Friday, June 20, 2014

දෑත අහිමි ජෙසිකා




        දෑත නැතුව ජීවිතය ජයගත් තරුණියක් අපට හමුවිය . සිය දයිවයට දොස් තබනවා වෙනුවට තමන්ට කල හැකිදේ මොනවද හදුනාගෙන ඇය ජිවිත යාත්‍රාව තනියම පදවන්නේ දෑත තිබෙන සියලු දෙනාටම ආදර්ශයක් වෙමිනි , ලංකාවේ කෙනෙකු වුණා නම් මේ වනවිට එක්කෝ පාරේ හිගමන් යදියි , නැත්නම් නිවාසෙක අනුන් මත යැපේ . මේ ජෙසිකා කොක්ස්ගේ කතාවයි . ඇය ජිවත් වන්නේ ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රදේශයේයි .


ඇය මේ වනවිට ගිනස් වාර්තා කීපයකටම හිමිකම් කියන්නීය . දෑත අහිමි ලොව පළමු ගුවන් නියමුවරිය ඇයයි , ටයිකොන්ඩෝ කළුපටි ශුරිය , දිය යට කිමිදෙන්නිය ඇයයි . මේ වනවිට ඇය මනෝවිද්‍යා උපාධිධාරිනියකි ,  වර්තමානයේ පෞරුෂ  සංවර්ධන වැඩමුළු වල ප්‍රධාන දේශිකාව ලෙස වැඩසටහන් මෙහෙයවයි, මේ වනවිට රටවල් 18ක් පුරා ඇය දේශන පවත්වා ඇත  .





            වසර තුනක් ගුවන්යානා පදවන්නියක් ලෙස පුහුණුවෙන් පසු ලියාපදිංචිය ලැබුවාය . ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ කළුපටි දෙකකට හිමිකම්ද ලැබුවාය . ඇයට වාහන පැදවීමේ බලපත්‍රයද ඇත . ඇයට මිනිත්තුවක් තුල වචන 25 ක්  පරිඝනක ගත කිරීමේ හැකියාව ඇත . 2012 වසරේදී ඇය ' මෝස්ට් ඇස්පිරෙෂනල් වුමන් ඉන් ද වර්ල්ඩ් ' යන සම්මානයෙන් පිදුම් ලැබිය .

23 comments:

  1. මට මතකයි මෙයා ගැන කලිං කියෙව්ව කොහෙදි හරි...
    ඒත් අනෙක් අයත් එක්ක බෙදාගත්තට
    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මහේෂ් ..... පත්තරේ තිබුණා.......

      Delete
  2. මට මතක් වුනේ ඇත දෙකයි කකුල් දෙකයි දෙකම නැති Nick Vujicic ව .

    ReplyDelete
    Replies
    1. ඔව්..... ඉවාන් මේ වගේ ජීවිතය දිනන උත්සාහ ගන්න අය ..... අපට හැමදාම මතකයි.

      Delete
  3. උත්සහාය කැපවීම එක්ක වාසනාවත් එකතු උනාම මිහිපිට මැවෙන නිර්මාණ අදහා ගන්න බැරි තරම් සුන්දරයි..ජෙසිකාත් එහෙම නිර්මාණයක් තමයි....

    ReplyDelete
    Replies
    1. සුසී....ඔව්...... දෙවියන් අඩුවක් දුන්නත්, අනෙක් සියළු දේ අසාමාන්‍ය ලෙස දීල තියනවා. ජෙසිකාට....

      Delete
  4. දෑත් නැතත් ඒ ජෙසිකට අපි බහුතරයක් ගාව නැති මිළ කල නොහැකි වස්තුවක් තියනවා. 'ආත්ම ශක්තිය'

    ReplyDelete
    Replies
    1. ඔව්..... ප්‍රියා..... ආත්ම ශක්තිය තමා අපිව ඉදිරියට ගෙනියන්නේ...... ජිවත් වෙන්න අංග සම්පුර්ණ වෙන්න ඕන නැ කියන්නේ ..... දෙවියන් මේකට තමා.....

      Delete
  5. මේ වගේ විස්තරයන් මගින් පෙෘරුෂත්ව වර්ධනයක් ඇති වෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්..... සහෝදරයා..... පෙෘරුෂත්ව වර්ධනය අපේ අයට අවශ්‍යමයි.....

      Delete
  6. අපේ ආබාධිත සොල්දාදුවන්ට මෙයා ගැන කෙටි වීඩියෝවක් පෙන්නන්න පුලුවන්නම් හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. http://www.youtube.com/user/rightfootedwoman

      Delete
    2. නෑ නෑ මම කිව්වේ යූටියුබ් එක නෙවෙයි කෙන්ජි. අපේ ආබාධිත සොල්දාදුවන්ගෙන් 1% කටවත් අනතර්ජාලය පරිහරණය කරන්න ලැබෙනවාද කියා මට සැකයි. මම කිව්වේ DVD එකක් වැනි දේකින් පෙන්නන්න පුළුවන්නම් හොඳයි කියලයි.

      Delete
    3. මං දැක්ක, විචාරකතුමා, අබාධිත සෙබෙලෙක් හෙලිකොප්ටර් පදවපු හැටි ලියවෙච්ච translation එකක් දෙවෙනි ලෝක යුද්ධ කාලේ..... නම මතක නැනේ.....

      ඒකෙ තිබුණා, ආත්ම ශක්තිය මිනිසෙකුට වැදගත් වෙන්නේ කොහොමද කියල.

      ස්තුතියි කෙන්ජි.... මං මේක බලන්නම්....

      Delete
    4. විචාරකතුමා..... ජෙසිකා ගැන අන්තර්ජාලේ තව තොරතුරු තියනවා. වීඩියෝ එකක් තියෙන්නේ පුළුවන්.....

      Delete
  7. සමහරු අත් කකුල් ඔක්කොම තියාගෙන නාහෙන් අඬනවා.

    මම ඇයට ආචාර කරමි!!

    ReplyDelete
    Replies
    1. මිතුර .... ඇය අපට හොද ආදර්ශයක් සපයා දී තිබෙනවා.

      Delete
  8. දෑස්‌ අඳ නීතිය විනිවිද දුටු දැස්‌ අහිමි පුතු

    නිහිංසා....මම ඉස්සෙල්ලා වෙන කමෙන්ට් එකක් දැම්මා. ඒක කොහෙද ගිහින්.

    මේ වෙන කතාවක්. මේක කියවා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ඉස්සෙල්ලා comment ඒක මං දැක්කනේ .... මං මේ link ඒක බලන්නම් මිතුර.....

      Delete
  9. හොදින් තියන අත කපන රටේ.......
    මොන තැනක්ද ඔවැනි අයට අප රටේ......

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත ..... බැලුවම කෙන්ජි.... අර කෙල්ලගේ තිබුන අතනේ කැපුවේ..... ඒත්..... ඇය ඇගේ ගමන යනවා. මේ වන විට විවාහ වෙලා , ඇඹිලිපිටිය උසාවියේ නඩු වල‍ට පෙනී සිටිනවා.

      Delete
  10. ඇත්තටම හිටන්න යමක් තියෙන ලිපියක්...අතපය 4ම හොදට තියෙන අපි මොනවාද කරලා තියෙන්නේ

    ReplyDelete
  11. අපිට තියෙන්නේ හෙමින් ගමනක්....... ආචාර්යතුමෝ.....

    ReplyDelete