Wednesday, May 28, 2014

සිහිනයක් වූ නුඹ ....



වරෙක නුඹ මට කවියක් විය .....
ජීවිතය පුරා නින්නාද වන .....
ගීතයක් තරම් මියුරු විය .....
දෙසවන් වැකුණු ඒ ගී හඩ අසන්න
කොතෙක් මා ප්‍රියවිද .....

සිහිනයෙන් මෙන් නිබද ඇසෙන
ඒ ගී රාවය ...... බොහෝ නිමේශයන්හි
ම'සිත පෙලනවා ඔබ සිහිවී ......
සැනෙකින් .... ඔබේ රුව

බොදවූ මතකයෙන් එබී බලනවා ....
ඒ සිහිනයක්දයි කියා මට සිතෙනවා .....
එනමුදු මට හැගෙනුයේ
නුඹට වඩා සිහිනය ...... සුන්දර වූ වගයි .....

24 comments:

  1. සිහිනය සුන්දරයි...
    සතුට විතරමනෙ තියෙන්නෙ...
    ඒත් සිහිනය සැබෑවට සසදන්න ගියාම හරි හීන හැබෑකරගන්න ගිහාම හරි වෙන්නෙ සතුට නන්නත්තාර වෙන එක

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්...... මහේෂ්.....

      Delete
  2. සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදි නොවී ඉන්නම්.

    ලස්සන නිර්මාණයක්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. කවදාක හරි අවදි වෙනවා..... සොමියෝ......

      Delete
  3. Replies
    1. ස්තුතියි....... මිතුර....

      Delete
  4. මට මතක් වුනේ සිහිනෙන් ඔබ මට පෙනෙනවානම් ගීතය

    ReplyDelete
    Replies
    1. හැමෝටම මතක ඒ ගීතය..... ඉවාන්.....

      Delete
  5. ඇත්තෙන්ම හැබෑවට වඩා සිහිනය සුන්දරයි.

    ලස්සනයි නිහංසා.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම..... ඔව් ... ප්‍රියා.....

      Delete
  6. සිහින සුන්දරයි
    එක හැබෑ කර ගන්න කන කට්ට තවත් සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. සිහින ...සිහිනම පමණයි..... ඒකයි කට්ට..... මනෝජ්....

      Delete
  7. මගෙ සිහිනය මට දකින්න ... ඉඩ හරින්න
    ඒ සිහිනෙන් මා මුදන්න ... ළං නොවන්න

    ReplyDelete
    Replies
    1. මේ සින්දුව නම්......මං කිව්වේ ඉස්කෝලේ යන කාලේ .......පත්තර මල්ලි.....

      Delete
  8. සිහින සුන්දරයි.. ඒකනේ මම සිහිනට ආදරේ කරන්නෙත්..

    ReplyDelete
    Replies
    1. මං දන්නව.... ඔයා සිහිනත් එක්ක ජිවත් වෙන බව....දිනේෂ්.....

      Delete
  9. සිහිනය සිහිනයක් බවත් හැබෑව හැබෑවක් බවත් අවබොද කරගත්තෙනම් සිහිනයත් හබෑවත් දෙකම රසවිදිය හැක නතිනම් විදවිය හැක...

    ReplyDelete
    Replies
    1. ඒ හින්ද තමයි....... හින දකින්න විතරක් ආස.....shagiyo......

      Delete
  10. සුපිරියි ඔබෙි හැකියාව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...... ඔබට මගේ කවිය අගය කලාට.....සංජීව....

      Delete