Saturday, May 24, 2014

බ්‍රිතානයේ හංසයින්ට අනතුරක්







    හංසයින්ට වැඩි ගව්රවයක් දක්වන රටකි බ්‍රිතාන්‍ය . 1998 දක්වා හංසයින් රැජින සතු දේපලක් ලෙස එරට රජය සලකන අතර , හංසයින්ට හිරිහැර කිරීමද රාජ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස බ්‍රිතාන්‍ය සලකා ඇත  . සතුන්ට එරෙහි කෘරත්වය වැළක්වීමේ රාජකීය සංගමය හංසයන් මරා ආහාරයට ගැනීමට මිනිසුන් තැත් කරන බව දන්වා සිටියේ දුන්නකින් විද තුවාල කරනු ලැබූ හංස ජෝඩුවක් ඩොර්සෙට් අසල ගංගාවකදී හමුව තිබීම හේතුවෙනි . සංගමයේ නිලධාරියකු දැඩි උත්සාහ දරා පිරිමි සතා බේරාගෙන ඇති අතර ගැහැණු සතා මියගොස් ඇත . 

     හංසයින් රාජකීය වස්තුවක් ලෙස සලකන නිසා හා ඔවුන්ට පුජනිය වස්තුවක් බැවින් , මෙය වෙනත් අයකු අයකු කල අනතුරක් බවට සැක පහල කරයි .  ඩි .එන් .ඒ . පරීක්ෂණ මගින් අපරාධකරු සෙවීමට මේ වන විට එම සංගමය උත්සහ දරයි . 

     හංසයින් යුවල ප්‍රේමනීය බැදීමකි , එය ඔවුන්ට  උරුම ගති ලක්ෂණයකි . දෙදෙනා ලං ලංව වාසය කරයි . තුඩින් තුඩ නිරතුරුව සිප ගනියි . ජිවිත කාලයටම එක අයෙකුට බැදී පවතී . එකිනෙකාගෙන් වෙන්වීම , දරාගත නොහැකි සිදුවීමකි . එහෙත් අනතුරට ලක්වූ හංසයා ඒ වන විට  සිය පෙම්වතිය මියගොස් ඇතිබව නොදන සිටි නිසා  . ඔහු ඇය එනතුරු බලාසිටිම හා ඉච්චාභාන්ගත්වයට පත්වීම වැලැක්වීම සදහා සොදුරියගේ නිසල දේහය හංසයාට පෙන්වීමට කටයුතුද ලේස්ති කරල තිබුණා.  . 

     බුදු දහමේද මෙවැනි සිදුවීමක් අපට සද කිදුරු ජාතකයේ හමුව ඇති බව මතකයට  නැගුණි . එයද ආත්මීය බැදීමක් බව තහවුරු විය . හංසයින් , මිනිස් සමාජයටද ආදර්ශ සපයන බව මේ අනුව පැහැදිලි වේ .

26 comments:

  1. මිනිස්සුන්ට කොහොමත් ආදර්ශගන්න වෙන්නෙ සත්තුන්ගෙන් තමා. ඒ තරමටම මනුසතා දැන් තිරිසනා වෙලා.

    හංසයා කියන්නෙ හරිම ආදරණීය, සුන්දර සතෙක් තමා. අහල තියෙනවා හංසයාට දියෙන් කිරි වෙන්කරගන්න පුලුවන් කියල. නමුත් ඒ කොහොමද, මොකක්ද ඒ කතාවෙ හරිම තේරුම කියල දන්නෙ නෑ. ඒ ගැන දන්න කවුරුවත් නැත්ද?

    ReplyDelete
    Replies
    1. අතීතයේ ඉදන්ම සත්තුන්ගෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝ තිබුණා. මනෝෂ්.....අගය දන්නා මිනිස්සු සත්ව හිංසනය පිටු දකිනවා.
      හංසයා දියෙන් කිරි වෙන් කරපු ඒක ගැන බලමු දන්නා කෙනෙක් ගෙන් අහල , මාත් ඒ කතාව දන්නේ නැ, කොහොමද වෙන්නේ කියල.

      Delete
  2. එංගලන්තයේ හංසයින්ද චීනයේ පාත්තයින්ද වඩා හොද???

    ReplyDelete
    Replies
    1. දේශකතුමනි. මේ දෙන්නම අපට වටිනවනේ. මේ දෙන්නම ටිකක් එක වගේ ....... ලස්සන සත්තු දෙන්නෙක්. මේ දෙන්නගෙන් වඩා හොද කවුද කියල ඉදිරියට බලමු නේ ලැබෙන කමෙන්ටු වලින්.

      Delete
    2. එකෙක් පාත්තයෙක් අනෙකා හංසයෙක් :D

      Delete
  3. හොද ලිපියක් දේශකයෝ චීනයේ මිල අධික මාංශයක් තමා තාරා මස් නම්. ඒ රටේ කියමනකුත් තියනවා තාර අවන් හලකින් කාල නැත්නම් හා මහා ප්‍රාකාරය නැගල තැත්නම් ඒ චීනෙක් නොවේ කියලා.

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ ලංකාවේ නෝනලාත් තාර මස් කාල වයින් බිව්ව කියන්නේ නලින් අහල තියනවද....? මෙහෙත් ඒ කාලේ තාර මස් මාර්කට්.....

      Delete
  4. හංස ජෝඩුවක් මේතරම්ම ආදරේ කරනවද?

    ප්‍රේමය හදුනාගත් අය මෙලොව නෑ කියා කිවුවට මේ වගේ සත්තු නම් එය හොදින් හදුනාගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ අපට වඩා හොදින් සත්තු ආදරය ගැන දන්නව.ප්‍රියා...... හංසයින් ආදරේ කරන්නේ තුඩට තුඩ තියාගෙන, චන්න කින්නරාවත බලන්නකෝ.

      Delete
  5. 1998 දක්වා හංසයින් රැජින සතු දේපලක් ලෙස එරට රජය සලකන අතර ////
    මේක සැලකූ අතර කියල නෙවේද එන්න ඕන...
    මොකද 98 කියන්නෙ අන්න තියෙන වසරක් නෙවීනෙ...

    ReplyDelete
    Replies
    1. ඔව්.... මහේෂ්...... කාර්මික දෝෂයක් සමාවන්න. 'සැලකු අතර ' තමයි වෙන්න ඕන. news එකක් බලන් හදපු නිසා කාලය මට වැරදුනා.

      Delete
  6. 1998 දක්වා හංසයින් රැජින සතු දේපලක් ලෙස එරට රජය සලකන අතර ////
    මේක සැලකූ අතර කියල නෙවේද එන්න ඕන...
    මොකද 98 කියන්නෙ අන්න තියෙන වසරක් නෙවීනෙ...

    ReplyDelete
  7. හංසයා කිව්වම මට මතක් වුනේ 2010 ජනාධිපතිවරණෙ

    ReplyDelete
  8. ආආආ......... ඒ චන්ද ලකුනනේ.......... ඉවාන්.......

    ReplyDelete
  9. මෙහේ හංසයෝ නෑ....... ඉන්නේ පාත්තයෝ විතරයි.... කියල බෙන්තර පැත්තේ නිළි නෝනා කෙනෙක් කෑ ගහල කිව්වා.......


    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ ඉතින් ...... සත්තුන්ටත් තියන තැන නේද.....? එයාට එන්න කියන්නකෝ, මේ පැත්තට හංසයෝ පිනන හැටි පෙන්නන්න ....

      Delete
  10. අපේ රටේ මේක උනානම් මැරුණු හංස ගනු සතාව මස් කරලා බලන් ඉන්න හන්සයටත් වැඩේ දීල කට්ටිය මේ වෙනකොට සෙට් වෙලා මසුත් උයාගෙන කාල කෙලින්ම එවුන්ගේ බඩවල් ටික අර මැරිච්ච සත්තුන්ගේ සුසාන භුමිය කරලත් ඉවරයි, යේ දෙකක් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙහේ හැටි නම් එහෙම තමයි.... සොමි...... ඒත් බ්‍රිතාන්‍යට හංසයෝ ජාතික වස්තුවක්.

      Delete
  11. හංසයාගෙන් මිනිස්සුන්ටත් ආදර්ශයක් ගන්න පුලුවනි නේද?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම .....ඔව්..... බස්සි.....

      Delete
  12. මිනිස්සුන්ගේ හැටි ඉතින් ඔහොමනේ.. රාජකීය නෙමෙයි මොන වටින දෙයක් වුනත් මිනිස්සු බලන්නේ ඔහොම දෙයක් කරන්න තමයි..

    ReplyDelete
    Replies
    1. මිනිස්සු අවස්ථාවදියි...... දිනේෂ්

      Delete
  13. හංසයන්ගේ පාට වගේම බැදීමත් එහෙනම් එහෙමයි....?

    ReplyDelete
    Replies
    1. අති පිරිසිදුයි....... කෙන්ජි.....

      Delete
  14. හංසයින්ට හානිකරනවා කියන්නේ එංගලන්තයේදී අපත වැඩක් වගේ තමයි. උන් ඉන්නවා ඔය හැම වැවක, ජලාශයක. මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ මේ රටට ඇවිත් ඉන්න නැගෙනහිර යුරෝපීයන් නිසා යැයි කසුකුසුවක් තියනවා. ඒ වගේම තමයි අනවසරයෙන් වැව්වල හොරෙන් මාළු බෑම. ක්‍රීඩාවට එහා ගිය දඩයමක් කරගෙන මේ පිටින් එන නැගෙනහිර යුරෝපීය ජාතිකයින්.

    ReplyDelete
    Replies
    1. සමහර විට වෙන්න පුළුවන්, මටත් ආරංචි විදියට පිට අය තමයි , ඔයා වැඩේ කරල තියෙන්නේ. බ්‍රිතාන්‍යන් හංසයින්ට හරිම ආදරෙයි.

      Delete