Friday, May 30, 2014

කුණු නිසා නගරාධිපතිට ගෙදර යන්න වෙයි.

                 කුණු නිසා ගෙදර යන්න වුන නගරාධිපති කෙනෙක් ගැන කොලොම්බියාවේ බොගෝට අගනුවරින් වාර්තා වේ. සිද්ධිය මෙසේය.බොගෝට අග නගරයේ එකතුවන කුණු නිසි අයුරින් කළමනාකරණය නොකිරීම හේතුවෙන් ජනතා චෝදනා ලැබූ නගරාධිපති ගුස්ටවෝ පෙට්‍රෝ හට මෙලෙස සිය තනතුර අහිමි විය. එම හේතුවෙන් ඔහුට ඉදිරි වසර 15ක කාලයක් දේශපාලනය කිරීමද තහනම් විය. ලබන වසරේ කොලොම්බියාවේ පැවැත්වෙන ජනාධිපතිවරනයටද ඔහු සාභාගී වීමට තිබියදී, මෙලෙස කටයුතු සිදුවිය.
                කොලොම්බියාවේ තත්වය මෙසේය.ජනතා විරෝධයට එරට පාලකයන් හිස නමයි. තමන්ට කරන්න බැරි නම් ඒ බව තේරුම් ගනියි. එය අප අගය කල යුතු ක්‍රියාවකි.තනතුරක වගකීම් දරන්නට බැරිනම් , හැකි කෙනෙකුට එම තනතුර ලබාදීම රටට කරන සෙතකි. තුන්වන ලෝකයේ රටක් වන කොලොම්බියාව සිය ඉදිරි ගමන මෙලෙස හැඩ ගන්වා ගැනීම, සෙසු රටවල් වලටද ආදර්ශයකි. බල ලෝභය නොතකා, රටක් ලෙස ජනතා මතයට ගරු කිරීම ප්‍රශංසනීයය.

20 comments:

  1. ආදරශවත් ක්‍රියාවක්. දැන් කොළඹ නගරයේ සංවර්ධනය වූ පැතිවල කුණු තිබුණොත් ඒ පෙදෙස බාර පොලිස් ලොක්කට ලෙඩේ. මහරගම පොලිස් ලොක්කෙක් මේ කුණු හන්දා ඇත පළාතකට මාරුත් කළා මේ මෑතකදී. පාාරිසරික පොලිසිය කෙලින්ම මේවට වග කියන්න ඕන. එය හොද කටයුත්තක්.

    ReplyDelete
    Replies
    1. හැමෝම තම තමන්ගේ වගකීම් ඉටු කරනවා නම්, කිසි ප්‍රශ්නයක් නැ. මෙතන වෙලා තියෙන්නේ අනුන්ගේ කුණුත් අදින්න වෙච්ච එකනේ. කුණු ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැ. සැම කෙනෙක්ම තමන්ගේ කුණු කළමනාකරණය කර ගත්තා නම්..... නලින්....

      Delete
    2. නිෂ්පාදන ආර්ථිකයක් නැති රටකට එය කළ හැකි ආකාරය පහදන්න

      Delete
    3. ඔව්..... නලින් නිෂ්පාදන ආර්ථිකයක් අපට සම්පුර්ණයෙන්ම නැ.... ඒත් තරමක් තියනවා. කුණු කළමනාකරණය ගැන ලොකුවට හිතන්නේ නැතුව, තමන්ට පුළුවන් උපරිමයට , පුද්ගලිකව මේ දේ කල හැකියි.හැකියාව තියනවා. දැනුම මදි කමයි තියෙන්නේ. මේක කරන්නේ කොහොමද කියන එක, නිෂ්පාදන ආයතන සතුව මේ සම්බන්ධව, රජය අනුමත සැලසුම් තිබිය යුතුයි. මුලික හේතුව පොදු සැලැස්මක් නැ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට කළමනාකරණ ප්‍රතිපත්තිය වෙනස්.

      දැනට ,සමහර ආයතන වල කුණු.... තවත් ආර්ථික සම්පතක් කරගත් අවස්ථා තියෙනවා. ඒ සදහා , රාජ්‍ය නොවන සංවිධාන වලින් උපකාර ලැබිල තියනවා, ඉතින්.... කුණු සදහා අපේ ප්‍රාදේශීය සැලැස්ම අපටම සකස් කරගත හැකිනම් ..... මං හිතන්නේ මේ ප්‍රශ්නය අපට විසදා ගන්න බැරි වෙන එකක් නැ.

      Delete
  2. කෝච්චි දෙකක් මූනට මූන හැප්පිලත් අපේ ඇමතිලා නම් නිර්දොශි..

    ReplyDelete
    Replies
    1. අපෝ..... මෙහේ ඇය වගකීම ගන්නෙත් නැ...... අස් වෙන්නෙත් නැ. ෂගියෝ..... හැමෝටම මොනවා හරි හේතු තියනවා.

      Delete
  3. ඔය අඟරු ලෝකේ තියෙන කොලොම්බියාවේ වෙන්ටති, මොකද මේ ලෝකේ තියෙන්නේ ලංකාවේ ඇතුලෙනේ, එකේ අයියලාට ලෝකේ කොහොම උනත් මොකද.

    ReplyDelete
    Replies
    1. ලෝකෙන් හරි කමක් නැ. අපේ අයට ගන්න පුළුවන් ආදර්ශ ගන්න ඕන. මේ වගේ post දාන්නෙත් ඒකයි..... කාගේ හරි දිහා බලලා හැදෙන්න.

      Delete
  4. කවුද ඔය මෝඩ නගරාධිපතියා , සෙල්ලං පිස්තෝලයක් වත් නැති එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. එහේ සෙල්ලන් ඒවා නැනේ .... තියෙන්නේ ඇත්ත ඒවා....ඉවාන්..... වන් ෂොට් ......

      Delete
  5. ඒ රටවල් වල තියෙන සම්‍ර්දායවල් නේ ඒ. අපිට කොයින්ද බූල් බල්ලෝ..

    ReplyDelete
    Replies
    1. ඔයා සම්ප්‍රධායවල් එදත් අපේ රටේ තිබිල තියනවා. ඒත්,,,,,, රාජසිංහ යුගයේ ඉදල පටන් ගත්ත පාවාදීම් නිසා. ඕන කෙනෙකුට අවශ්‍ය පරිදි සම්ප්‍රධාය කඩන්න පුළුවන්, අළුත් ඒවා ගේන්නත් පුළුවන්..... දේශක තුමනි.....

      Delete
  6. රටේ මිනිස්සු ආත්මාර්තකාමී
    නැත්තං කුණු ප්‍රශ්න නෑ..
    තමන් ගැන විතරක් නෙවේ තමන්නෙ ආත්මාර්තය නිසා වැනසෙන පරිසරය ගැනත් හිතුව නං පස්න නෑ

    ReplyDelete
  7. ඔව් මහේෂ්....මේ වෙනකොට කුණු වල අතුරු ප්‍රථිපලයක් ලෙස ඩෙංගු රෝගයත් ව්‍යාප්ත වෙලා. අපේම ඇය මැරෙනවා. මේ ආත්මාර්තකමේ ප්‍රතිපල. පරිසර හානි, මනුෂ්‍ය හානි ගැන හැගිමක්වත් නැ.

    ReplyDelete
  8. ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ නිහිංසා.....
    එයාල නිතරම කියන්නෙ ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනව කියල නොවැ ....
    කෝ.....සාක්ෂි.....ඔප්පු කොරන්න.....?

    ReplyDelete
    Replies
    1. හැමදාම තියෙන්නේ නිහඩ සාක්ෂි විතරයි..... එකත් ලංකාවේ සම්ප්‍රධාය. කෙන්ජි......

      Delete
  9. ශික් ලැජ්ජා නැති මිනිස්සු. මුන් තනතුරේ නමත් කනවා.

    ඒකට අපේ උන්… කොයි තරම් දියුණුද?

    ReplyDelete
  10. අපේ අය හරි දියුණුයි..... තනතුර කොයි ආකාරයකින් හරි රැක ගන්න දන්නව...... ප්‍රියා

    ReplyDelete
  11. අපේ කුණු අයින් කරලා කොහොමද?ඊට පස්සේ රටේ දේශපාලනේ කරන්න එකෙක්වත් නැති වේවි.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ දැන් ඉන්නේ ඔක්කොම කුණු කියලද.....? මනෝජ්.....

      Delete