Sunday, June 15, 2014

යා දෙක නොරත රත .....



ජීවිතය විදින්න හැකිනම් සුන්දරව ....
එත් ... විදිනව කියා
විදවන්න නම් බැ මට ....
ඔබ .... මේ දෙකෙන්
කෝකද ..... තෝර ගන්න 
කියන්න මට .....
කෝක තෝර ගත්තත් ....

ඔබ හෝ මම ....

පරාද වනබව නම් ඇත්තයි .....

ඔබ ජීවිතය විදිනකොට .....
මට විදවන්න වෙනවා ....
මම ජීවිතය විදිනකොට .....
ඔබට විදවන්න වෙනවා ..

27 comments:

  1. ඒකත් එහෙමද...
    දෙකෙන් එකක් වත් තෝරගන්නෙ නැතිව ඉන්ට කියන්න

    ReplyDelete
    Replies
    1. මේ දෙකෙන් එකකට අපි ඉබේම වැටෙනවා මහේෂ්......

      Delete
    2. ඒක නං හිතන්න ඕන කතාවක්

      Delete
  2. ස්වාධීනත්වය තුළ බැඳීම් නැති කල මේ දේවල් සුන්දරව සිදුවනවා. ප්‍රායෝගික තලයේ ( යුග දිවිය තුළ) මෙය වෙනස්වන්න හැකිියි. එය ඉටු කරගැන්ම තම වගකිමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.... නලින් ඔයාගේ මතය සමග මා එකගයි.....ආදර හුවමාරුව සුන්දරව සිදු වෙනවා නම්, කාටවත්ම විදවන්න වෙන්නේ නැ. ඒත්...... බැදීම් නැ කියන්නේ. ..... අසම්මතයද මන්දා.....
      යුග දිවිය තුල මේ විදවීම වැඩියි...... විදිනවට වඩා.....

      Delete
  3. උගතෝකොටික පුරශ්නයක් නොවෑ ,මොකුත් නොකියා යන එක හොදයි ...
    පද ටික ලස්සනයි ගලපලා තියෙන විදිය

    ReplyDelete
    Replies
    1. ඔන්න සහෝ..... හිතට එකගව ප්‍රශ්නය මගහැරියා....... නේ.....උත්තර නැනේ......

      Delete
  4. විදීම සහ විදවීම.........

    ඔබේ විදවීම බලා
    විදිය හැක්කක් නොමැති සද
    විදවීම ම මා
    සැමදා විදිමි...

    ReplyDelete
    Replies
    1. //විදවීම ම මා// පද ෙබදුම වහර නියමයි. ඒ්ත් මම නැතිව මා කියා අවසන විදිමි කියන තැන අවුල් අදසහ සුපිරි.

      Delete
    2. සුසී......

      ඒ කියන්නේ ඔබ දිහා බලා විදවිමත් සතුටක් කියලද කියන්නේ....

      ඔව්..... නලින් මං හිතන්නේ එතැන එක 'ම ' යන්නක් වැඩි වෙලා.....

      අදහස ලස්සනයි, ...... ඒක එච්චර දැනෙන්නේ නැ නලින්, හොදටම වචන අර්ථ ගත්තොත් තමා වැරැද්ද අහු වෙන්නේ.

      Delete
    3. ඔව්.. ඒ විදවීම විදින්න පුලුවන්..
      අමාරු වැඩක් උනත් කැපකිරීමක උපරිමය එතන තියෙනවා...

      නලීන්.... ස්තුති අඩුපාඩුව පෙන්නුවට...

      Delete
  5. ඔය දෙපාර්ශවය හරියට තේරුම් ගන්න පුළුවන්නම් අනෙකාගේ විදීම තමන්ගේ විදීම කරගන්නත් පුලුවන් වෙයි පහසුවෙන් ම...............

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්..... ඒක තමා හොදම සහ එකම උත්තරය.......
      සාර්ථක යුග ජීවිතයක පදනම මෙතන තමයි තියෙන්නේ. .... ඒත් සමහරු මේ තීරණයට විරුද්ධ වෙයි...... මොකද කැප කිරීම් කරන්න බැරි නම් . මේ උත්තරයට එකග නැ.....

      Delete
  6. සපුරා ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක්නෙ. අනිවාරෙන්ම එක්කෙනෙක්ට කැපකිරීමක් කරන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඔව්.... මනෝෂ්.... කැප කිරීම අවශ්‍යයි......

      Delete
  7. සාමදානව වෙන්වෙමු..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. වෙන් වෙනවට වඩා බලන්න ඕන එකතු වෙන්නේ කොහොමද කියල විදානේ..... කොහොම හරි ජිවිතේ ගැට ගහ ගන්නත් එපැයි....... නේ.....

      Delete
  8. හ්ම්ම් විදින්නද… විදවන්නද… හිතා ගන්න අමාරුයි.

    පද ටික නම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මේ දෙකම ජීවිතය තුල තියෙන්නත් පුළුවන් ප්‍රියා......

      Delete
  9. ඔය කොහොම කිව්වත් දෙදෙනාම සමව විඳින ජීවිතයක් ලැබෙන්නේ නැහැ. විඳවීම් දෙදෙනාටම ලැබෙනවා. පරිත්‍යාගය වැඩිවූ තරමට විඳවීම් අඩු වෙනවා.

    විඳවීම කියන වචනය ටයිප් කරන හැටි මම කිව්වා අමතකද? windaweema තව අමාරු වචන තියනවනම් කියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්.... විචාරකතුමනි...... පරිත්‍යාගය මත තමයි ජිවිතයේ විදවීම හා විදීම තියෙන්නේ ...

      අනේ...... කොහොම type කලත් අමතක වෙලා , ලියවෙනවා. පරණ පුරුද්දට ..... මොකද කරන්නේ විචාරක තුමනි එකට.

      තව අහගන්න වචන තියනවා mail එකක් එවන්නද.....?

      Delete
  10. හ්ම්ම්...ඔව් නේද....නිහිංසා......
    පද ගැලපුම අනර්ගයි......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්ජි...... මේකත් අවුරුදු 10 කාට පෙර ලියවිච්ච එකක් . මගේ අත්දැකීමක් වෙන්න ඇති. ඒත්...... හේතුව මතක නැනේ.....

      Delete
  11. නිහිංසා යුනිකෝඩ් වලින්ද ලියන්නේ , විදින්න නෙවෙයි විඳින්න ලෙස නිවැරදි වෙන්න් ඕනේ මම හිතන්නේ .

    අන්තිම කවිය නම් මම හිතන්නේ ප්‍රේමයේ නිරුවත ..වෙන්වීම කොයිතරම් උත්සාහ කලත් මැදහත් සිතින් දරාගන්න අමාරුයි නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන්..... මට අමතක වෙලා එහෙම ලියවුනා. අත් අකුරු හරියට ලියවෙනවා. type කරද්දී ඒක අමතක වෙනවා.

      ප්‍රේමයේ නිරුවත ....... විදවීම හා වෙන්වීම ...... මේ දෙකම ලැබෙන බව අප දැන ගන්න ඕන නේ....

      Delete
  12. ඔය දෙකම අතරේ අපි හිතනවට වැඩිය හොදට ජීවිතේ තියෙනවා..

    ReplyDelete
  13. මං හිතන්නෙත් එහෙමයි..... දිනේෂ්..... ජීවිතය තුල විඳීම වගේම විඳවීමත් තියනවා.

    ReplyDelete