Thursday, May 8, 2014

සොදුරු දස්කම් පසුපස එන අවාසනාව

              සොදුරුතම තාරුණ්‍යයේ ස්වභාවධර්මයා අපට කොතෙකුත් දස්කම් දී ඇත. විටක එය ආශීර්වාදයකි. වෙස්වෙලාගත් අභාග්‍යක අදුරු සෙවනැලි ඒ තුල ගැබ් උනේ කෙලෙසින්දයි, කිසිදාක අපහට නොසිතේ. පිනුම් ගසන තාරුණ්‍ය හැකියාවලින් පිරිපුන් වනවිට එයින් ප්‍රොයෝජන නොගන්නා කිසිවෙකුත් ඇත්දැයි සිතේ ......... ඉරණම් ගමනක නැවතුම් පොළක් ළග, උන්මාදනීය වන රුවැත්තියන් පවා සියතින්, ගෙල සිද ගන්නේ සිය අපුරු දස්කම් විදහා පාන්ට ගොසින්ය. ඔවුන්ට එසේ වන්නේ ඇයි දැයි පැහැදිලි නැත. යන ගමනේ වරදක් නැත. එහෙත්, වරද කොතැනකදැයි, කවුරුවත් දන්නේදැයි විමසා බැලීමක් කරමු. 
                    ..... කැමරුන් බේ ඇය ජත්‍යන්තර සිනමාවේ සිටි නිලියක් , ඇය රුපවාහිනී සංවාදයකදී , කදුළු සලමින් කියා සිටියේ තමා සිටි සුන්දර අතීතයෙ  රංගනය හා බැදුණු ක්‍රියාකාරකම් ගැන දැන් දුක්වන බවයි. හේතුව මේ වන විට ඇය, HIV වයිරස් අසදිතයෙකි . මේ එක් ප්‍රකාශයක් පමණි. තරුවක් වූ ඇය, අද වනවිට දුක්ඛිත ජිවිතයක් ගත කරයි. අපි ඇය වැරදි යයි කියන්නේ කෙසේද......? තවත් ලාංකීය  සුන්දරියන්ගේ ප්‍රකාශ තුලද මේ වන විට මෙවැනි අනුවේදනීය කතන්දර හෙළිවෙමින් පවතී . ඔවුහු සිය අතීත ක්‍රියාකාරකම් වල බරපතල තත්වය ,  අද වනවිට අත්  විදින්නේ ඔවුන්ට කිසිවක් කරකියා ගත නොහැකියාවෙනි. 
                  තාරුණ්‍ය ඉක්මවූ පසු, කවුරුත් ගණන් නොගන්නා තත්වයකට පත්වන ඔවුන් , පෙරදී තරුවක් වුවත්,හැගී යන්නේ  සමාජ පිළිකුලට ලක්ව ඇති බවය. රංගනය කොතෙකුත් ගව්රවනිය උවද, දේවත්වයෙන් සැලකුවද, ආසියානු  කාන්තාවන්ට නම් මෙය සාමාන්‍යකරණය නොවන බව , මෙවැනි උදාහරණ තුලින් වටහාගත යුතුය. ලංකාව පසුබිම් කරගත හොත්, මෙවැනි තත්වයක් උද්ගතවූ එක් තරුවක්, සමාජ ප්‍රතික්ෂේපය නිසා, ලංකාව හැර ගියාය. තවත් තරුවක්, සියල්ල හැරගිය පසු හා සිය පවුල තුලද තනිව් දිවි ගෙවන්නේ, අතීතයට ශාප කරමිනි. ඔවුන්ට විවාහ පවා කරගත නොහැකි තත්වයට ලක්ව ඇත්තේ, පෙර ක්‍රියාකාරකම් හැමෝම දන්නා නිසාවෙනි.
              මේ සටහන එවැනි නිරුපනයේ යෙදෙන අයට කරන ගැරහීමක් නොව, අස්වවැසිල්ලක් හා යථාර්තය අවබෝධ කරවන්නකි. අප යමක් ඉගෙන ගත යුත්තේ අන් අයගේ අත්දැකීම් පාදක කොට ගෙනය. සිතා මතා, කිසිවකුත් වැරදි පාරක නොයන්නේය. මුදල....... පදනම් කොට තාරුණ්‍ය අහිමි කර නොගන්න. ජීවිතය සමබරව විදින්න පුළුවන් තරුවක් වන්න. හඩමින්, තැවෙමින් අතීතය මෙනෙහි කරන. තැනට පත් නොවන්න. රෝමයේ සිටි ....... නම් රෝමවරු මෙන් ජිවත් වන්න යයි පැරණි කියමනක්ද ඇත්තේ, මේ නිසාය. අපි ලාංකිකයින් නිසා අපේ සංස්කෘතියට අදාලව හැඩ ගැහෙන්න. මෙය අපේ අදහසක් නොවුනත්, අප අසියතිකයින් වීම, රෝමය තරමටම බලවත් වේ.පෙර අපර දෙදිගම ජිවත් වන්නේ මනුෂ්‍ය හැගීම් ඇති මනුෂ්‍යන් බව සිතිය යුතුය.තම  සියළු ක්‍රියාකාරකම් ගැන වැටහීමෙන් ජිවත් වන්න.  
           මෙම සටහන පාදක වුයේ එක් නිලියක් , පුවත් පතක් සමග කල සාකච්චාවක් පදනම් කර ගනිමිනි . මා මෙයින් ඔබට දෙන පණිවුඩය නම්.... තාරුණ්‍ය අර්ථයක් ඇතිව ජිවත් වෙන්න. වර්තමානයේ අපගේ සියළු ක්‍රියාකකාරකම් වල වගකීම අප සතු වනවා සේම.  අනාගතය විදවන තැනට පත් නොවන්න. මේ ඇයගේද ප්‍රාර්ථනාවයි.

29 comments:

  1. මට නම මතක නෑ කාමිණී වගේ මතක. විශේෂඥ වෛද්‍යවරියක්. එයාට ඒඩ්ස් හැදුනා වැරදි ලේ හුවමාරුවකදී. ඇය එයින් පසුව සමාජය වෙත ගොස් ඉතා විශාල සේවාවක් කළා...

    ReplyDelete
    Replies
    1. ඔව්.... දේශක තුමනි.... එය සිදු වුයේ ඇගේ වරදකින් නොවේ..... ඇය ගව්රවනිය කාන්තාවක්.....

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බොල... බොරු කියන්නේ

      Delete
    2. ගංජා ගහලද මේ සහෝදරයා..

      Delete
    3. හරිහරි බොලව් කාටත් වැරදෙනවා තමයි ඔන්න.අයින් කරා

      විදානේ මං තිත තිබ්බා දැන් ඔවා දිහා බලන්නෙවත් නෑ ....එකේ පින තමා ඔය පල දෙන්නෙ

      Delete
    4. ගණන් ගන්න එපා සහෝදර .......

      Delete
  3. අනාගතය ගැන නොසිතා වර්ථමාණයේ හැසිරෙන උදවියට මෙම තත්වය උද්ගත වෙනවා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මැරෙනකන් කාන්තාවන් ගව්රවනියව ජිවත් විය යුතුයි.....

      Delete
    2. කාන්තාව පමණමද මැරෙනකන් ගෞරවයෙන් ජීවත් විය යුත්තේ? ප්‍රශ්ණයක් නේද

      Delete
    3. කලබල නොවන්න මිතුර ..... කාන්තාව ගව්රවනිය වුවහොත් පමණයි ......පුරුෂයාට කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් වන්නේ. නැත්නම් ඉතින් ඝට්ඨන තමයි. මේ යුගලයම එක වගේ වැදගත්. සාඩම්බර ජීවිතයකට. මොකද .... සැම සාර්ථක මිනිසකුගේම පිටි පස්සේ ඉන්නේ හොද භාර්යාවක්.

      Delete
  4. විවාහ වෙනකන් ලිංගික හැසිරිම් ස්වයං වාරණයකට ලක් කර ගැනිමත්, විවාහ වු පසු තම සහකරුට හෝ තම සහකාරියට පමණක් ලිංගික ක්‍රියාකාරකම් සීමා කිරිම තුලින්ම පමණයි එය වලක්වාගත හැකිවන්නේ නිහිංසා

    ReplyDelete
    Replies
    1. කාන්තාවන් ස්වයං වාරණ පනවා ගත යුතුයි..... අභියෝග වලට මුහුණ දීමේදී....

      Delete
  5. මේවාට කෙනෙකුගේ වාසනාව/අවාසනාවත් බලපානවා. නමුත් වගකීමෙන් හැසිරීම තුලින් ඔබ කියන තත්වයෙන් ගැලවෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදික...... වාසනාව අවාසනාවත් බලපානවා.......

      Delete
  6. // අපි ලාංකිකයින් නිසා අපේ සංස්කෘතියට අදාලව හැඩ ගැහෙන්න. මෙය අපේ අදහසක් නොවුනත්, අප අසියතිකයින් වීම, රෝමය තරමටම බලවත් වේ.පෙර අපර දෙදිගම ජිවත් වන්නේ මනුෂ්‍ය හැගීම් ඇති මනුෂ්‍යන් බව සිතිය යුතුය./// මොකක්ද නිහිංසා සංස්කෘතිය ? sri ලංකාවේ ?

    ඔබේ හැම ලිපියක්ම සමාජයට පණිවිඩයක් දෙන එකක්, ස්තුති ඒ වගේ දේවල් ලියනවට.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සංස්කෘතිය මෙන්න මේක කියල පෙන්නලා නැ. ඒත් ...... අතීතයේ සිට අපි අපට පනවා ගත් නීති තියනවා, කිසිදු න්‍යායක සදහන් නොවුණු , ඊට අමතරව රීති තියනවා, කලයුතු හා නොකළයුතු දේ ගැන, මේවා තමා මං දකින සංස්කෘතික සිමාවන්, මේවා පිළිපදින්න කියල කාටවත් බල කරන්න බැ. ඒත්..... මං හිතනවා, මේ තුල යම් සමාජ පාලනයක් ඇතියි කියල. ශ්‍රිලංකාවේ සංස්කෘතිය දැන් එදා වගේ නොවේ, ඒත් කාලීනව වෙනස් උනා කියල ගැටළුවක් නැ. කාටවත් කරදරයක් නැතිව ජිවත් වනවා නම්. මං හිතනවා, අපේ සංස්කෘතිය මේක කියල. ගැටීම, සහ බිද වැටීම් අවම වීම තමයි අපේ සංස්කෘතියෙන් බලාපොරොත්තු වෙන්නේ.
      නංගෝ......මං කැමති සංස්කෘතිය ගැන තමයි මේ ලිව්වේ......ඔයාටත් ස්තුතියි ..... මාව දිරිමත් කලාට.....

      Delete
  7. අපිට හැඟීම් වලක්වන්න බෑ.. ඒත් වගකීමෙන් හැසිරෙන එක පුරුදු වෙන්න පුළුවන්.. එතකොට ඇත්තටම මේ ප්‍රශ්ණ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව්.... දිනේෂ් මෙය බුද්ධිය හා හැගීම් අතර ඝට්ඨනයක්.....

      Delete
  8. මේ ප්‍රශ්නෙ බොහෝවිට එන්නෙ කාන්තාවන්ට. මිල මුදල් යස ඉසුරු, යානවාහන, ජනප්‍රියත්වය වැනි අතිශය තාවකාලික සාධකයන්ට තමන්ගේ ආත්මය පාවා නොදීමට තරම් ඇයට කොන්දක් තිබිය යුතුයි. ඇය බුද්ධිමත් විය යුතුයි. කාන්තාවක් කියන්නෙ අසීමිත වටිනාකමක්. ඇය ඒ වටිනාකම දිවි හිමියෙන් රැකගන්නවනම්..

    ReplyDelete
    Replies
    1. කාන්තාවකගේ වටිනාකම ....කාන්තාවන් රැක ගත යුතු නිසයි..... මේ විදියට ලිව්වේ. මුදල මත ජීවිතය පාවා නොදීම නොකළ යුතුයි....... සමාජයේ වරදක් සිදුවූ පසු පළමුව ඇගිල්ල දිගු වෙන්නේ කාන්තාවන්ට.....

      Delete
  9. වගකීමෙන් හැසිරීම තමන්ගේ අතේ තියෙන දෙයක්, කොච්චර දැනුවත් කලත් ඒ අවස්ථාවට මුහුණ දීමේදී බුද්ධිය වෙනුවට හැගීම පාවිච්චි කලාම මෙහෙම වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. කාන්තාවන් සැම විටම ජිවත් වන්නේ සිය ඉරණම අතෙහි ගුලි කරන්.

      Delete
  10. මොලේ පාවිච්චි කරන්න ඕන තැනදි මොලේ පාවිච්චි නොකලම වෙන දේවල් තමා.

    මෙවැනි ලිපි ලියන එකට ස්තූතියි නිහංසා.

    ReplyDelete
  11. අර කොට්ටෝටුවා හැම ගහකටම කොටගෙන කොටාගෙන ගිහින් අන්තිමේදී කෙසෙල් ගහටත් කෙටුව දාට ඉතින් කොට්ටෝටුවත් අනාතයි එකා අනාත වෙන්නේ එකාගේ දරු පවුල් පිටින්ම අනාත කරවාගෙන කියන කාරණය තමා කනගාටුවට කරුණ, එත් අද සමාජයේ එවැනි කොට්ටෝරු දෙනලත් (කොට්ටෝරුවාගේ ගෑනු සතාට කියන නම දැන් නෑ හොඳේ ) ඉන්න එක තමා අනිත් ගැටලු" දෙපාර්ශවයම තමන්ගේ සීමාවන් තුල සිටිමින් කටයුතු කලානම් මෙවන් ගැටළු කිසි විටකත් ඇති වන්නේ නැත. මෙවන් පවුකාරයන් නිසා නිවැරදි අයටද වන්දි ගෙවීමට සිදු වීම දුකකි. බුක්න වහන්සේ දම්මපදයේ දේශනා කර වදාල මේ ගාථාව මේ කාරණය සමග කොතරම් ගැලපේද යන්න මේ උතුම් වෙසක් සමයේ මධක් සිතා බලන්න.

    අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනේ ධනං
    ජිණ්ණකොඤ්චා'ව ඣායන්ති - ඛීණමච්ඡේව පල්ලලේ

    මොළේ නැති උදවිය තරුණ කාලෙදී බ්‍රහ්මචාරිව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනෙ මිළ මුදලක් වත් හම්බ කරගන්නෙ නෑ. අන්තිමේදී වයසට ගිහින් , බලාගත්තු අත බලගෙන ඉන්නෙ, මාළු නැති මඩවලක් දිහා බලාගෙන ඉන්න නාකි වෙච්ච කොක්කු වගේ. ( භාග්‍යවතුන් වහන්සේ ඉසිපතනේදී මහ ධන සිටු පුත්‍රයා අරභයා වදාළ ගාථාවකි. )

    ReplyDelete
    Replies
    1. එසේය මිතුර.....මේක දකින්න පුළුවන්...... අපට සමහර කලාකාරයන් දිහා බලලා. සල්ලි තියන කාලේ යාලුවෝ එක්ක හොදට කාල ,බිල, නටල, කරන්න ඕන හැම දහජරා වැඩක්ම කරලා වයසට ගියාම, ...... අනේ මට සලකන්න කෙනෙක් නැ..... කලා කරුවන්ට මෙහෙමද සලකන්නේ කියල උදව් ඉල්ලන අය කොතෙක් ඉන්නවද....?
      අන්තිමට සලකන්න දරුවොවත් නැ, මොකද බැලුවම ළමයින්ට සලකලත් නැ...... තරුණ කාලේ විනෝදෙන් විතරයි ඉදල තියෙන්නේ.

      ඔබට ස්තුතියි මිතුර වෙසක් සමයේ බන පදයකුත් මතක් කලාට.

      Delete
  12. අනේ මංද... ඔවට ක්‍රම සහ විධි තියනව නෙව...
    අනාරක්ෂිත ලිංගික ඇසුර එපා කියල හැම තැනම කියන්නෙ නැද්ද මං අහන්නෙ...
    එයා නිළියක් නිසා සමමාජයට ආදර්ශවත් විය යුතුයි... නේද...

    ReplyDelete
    Replies
    1. නිලියන් කියන්නේ .....කලාකරුවන් කියන්නේ හරියට පුජනිය වස්තු. ඉන්දියාවේ නම් සලකන්නේ ඒ විදියට. ඉතින් ඔවුන්ගෙන් සමහරක් අය .....මේ ගැන නොසලකා. අසීමිත නිදහසක් තුල ..... ක්‍රියාත්මක වී අනාගතය අදුරු කර ගන්නවා. මේ තත්වය වඩාත් උද්ගත වුනේ ඉස්සර වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ සැදුනු චිත්‍රපටි වල රගපාපු, අය සහ අසභ්‍ය වීඩියෝ දර්ශන සදහා පෙනී සිටි, ලාබාල තරුණියන්. මේ අය කවුද කියල ඔබට වැටහීමක් ලැබෙයි......

      Delete