Saturday, May 10, 2014

සමුගත් පෙම්වත .....



දුරු කතර ගෙවා .... මරු කතර සොයන් .......
ඔබ මං ලගට ආවේ 
සංසාර පුරුද්දටදෝයි මට හිතුන.........

ගිය  ආත්මයෙත් අප හමු වන්න ඇති .....
මේ ආත්මයෙත් හමු වූ සේම......

දෑසින් දෑසට ලංව බලන් අපි ...

පැතුවා පැතුමක් දැගිලි බදිනට ....

දැල්වෙන නියෝන් එලි අතරින් ....

තාරුකා ඇස් දිහා බලාන

අපි අපේම වන්නට පැතුවා .....

නොපුරුදු පුරවරයේ ..... දළ රළ පෙළ අතරින් .........
සිතල සුළගට මුසුව ......

අරලිය මල් සුවදක් හැමුවා .....

කන කොක් හඩ  තලමින්...... විකල් සිහින මැද 

ඉගිලෙන බමන සලෙලුන්

නුබ මගෙන් ඇතට රැගෙන ගියා .....

මදැස් ......ඉදිරිපිට අඩපන වූ නුඹ සිරුරෙන්
අවසන් සුසුමත් සිතල සුළගට මුසු ඌවා ...

කියන්  පෙම්වත නුබ මට අහිමි කල හැටි .....

ඉසිබුලන හෝරාවේ මන්මත්ව  බමන රැල ....
බියකරු ශාපයකින් මා ගත වෙලාන......
ඉවතළු කෙල පිඩක් සේ.....
හපකර රුදුරු වෙස් ගෙන
යන්න ගියා හඩ තලමින්.........

අල්තාරේ අත ගසා.......මං ඉල්ලනවා දෙවියන්ගෙන්
යුක්තිය ඉටුකර දෙන්න කියා.......
බලන් ඉන්නවා හෙට දිනේ
විපරිත වූ දෑසින්.....
මගේ සද මා ලගට එනතුරා......
ඒත්.......  ඔවුහු .......
ශාපලත් දේශයක ඔටුනු පලදියිද හෙට ....

නුබ අහිමි කල යුක්තිය මට
මතු සසරේදිවත් පිහිටක් වෙයිද .....?

17 comments:

  1. මරුනෙ! නිහිංසටත් ගරි අපූරුවට කවි ලියන්න පුලුවන්නෙ. හරිම ලස්සනයි. දිගටම ලියමු.

    ReplyDelete
  2. ස්තුතියි ...... මනෝ.......මං ඉස්සෙල්ලම ලියන්න පටන් ගත්තෙත් කවි..... ඊට පස්සේ නිසදැස්.,ඊටත් පස්සේ අනෙකුත් දේවල්....

    ReplyDelete
  3. වෙනස නම් හොදයි ...දිගටම මේ වගේ එවත් ලියමු

    ReplyDelete
  4. කලින් publish කරලා ඇති සහෝදර.......

    ReplyDelete
  5. ෂහ් නියමයිනේ...

    දිගටම ඔහොම යං..

    ජය වේවා!!!

    ReplyDelete
  6. ලස්සනයි, අමුතුම ආරක නිසදැස් නිර්මානයක්, ඉස්සරහටත් මෙවැනි නිර්මාණයන් කරන්න ජය වේවා.

    ReplyDelete
  7. ස්තුතියි..... මිතුර ....

    ReplyDelete
  8. දෙවියන් කැමතියි යුක්තිය ඉටු කරන්නට ,නමුත් මිනිසුන් දැන් දෙවියන්ට වඩා බලවත් , දෙවියන්වත් ගණන් ගන්නේ නෑ. යුක්ති රුක් විය යුතුයි කියන තැනට ආකල්ප හැදෙන තුරාවට මෙවන් කතා අසන්නට ලැබෙයි, අහිමි වූ යුක්තිය කවියකට කැටි කල ආකාරය අපුරුයි

    ReplyDelete
    Replies
    1. ඔයාට තේරුණා ඉවාන්.... නිසදැසේ අන්තර්ගතය . වර්තමාන සමාජයේ තාමත් නොවිසිදුනු ප්‍රශ්නයක් මේක....... අපි සැවොම බලන් ඉන්නවා, යුක්තිය ඉටුවෙන තුරු..... ස්තුතියි...... ඉවාන්.......

      Delete
  9. ස්තුතියි...... චතු.....

    ReplyDelete
  10. අහ්, මරු මරු..මේකේ පොඩි ගතියක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .... දිනේෂ්.....

      Delete
  11. ගෙත්තම ලස්සනයි. උත්තර දානකොට රිප්ලයි කියන එක මත ක්ලික් කර එන කොටුවේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්..... ඔන්න එහෙම කරා....

      Delete