Saturday, May 3, 2014

බලාපොරොත්තු සහ කඩවීම්


බලාපොරොත්තු සහ කඩවීම් 


             ජීවිතය අප ජිවත් කරවන්නේ බලාපොරොත්තු වලින් , අහස උසට පරිකල්පනය කරමින් ඒ තුල අප , අපේ ජීවිතය ගොනු කර ගන්නවා . මේ ක්‍රමය සාර්ථකද? කාටවත් කියන්න පුලුවන්ද ...? ජීවිතය දිනන විදිය මේක කියල . අපි කැමති නම් මෙහෙම හිතන්න , ඒත් , යථාර්ථවාදය මෙය නම් නොවේ . ලෝකය යායුතු දිශානතියට යනවිට , අපට ඊට ප්‍රතිවිරුද්ධව යා නොහැක . ඝට්ටනය පටන් ගන්නේ එතනින් , මේ කඹ ඇදිල්ල හින්ද  තමයි , අපේ බලාපොරොත්තු කඩවෙනවා කියන්නේ .

           උපකල්පන සැම විටම නිවැරදි නැ . අප මේ යථාර්තය ,දැනගත යුතුයි . යම් දෙයක් පිළිබද අධික බලාපොරොත්තු ඇති කරන් , ඒවා කැඩුනම , අපේ ප්‍රතිචාර සැමවිටම යහපත් නොවේ . මේ දිනවල අසන්න ලැබෙන සිද්ධීන්ට සාපේක්ෂව , ඉක්මන් කෝපය මත හා , මානසික වියවුල්තාවය මත සිදුවූ අපරාධ සංඛ්‍යාත්මකව ඉහල ගොස් ඇත . ප්‍රේමය බිද වැටුන තැන , අනෙක් පාර්ශවයේ දිවි තොර කිරීමට තරම් , සිතුවිල්ලක් අපට ඉපදෙන්නේ , මෙලෙස ඇති කරගත් අධික බලාපොරොත්තු නිසාද? නැතිනම් දෙපාර්ශවයේම ,දිවි නැතිකර ගැනීම යුක්ති සහගතද? මෙය එක සන්සිධියක් පමණි , 

           නැතහොත් , අපට ලැබෙන්න තියන දෙයක් නොලැබෙන විටදී , මෙවැනි අපරාධකාරී ක්‍රියාවන්ට යොමුවීම ,එකම විසදුමද? ලෝකය මේ වනවිට අපරාධ රැල්ලකට හසුවී හමාරය . එයට නියැදියක් ලෙස අප රටද ,එම රැල්ලේම කොටස්කරුවන් වී ඇත . අපරාධය යුක්ති සහගත නොවන බව අප දනිමු . එහෙත් කඩවූ බලාපොරොත්තු නැවත ඉටුවන්නේද නැත . එසේ නම් අපට මින් ලැබෙනුයේ කුමක්ද? දුක ,වේදනාව හා පසුතැවිල්ල පමණි . මේ සියලු දේ දැනෙන විට , ජීවිතය විදින්න තියන කාලය අවසන්වී ඇත .

          අපරාධකරුවන් සැමවිටම සිටින්නේ බියෙනි . කලබලකාරී බව තිගැස්ම හා නින්ද නොයාම වැනි මානසික ව්‍යාධියෙන් පෙලේ . තමාගේ වැරදි කවදාක හෝ තමා පසුපස එනබව හොදින්ම දනී . එසේ නම් මෙවැනි මානසික අසමතීකත්වයට ඇයි අප පත්වෙන්නේ , අප සැම විටම අපගේ ප්‍රමාණයට ,බලාපොරොත්තු තබා ගන්නේ නම් , මෙවැනි සිදුවීම් උදා නොවේ . ජිවිත උපේක්ෂාව අප වෙත සැම විටම තබා ගත යුතුයි . සමාජ රැල්ලේ තවත් එක් බිල්ලක් බවට අප පත් නොවිය යුතුය .

28 comments:

  1. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියන එක බලාපොරොත්තු වලටත් අදාලයි.

    ReplyDelete
  2. ඔව්.... චතු...... මද්‍යම ප්‍රතිපදාව තමා වඩා හොද......

    ReplyDelete
  3. අනේ ගනං ගන්න එපා මෙයා ඕවා..

    ReplyDelete
  4. අපරාධ කරන්නැතුව ඉන්නවනං හිතේ සතුටින් ඉන්නැහැකි..

    ජය වේවා!!!

    ReplyDelete
  5. බලාපොරොත්තු තියාගත්තොත් නේ කඩවෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු නැතුව ජිවත් වෙන්න පුලුවන්ද....? ඉවාන්......

      Delete
  6. අසිමිත බලාපොරොත්තු ඕනම දෙයක් වෙනුවෙන්තියා ගන්න හොද නෑ.
    ඒත් බලාපොරොත්තු අපව ජිවත් කරනව
    ඒව ඉෂ්ට විම නොවිම ලෝක ස්වභාවයි
    හිත හදා ගන්නයි විරිය කර යුත්තේ,
    ඔබට තෙරුවන්සරණයි නිහිංසා

    ReplyDelete
  7. ඔබතුමාගේ කතාව ගොඩක් වටිනවා..... මිනිස්සු නොකරන දේත්.... ඒක......අප කල යුත්තේ අවදානම් මට්ටමේ තැනැත්තන් වරදින් මුදවා ගැනීමයි......

    ReplyDelete
  8.  "ජීවිතය අප ජිවත් කරවන්නේ බලාපොරොත්තු වලින් , අහස උසට පරිකල්පනය කරමින් ඒ තුල අප , අපේ ජීවිතය ගොනු කර ගන්නවා . මේ ක්‍රමය සාර්ථකද?"
    බලාපොරොත්තු වලට උඩින්
    වගකීම්,
    යුතුකම්,
    බැදීම්, කියන ඒව තියාගත්තනම් ජීවිතේ වඩාත් සාර්ථකයිද මන්දා,

    ReplyDelete
  9. ඔබ කියන කතාව හරි..... වගකීම්, යුතුකම් වලට මුල් තැන දුන්නොත් , ජීවිතය සාර්ථකයි.... බලාපොරොත්තු කියන්නේ ආත්මාර්ථකාමී දෙයක්......ඒක... තමන්ටම විතරයි අදාල.....

    ReplyDelete
  10. "අපරාධකරුවන් සැමවිටම සිටින්නේ බියෙනි ."
    එහෙමමත් නෑ මෙයා ආතල් එකට අපරාද කරන එවුනුත් ඉන්නවනේ දැන් .....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය ඉන්නේ යහතින්

      Delete
    2. ඉන්නවා.....? මං දන්නා තරමින් ඔය ඉන්න කට්ටිය ඉන්නේ පන ගැහි.... ගැහි.....

      Delete
  11. බලාපොරොත්තූවක් නොතිබුනොත් කඩවීමකුත් නැහැනේ ඉතින්.. හැබැයි ඔය අතරේ තියෙන හිත රිදීම තමයි දරන්න අමාරුම.,

    ReplyDelete
    Replies
    1. ඒවා ජීවිතේට දැනෙන දේවල් , දිනේෂ්....... නැත්නම් පැවැත්මක් නැ.....අපට , අපි නිකන්..... රොබෝවරු වේවි......

      Delete
  12. මොන පික්ෂුද ...... ඔය රට රාජ්ජ පවා පාලනය කරන්නෙ අවුරුදු ගනං අපරාධ කාරයො ...

    ReplyDelete
    Replies
    1. පාලනය කරනවා තමයි.... කෙන්ජි......ඒත්.....ඇත්ත අපි දන්නවනේ.......ඒ පාලකයෝ හරියට ....

      Delete
  13. අද පත්තරේ තියෙනව කාන්තාවක් තම අතේ ගෑවුනා කියා සපත්තුව ගලවා පහර දී ආබාධිත සෙබලාගේ හිසට පහර දී ඔළුව පලයි කියල.දිනපතා අප්ඩේට් කරන බ්ලොග් ලියන කාන්තා සංවිධානවල ඔයාල ට සතුටු ඇති.ඔයාල ඔළුවලට දාන විශබීජ නිසා තමයි ඒ. වනිතා හඩ කියන අන්තවාදී බ්ලොග් එක කරන කෙනාමයි නිහිංසා කරන්නෙත්.
    වනිතා හඩ = නිහිංසා

    ReplyDelete
  14. මට නම් හිතෙන්නෙ ලෝකය තුල මිනිසුන් ඔවුන්ගේ කුරිරු පැත්තෙහි උච්චතම ස්ථානයට දැන් දැන් ළඟා වෙමින් තිබෙනවා. ඊට සාපෙක්ශව සොබාදහම මිනිසා නැමති ජීවියාට ජීවය දීමෙන් කරගත් ලොකුම අත්වැරද්ද නිවැරදිකරමින් සිටිනවා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු දියුණුවෙලා ... වැඩි කමට අන්තිමට විනාශ වෙලා යනවා........ මේක හරියට සියතින් ගෙල සිද ගැනීමක් මනෝ......

      Delete
  15. සිහිනයෙන් ආදරය් කරන්න... නමුත් සිහින වලට ආදරය නොකරන්න කියන්නෙ ඕකට තමා මං හිතන්නෙ
    කව්ද කීවෙ ඇහුව...
    ..
    ..
    ..
    ..
    ..
    ..
    මංම තමා අනේ වෙන කවුද

    ReplyDelete
    Replies
    1. මේකට හරි උත්තරයක් දෙන්න නම් අමාරුයි...... මහේෂ්......
      ආදරය...... සිහින......
      සිහින ආදරය......

      Delete
  16. වැඩි බලාපොරොත්තු තබාගැන්ම දුකකට මුලක් වෙන්නත් පුළුවන් නේ...

    ReplyDelete
    Replies
    1. දුකට හේතුව........බලාපොරොත්තු ... නලින්.....

      Delete
  17. කතාවනම් සහතික ඇත්ත නිහිංසා .......

    ReplyDelete
  18. ආවාට ස්තුතියි.....

    ReplyDelete