Tuesday, May 20, 2014

හිත මන්දාරම් ....



නුඹත් එක්ක ඇවිද යන්න
දෑතේ වේලි සිනාසෙන්න 
කෝල සිතින් පෙම් කරන්න
නුඹ එන්නේ කවදද මන්දා ......

හිත මගේ ලග .... වත දුර අඩවියක 
           
           හීන පිරුණු ලොවක් ලග
           මගේ හිත මන්දාරම් ....
           
කොද කැකුළු පුදිමින් ......
           දැයි බලමින්.....
          
 නිසංසලේ නුඹ එනතෙක් ........ 
 බලන් ඉන්නද ......?
 කියන් මට තාරකාවෙනි
 පිනි කදුළු අතුරන්න පෙරාතුව 
 ඔහු එන්නේ කවදද කියා..... මට 

35 comments:

  1. නිහිංසා,

    මුලින් ම ලස්සන කවියට අපෙන් සුභ පැතුම්.........

    කවියක් කුරුටු ගාන එකට අපි හරිම ආසයි. අපේ බ්ලොග් සගයෝ හැමෝම මාර කවියෝනේ.........

    අදහස ගැන කතා කළොත් නිහිංසා ආදරය කියන්නේ හැම වෙලාවෙම බලාපොරොත්තුවකට. අනෙකා මත යැපෙන අපේ බලාපොරොත්තුව තමයි ආදරය කියන්නේ. ඒක අනෙකා විසින් ඉටු කිරීම ආදරය වැඩි කරන අතර ම අනෙකා එය අතපසු කිරීම වේදනාවට සහ විරහවට හේතු වෙනවා. ආදරය හැම වෙලාවෙම පැති දෙකක් තියෙන දෙයක්. ඒ නිසා එක් පාර්ශවයක් කොහොමත් මගබලාගෙන ඉන්න වෙනවා....................... ඒකත් එක සුන්දර දෙයක් නේද????????????/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....... මාව අගය කල එකට ..... මගේ හිතේ කාටවත් පේන්නේ නැති කුරුටු ගී පවුරක් තියනවා, මේ එයින් එකක්......
      ආදරය රසවත් වෙන්නේ, බලාපොරොත්තු මත..... ආදරය විරහවක් වෙන්නෙත් , ඒ හන්දමයි......සුන්දර බලාපොරොත්තු ඒ මත්තේ තියනවා. මේකට තමා ජීවිතය විදිනවා කියන්නේ.

      Delete
  2. ලගදිම එයි.. රසවත් බබැදුමක්

    ජය වේවා!!!

    ReplyDelete
  3. හිඳීවි කොතැනක හෝ ............

    ReplyDelete
    Replies
    1. ඉන්නවා අනේ...... අර කොහාටදෝ වෙලා........ හිමිකාරය.

      Delete
  4. ලස්සන අදහස් පෙළක් අකුරු කළාට සුබපැතුම් මගෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....... ඔබටත් .....

      Delete
  5. නෝනෙගෙ කවි ලස්සනයි. ලියන විදියත් හොඳයි. කලින් කොමෙන්ටුවට මට පොඩ්ඩක් තරහ ගියා නෝනෙ.අපේ ජීවිකාවනෙ නෝනෙ.ඒව ගැන රට්ටු නුහුරට කතා කරන කොට අපට හිතට අමාරුයි.ගෑනියෙක් තව ගෑනියෙකුට වචනෙකින් හරි උදව්වකුයි කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඒ වුනාට ඔයා ගෑනියෙක් නෙවෙයිනේ , මොකටද බන් නිකන් ඇන්දිලි

      Delete
    2. වීර කාන්තා කියන්නෙ ගෑනියෙක්ද නැද්ද කියල උඹ හරියටම දන්නවද අටමො

      Delete
    3. AnonymousMay 20, 2014 at 9:17 PM @
      අටම් උඹ නිහිංසයි වීර කාන්තගෙයි ප්‍රශ්න වලට මැදි වෙන්න එපා බන්.නිහිංස බ්ලොග් එක කරන්නෙ උඹ නම් කාරි නෑ.උඹට ඩෝන් ගියෙ මේකයි එහෙනම්.

      Delete
    4. අම්මෝ....... රණ්ඩු වෙන්න එපා, ඇනෝ...... මට තේරෙන්නේ නැ. මෙතන ප්‍රශ්නයක් නැනේ. නිහිංසා, ස්වාධින blog එකක්. මගේ ගුරුදේව අටම් තමයි...... ඒත් මේක මගේ . මේ සියළුම දේවල් මා අත්දුටු දේවල් හා මා අවට පරිසරයේ ක්‍රියාත්මක වන දේවල්.

      Delete
  6. Replies
    1. ස්තුතියි....... ධනුෂ්......

      Delete
  7. ලඟදිම ඒවි.. පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්නකෝ.

    ReplyDelete
  8. ඈ ඊයේ රෑ දාපු කමෙන්ටුව කෝ .............කොම වුනත් මේක දුරින් ඉන්න ඇයොන්ටම කියපු එකක් වගේ ..නිහිංසා රට ඉන්න කෙනෙක් නෙවෙයි නේ ??????????/

    ReplyDelete
    Replies
    1. මොන කමෙන්ටුවද......සහෝ.......නැතිවෙලා තියෙන්නේ. මං දැනට නම් ඉන්නේ රටක නෙමේ,

      Delete
  9. අවුලක් නෑ. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... දේශකතුමනි......

      Delete
  10. අපූරුයි....
    යකෝ මං දාපු කොමෙන්ටුව කව්ද ඉස්සුවෙ...
    අමාරුවෙල් ලියල පබ්ලිෂ් කලාම කව්ද යකෝ ඉස්සුවෙ...

    ReplyDelete
    Replies
    1. මහේෂ් මොන කමෙන්ටුවද.....? මේකට අමතරව තව එකක් තියනවද.....? මං දැක්කේ නැනේ. මේකේ කමෙන්ටු කාටවත් උස්සන්න බැ.

      Delete
  11. Replies
    1. ස්තුතියි ප්‍රියා......ඒවිනෙ....

      Delete
  12. බලාගෙන ඉන්න එකෙත් පොඩි කික් එකක් තියෙනවා නිහිංසා.
    දැන් මේ මම ඉන්නේ...:D

    ReplyDelete
    Replies
    1. ඒකනේ.......මනෝජ්, බෙල්ල කැඩෙන කම් බලන් ඉන්නවා.

      Delete
  13. හ්ම්..හ්ම්.. එයි එයි ළඟදිම..

    ReplyDelete
    Replies
    1. ඔව්..... මනෝ..... ඒවි..... ඒත් මේ සිතුවිල්ලක්

      Delete
    2. දන්නවෝ... ඒත් කාටහරි කවුරුහරි කවදහරි එයිනේ........

      Delete
  14. සිතිවිල්ල සුපිරි.......ඉන්න කෙනා දුරින් හිටියමත් ඔහොම පහල වෙනව සිතිවිලි.....

    ReplyDelete
  15. දුරක සිටියත්..... සිතින් මා ලගයි....... සැනසීම ඔහු සතුයි ....

    කෙන්ජි......... ස්තුතියි....... ඔබට

    ReplyDelete
  16. "මන් බලන්
    උන්නා
    මේ වීදියට
    වෙලා
    මගේ ඇස් ගෙඩි
    දොට්ට පණින
    තුරා
    ගිණි දවාලේ
    මහ වැස්සේ
    උඹ එන තුරා.

    උඹ ආවා
    අලි පැජරෝවකින්
    තව මොකෙක්දෝ
    එකෙකු සමඟින්....

    ඉතින්
    මට කියලා
    පලයන්.......

    මගෙයි
    උගෙයි
    වෙනස
    මොකක්ද
    කියලවත්.....

    ReplyDelete
    Replies
    1. බැලුවම වෙනසක් නැනේ......
      මොකද්ද මේ ව්‍යන්ගර්තේ සොමි...... ලස්සනයි මොනවා උනත් මේ අප්‍රබන්සේත්.....

      Delete