Monday, May 26, 2014

සෙබළ යථාර්තය

 
            
               කවර හෝ හමුදාවක සෙබළකූ වීම පුද්ගලයකූගේ අභිමානය වැඩි කරවන්නකි. නිල ඇදුමක් ඇදීම නිලයක් ලැබිම බලයක් ලැබීම සෙබළකූගේ පෞරුෂය තව දුරටත් ව්රධනය වන්නේ යයි හැගේ. සෙබළකූ වීමට සමහරකූ ආශා කරයි. සමහරක් වෘත්තියක් ලෙස පමණකින් සෙබලකූ වි සිටියි. මෙහීදී ඹවුහු සිය නිල ඇදුමට ආශා කරන තරමටම වෛර කරන්නටද පෙළඹෙී. මෙයට සමාජීය හේතූ ගණනාවක් බලපෑ ඇති බව අවධාරනය වන්නකි. සෙබළකූ ලෙස සමාජානුයෝ්ජනය ලැබු පුද්ගලයා සාමාන්‍ය සිවිල් සමාජයේ පුරවැසියෙකි. 

             යුද්ධය සමග කර ගැසු සෙබළා පහුගිය කාල වකවානුවෙි සාමාන්‍ය ජන ජීවිතයෙන් ඈත්ව සිටීම දෛවෝපගතය. ඹහුට නිවසක් පවුලක් හෝ තමාට තමාම නැති තරමට මානසික අවපීඩනයකට ලක්ව ඇති බව ඔවුන් සමග කෙරුණු සාකචිඡුා වලදී හෙලිව ගිය කරුණකි. මෙවන් පසුබිමක් තූළ වු පුද්ගලයා යොමු වු සංසිද්දීන් විග‍්‍රහ කර බැලීමෙදී මතූ වු විෂමතා යමි අවස්ථා වලදී චර්්‍යා විරෝධි විය. හදුනා ගත් චර්යාබාද මෙලෙස සටහන් කල හැක.

1. මංකොල්ලකෑමි සදහා සංවිධානය වීම.

             සෙබළ ජීවිතයේ ලබා ඇති පුහුණුවීමි උපයෝගි කොට ගෙන සංවිධානාත්මක කල්ලි හා පාතාලයේ යමි ක‍්‍රියාකාරකමි සදහා දායක වීම.

2. මිනීමැරීමි පහරදීමි ආදි අපරාධ සිදුකිරීමි 

  

        සංවිධානාත්මක කල්ලි ගැසීමෙි ප‍්‍රතිඵලයක කි‍්‍රයාකාරකමි ලෙස මෙම අපරාධ දැක්විය හැකි උවද මානසික හෙතූ කාරණ කොට ගෙනද ඵනමි මානසික අවපීඩන තත්වයන් තූළ සිදුවන ප‍්‍රකමිපන තූලින්ද මෙවැනි අපරාධ සෙබළකූ තූලින් දැකිය හැක. ඵනමි සෙබලකූ අනිවාර්‍යයෙන්ම සමබර පුද්ගලයකූ වීම අත්‍යවශ්‍ය අංගයක් උවද ඹහුගේ වටපිටාව තූලින් අසමතූලිත පුද්ගලයකූ නිර්මාණය වීමෙි හැකියාව බොහෝ විට දැකිය හැක.


3. දේශපාලනික අපරාධ සදහා පෙලඹීම

  
              මෙි වන විට බොහෝ දේශපාලන සංවිධාන වල ආරක්ෂක කටයුතූ බාරව සිටිනුයේ හිටපු සෙබළුන් විම විශේශ ලක්ෂණයකි. මෙවැනි බල අරගලයන් තූල සිදු වු බොහෝ අපරාධ ඹවුන් විසින් සිදු කරනු ලැබුවෙි නිර්ණාමිකවය. ඵම හේතූවෙන් ඇතැම් අවස්ථා වල සෙබල පුහුණුව ප‍්‍රායෝගික වුයේ දේශපාලන රාමුවෙි ක‍්‍රියාකාරකමි සදහාය.


4.ලිංගික අපරාධ සදහා නැමියාවක් දැක්වීම .  


         සෙබළු අතර ලිංගිකමය වශයෙන් සිදුවන අපරාධ බහුලව දක්නට ඇති බව මෑත කාලීන සිදු විමි දෙස බැලීමෙදි පෙනී යන්නකි. මෙහීදී සෙබළු අතර සිදු වන සමලිංගික සේවනය හේතූවෙන් සිදු වු අපරාධ නිහඩ බවින් යුක්ත වුවද අනෙකූත් ලිංගික අපරාධ සදහා වැඩි ප‍්‍රසිද්දියක් ලැබුනි. ඵනමි බාල වයස්කාර දැරියන් දුෂණය කිරීම පැහැර ගෙන යාම කාන්තාවන් දුෂණය මෙි අතූරින්   ප‍්‍රධාන   තැනැක් ගන්නා ලදි. තවදුරටත් මවුන්ගේ අවිචාරවත් සබදතා ඵනමි ගණිකා ඇසුර සමිබන්ධයෙන් මතූ වු අපරාධද මෙි අතර දක්ට ලැබුනි.

            මෙවැනි ලිංගික අපරාධ සදහා ඹවුන් තූළ වු නැමියාව සෙබලකූ නිර්මානය වු වටපිවෙන් උරුම ලද්දකි. ඉහත සදහන් කල හේතූන් යථානුභූතිව පුද්ගල මනස තූලට බලපා ඇති බැවින් මවුන්ගේ අතෘප්තිකර ආශාවන් ඔවුන් අපරාධ නැමියා ඇත්තන් වීමට බලපෑවෙි සහේතූකවය.

   

               සියළු හේතූ සැලැකිල්ලට ගැනීමෙදී සංෂිප්තව ගත හැකි ඵකම කරුණ සෙබළකූ වීමෙි ප‍්‍රාතිහාර්‍යය ජීවිතය විදින මනුෂ්‍යයින් ලෙස නොව විදවන මනුෂ්‍යය කොටිඨාශයක් ලෙස සමාජීය දේශපාලන වටපිටාව ඔවුන් බිහි කල බවයි. ඉනික්බිති සමාජීය අපරාධ සදහා පෙළඹීමෙ ප‍්‍රවනතාවය තවදුරටත් වර්ධනය වන්නේය. 


                  ලෝකයේ සියළුම සෙබල ජීවිත සදහා මෙවැනි සාමාන්‍යකරනයක් තිබීම යුද්ධ ඉතිහාසය දෙස බැලීමෙදි පැහැදිලි වන්නකි. සියළුම පාලන තන්ත‍්‍රයන් පැවැති රාජ්‍යන් ඵනමි රාජාණ්ඩු  පාලනය , සමුහාන්ඩු , හමුදා ආණ්ඩු , සමාජවාදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන තූළින් පවා සෙබළ නැමැති පුද්ගල චරිත කාලීන අවශ්‍යතා වලට අනුගත විය. ඵබැවින් සෙබළකූ වීම පුද්ගලයකූට තවදුරටත් ප‍්‍රාතිහාර්‍යක් නොවන බව වැටහෙනු ඇත.


24 comments:

  1. හ්ම්ම් සෙබළු නරකයි කියන්න බෑ, රට ජාතිය වෙනුවෙන් මැරිලා අබ්බගාත වෙලාත් එයාලට තාමත් හරි පිළිගැනීමක් තියෙනවද කියන එක ගැටලුවක්, කවදත් ලොක්කන්ට ඔලුව නවන්න, සැලුට් ගහන්න, වෙනකොට ඒ ඇය රට ජාතිය වෙනුවෙන් ගොඩ නගාගත් පෞර්ශයට මොකද වෙන්නේ. එයාල තරම් සන්වෙධී පිරිසක් තවත් නෑ අද ඔය කියන කළා කාරයෝ සංවේදීයි කිව්වට රට වෙනුවෙන් කීයෙන් කී දෙනාද වැඩක් කරලා තියෙන්නේ? ඒ අයත් මිනිස්සුම තමයි නිල ඇඳුමකට යටවුනු. ඒ යටත් තියෙන්නේ අපිට තියෙන හිතක්ම තමයි එත් එක යුද්දෙන් තැලිලා පොඩිවෙලා ඒ මදිවට තව නොයෙක් පවුල් ප්‍රශ්න වලින්, එත් ඔය ඇය දරාගෙන ඉන්නවා. එකෙක් දෙන්නෙක් වැරදි කලාට ඒක සෙබල කියන බහුවචනයට එහෙමත් නැත්තන් සමුහයට ආඳන්න බෑ කියලයි මගේ අදහස, එතකොට සෙබල යථාර්ථයේ එක පැතිකඩක් විතරයි මේ, එයාල මරණාසන්න අත්දැකීම් ලබද්දී නිවාඩුවක් නැතිව හම්බ උණු දරුවාගේ මුනත් නොබලාම මැරෙද්දි, වැස්සසට ගෙදර වහලින් වතුර බින්දු වැටෙද්දී ඔය කියන සෙබල යතාර්ථය කෝ? සෙබළුන්ගෙන් තරමක් හරි පිළිගැනීමක් ලැබෙන්නේ Commissioned Officer ලට විතරයි, එත් හැමෝම ඒ ඇය නෙවේනේ, ඇත්තටම සෙබලෙක් විධියට එකතු වෙන්නේ රට ජාතිය ගැන හිතලමද එහෙමත් නැත්තන් ගෙදර ආර්ථිකේ නැත්තටම නැති වෙද්දී බැවුලේ බර කරට ගන්නද එතකොට කෝ ඒ සෙබල යතාර්ථය? මන් කියන්නේ මෙතැනදී විග්‍රහ කරලා තියෙන්නේ
    බටහිර යුරෝපියානු සෙබල යථාර්ථයයි, එත් ඒ හැම බටහිර යුරෝපියානු සෙබලමත් වැරදියි කියල කියන්න බෑ, අපේ සෙබළුන් වෙනුවෙන් කවදද කොතනද චිත්‍රපටියක් හරි නැගුනේ ඒ අයගේ ක්‍රියාන්විතත් එක්ක, ඉංගීසි ෆිල්ම් ගත්තම සමහර ඒවා ඇත්තම සිද්දි, එතකොට ඒ අය මුහුණ දීපු යතාර්ථය මොන වගේද? එක නිසා සමස්ත යතාර්තයමද මේ කියන ගැටලුව එනවා, ඔබේ අදහස් සියල්ලම ඇත්ත, එත් ඒ තුල සමස්තය තියෙනවද, ආමි ෆුට්බෝල් ටීම් එකක හිටපු ගෝල් කීපට වැදුණු වැරදි පාරක් නිසා එයාගේ ලිංගේන්ද්‍රය අහිමි වෙනවා, ඒ නිසාම එයාගේ නෝනා එයාව දාල වෙන එකෙක් එක්ක යනවා, අනේ අර මනුස්සය මොනවා කරන්නද?, බහුතරයකගේ යතාර්ථය ඕකයි, එතකොට වර්ධි තීරණයකට එලබීම සාමාන්‍යයි. එකයි මිනිස් ගතිය. එත් ඒ කීයෙන් කී දෙනාද? සෙබලාගේ පෞර්ශයට ආණ්ඩුව වග කියන්න ඕන. සමාවෙන්න වරදක් තිබෙනවානම් මගේ අදහස් වල.

    ReplyDelete
    Replies
    1. සොමි..... මේ සෙබළ යථාර්ථයේ එක් පැතිකඩක්...... මෙතැනදී, මං අතින් විග්‍රහ වුනේ, මේ යථාර්තයට බලපෑ සිද්ධි කීපයක් විතරයි. මේකට වැරදි සැම විටම සෙබලා කියල නැ.මා දොස් කියන්නේ ඔවුන් මේ තත්වයට නිර්මාණය කල සමාජ රාමුවට, නැතිනම් , තල්ලු කල සමාජ රැල්ලට, සෙබළුන් සැම විටම වැරදි හෝ නිවැරදි නැ. ඔවුන් මෙහෙයවන ලද යම් බලවේග ගැනයි , මට කියන්න ඕන වුනේ
      සොමි......සෙබළුන් වරෙක දිවි පරදුවට තිබ්බේ අපි වෙනුවෙන්, නැත්නම් ගෙදර බත්පත් වෙනුවෙන්, ඒ දෙකම උත්තරීතරයි. ඔවුන්ට අපි සැම විටම ප්‍රණාමය පුද කරනවා. ඒත් ඒ..... පරමාර්ථ මුවාවෙන් වැරදි කරපු අයගේ පුද්ගලික කතාවන් මං ඔවුන්ගේ භාෂාවෙන්ම අසා තිබුණා. මේ ඒ ගැනයි, සටහන් කලේ, ඒ හන්ද මේක බටහිර යුරෝපියානු යථාර්තයම වෙන්නේ නැ. මේ හැම දෙයක්ම විශ්වියයි. හොද මිනිසුන් සහ වැරදි මිනිසුන් කොයි හමුදවකත් ඉන්න බව අපි පිළිගන්න ඕන......
      සොමි ......මට මේක ලියන්න හිතුනේ, අර පිහි ඇනුම් සිද්ධියත් එක්ක. මේ දවස් වල වැඩිපුර ලියවෙන්නේ අපේ යාලුවන්ගේ post වලත් මේ ගැනමයි......

      Delete
  2. මට තියෙන ප්‍රධානම ප්‍රශ්ණෙ හමුදා පුහුණුවක් ලැබූ. දරාගැනීම් ශක්තිය ඇති අය හදීසි කෝපය මත ඇතම් තීරණ ගන්නෙ ඇයි කියන එක. ඇතම් විට ඔහුන් නිසි පුහුණුව නොලැබූවන්ද විය හැකියි.

    ReplyDelete
    Replies
    1. නැ.... ප්‍රියා...... ඔවුන් හොද පුහුණුවක් ලබල තියනවා, පුහුණුවේ මදි කමක් නිසා නොව, මා සිතන විදියට , මේක ඔහුගේ සිත පිළිබද ප්‍රශ්නයක්, අනික, අපරාධ විද්‍යාවට අනුව අපරාධ නැමියාවක් තියෙන්නත් පුළුවන්.
      ඔහු සාමාන්‍ය මනුෂ්‍යයෙක් , ප්‍රේමය අහිමි වනවා කියල සිතුන විට, අනික් අය ගත් ක්‍රියා මාර්ග ඔහු දැක තියනවා, ඔහුත්, තමා සෙබලෙක් කියන හැගීම අමතක කොට, සාමාන්‍ය චර්යාව එලියට පැන්න කියලයි මට හිතෙන්නේ. මේ ක්‍රියාව මනුෂ්‍ය ඝාතනයක්, විදියට කෙලින් පෙනුනත් , සංවේදී වටපිටාවක් නිර්මාණය වෙලා තියනවා. හරියට ජපුරේ මදුවන්ති ඝාතනය වගේ, ඒ උගත් සමාජයේ සිද්ධියක්. දෙකම එකම සමාන සිද්දි.

      Delete
  3. මහා ඉහලින් විරුවන් සැමරුවාට.. ඇත්තටම් උන් ගැන හොයලා බලනවද කියන ප්‍රශ්ණයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔබේ පිළිතුරයි පහතින් comment එකක් විදියට වැටුනේ, මාතලන් අයියේ..... සමාවෙන්න එකට

      Delete
  4. විරුවන් උන්නද, මලාද කියල හොයන්නේ නැති නිසානේ, මේ සියළු අභිප්‍රේරණ. ඔවුන්ව නැවත පුනුරුත්ථාපනය කල යුතුයි පැරකුම් සහෝ කියල තිබුණා ඒක ඇත්ත. ..... මේවට හේතු පශ්තාප් යුධ මානසිකත්වයම වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. හ්ම්ම්, මන්දා.. ඒ පුහුණූවීම් වලින් ඒ විනයන්ගෙන් පස්සේ ඒවායෙන් ඈත් වෙන අය මේ වගේ වෙනවා කියලා හිතද්දිත් එක වෙලාවකට පුදුමයි..

    ReplyDelete
    Replies
    1. කාලයත් සමග වෙන වෙනස් වීමක් , දිනේෂ් මේ..... කොයි තරම් විනයක් පුහුණු කලත්, මනුෂ්‍යාගේ සැබෑ ගතිය ඉඩ හිට මතුවෙනවා.

      Delete
  6. හා...
    ඒ කියන්නෙ ඔයා හැම කොල්ලටම වෙන්ටැ ඕක කියන්නෙ...
    හා හා
    කැමැත්තනෙ

    ReplyDelete
    Replies
    1. මට ප්‍රශ්නය තේරුනේ නැනේ මහේෂ්......?

      Delete
  7. ඇත්තටම ගැටලුවල් තියෙනවා. මිලිටරි පුහුණුව ලත් අය, යුද්දයකින් පසුව සමාජ ගත වීමේදී පැහැදිලිවම මෙවන් ගැටලුවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මිල්ටරි පුහුණුවක් කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක්.... ඒ හින්දා , යුද්ධයෙන් පසු නැවත සමාජගත විමදී, හොද වැඩ පිළිවෙලක් තියෙන්න ඕන.

      Delete
  8. හමුදා සෙබල ජීවිත වලටම චෝදනා කරන්නත් බෑ. හමුදා සෙබලුන් අවශ්‍ය යුද්ධ්ය දිනන්න විතරයි කියලා හිතලා ඉන් එහාට ඒ පිරිස අවලංගු කාසි කරන්න ගියොත් මේ වගේ දේවල් වෙයි. නමුත් මේ අය වගේම යුධ ජයෙන් පසුව ඊට උර දුන් සියල්ලන්ද එක්ව රටේ සියලු පුරවැසියන් ඒකරාශී කරගනිමින් රටේ ජාතිකත්වය පදනමට ගත් ඉදිරිගමනක නිරත වියහැකිනම් මෙහෙම දේවල් වෙන්නේ නෑ. මමනම් හිතන්නේ දැනටත් ඒක වෙනවා නමුත් යම් යම් අඩුපාඩු ඇතිව. ඒකට සෙබලුන්ටම දොස් කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සෙබළුන් අවලංගු කාසි කරන්න කවුරුත් කැමති නැ. ඒත්.......පසු කාලීනව සිදුවන මෙවැනි දේ සදහා වලක්වන්න වැඩ පිළිවෙලක් නැ. ඒකයි වරද. මක් නිසාද යත් .
      මට මතකයි එක් අධිකරණ විනිසුරුවරෙයෙකුට සෙබළකු ජංගම දුරකතනයට ඇමතුමක් දීල දා ගත්ත නඩුව, ගැහැණු ළමුන්ට ජංගම දුරකථන මාර්ගයෙන් [miss call ] මගින් කරන ලිංගික ආරාධනා, මේවා තවමත් බහුලව සිදුවෙනවා.
      මේ තත්වයට කවුද වගකිවයුතු.........සෙබළුන්ම නොව.......

      Delete
  9. වැරදි සමාජයේ හැමෝම කරනවා. ඒත් හමුදාවක හිටි කෙනෙක් කළොක් එහි විශේෂිත බවත් සමාජය දකිනවා. හේතුව ඔවුන් අවි පුහුණුවක් ලැබූවන් වීමයි. අනිත් අතින් ප්‍රශ්චාත් යුද මානසිකත්වයේ ඉන්නා සෙබළාගේ සිතද පවතින්නේ වීකෘති තත්ත්වයන් යටතේයි. බොහෝ යුද පැවති රටවල යුද්ධයෙන් පසු සෙබල මනස සාමාන්‍යකරණය කරන්න විවිධ ක්‍රියාකාරකම් තිබුණා. තියනවා. ඒවා කොතෙක් දුරට අපේ රටේ ක්‍රියාත්මක වුණාද යන්න ත් විමසා බැලිය යුතුයි. කොහෙමත් විදිමත් පුහුණුවක් ලැබූවෙක් අපරාධ කරන්නට පෙළඹුණොත් එහි හානිය උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්..... නලින් , හමුදාවක හිටි කෙනෙක් කළොක් එහි විශේෂිත බවත් සමාජය දකිනවා. එම නිසා යුද්ධයෙන් පසු සෙබල මනස සාමාන්‍යකරණය කල යුතුයි.....

      Delete
  10. ඔබ මහත් උත්සාහයක් ගෙන ලිපියක් ලියා ඇති බව පැහැදිලිවම පෙනෙනවා. මෙන්න එසේ කීමට හේතු.

    1. කිසියම් ගැඹුරු භාෂා විලාශයක් ආරූඪ කරගැනීමට ඔබ උත්සාහ දරා ඇති නමුත්, එය ඔබ විසින් කෘත්‍රිමව ඉදිරිපත් කරන්නක් විනා, ඔබගේ ස්වභාවික භාෂා ඥානයෙන් ගලා එන්නක් නොවන බව පෙනෙයි.

    2. උක්තාඛ්‍යාත යෝගය සහ අක්‍ෂර වින්‍යාසයේ ද වැරදි බහුළවම නිරීක්ෂණය වෙයි. උදාහරණ:- සිදුවීම් යන වචනය සිදුවීමි යනුවෙන් ලියා තිබීම. ලිපියේ දෙවැනි වැකියේ සිටම ඔබ උක්තාඛ්‍යාත යෝගය බිඳ ඇති සැටි පෙනේ.

    මේවා පෙන්වා දෙන්නේ ඔබව අධෛර්යයට පත් කරවන්නට නොව, වැඩිහිටියකු වශයෙන් ඔබට නිසි මග පෙන්වාදීම සඳහා පමණක් වන අතර, පිළිගැනීමට හෝ නොගැනීමට ඔබට අයිතියක් ඇති බව ද මම දනිමි.

    දැන් අපි ඔබේ අදහස් වල සමස්තය දෙස බලමු.

    පශ්චාත් සංග්‍රාමික මනෝ ව්‍යාධීන් නිසා, ලොව පුරාම, ත්‍රිවිධ හමුදා සෙබළුන් සෑහෙන පිරිසක්, විවිධ අපරාධ සඳහා පෙළඹෙන බව, රහසක් නොවේ. කලයුත්තේ, ඒ තත්වය වර්ධනය වීමට ඉඩ නොදී, කළමනාකරණය කිරීමය. මේ පිළිබඳව මා ලියා ඇති ලිපියක් මෙතනින් බලන්න

    ඔබේ ලිපියේ ඇති සමහර දේ සමග එකඟ වීම අපහසු නිසා, ඒ පිළිබඳව මුලින්ම මගේ අදහස් දක්වන්නම්. මට කියන්න අමතක වුණා. මා වසර 30 ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර, 2010 වසරේ දී විශ්‍රාම ගත්තා. ඒ නිසා මේ ගැන අදහස් දක්වන්නට මට පරම අයිතියක් ඇතැයි සිතනවා.

    කිසියම් සෙබළකු තම නිළ ඇඳුමට වෛර කරන්නේ නම්, එක්කෝ ඔහු නිසි පුහුණුව නොලත් අයෙකි. නැතහොත්, 'මේ තවත් රැකියාවකි' යන අදහසින් හමුදාවට බැඳුණු පුද්ගලයෙකි. කෙසේ වෙතත්, එසේ වෛර කරන පුද්ගලයන් සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා, කටයුතු කළහැකි අතර, ඒ සඳහා සාර්ථක පිළියම් (දඬුවම් නොව උපදේශනය) හමුදාව තුළ ම ඇත. ඒවා නොයෙදීම වැරදි කලමනාකාරිත්වයයි.

    සෙබළකු, යුද්ධයේ යෙදී සිටීම නිසා සිය පවුලෙන් ඈත්වීම, දෛවෝපගත සිදුවීමක් නොව, අනිවාර්ය ලක්ෂණයකි. සෑම සෙබලකුම, හමුදා පුහුණුව තුළදී ඒ බව දැනගන්නා නිසා, කිසිවකුත් ඒ ගැන කම්පා වියයුතු නොවේ.

    සෙබල චර්යාබාධ යනුවෙන් ඔබ දක්වා ඇති වචනය පිළිබඳව තවත් විස්තර කරන්නේ නම් මැනවි. ඔබ 1,2,3,4, වශයෙන් දක්වා ඇත්තේ, මනෝ වෛද්‍ය වරුන් විසින්, PTSD = Post Traumatic Stress Disorder යනුවෙන් හඳුන්වන, මනෝ ව්‍යාධී තත්වය යයි මම සිතමි.

    අංක 3 යටතේ ඔබ දක්වා ඇති අදහස්, පදනම් විරහිත සහ අවලංගු තර්කයකින් යුක්තය. හමුදාවෙන් නිසි පරිදි විශ්‍රාම ගිය, අස්කළ, පැනගිය, වැනි විවිධ වර්ග වලට අයත් සෙබළුන්, ආරක්‍ෂාව ලබාදෙන්නේ දේශපාලනඥයන්ට විනා සංවිධාන වලට නොවේ. ඒ සියල්ල පුද්ගල නිශ්‍රිත සාධක මත සිදුවූවක් විනා, සැළසුම් සහගතව සිදුවූවක් නොවේ. හමුදාව යනු දේශපාලනඥයන්ට පෞද්ගලික ආරක්ෂකයන් සපයන ආයතනයක් නොවේ. සෙබල පුහුණුව ප්‍රායෝගික වුයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහාය යන්න මුළුමනින්ම අවලංගු තර්කයකි. එය ප්‍රායෝගික වූයේත්, වන්නේත්, සංග්‍රාමික කටයුතු සඳහාමය.

    සෙබළුන් අතර සිදුවන්නේ ලිංගික අපරාධ පමණක් නොවේ. අපේ සමාජය විසින් අසම්මත යයි කියන සම ලිංගික සේවනය සෙබළුන් අතරද සෙබලියන් අතරද සැලකිය යුතු මට්ටමකින් සිදුවේ. මනෝ වෛද්‍ය මතය වන්නේ මෙවැනි සමලිංගික සේවනය සාමාන්‍ය සමාජය තුළ ද සිදුවන බව ය. එහෙත් බලහත්කාරයෙන් ගුද ලිංගික සංසර්ගයේ යෙදීම නිසා, තමන්ට ඒ පීඩාව සිදුකරන ජ්‍යොෂ්ඨ නිළයා වෙඩි තබා මරා දැමු සෙබළුන් ද සිටි බව ඔබ නොදන්නවා වියහැකිය. අන්‍යොන්‍ය අවබෝධයෙන් යුක්තව සමලිංගික සේවනයේ යෙදීම, ලෝකයේ කිසිම තැනක, කිසිම දිනක, නීති මගින් නැවැත්විය හැක්කක් නොවේ.

    අංක 4 යටතේ, 'මෙවැනි ලිංගික අපරාධ සඳහා...........යනුවෙන් ඇති ඡේදය කිසිදු අගක් මුලක් නැති සම්ඵප්‍රලාපයක් බව කණගාටුවෙන් යුක්තව සඳහන් කරමි.

    සෙබළකු ලෙස හමුදාවට බඳවාගන්නා පුද්ගලයා ලබන පුහුණුව, සාමාන්‍ය පුද්ගලයකුට, හමුදාවෙන් බැහැරව සිට අවබෝධ කරගැනීම දුෂ්කරය. සෙබළකු සිය දෛනික කටයුතු සාර්ථකව ඉටුකරගන්නේ, ඒ පුහුණුවට පින්සිදුවන්නටය. සෙබලාට අනුකම්පාව අවශ්‍ය නොවේ. වැඳුම් පිදුම් අවශ්‍ය නොවේ, සුපර් ස්ටාර් ප්‍රසංග අවශ්‍ය නොවේ, අවශ්‍ය එකම දෙය වන්නේ සමාජයේ සිටින අනෙකුත් වෘත්තිකයන් මෙන් සමාන පිළිගැනීමක් සහිතව ජීවත්වීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයාදීම පමණකි.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔබ පෙන්වා ඇති සමහර තැන් පිලි ගන්න බව කියමි. මක් නිසාද යත්, මා තවමත් ඒ වගේම හෙටත් යමක් ඉගන ගන්නා , බැවිනි.
      අක්ෂර වින්යාසය සමහර තැන්වල වැරදුනේ . යතුරු පුවරුවේ සමහර තැන් , නියම අකුරෙන් type කරන්නට ඇති නොහැකියාව නිසාය. එය නිවැරදි කරගන්න , තවමත් උත්සාහ දරමි. ගැඹුරු භාෂාවක් අරුඩ කරගෙන නැත. මෙය මගේ ශයිලියයි. මන්ද, මගේ post වල බොහෝ තැන් භාෂාව හැසිරවීම මට නොදන්නෙන්න වෙනස් අකර ගන්නා බැවිනි.

      සෙබල චර්යාබාධ යනුවෙන් ඔබ දක්වා ඇති වචනය පිළිබඳව තවත් විස්තර කරන්නේ නම් මැනවි.........මෙහි අදහස හමුදාව විසින් පිළිනොගන්නා අසාමාන්‍ය ක්‍රියාවන්ය.

      අංක 3 ට අනුව
      මෙි වන විට බොහෝ දේශපාලන සංවිධාන වල ආරක්ෂක කටයුතූ බාරව සිටිනුයේ හිටපු සෙබළුන් විම විශේශ ලක්ෂණයකි
      මා මෙහි පැහැදිලිවම දක්වා ඇත්තේ, සේවයේ යෙදී සිටින අය ගැන නොවන බව කරුණාවෙන් සලකන්න. ඒවා සදහා රජයේ මැදිහත් වීමක්ද නැත. ඇත්තේ එම නිර්නාමික සංවිධාන වල පුද්ගලික සබදතා පදනම් වූ ආරක්ෂාව සැපයීමේ ක්‍රමවේදයකි. මෙය සාමාන්‍ය ජනතාවට නොව.ඇතැම් පුද්ගල කණ්ඩායම් වලට පමණි.

      අංක 4 කාරණාව යටතේ
      මා සදහන් කල තත්වය, කැමැත්ත මත සිදුවන ක්‍රියාකාරකම් නොව, බලහත්කරයයි.මේ යම් යම් තර්ක මා හමුදාවට සම්බන්ධ වූ පුද්ගලයන් සමග සාකච්චාවෙන් දැන ගත් කරුණු වේ.
      උසස් නිලයන් , පහල නිලයන් වෙත වෙඩි තැබූ අවස්ථාත් මා දනිමි, ඒවා අදටත්, අගක් මුලක් නැති සාක්ෂි සටහන් නැති අභිරහස් පමණි.

      මං හිතන්නේ මම අග මුල සහ සම්බන්ධතාවයෙන් යුක්තව කරුණු ඉදිරිපත් කලෙමි.


      ඔබට ස්තුතියි. මේ කමෙන්ටුව මගින් අපේ අනිත් සහෝදරයන් දැනුවත් කලාට. මොකද සමහර කරුණු මා දැක්වුයේ හිතේ කොටසක් තබා ගෙනයි . ඔබ එය සම්පුර්ණ කරා .

      වසර 30ක හමුදා සේවා කාලයට මා ඔබට ගවුරව කරමි. මක් නිසාද යත්, නිල ඇදුමට, රාජ්‍ය සේවයට , මා කවදත් හිස නමන බැවිනි.

      Delete
    2. සෙබල චර්යාබාධ යනුවෙන් ඔබ අදහස් කරන්නේ හමුදාව පිලි නොගන්නා අසාමාන්‍ය ක්‍රියාවන්ලු. නොබියව කියන්න ඒ කුමක්ද? සෙබළුන් හෝ නිළධාරීන් විසින් තමන් යටතේ සිටින වෙනත් සෙබළුන් හෝ සෙබලියන් හෝ කනිෂ්ඨ නිළධාරීන් හෝ බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට ලක්කිරීමද? නැත්නම් මුදල් සොරකම් කිරීමද? ආයුධ සොරකම් කර පාතාලයට විකිණීමද? හමුදාව ඒ කිසිවක් මෙතෙක් පිලි නොගෙන නැහැ. එකක් මතකතබාගන්න චෝදනා හෝ අවලාද එල්ල කරනවානම් උදාහරණ හෝ සාධක සහිතව කරන්න. නැතහොත් ඔබ කරන්නේ නිහීන ක්‍රියාවකි. මටනම් හමුදාවේ ඇති දුර්වලතා අද වුනත් කියන්න පුළුවන්. ඔබ සාකච්ඡා කල හමුදා සාමාජිකයන්ගේ නම් ගම් රහිතව ඔවුන්ගේ අදහස් සංක්ෂිප්තව දක්වන්න. එවිට මේවා කියවන අයගේ අවබෝධය පුළුල් වෙනවා.

      මගෙනම් යතුරු පුවරු ආබාධයක් නැතිව හොඳින් සිංහල යතුරු ලියනය කල හැකියි. ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න කියා යෝජනා කරනවා. Google input tools වලින් ලිවීම හරිම පහසුයි.

      මමත් අදහස් කලේ සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන් දේශපාලනඥයන්ට ආරක්‍ෂාව සපයන බව නොවේ. නමුත් එය රහසිගතව සිදුවන්න පුළුවන් බව ඔබ දන්නවාද?

      උසස් නිලයන් කියන්නේ නිලධාරීන්ද? නිලධාරියකුට පිස්තෝලයක් නිකුත් කරන්නේ සටනේදී සතුරාට බියෙන් පසුබසින, තමන් යතාතේ සිටින හැම නිලයාටම වෙඩි තැබීමටයි කියලයි සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් කිසිදු නිලයකුට බැහැ සාධාරණ හේතුවක් රහිතව තවත් නිලයකුට වෙඩි තබා නීතියෙන් ගැලවෙන්න. එවැනි සිදුවීම් තිබෙනවා. ඔබ දන්නවාද 1983 කලබල වලින් පසුව උතුරේ හමුදා කඳවුරක සෙබලෙක් හිතේ ඇතිවූ කෝපය නිසා අහිංසක ද්‍රවිඩ වැසියකුට වෙඩිතබා මරා තවත් අයට වෙඩි තබන්න සූදානම් වුණා. ඒ කඳවුර භාර නිලධාරියා ඒ සෙබලාට අවවාද කලත් ඇහුවේ නෑ. ඒ නිසා ඔහුට වෙඩි තබා මරා දමන්නට අර නිලධාරියාට සිදුවුනා. කරුණාකර හිතේ එකක් තියාගෙන තව එකක් ලියන්න එපා. හමුදාව ගැන ලියනවානම් නොබියව ලියන්න. නැත්නම් මේ වගේ විකාර නොලියා ඉන්න.

      ඔබ ගෞරව කලයුත්තේ මගේ සේවා කාලයට නොවේ. මා විසින් යම් සේවයක් මේ රටට කර ඇතැයි ඔබ විශ්වාස කරන්නේ නම් අන්න ඒ සේවයටයි.

      Delete
  11. නිහිංසා මේක මීටත් වඩා විග්‍රහ කලයුතු දෙයක් විදියට තමා මටනම් හැගෙන්නෙ.ප්‍රථමයෙන්ම කල යුත්තේ සෙබලෙක් යනු කවරෙක්ද යන්න විග්‍රහ කිරීමයි. ඉතින් එය විග්‍රහ කිරීමෙන් පසුව ඔය කියන්නා වූ දේ හා සම්බන්ධ අනෙකුත් විස්තරයන් පෙළ ගස්වන්නෙනම් මැනවැයි මා සිතමි. පළමුව සෙබළෙක් යනු කවරෙක්ද යන්න පිළිබද විමසිය යුතුය යන්න මගේ නම් හැගීමයි.මංකොල්ල කාරයො දූසකයෝ වංචාකාරයෝ ගැන පසුව ඒ හා සම්බන්ධ කරගෙන කතා කිරීම මැනවි.කරන්නන් වාලෙ මාස කීපයක යුධ පුහුණුවක් ලැබූ පමණින් ඔහු හෝ ඇය සෙබළෙක් සෙබලියක් නොවේ. අප විසින් පළමුව එය වහා ගැනීම කාලෝචිත යැය් මගේ හැගීමයි. මේ මාගේ අදහසක් පමණී. ස්තුතියි ඔබට

    ReplyDelete
  12. ඇත්තෙන්ම ඔබේ කතාව මා පිලිගන්නවා. සහෝ..... මොකද මා මේ දේවල් දැඩිව විග්‍රහ නොකළේ, ඒකෙ බලපෑම අපේ සෙබලුන්ටමයි. මං කියන්න අකමැති දේවල් සමහර ප්‍රතිචාර ඔස්සේ කියවුණා.

    මේ post ඒක ලියන්න හේතු වුනෙත් අර ඇල්පිටියේ කතාව නිසයි. ඒක හරිම සංවේදී කතාවක් මොකද අපිට කෙලින්ම ඇගිල්ල දිගු කරන්න බැ, ඒ සෙබළාට . මං ඔහු ගැන දුක් වෙනවා. එවැනි තත්වයක් උදා කර ගත්තට.

    අනෙක් ක්‍රියාකාරකම් ..... මට මගේ කනට ඇහිච්ච දේවල්. ඒ දේවල් මං යතානුරුපිව විග්‍රහ කලා, මිසක් ප්‍රබුද්ධත්වයක් අරුඩ කරගෙන ලිව්වේ නැ.

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete