Thursday, May 22, 2014

අපරාධ පාලනය කරන පාත්ත පොලිසිය


             චීනයට මුහුණ දීමට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයකි අපරාධ පාලනය . මෙම අපරාධ පාලනය කිරීම සදහා චීන පොලිසිය සම්ප්‍රධායික හා සම්ප්‍රධායික නොවන ක්‍රමද භාවිතා කිරීමට උත්සහ ගෙන ඇත . මේ අනුව චීනයේ සින්ජියන්ග් ප්‍රාන්තයේ අපරාධකරුවන් අල්ලා ගැනීම සදහා , එහි පොලිසිය අළුත් නිලධාරීන් පිරිසක් යොදවා ඇත . එම නිලධාරීන් නම් 20 දෙනා බැගින් වූ පාත්තයන් කණ්ඩායමකි . මෙම වසර මුලදී ඇරඹි , පාත්ත පොලිසිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව චීනයේ 'ද පීපල්ස් ඩේලි' පුවත්පත වාර්තා කරයි .

                  පාත්තයින් කුකුළු පවුලට අයිති වන අතර , ඉතා හොද සෝදිසි මට්ටමක් ඇති , තියුණු ශ්‍රවන තත්වයක් ඇති සත්ව විශේෂයකි . මෙම තීක්ෂණ සංවේදී , එඩිතර සත්වයින් සින්ජියන්ග් ප්‍රාන්තයේ අපරාධ පාලනය කිරීමට මහත් දායකත්වයක් දක්වයි . බල්ලන්ටත් වඩා සුවිශේෂී හැකියාවක් මොවුන් පෙන්වයි . දැන් මුළු චීනය පුරාම පාත්ත පොලිසිය යෙදවීමට සාකච්චා මට්ටමේ පවතින බව හෙළිවේ .

         මෙම පාත්තයින් සතුරා දුටු විට පහර දීමට තටු විහිදා සටන පටන් ගනී . හරියට විදුලි බලය හෝ වෙනයම් බලශක්ති ප්‍රභවයකින් තොරව රේඩාර් යන්ත්‍රයක් වගේ ක්‍රියා කරයි . මෙම පාත්ත පොලිසිය නිසා , කලබලකාරී සින්ජියන්ග් ප්‍රාන්තයට ආරක්ෂාකාරී භාවයක්  ලබාදී ඇත .

                 පසුගිය ජුනි මාසයේ පොලිස් මුලස්ථානයට කඩා වැදී පුද්ගලයකු , මෝටර් සයිකලයක් පැහැරගෙන යාමට තැත් කරද්දී , එම සොරා අල්ලා දීමට පාත්ත පොලිසිය සමත්වී ඇත . මේ අනුව බලන විට සතුන්ගෙන් සිදුවන ආරක්ෂාකාරී සේවාව අතීතයේදී මෙන් නවීන යුගයේදීද වැදගත් බව පෙන්වා දී ඇත . ලෝකය සමග අප ඉදිරියට ගියාද නැතහොත් නැවතත් අතීතයට පුනරාගමනය කලාද යන්න සිතා ගත නොහැක .

27 comments:

  1. අපේ අය මේක දැක්ක ගමන්ම ලංකාවට චීනයෙන් පොලිස් පාත්තයො ආනයනය කරන්න හදනව.. ඒ නැතති චීනෙ යන්න ටුවර් එකක් දාගන්නව ඔව්... ඒක සුවර්

    ReplyDelete
    Replies
    1. පාත්තයන්ගේ පිහිටෙන් කාට හරි ගොඩයන්න පුළුවන්, මේ වැඩේන්. නේද....? මහේෂ්...

      Delete
    2. පාත්ත පොලීසි වලට වඩා කාන්තා පොලීසි අවශ්‍යයි.

      Delete
    3. එකත් තියනවනේ වනිතා අක්කේ.

      Delete
    4. කාන්තාවෝ ඉන්නවනේ හැම ආරක්සක අංශයකම. ඒවුනාට වෙන්නේ උන් මනදොල පිනවන්නියන් වීමනේ වනිතා

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
  2. මෙහෙ ඉන්න පාත්තයෝ ටික චීනෙට විකුන ගත්තනං හොද ගානක් හොයාගන්න තිබ්බා... හැක්...
    (දැං පාත්තයොත් ගනං උස්සයි ද දන්නෑ නිකං කිඹූල් හූනෝ, අැලි කැස්බෑවෝ වගේ..)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉස්සරහට කරයිද දන්නේ නැ.... පාත්තයෝ ඉන්නවද ගමේ....?

      Delete
  3. ලංකාවෙත් එහෙම කලානම් හවසට කට්ටිය බයිට් එකට අරන් යයි.

    ReplyDelete
    Replies
    1. එකත් කියන්න බැ..... හොද බයිට් එකක් හින්ද. හොදට බිල ඉන්න වෙලාවට

      Delete
  4. අපරාධ වැලැක්වීමට කාන්තාවන්ටත් අවස්ථාව දියයුතුයි.

    ReplyDelete
  5. දීලනේ තියෙන්නේ වනිතා අක්කේ. ඔය ඕනෑතරම් කාන්තාවෝ ගේමට බැහැල ඉන්නේ. අපේ ලංකාවේ

    ReplyDelete
  6. චීනෙ නේ. එහෙනම් ඉතිං ළගදිම මෙහෙත් ශුවර්. :)

    ReplyDelete
    Replies
    1. බල්ලෝ ඇරුනම තාම පාත්තයෝ ගැන අදහසක් නැනේ. ප්‍රියා

      Delete
  7. චීනෙන් ඔක්කොම ලංකාව ලැබෙන එකේ මේකත් ලැබෙයි එහෙනම් ටික දවසකින්.. මිනිස්සුන්ට වැඩිය විමසිලිමත් බව වැඩියි නේ සත්තුන්ගේ බලන් යද්දී..

    ReplyDelete
    Replies
    1. ලංකාව මේක ආදර්ශෙට ගනීවි..... සත්තු කොහොමත් අපට වඩා විමසිලිමත්, ඉවත් හොදයි දිනේෂ්....

      Delete
  8. අපේ ඉන්න පාත්තයෝ ටික තිතට වැඩේ කරන නිසා උන්ගේ ජොබ් නැති කරල චීන පාත්තයෝ ගේනන බෑ.. ඔව් ඉදගෙන..

    ReplyDelete
    Replies
    1. ඔව්..... නේ ඉස්සෙල්ල අපේ පාත්තයන්ට , තැන දෙන්නා කියමු.....

      Delete
  9. ලංකාවටත් පාත්තයෝ ගෙනාවනම් හරි, ඉන්න කලවැද්දො ටික්ස් එලවල දාල.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉන්න ටික්ස් කවුද...? මනෝෂ්....

      Delete
    2. \\කලවැද්දො ටික්ස්//

      කරුණාවෙන් සලකන්න.. එය මුද්‍රණ දෝශයකි.... "කළවැද්දො ටික" කියල කියවන්නකො.

      Delete
  10. ඔය පාත්ත පොලිස් කාරයින්ට බැහැනේ සැකකරුවන්ට ආයුධ පෙන්වන්න එක්ක යන්න.එක නිසා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. පාත්ත පොලිස් , ආයුධ පෙන්නන්නේ නැ....... දුටු තැන පහර දෙනවා විතරයිලු. මනෝජ්....

      Delete
  11. පාත්තයෝ පොලිසියට ගත්ත කියලා දැන් ඉන්න පොලිසියේ පාත්තයෝන්ට වඩා වෙනසක් නැතිවෙයි

    ReplyDelete
  12. ඒ මොකද අනේ එහෙම කියන්නේ....?

    ReplyDelete
  13. පාත්ත පොලීසිය මරුනේ එහනම්, ලංකාවට දැම්මනං ආයි නිකන් පස්ස පැත්ත නලො නලො යයි අර පාත්ත ගමන් විලාසෙන්ම :D. එක දැක්කම ඉතින් අපරාධ ක්‍රියා අඩු වෙනවා ඇති නේද? නියම ලිපිය. අලුත් දෙයක්.

    ReplyDelete
  14. හිත හෙල්ලෙන දේවල් දැක්කම අපරාධ අඩුවෙයිද...? පාත්තයන්ගේ ගමන් විලාශය නම් ලස්සනයි. ඒත්..... කවුද හිතුවේ.... මේ ගොල්ලොත් ගේම් කාරයෝ කියල.... සොමි......

    ReplyDelete