සොදුරුතම සිහින මැදින් මනාලියක් වන්නට පෙරුම්පුරන සිරියානු තරුණියන් ...... තම සිහින පසෙකට දමා යුධ කදවුරු තුල දිවි ගෙවමින් , අනාගතය නොදන්නා ඉසව්වකට පා කරමින් සිය දිවියම කදුලින් ගතකරන ආකාරය හා තම මනමාල සිහිනය තුල දුක්බරව ජිවත් වෙමින් සිටින ආකාරය මේ සටහන තුලින් දැකිය හැක. ජෝර්දානයේ ඝටාරී කදවුරු තුල සුදුපාට කුඩාරම් තුල ධුවිලි තැවරුණු මොට්ටක්කිලී තුල සිරවී අපා දුක් විදින තරුණියන්ගේ ඉරණම ඛේදජනකය.
ඔවුන් සිරියානුවන් වුවත්, නැවත උපන් රටට යා නොහැක. ජෝදනය තුල රැකියාත් නොමැත. කාන්තාරය මැද ඉදිකර තිබෙන කුඩාරම් තුලට වී, සරණාගතයන් ලෙස ජිවත් වෙමින් අපිරිසිදු අහාර, අපිරිසිදු පානිය ජලය හා දුවිලි තුල සම්මිශ්‍රණය වෙමින් දිවි ගෙවන මොවුන්ගේ කුඩාරම් අසල පියවරු දිගු අගල් කපාගෙන ඇත්තේ තම දියණියන්ගේ ආරක්ෂාව සලසන්නටය. පීඩනය දරාගත නොහැකි මව්පියන් දියණියන්ගේ ආරක්ෂාව පතා සිදු කරනුයේ අඩු වයසින්ම තම ලාබාල දුවරු, විවාහය වෙනුවෙන් අලෙවි කිරීමය.
මැද පෙරදිග රටවල් වල සිරිත මනමාලයා විසින් මනමාලියගේ දෙමාපියන්ට මිලක් දී මනාලිය කැන්දාගෙන යාමයි. මේ තත්වය වාසියට ගත් මනාලයන්, පැමිණෙන්නේ අඩු මිලට මනාලියක් ලබා ගැනීමටයි. මනාලයන් කදවුරු තුලට පැමිණෙන්නේ මුලින් සරණාගතයින්ට ආධාර කරන දානපතියන් විලසිනි. අඩු වයස් ඇති දැරිවියන් සිටින පවුල් වලට මුලිකත්වය දෙමින්, උදව් කරමින්, එහෙත් අවසානයේ ආධාරය අවසන් වන්නේ ගනුදෙනුවක විලසින් බාල වයස්කාර දැරිවියක් වයස 60,50 පමණ වන මනමාලයෙකුට කසාද බන්දවමිනි.
මෙහි භයානකම තත්වය නම් , විවාහයෙන් සතියකට පසු මනමාලයා අතුරුදහන් වේ. හේතුව විවාහය පදනම් කොටගත් ලිංගික ගනුදෙනුවක් පමණක් වන අතර මෙහි සත්‍ය විවාහයේ අරමුණු ඉටුනොවුන බවය. මේ කාලය තුල ඔවුන් විදි ලිංගික පීඩන අපමණය. මේවා මව්වරු අසා සිටින්නේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාවෙනි. ආසරණකම හා දුප්පත්කම පමණක් උරුම ඔවුන්ට කාගේවත් පිහිටක් නැත. එලෙස විවාහ වූ තරුණියන්ට දික්කසදායාවත් ලැබෙන්නේ නැත. ඔවුන් වැන්දබුවන් ලෙසම සිරියාවට යා නොහැකිව දිවි ගෙවීමට සිදුව ඇත. මේ සිරියානු මනමාලියන්ගේ තත්වයයි.
මුස්ලිම් අන්තවාදය මුල්බැසගත් රටවල මේ කාලකන්ණිකම තියෙනවා. මෙතන ඔවුන් අර සරණාගතයන්ගේ අසරනකම තමන්ගේ වාසියට හරවාගන්නවා. ඔය 60 පැනපු මිනිස්සු මේ වගේ දේවල් කරන එකේ අනෙක් ඵල විපාකය විවාහ වන වයස් මට්ටම් වල තරුණයන්ට සහකාරියන් හිඟ වීම. කෙසේ නමුත් මෙතන බාල වයස්කාරියන් කියන තර්කයේම එල්ලිලා ඉන්නත් බෑ ඔවුන්ට අරවගේ කාලකණ්නි කසාද නැතිව ඔවුන්ගේ වයසට ගැලපෙන වයස් ඛාන්ඩ වල ඉන්න සහකරුවන් සමග යහපත් පවුල් ජීවිතයක් ගෙනයන්න පුලුවන්නම් ඒකේ වරදක් නෑ. 60 පැන්න මිනිස්සු අවුරුදු 20ක තරුණියන් විවාහ කරගත්තත් එතන වයස් පරතරය නොගැලපීමක් තියෙනවා.
ReplyDeleteනොගැලපීම් , වයස් පරතරය. දරිද්‍රතාවය වැනි කරුණු නිසා, විවාහ වන්නට ගොස් අසරණ වන මේ තරුණියන් .....කදවුරු ජීවිතය අවසන් කරන්නට ගොස්, යලි අගාධයට වැටෙන්නේ .... තවත් අන්ත අසරණ වීමෙනි. නැවත රැවටිල්ල, මුලාව, වංචාව..... යන හේතුන්ට ලක්වන මේ අයගේ ඉරණම තවත් එක් සමාජ ප්‍රශ්නයක් පමණි....
Deleteහැම රටකම පොදුවේ එවනි අසාධාරණකම් සිදු වෙනව සිරියාවේ එක විලාසිතවක්- ආර්ථික අවපාතය දරිද්‍රතාවය ඒ රට තුල වැඩිකම ඒකට හේතුවක් වෙලා.
ReplyDeleteයුද්ධය නිසා අසරණ වන සරණාගතයින්ගේ ඉරණම හැමදාම අවිනිශ්චිතය.... එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙයට මැදිහත් උවත්.... ඔවුන්ගේ සියළුම ප්‍රශ්නද විසදිය නොහැක....ඔවුන් මැදිහත් වනවටද මුස්ලිම් රටවල් අකමැතිය..... මන්ද යත් ලිංගික සුරාකෑම දිගින් දිගටම ඔවුන්ට අවශ්‍ය බැවිනි.....
Deleteලොව කොතැනක උවත් අන්තවාදය උඩුදුවා අැතිවිට එහි අතුරුපල ලෙස මෙවැනි දේත්, මීට වඩා බොහෝ අන්ත දේත් සිදුවිය හැකියි..
ReplyDeleteකෙසේ උවත් මෙහි ලාබාල දැරියන්ට අන්තවාදයේ අනිටු විපාක විදින්ට සිදුවීම ඉතාමත් කණගාටුදායකයි..
අවධානය යොමුවිය යුතු ලිපියක්..
ජය වේවා!!
අවදානය යොමුවිය යුතු වීම වැදගත් වන්නේ, අප රටේ උවද යුද්ධයේ අතුරු සිදුවීම් ලෙස, සරණාගතයින් වූ පිරිස, විදි නේක කරදර මේ තරම් නොවුවත්, ඔවුන්ගේ ජීවිතද කඩා වැටිම .... හේතුවෙන් කාන්තාවන්ට සිදුවූ අකටයුතුකම් බොහෝයි........
Delete// සොදුරුතම සිහින මැදින් මනාලියක් වන්නට පෙරුම්පුරන සිරියානු තරුණියන් ...... තම සිහින පසෙකට දමා යුධ කදවුරු තුල දිවි ගෙවමින් , අනාගතය නොදන්නා ඉසව්වකට පා කරමින් සිය දිවියම කදුලින් ගතකරන ආකාරය හා තම මනමාල සිහිනය තුල දුක්බරව ජිවත් වෙමින් සිටින ආකාරය මේ සටහන තුලින් දැකිය හැක. ජෝර්දානයේ ඝටාරී කදවුරු තුල සුදුපාට කුඩාරම් තුල ධුවිලි තැවරුණු මොට්ටක්කිලී තුල සිරවී අපා දුක් විදින තරුණියන්ගේ ඉරණම ඛේදජනකය. //
ReplyDeleteඅනේ මට පැහදිලි නැහැ, ඔයා උපුටගත්ත එකක්ද මේ ? ඒ කදවුරු වලට එයාලා ගියේ කොහොමද ?
අපුර්වී..... මේ උපුටා ගැනීමක් නොව වාර්තාකරණයක ස්ව නිර්මාණයක් . මට මතකයි... දවසක් ඔයා කිව්වා..... එක් post එකක අලංකාර මදි කියල, මං හිතන්නේ තරුණියකගේ මංගල සිහිනයක දුක දැක්ක විදිය , මං මගේ ඇසින් සංවේදීව ගොනු කලා.....මේ පින්තුර ඒ චිත්ත රුප තවත් තිවර කලා.....
Deleteමොවුන් යුද්ධය නිසා අවතැන් වුවන් , ඒකයි කදවුරු ජීවිතයකට යොමු උනේ.....ඒකෙන් ගොඩ යන්නයි විවාහය කියන විසදුම හොයා ගත්තේ.....
//මට මතකයි... දවසක් ඔයා කිව්වා..... එක් post එකක අලංකාර මදි කියල, ///
Deleteඔව් එදා එහෙම කීවා ඒ ඊට වඩා හොදට ලියන්න ඔයාට පුළුවන් කියලා දැනුන නිසයි. ඒක වරදක්නම් සොරි ,
//අනේ මට පැහදිලි නැහැ, ඔයා උපුටගත්ත එකක්ද මේ ?///
මං මේක එහෙම ඇහුවේ මට එහෙම දැනිච්ච නිසා, මුල මට නොතේරුන නිසයි. ඇහුවේ, සමාවෙන්න ඒ වගේම එයලා එහෙම එන්න හේතුව දැනගන්නයි ඇහුවේ. අනේ මන්ද ඔයා වැරදියට තේරුම් අරන් අක්කේ,
අපුර්වී....... ඔයාගේ වරදක් නැහැ...... ඔයා මට comment කරා..... මං ඒක බලාපොරොත්තු උනා..... මං දන්නව..... ඒකෙ අලංකාර මදි කියල.... මං කල්පනා කරා.... එදා .....සිද්දිය මං ළග තියෙද්දී එහෙම ලියවුනේ ඇයි කියල......මං ඒක අදටත් දන්නේ නැ...... ඔයාට ඒ අඩුව තේරුණා..... ඉතින් මං ඒක බාර ගත්තා.....විවේචනය කියන්නේ ඒකට..... ඔයාගේ යුතුකම වරද පෙන්වන එක.....අපේ..... සබැදියාව ඒක.....
Deleteඅපුර්වී..... වැරදි තේරුම් ගැනීමක් මගේ නැ...... මේ හැම දෙයක්ම සාමාන්‍යයි..... දැන් හරි නේ........
මේ බ්ලොග් එකේ සමහර පෝස්ට් වල තියෙන දේවල් හොයල බලන කොට ඇත්ත නොවෙයි කියල පේනව.මූලාශ්‍ර ගන්නෙ කොහෙන්ද
Deleteදැනුම සොයා යන අයට මුලාශ්‍ර අවකාශයෙන් සොයා ගත හැකියි.....අප ඇස නොගැටෙන දේවල් ..... ඕන තරම් මේ අවකාශය තුල තියනවා...... මේවයේ මුලාශ්‍ර සොයන්න වැඩි දුර යන්න අවශ්‍ය නැ..... අප අතරම තියනවා.....
Deleteහරිම ඛේදනීය තත්ත්වයක්.. අසරණ කමට කරගන්න දෙයක් නැති උනාම ඔහොම වෙනවා.
ReplyDeleteඅසරණකම උරුමය නොකර ගන්නයි..... ඔවුන් විවාහය නමැති විකල්ප මාර්ග භාවිතා කරලා තවත් අමාරුවේ වැටුනේ.....
Deleteකොයි රටෙත් විවිධාකාර ඛේදවාචක. මිනිසුන් විසින් මිනිසුන්ම විනාශවෙලා යන දවස වැඩි ඈතක නෙවෙයි වගේ.
ReplyDeleteවනිතා මේ පැත්තට ආවොත් වසල හමාරයි දැන් ඉතින්.
එක් එක් රටවල වූ විවිධාකාර ප්‍රශ්න විසදා ගන්න ආකාරය වෙනස්. මිනිසුන්ගේ විනාශයට පාර කපන්නේ මිනිසුන්මයි...... මනුෂ්‍යත්වයට එරෙහි වැරදි...... විනාශයට අත වැනීමකි....
Deleteමම ඔය අරාබිකරයේ විවාහ උත්සව දෙක තුනකට සහභාගිවෙලා තියෙනවා අසූව යුගයේ. මනමාලි, මනමාලයාව ඉස්සෙල්ලාම දකින්නේ උත්සවය යන අතරතුර. දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ.
ReplyDeleteඅරාබිය කෙසේ වෙතත් වෙනත් සමාජ වලත් මේ ආකාරයේ විවාහ තාම තියනවා..... මේක කාන්තා අයිතීන්...... ඒ කියන්නේ මානව අයිතීන් උල්ලංඝනයක්..... විවාහ අසාර්ථක හා වෙනත් වැරදි සිදු වීමට මේ තත්වය බලපානවා......ලැබෙන දරුවන්ගේ තත්වයත් අස්ථාවරයි.....
Deleteඇත්තටම දුකයි
ReplyDeleteසමහර කාන්තාවන්ගේ ඉරණම මේක.....
Delete//""විවාහයෙන් සතියකට පසු මනමාලයා අතුරුදහන් වේ. ""// ඒ කියන්නේ ආයේ ඒ මනාලිය තනිවෙන්වද? නැත්තම් මනමාලයා තමන්ට හිතුනු වෙලාවක ආපහු කැන්දන් යනවද?
ReplyDeleteමෙහි විවාහය යනු මනාලයාට ලිංගික ගනුදෙනුවක් පමණි. සතියකට පසු මනාලයා. අතුරුදහන් වන්නේ නැවත නොඑන්නටය. මනාලිය තනි වෙන්නේ ඔහු නැවත නොඑන නිසාය.....
Deleteමේ වගේ දේවල් වෙනකොට අර මානව හිමිකම් ගැන කතා කරන ලොකු උන්නැහල නිදිද ..?
ReplyDeleteමැද පෙරදිග රටවල් වලට මානව හිමිකම් සංවිධාන වැඩිපුර මැදිහත් වන්නේ නැ.මුස්ලිම් ජනතාව එකට කැමති නැ.
Deleteමට මේකෙ තේරුනේ නැති වචනයක් තිබෙනවා ලිංගික සූරාකෑම කියන එක ඒ මොකක්ද අක්කේ
ReplyDeleteඅපි මේ බ්ලොග් එකට එන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන ඉගෙන ගන්නනේ.ඇයි අපි ගැන හිතන්නෙ නැත්තෙ අක්කේ.ඇයි උඩ කොමෙන්ට් එක එඩිට් කළේ.ලිංගික සූරාකෑම පවත්වගන්න ඕන කාටද අක්කේ.ඒ මොකක්ද අක්කේ.
Deleteතමන්ට ආගමෙන් ලැබී ඇති අවසරය අයුතුව කරන මේක තනිකරම සූරාකෑමකි.
ReplyDelete