්ව , කුටුම්භයක සුසුම්ලන නුඹේ හද හැමදාම 

හැම විදියකම , දෝංකාරය නොදෙයිද ශාපලත් පුරවරයේ .....

9 comments:

  1. වරදක් නොවූ වරදට දඬුවම් විදින ඇය……

    ඇය අයාලේ ගියේ ඇගේ වරදකින් නොවන බව සමාජය කවදා තේරුම් ගනීවිද?

    ReplyDelete
    Replies
    1. සමහරු කැමති නැ ..... චතු වැරදිච්ච අයට අනුකම්පා කරන්න. මේ දේවල් වෙන්නේ සමාජයේ වරදින් කියල හිතන්නේ නැ, පිළිකුල් කරනවා.

      Delete
  2. සැහ්...

    ReplyDelete
  3. මට මතක් උනේ ඉතින් අමරසිරි පීරිස් මහත්තය කියන කන්‍යාවී සහ ළඳුනේ ගිත දෙක, කවදත් ඔය ගැන සමාජයේ කතිකාවන් ඇති උනත් එක එතනින් එහාට යන්නත් නෑ, ඔය කියන තත්වයට පත්වන පිරිස් වල අඩුවක් වෙන්නෙත් නෑ, එත් කෙනෙක් ඔය තත්වයට පත් වන්න ගත වන්නේ එක ක්ෂණයක් වෙන්න පුළුවන් , ඒ බලහත් කාරය, අසරණ කම, අතරමන් කිරීම සහ නොයෙකුත් අයුරින් අයගේ පැත්තෙන් සදාරංඊ කරණය කල හැකි හේතූන්, එත් ඒ තත්වයට අද දැමුව ඇය තවත් එක පරවෙලා යන මලක් විතරයි, එකේ දවසෙන් දවස හප වෙවී වෙන්දේසි වෙද්දී දහස් ගණන් සුසුම් අන්දොනාවන් ඇගේ මුවෙන් නික්මෙයි ඉතින් සදහටම, ඔය වගේ අය මන් කිහිප දෙනෙක් මන් අහම්බෙන් හම්බ වෙලා කතා බහ කරලා තියෙනවා, වරදවා වටහා ගන්න එපා මන් කවදාවත් තහනම් ගහෙ ගෙඩි කන්නෙත් නෑ, ප්‍රතිපත්තියක් වශයෙන් මට කන්න ඕනෙත් නෑ, ඒ අයත් අපි වගේම මිනිස්සු මිසක් එක එකාගේ අසවල් පිරිමහන්න ආපු මැෂින් නෙවේ, එත් ඒ අයගේ දුක කියන්නවත් කෙනෙක් ඒ අයට නෑ, හැමදාම වෙන්නේ අනුන්ගේ දුක් ගන්න රාල වෙලා අනුන්ගේ ඕනා එපා කම් පිරිමස්සන විතරයි.

    ඔය ගැන මාත් කතා කළා,ගණිකාවට ගරු කරන්න මෙන්න ලින්ක් එක අවුත් බලලා යන්නකෝ පුළුවන් නම්.

    ReplyDelete
  4. මං ඔයාගේ post ඒක කියෙව්වා. ඒක ගොඩක් වැදගත්.... මේ මිනිස්සුන්ගේ දුක දකින්න ලංවෙන්න ඕඅන නැ. ඇතින් හිටියත් , ඒ දුක පෙනෙනවා. සංවේදී වන ඕනෑම කෙනෙක් , දුබලයාගේ දුක දකිනවා.වචනයකින් හරි උදව් කරනවා. ඒත්.... රැල්ලේ යන උගත් යයි කියා ගත් පිරිස ගණිකාවක් දිහා බලන්නේ කුණු මස් කැල්ලක් දිහා බලන ගානට.
    අමරසිරි පිරිස්ගේ ඔයා ගීත දෙක ගණිකාව ගැන හොදින් කතා උනා..... එවන් ගීත නිර්මාණය කලෙත් සමාජය වසා පවතින මේ තිත්ත ඇත්ත ..... කියල දෙන්නා ඕන නිසා......සොමි....... ඔයා හොද සමාජ මෙහෙවරක කොටස්කාරයෙක් විදියටයි, මං දකින්නේ.එබදු අයට මඩ ගහන්නේ..... මං හිතන්නේ මේ ලෝකේ කිසිම වරදක් නොකරපු පුජනිය මිනිස්සු වෙන්න ඇති නේ.....?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, නෑ මේ ලෝකේ කිසිම වරදක් නොකරපු පූජනීයය මිනිස්සුන්ට ඒ වගේ අයට මඩ ගාන්න ඕනෙත් නෑ, ඒවගේම ඔය මඩ ගහන ගොඩක් අය දන් නෑ අනිත් අයට මඩ ගහන්න ගන්න කොටම ඒ අයගේ දෑත් වල මඩ තැවරිලා වග. ඔය උගත් රැල්ල කරන්නේ තමන්ගේ නිර්මාණයන් අයි ලෙසටම ලියනවා මවා ගත්ත සංවේදී කමකින්, එත් කවදාවත් මහා පොලවේ පය ගහන්නේ නෑ, ඉතින් උඩින් දකින දෙ පමණක්ම දැකලා මහා විවේචන එල්ල කරනවා. හැබැයි ඒ ඔක්කොම පුස්සක්ම විතරයි.

      Delete
  5. මතක්වෙන වාරයක් පාස හද සසල වෙන සිදුවීමක්. මේ අපේ සමාජයේ තවත් එක් පැතිකඩක්. මේ සමාජ ක්‍රමය පවතිනකල් ගරු ජහමනයා එය නඩත්තු කරනකල් මේ වගේ දේවල් තව ගොඩාක් ලියන්න වෙයි නිහිංසා.

    ReplyDelete
    Replies
    1. ඔව්..... මනෝෂ්..... යම්කිසි සිද්දියක් මේ සම්බන්ධව දකින පාසා , මේ අසාධාරනකම මතක් වෙනවා. මේ ගොල්ලන්ගේ කතා එකිනෙකාට වෙනස්..... ඉදිරියේදී ඒ කතා මං ලියනවා.

      Delete