Saturday, May 17, 2014

දෙවියන් හා භූතයින් චුදිතයින් කල හැකිද......?


           
  
          ගැහැනියක් පිරිමියෙක් හා එකට ජීවත්වීම මානුෂිය අයිතියකි. එහෙත් එම අයිතිය කාලීනව තහවරු වනුයේ විවාහයක් ලෙස ලියාපදිංචි වීමෙනි. එම නිත්යානුකුල අයිතිය ලබා ගත යුත්තේ තම ආත්මාර්ථය සදහා නොව තවෙකෙකුට මානුශියව සාපේක්ෂ වීමෙනි. එක පාර්ශවයක් පිඩාවට පත් කරමින් ස්වර්තයට කටයුතු කිරීම මානුෂිය අයිතීන් උල්ලංගනය කිරීමක් බව තව දුරටත් නොසිතන්නේ මන්ද?

         නිලානි වයස අවරුදු 32 ක් පමණ වන ගොළු තරුණියකි. පියා රජයේ වැදගත් රැකියාවක් කරන දැනට විශ්රාමිකව සිටින්නෙකි. මද්‍යම  පන්තික පවුල් පසුබිමක් සහිත ඇය , කුඩා කල සිට අන්ධ , ගොළු , බිහිරි පාසලක සාර්ථකව අධ්යාපනය ලබා රැකියාවක්ද කල තැනැත්තියකි.

        තරුණ වියට එළඹී ඇය හට මව්පියෝ විවාහයක් කර දුන්හ. ඔහුද ගොළු තරුණයෙක් වූ අතර ඇය මෙන් අධ්යාපනය ලැබුවෙකි. එහෙත් එම විවාහය ගැටළු සහිත විය. ස්වාමි පුරුෂයා බිරිදට නොසලකන්නටත් මග හරින්නටත් උත්සහ ගත්  නිසා අසාර්ථක වූ විවාහය තුල ඇය විසින් නඩත්තු ඉල්ලා නඩුවක් ගොනු කරන ලදී. එහිදී නඩත්තු මුදල් ගෙවන ලෙසට ඔහුට නියම උනි.

         නඩත්තු නොගෙවා අධිකරණ නියෝගය මග හරින්නට සිතු ඔහුට ඒ සදහා සුදුසු අවස්ථාවක් ලැබුනි. අබාධිතයන්ගේ  ඔලිම්පික් ක්රීඩා එනම් , පැරා ඔලිම්පික් සදහා තරග කිරීමට විදේශයකට යාමට අවස්ථාව ලැබීමෙනි . එම තරග සදහා සභාගි වූ ඔහු තම කණ්ඩායම මගහැර එම රටෙහිම නතර වීමට හොර රහසේම සැලසුම් කරන ලදී. ඔහු නැවත මව්බිමට අවේ නැත. බිරිදට නඩත්තු ගෙවීමේ නඩුවෙන් ඔහුට නිදහස ලැබුණි.

         ගොළු තරුණිය නැවත අසරණ විය. ස්වාමියා හැරයාම නඩත්තු මුදල් නොගෙවීම ආදී මානසික ගැටළු රාශියකට ඇය ගොදුරු විය. මව්පියෝ ඇයව සනසා නැවත සිය ගෙදර , ඔවුන්ගේ ගමට රැගෙන යන ලදී. කලක් එලෙස ගත විය. මව්පියන් නැවත ඇය විවාහ කර දෙන්නට සිතුහ. ගමේම තරුණයකු ඇයව විවාහ කර ගන්නට කැමැත්ත පළකර සිටියේය. ඔහු 24 හැවිරිදි හමුදා සේවය අතහැර ගිය අයෙකි. ඇයගෙ සියලු තතු දැන ඇයව විවාහ කර ගන්නා ලදී. ඇයගෙම නිවසේම පදිංචිව සිටි  ඔහු පව්ද්ගලික වැඩ බිමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස රැකියාව කරන ලදී. ඔහුගේ රැකියාව වුයේ රාත්‍රී  කාලයේ වැඩ බිම ආරක්ෂා කිරීමය්. උදය වරුවේ ගෙදර පැමිණ , කා බි නිදාගෙන නැවත සවස් කාලයේ රැකියාවට යන ලදී.

         එම විවාහයෙන්ද ඇයට වුයේ කබලෙන් ලිපට වැටීමකි. ටික කලකින් ඔහුද ඇයට වෙනස්කම් කරමින් විවාහයේ වගකීම් හා යුතුකම් පැහර හරින්නට විය. ඒ අතර තුර ඇයගෙ දරු ගැබද ගබ්සා විය. ඇය වෙන තරුණියක හා ඇසුරකට  වැටි ඇති බව ඇයගේ දෙමව්පියන් චෝදනා කරයි . අසාර්ථක වූ විවාහය සදහා ඇයගෙ දෙමව්පියන් නැවත වරක් අධිකරණයේ පිහිට පතන්නට විය.

           එම විවාහය ගැන තරුණයාගේ මතය වුයේ බිරිදගේ ගෙදරින් තමාට මොනවා හරි දී හිත අල්ලා  ගත් බවත් , කාලයක් ගතවන විට අහම්බෙන් උරු මස් කැවුණු විට හොද සිහිය විත් විවාහය එපා වූ බවයි . තමාට වඩා  වයසැති රුපශ්‍රීයද අඩු , පළමු ස්වාමියද අතර ගිය , ගොළු කාන්තාවක හා විවාහ වීම කිසි දිනක තමා  අපේක්ෂා නොකළ බවත්ය .

පසු වදන

ගැහැනියක් පිරිමියෙක් හා එකට ජීවත්වීම මානුෂිය අයිතියකි. එහෙත් එම අයිතිය කාලීනව තහවරු වනුයේ විවාහයක් ලෙස ලියාපදිංචි වීමෙනි. එම නිත්යානුකුල අයිතිය ලබා ගත යුත්තේ තම ආත්මාර්ථය සදහා නොව තවෙකෙකුට මානුශියව සාපේක්ෂ වීමෙනි. එක පාර්ශවයක් පිඩාවට පත් කරමින් ස්වර්තයට කටයුතු කිරීම මානුෂිය අයිතීන් උල්ලංගනය කිරීමක් බව තව දුරටත් මොවුන් නොසිතන්නේ මන්ද?

          විවාහයක් සදහා ද්විපාර්ශවිය ගැලපීම බාහිරව සපුරාලීම අත්‍යවශ්‍ය  වන්නේ විවාහයක් බිද වැටීම අවම කරන්නට මිස , මානුෂිය හැගීම් පාලනය කරන්නට නොවේ. දෙමව්පියන් තම විශේෂ තත්වයේ වූ මෙවැනි දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. තම වගකීමෙන් නිදහස්වීම සදහා කවරෙකුගේ හෝ භාරකාරත්වයට තම දරුවා පත් කිරීම මගින් වඩාත් අසරණ වන්නේ තම දරුවම බව සිහි තබා ගත යුතුය.

       මේ අනුව බැලීමේදී , අදෘශ්යමාන බලවේග විවාහයක් සදහා යොමු කිරීම හා බිද වැටීම අතර සහ සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ කෙළෙසින්ද සිතාගත නොහැක.

         21 වන සියවසේ ජිවත් වන්නන් ලෙස තම තීරණ ගැනීමේ වගකීම තමාට මිස වෙනත් බලවේග මත පැටවීම හාස්යජනකය. තම ආත්මාර්ථකාමී අරමුණු ඉටු නොවුණු කල සියලු දේ සදහා දෙවියන් හා භූතයින් චුදිතයන් කිරීමෙන්, අසාර්ථක  විවාහයකදී අද වන විට . දීලා අල්ල ගැනීමේ කලාව . බවට පත්ව ඇතත්, තම හර්ද සාක්ෂියෙන් ගැලවිමද සිතා ගත නොහැක.

                නීතියේ ආධිපත්ය තහවුරු කිරීම සදහා අදෘශ්යමාන බලවේග හෝ වෙනත් සංවේදීතාවයන් අදාල වන්නේ නැත . අවශ්‍ය  වන්නේ යමක් සිදුවීම පිළිබද මුල මැද අග සම්බන්ධතාවය පමණි. ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට අනුව නිතිය සියල්ල විසදනු ඇත. එහෙත් ඇයගේ අසරනභාවය සමාජ ප්‍රශ්නයක් ලෙස තව දුරටත් ඉතිරි විය. මේ වන විටත් , ඇය දැඩි මානසික අර්බුදයකට ලක්ව ඇති සැටියක් පෙන්නුම් කරන්නේ කිසිවක් පලකල නොහැකි මුවින් බලාගත් අත බල සිටීම පුරුද්දක් කරගෙන සිටින නිසාය.

51 comments:

  1. මමනම් කියන්නේ මේ කසාදය විතරක් නෙවෙයි ඔය කොයි කසාදේත් එකයි. කාන්තාව පිරිමෙයෙකු සමග පවුල් කෑම යනු එක්කෝ මේ කතාවේ විදිහට නොසලකාහැරීමට ලක්වීම නැත්නම් පිරිමියාගේ වහලියක් විදිහට දුක් විඳින්න වෙන එක. නූතන යුගයේ මේ කසාද වලට වලංගු භාවයක් නොතිබියයුතුයි. අනෙක කාන්තාවන් පිරිමියෙකු සමග විවාහ වී පවුල්කෑම අනිවාර්ය දෙයක් කියලා මේ කාලේ කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ විවාහය සහ අඹුසැමි සම්බන්දතාවය කියන සංකල්පය ලෝකයෙන් අයින් කරලා දාන එකද?

      උත්පත්ති 1;18 ආදම් මවපු දෙවියන් කියනව ... it is not good thatman should be alone කියලා....එහෙම කියලා ආයෙම කියනවා ඒ නිසා මං ඔහුට සුදුසු සහකාරියක් දෙනවා කියලා.... අපේ අම්මේ දෙවියන්ට වැරදුනාවත්ද අක්කේ,

      //අනෙක කාන්තාවන් පිරිමියෙකු සමග විවාහ වී පවුල්කෑම අනිවාර්ය දෙයක් කියලා මේ කාලේ කියන්න බෑ///

      හරි විවාහ නොවී පවුල් කෑවට කමක් නැහැ කියන එකද කියන්නේ...

      දරුවෝ හදන්න ඕනේ නැද්ද එතකොට? සමලිංගික විවාහ එහෙනම් නීතිගත කරන්න ඕනේ,,, මොකද මනුස්සයා හැදිලා තියෙන්නේ බැඳීම ඇතුව ජිවත් වෙන සත්වයෙක් විදියට... වනිතා ඔයාගේ හඩ කුමක් වෙනුවෙන්ද තේරෙන්නේ නැහැ අක්කේ... වෙලාවකට හිතෙනවා ඔයාට හදවතක් නැහැ කියලා...

      Delete
    2. අපූර්වි ඔයා ලස්සනට කියන්න ඕන දේ කියල තියෙනව.මෙයාගෙ එකට ගිහින් උත්තරයක් දීල එන එන ගමන් මේ. මෙයත් මේ අඩවිය කරන නෝනත් එක බෝට්ටුවෙ.ඉගෙනගෙන වැඩි වුනහමත් පිස්සුලුනෙ. මේ නෝනල බිම පය අඩිය ගහල ඉන්න උන් නෙමෙයි. උන්ගෙ ඔළු විකාර වෙලා.
      ගැහැණිය හා පිරිමියා අතර සම්බන්දෙ තමයි දෙවියන් වහන්සේ ඉදිරියේ ශුද්ධ වූ බන්ධනය. මේ නෝනලට යක්සය වැහිල. තව ටිකකින් කියයි බයිබලෙත් බොරු කියල.

      Delete
    3. ඔය ටිකම මමත් ඇහුවා මෙයාගේ අලුත් බ්ලොග් පොස්ට් එකේ, මිස්ටර් වනිතා හඬ විද්‍යාත්මකව මේ ලෝකේ හැම ජීවියෙක්ම පවතින්නේ ඔය බැඳීම උඩ, ඔය මොංගල් විමුක්තිය පැත්තකින් තියලා විද්‍යාත්මකව හිතන්න ,

      Delete
    4. විවාහ නොවුනත් කාන්තාවන්ට පිරිමි ලිංගික සහකරුවන් අවශ්‍ය වෙන එක ඔයගොල්ලන් වගේ පිස්සු කාන්තා විමුක්තිවාදීන්ට වලක්වන්න බෑ. අනෙක කාන්තා විමුක්තිවාදීන්ගේ පිරිමි ලිංගිකත්වය එක්ක තියෙන වෛරය පිරිමහන්න ලිංගිකත්වයේ නියම ස්වරූපයම විකුර්ති කරන්න බහුතරයක් සංවේදී බුද්ධිමත් පිරිස ඉඩ තියන්නේ නෑ.

      Delete
    5. මෙහෙමයි......... කසාද බදින්න අකමැති අය....... කසාද නොබද living together හිටියට ප්‍රශ්නයක් නැ...... කවුරුත් ඒකට එපා කියන්නේ නැ. කසාද බැදීම අනිවාර්ය වෙන්නේ තම තමන්ගේ කැමැත්ත මත.

      මගේ මතය, කසාදය වැදගත් ..... මට නම් මගේ සිතුම් පැතුම් අනුව ජිවත් වෙන්න. මට බැදීම් අවශ්‍යයි. මේක අකමැති අයට අදාල නැ.

      අපුර්වී ...... කොයි ආගමේත් කියන්නේ මිනිසුන්ගේ යහපැවැත්ම හදා ගන්න කියල....... මං හිතන්නේ කසාදය ගැන විශේෂ උපදෙස් ආගම තුලින් උගන්වල තියනවා. සමාජ පාලනයට ඒ දේවල් වැදගත්. මිනිස්සුන්ට කියන්න බැ, ඒවා වැරදියි කියල.
      ඉවාන් ....... බැදීම් විද්‍යාත්මකයි කියල මං විශ්වාශ කරනවා. විමුක්තිය කියන වචනයට මං කැමති නැ. ඒක ආත්මාර්ථකාමී වැඩපිළිවෙලක්.

      වීර කාන්තා ...... ඔයා සමහර දේවල් වෙනස් විදියට දකින්නේ...... බලමු අපි........ ඔයාගේ විශේෂ අදහස් උදහස් ඉදිරියට ..... ඔයාගේ blog ඒක මං කියවනවා ඒක හොදයි.......

      Delete
    6. ආ වනිතා ඇන්ටී. කොහොමැයි වෙසක් එහෙම බැලුවද? :)

      Delete
    7. වානිතා ආච්චි ඔයාට කවුරු මොනවා කිව්වත් හිතන්න එපා ...ඔය වහල් වෙන්න දෙයක් නෑ හ.......... ක................... කරගෙන හිටියාම හරි ..ඔයා වගේ ...

      Delete
    8. අම්මට බොල වනිතා ඇන්ටි..

      අන්න කෙන්ජි මාමා ඔයාට එන්න කිව්වා. මොනවදෝ තේරුං කරලා දෙන්ඩ. නාල කරල පීරගෙන යන්ඩ !!!

      Delete
    9. වනිතාවෝ මොන මගුල කිව්වත් ඒ සැම එක්ක මට ඉන්න වෙනව පත්තර මල්ලි.....මම වනිතා කටයුතු ඇමති නිසා...හෙක්...හෙක්.....

      Delete
    10. ප්‍රීති වෙසක් !!!

      වනිතා අැනටී.....

      Delete
    11. වනිතා හඬ මේ වගේ ප්‍රශ්න වලට දෙන උත්තරේ පවුල් සංස්ථාවම නති කරන එකද දන්නෙ නෑ.

      Delete
    12. වනිතා හඬ, ඔයාට තියෙන්නේ පිරිමියාගේ ලිංගික හැඟීම් දැනීම් එක්ක වෛරයක්.ඔයාට මේ වගේ සිද්ධි වලට මුහුණ දීල අසරන වෙන කාන්තාවන් ගැන හැබෑවට හැඟීමක් නෑ. මේ සිද්ධියේදීත් ගොළු කාන්තාව අසරන උනේ පිරිමියාගේ ලිංගික හැඟීම් දැනීම් වල වරදින් නෙවෙයි. ඒ මිනිස්සුන්ගේ ගතිපැවතුම් වල දුර්වලකම් නිසා.

      Delete
  2. ඔය කියන අදෘශ්‍ය මාන බලවේග ඉන්නවා දුර්වලයන්ගේ හිත වල, එවුන් තමන්ගේ ප්‍රශ්න ඒවා පිට පටවලා ගැලවෙන්න උත්සාහ කරන හරි මනෝ විද්‍යාවේ හරිම අපුරුවට විස්තර කරලා තියෙනවා, මොනවා උනත් අන්තිමේදී අසරණ වෙන්නේ ගහනියම විතරයි, එත් මේකෙදි ඇගේ දෙමුපියවතගේ සහනයට නැහැ, තමගේ තරුවැව තේරුම් ගන්න බැරි දෙමව්පියොන් සිටින එකනම් ඇත්තටම අවාසනාවට කරුණක්.

    ReplyDelete
    Replies
    1. මනෝවිද්‍යාවට අනුව..... අදෘශ්‍යමාන බලවේග පිළිගන්නේ නැ......ඒත් ...... මෙතන වෙලා තියෙන්නේ, විවාහයෙන් ගැලවෙන්න , බොරු හේතු හදා ගත්තු ඒක. මේ වගේ තර්ක නීතියට අදාල නැ. දික්කසාදයට හේතුවක් විදියට පිළිගන්නෙත් නැ. මේ තර්කය මේ මනුස්සයාගේ මෝඩ කමට උසාවියට ඉදිරිපත් කිරීමක්.....විදියටයි මං දකින්නේ.

      Delete
  3. සංවේදී කතාවක් නිහිංසා , ගොළු නොවුනත් මේ ඉරණමට මුහුණ දුන් නූතන පටචාරවන් කොතෙකුත් සමාජයේ වෙසෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්...... ඉවාන්...... මේ ගැහැණු ළමය දැන් හුගක් අසරණයි. ජිවිතයේ බිදවැටීම්, හුදෙකලාවීම්, සමග දෙමාපියන් නැති වුන දවසට . කාත් කවුරුවත් නැති වෙනවා.

      Delete
  4. ඔයා මට බනිනව මගෙ ලිපි හොඳ නෑ කියල.ඔයත් ලියන්නෙ අදෝනානෙ. මේකෙ ඉන්න නෝනල ඔක්කොටම උගත් පිස්සුව.
    හොද කතාවකුත් තියෙනව .අහම්බෙන් ඌරු මස් කාල හොද සිහිය ආවලු. ඌරු මස් ටිකක් කඩෙන් අරන් ගිහින් කාපන් නෝනෙ.උඹටත් හොඳ සිහිය එයි.

    ReplyDelete
    Replies
    1. අපෝ අක්කේ මොකද මේ. මේවගේ කොමෙන්ට් දැකලා පිරිමි අය අපිටම හිනාවෙයි .එයා ලියලා තියෙන්නේ වෙච්ච දේනේ එයාගේ අදහස නෙමේනේ.,. ඔහොම හිතන මෝඩ මිනිස්සු මේ සමාජේ ඉන්නවනේ ඕනේ තරම්, 'මේකේ ඉන්න නෝනලා ඔක්කොටම පිස්සු කීවේ අපිටත් එක්කද අක්කේ ? "

      Delete
    2. නෑ අපූර්වි .මේ නෝන ට මගෙ ලිපි කියවල දුකයිලු. මං සනසන්න තමයි ආවෙ.එතකොට මෙයත් මෙහෙ අඩනව.ඒකට මට දුකයි. මේ වගෙ තව කෙනෙක් ඉන්නව අර උඩම කොමෙන්ට් එකක් දාල තියෙන්නෙ.

      Delete
    3. මොකක්ද බං මේ වෙන්නේ

      Delete
    4. ඔයාට වැරදිලා වීර කාන්තා......මං කොතනකවත් ඔයාට comment කරලා නැ. ඔයා ලියන ඒවා හොද නැ, කියල. ආපහු , check කරලා බලන්න. කණගාටුයි ඔයාගේ අදහසට.

      Delete
    5. පික්ෂු තදවෙනව යකෝ මේව දැක්කහම

      Delete
    6. ඈ මොකක්ද මේ වෙන්නෙ .......වනිතා ආච්චි .....මෙන්න මෙතන.............මේ එන්ඩෝ ...... ;O......... පොඩි දුමක් යනෝ ...

      Delete
    7. හේහේ මොකද බං මේ වෙන්නේ

      Delete
    8. නියම ආතල් එක ගන්ඩ නං දෙකක් දගෙන ඉන්ඩෝනැ.. අද ඉරිදා . වරේ වා !!!

      Delete
    9. හි හි උබලා බැනුම් අහපල්ලා ඉදගෙන ඈ

      Delete
    10. මරාගන්න එපා බොලල්ලා. මොකද බොලා මෙව්වා අරං යනවයැ.

      Delete
  5. නීති බල්ලට ගියදෙන්..

    ඕනෙ පුද්ගල අවබෝධය.

    ReplyDelete
    Replies
    1. සෑම්.............උඹ හරි....සහතිකේ නෙමේ වැදගත්. එකිනෙකා අතර අවබෝධය.

      Delete
  6. ඇත්තටම නොසලකාහැරීම ස්වාමිපුරුෂයා හෝ බිරිඳ හෝ කවුරු කළත් වැරදියි. මෙතනදී පිරිමි පාර්ශවය සිය බිරිඳ නඩත්තු කිරීම වගකීමක් ලෙස සලකලා නෑ. ඒක වරදක් අනෙක මේ දේවල් විවාහය කියන සංකල්පයේ වරද නිසා ඇති වෙන දේවල් නෙවෙයි. ඒ වගේම කාන්තා විමුක්තිකාමීන් කියුඅන විදිහට පිරිමින් මූලික වීම නිසා ඇති වන තත්වයකුත් නෙවෙයි.විශේෂයෙන් මේ කාලේ කාන්තා විමුක්තිවාදීන් මේ වගේ ප්‍රශ්න අල්ලගෙන් ඒවට වැරදියට අර්ථගන්වන්න යනවා තමන්ගේ පුරුෂ විරෝධී මානසිකත්වය අනුව.

    ReplyDelete
    Replies
    1. නොසලකා හැරීම දෙපැත්තටම බලපානවා. මේකට සංවිධාන වීම නෙමෙයි වැදගත් ගැටළුවක් ආ විට ...... උපදේශනය වගේ වැඩ පිළිවෙලකට යන්න පුළුවන් නම් විවාහ ප්‍රශ්න විසදන්න පුළුවන්. ස්ත්‍රී, පුරුෂ විරෝධී මානසිකත්වයෙන් කටයුතු නොකොට , විවාහයේ වගකීම් හා යුතුකම් ඉටු කරනවා නම් , ගැටළු අඩුයි.

      Delete
  7. මෙහෙමයි නිහිංසා
    මිනිස්සු කාලයක් මේ වගේ පිස්සු විකාර වල පිහිට පැතුව ඒත් අද වෙද්දි ඒව හේදිලාම යන්න තිබ්බ කොටිංම හෙවණැල්ලක නැතිවෙන්න ඒත් අපේ මාධ්‍ය ආයතන කියන නිංදා සහගත ආයතන හිංද හම්ව නැවතත් ඔලුව උස්සන්න පටං ඇරං..
    ඇත්තටම නිදහසට හොද කරුණක් තමා අපේ රටේ මේ දෙය්ය බූත කේස් එක...
    ගැහැණියක්ට හා පිරිමියෙක්ට එකට ජීවත් වෙන්න ඖන මූලිකම දේ සල්ලි නෙවේ.. එකිනෙකා අතර පවතින අනෝන්‍ය විශ්වාසය හා දෙදෙනාගේ සිතුම් පැතුම් අදහස් වල ගැලපීම ඒ මට හිතෙන හැටි

    ReplyDelete
  8. / /බිරිදගේ ගෙදරින් තමාට මොනවා හරි දී හිත අල්ලා ගත් බවත් , කාලයක් ගතවන විට අහම්බෙන් උරු මස් කැවුණු විට හොද සිහිය විත් විවාහය එපා වූ බවයි //

    කන්න ඕන වෙනකොට කබරගොයත් තලගොයා කරගන්න කාළකණ්නි.

    පව් අසරණී.

    ReplyDelete
    Replies
    1. මේවා නිතිය පිළිගන්නා සංකල්ප නෙමේ. තවත් මගොඩියක් බව නඩුවේදී ඔප්පු වෙනවා. චතු...... නීති පොතේ දෙවියන්ටවත්, භුතයින්ටවත් නීති සම්පාදනය කරලා නැනේ.

      Delete
    2. ප්‍රියා . ඕක පරණ ත්ත්වෙටම ගන්න තිබුන ඌරු මස් එක්ක කොත්තමල්ලි වතුර මුහු උනානනං :D

      සේරම කැපිලා යාවා

      Delete
  9. ඔව්...... මහේෂ් ...... මේ සංකල්ප වලට සමාජය වගකිව යුතුයි. දෙදෙනෙකුට ජිවත් වෙන්න අවශ්‍ය අන්‍යෝන්‍ය විස්වාසය .... තියෙන්න ඕන.
    අනික මේක නොගැලපෙන් විවාහයක් දෙවෙනි විවාහය. පදනමක් නැ. පවතින්න. ඒකයි බොරු කරලා බේරෙන්න හදන්නේ.
    මෙවැනි දික්කසාදයන්ට නියම කරන වන්දිය වැඩියි. එනිසා, මනුස්සයට දික්කසාද වෙන්නත් අමාරුයි.

    ReplyDelete
  10. කමෙන්ටු වලට හරි තැනින් උත්තර දෙන්න පුළුවන්නම් ..කතාව ගැන කියන්න දෙයක් නම් නෑ ,ඔළු ඇතුල වෙනස් වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. සහෝ........ දැන් දැක්කනේ එකිනෙකාට වෙනස් තර්ක විතර්ක..... හැමෝම ඒක වගේ නැ.... මේක ලෝක ස්වභාවයනේ, සමහර අයට තද වෙනවා , සමහර comments වලට , සමහරු වලිගෙ පාග ගන්නවා.. මෙලෝ කේ යන්න ඕන ක්‍රමයක් තියේ නම් අපිවත් හරි පාර පෙන්නමු.අදුරේ අත පත ගානවට වඩා , තෙරුන් ගැනීම වැදගත්.

      Delete
    2. //කමෙන්ටු වලට හරි තැනින් උත්තර දෙන්න පුළුවන්නම්//
      මට හිතෙන්නේ සහෝදර බලාපොරොත්තු උන උත්තරේ ඔක නෙවයි.. ඔයිට වැඩිය සරල තාක්ෂණික පිරලිතුරක්..

      Delete
    3. මට ඒක තේරුණා සි.ජේ. මං වැරදි තැනින් reply කරලා. මටම ඒක අමතක වෙනවනේ වෙලාවකට

      Delete
  11. ඇත්තෙන්ම මේ ප්‍රශ්නේදි අර ගොළු තරුණිය බොහොම අසරනයි. මට පෙනෙන ආකාරයට නම් මේ වගේ අය එක්ක ඉතා හොඳින් පවුල් ජීවිත ගෙනයන්න පුලුවන් අය නැත්තේ නෑ. මමත් දැකලා තියෙනවා සැමියා සහ බිරිඳ දෙදෙනාම ගොලු අය වෙලාත් හොඳින් පවුල් ජීවිතේ ගෙනියන අය. මෙතන මේ තරුණියට හරියටම හරියන කෙනෙක් හම්බ වෙලා නැති එක බරපතල අවාසනාව. මමනම් නැවතත් කියන්නේ මේ වගේ ආබාධ තිබූ පමණින් ඒවා විවාහයන්ට ඒ තරම් බාධා වෙන්නේ නෑ කියන එක. මොකද ආබාධිත ජෝඩු ඕනෑ තරම් විවාහ ජීවිත ගෙනයනවා සාර්ථකව.

    ReplyDelete
    Replies
    1. මෙවැනි අබාධ තිබීම විවාහයට බාධාවක් නෙමේ. ඒත්...... ගැලපෙන කෙනෙක් හම්බ උනේ නැති නිසා, මේ තත්වය උදා උනා.

      Delete
  12. දෙවියන් වැරදිකරු කමින් නඩු තීන්දුවක් ගන්ත බොලද හිංදි ෆිල්ම් එකක් නම් බැලුවා මතකයි. එකිනෙකා කෙරෙහි අාදරයත්, විශ්වාසයත් ගෞරවයත් නොමැතිනම්, අවශ්‍යතාව කාමය පමණක්මනම්, කල්යාමට මත්තෙන් විවාහය දෙදරණවා.. නැතිව යකුන් දෙවියන්ට භුතයන්ට බැන වැදීමමෙන් පලක් නැහැ...
    අවදානය යොමුවිය යුතු ලිපියක්..

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ..... මේ කෙල්ලගේ සල්ලි වලට, ගෙදරට අයිතිවාසිකම් කියන්න කරගත්ත කසාදයක් මේක.

      Delete
  13. ආබාධිත අය විවාහ වීමේ වරදක් නෑ. ඒත් මේ සිද්ධියනම් හරිම අවාසනාවන්තයි. විශේෂයෙන්ම ගොළු තරුණිය. ඇත්තෙන්ම කසාද කියන ඒවා වගකීමෙන් තොරව කරන්න බෑ. ඒක තේරුම් නොගෙන විවාහ සෙල්ලමට ගන්න එක ඒ තරම් හොඳ නෑ.

    ReplyDelete
  14. අබාධිත තැනැත්තන් ගැන විශේෂයෙන් අප අනුකම්පා කල යුතුයි. සමාජීය වගකීමද ඔවුන්ව රැක ගැනීමයි. සමාජයට අනවශ්‍ය කොටසක් නොවේ. අබාධිත අය. මොනවා නමුත්, ඇයත් උගත් කාන්තාවක් ගොළු බිහිරි පාසලකින් බේල් අද්‍යාපනය ලත්, පසුව රැකියාවකුත් කල තැනැත්තියක්. එවැනි අයටත් සමාජයේ සමහර පුද්ගලයින් වැරදි කරනවා නම්. ඒක මිනිස්කම නොවේ.

    ReplyDelete
  15. නෝනෙ ලියන විදි හොඳයි. කලින් කොමෙන්ටුවට මට පොඩ්ඩක් තරහ ගියා නෝනෙ.අපේ ජීවිකාවනෙ නෝනෙ.ඒව ගැන රට්ටු නුහුරට කතා කරන කොට අපට හිතට අමාරුයි.ගෑනියෙක් තව ගෑනියෙකුට වචනෙකින් හරි උදව්වකුයි කරන්න ඕන.

    ReplyDelete
  16. මෙවන් අතුරු ආන්තරා වලින් වැලකීමට දිනපතා ඌරුමස් ආහාරයට ගන්න මෙයාලා...

    ReplyDelete