Monday, June 16, 2014

අපහරණය හා අඩහැරය .......


          සෝමාලියාව ගැන ඇසු පමණින් අපට මතකයට නැගෙන්නේ මන්දපෝෂණයෙන් පෙලෙන බඩවල් එල්ලා වැටෙන කෙසග සිරුරු ඇති , පිඩනයට ලක්වූ තවත් මනුෂ්‍ය කොට්ඨාශයකි. ඔවුන්ගේ දුක කවුරුත් දනිති. එහෙත් එලෙස පිඩනයට පත්වූ මේ මිනිසුන්ටම, ස්වභාවධර්මයා එරෙහි වුවා සේම, එරටේ නීතියද පිටුපාන බව මේ සිද්ධිය නිසා අපට ඒත්තු ගැන්වේ.

                පුද්ගලයන් දෙදෙනකු අතින් දුෂණයට ලක්වූ 19 හැවිරිදි තරුණියකට තමාට සිදුවූ  අසාධාරණයට සධාරණය සොයන්න අධිකරණයට ගොස් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න සංකල්පයට යටත් වන්නට සිදුවූ බව මේ පුවතින් අපට වාර්තා විය. ඇගේ අසාධාරණය සදහා ඇයට ලැබුන තෑග්ග අත් හිටවූ සිර දඩුවම්ය. චුදිතයන් දෙදෙනාට අපහාස කලාට හා බොරු කීවාට මෙලෙස දඩුවම් ලැබුණි. එම පුවත වාර්තා කල වර්තාකරුටද එම දඩුවම තීරණය විය. එහෙත් වරදකරුවන් දෙදෙනා කිසිදු විටක අධිකරණයට නොපැමිණි බවද වාර්තා වේ. මෙය කැකිල්ලේ නඩු තීන්දුවකි.සෝමාලියාවේ ස්ත්‍රී දුෂණය තදින්ම පවතින රටක් බව, මේ අනුව වාර්තා වේ. 

                   කන්න බොන්න නැතිවනවා වගේම, නිදහසේ ඔවුන්ට ජීවත්වීමේ අයිතියද උදුරාගත් ආකාරයක් , මේ අනුව පෙනේ. ඔවුන්ගේ මානව හිමිකම් ගැන ලෝකයට තවමත් නොපෙනේද.....?

19 comments:

  1. නඩුත් හාංදුරුවන්නෙ බඩුත් හාංදුරුවන්නෙ...
    කියවල තියෙනවද මෙන්ඩේ නසීර්ගෙ ස්ලෙව්
    සුවද සොයන කුසුම නමින් සිංහලයට පරිවරතනය වෙලා තියේ..
    සෝමාලියන් කෙල්ලක්ගෙ ඇත්ත කතාව

    ReplyDelete
    Replies
    1. කියවල නැ.... මහේෂ්.... පොත ගැන මං අහල තියනවා. ඒක හුමු උනේ නැ..... මුස්ලිම් රටවල් වල කාන්තාවෝ ගැන හැගීමක් .නැ. ඒකයි හේතුව.

      Delete
  2. පිල්ලෙලාට ගන්න දෙයක් සෝමාලියාවේ නෑනේ. ඉතින් කෙහේ මේ අවනඩු පෙනෙන්නද?

    ReplyDelete
    Replies
    1. පිල්ලේලාට මේවා පේන්නේ නැ. ...... ඒ පැත්තේ යන්නේ නැ. එයාලගේ කවුරුත් එහේ නැ.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. බොහෝ අප්‍රිකානු සඟ්ස්කෘතීන්ට අනුව ස්ත්‍රී දූශනය වරදක් ලෙස ගනන් නොගැනේ. දකුනු අප්‍රිකාවේ දූශනය වූ කාන්තාවන්ට පලමු පැය ගනනක දී ගත යුතු මිල අදික anti HIV බෙහෙත් ලබාගැනීමට ප්‍රතිලාභ ලබාදෙන රක්ශන කර්ම පවා ඇත...

    ReplyDelete
    Replies
    1. ඔව්...... එහේ ගෝත්‍රවාදී සිරිත් නිසා, ස්ත්‍රී දුෂණ ගණන් ගන්නේ නැ. කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් රැකෙන්නේ නැ. AIDS බෝවීමත් වැඩියි. ඒකයි ඔය මිල අධික බෙහෙත් දෙන්නේ.

      Delete
  5. ලෝකයේ එක් කොටසක් න්‍යෂ්ටික අත්හදාබැලීම්, අභ්‍යාවකාශ මෙහෙයුම්, මිසයිල අත්හදා බැලීම් වැනි දේවල සඳහා එක් මොහොතකට ඩොලර් බිලියන ගනන් වියදම් කරනකොට ඒ ලෝකයේම අනිත් පැත්තෙ තියෙන රටක මිනිස්සු කන්න බත් ඇටයක්වත් නැතිව හාමතේ මැරෙනව කියන එක මොහොතකටවත් හිතන්න පුලුවන්ද. පපුව කීරි ගැහෙනවා.

    මේ තම්යි සම්පත් බෙදී යාමේ විශමතාවය.

    ReplyDelete
    Replies
    1. සම්පත් බෙදී යාමේ විෂමතාවය තියෙන්නේ එම රටවල් වල නායකයන්ගේ තීරණය මත, ඒ හින්ද ධනවාදී රටවල් රැකෙනවා.
      මුස්ලිම් රටවල් වල නීති ක්‍රම වෙනස් කරන්නේ නැ. ආගම හා නොගැලපෙන හින්ද. ඒ හින්ද සෝමාලිය රජය මෙවැනි ක්‍රියා යට ගහන්න, මේ වගේ දඩුවම් ක්‍රියාත්මක කරනවා. නැවත පැමිණිලි නොකරන්න . හිංසනය පිටු දකින්නේ නැ.මනෝෂ්.....

      Delete
  6. කාළකණ්නි යක්ෂයො… වෙන කියන්න හොද වචන ටිකක් ආවත් නොකියා ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ වගේ රටක ඉපදෙන එක කාන්තාවන්ට පවක්. ප්‍රියා.....

      Delete
  7. බොහොමයක් අප්‍රිකානු රටවල මානව හිමිකම් ගැන කතාකිරීමෙන් පලක් නැත. ආගමික අන්තවාදය මගින් පාලනය වන රටවල හැටි එහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්..... විචාරකතුමනි..... ආගමික අන්තවාදය තුල මානව හිමිකම් රැකෙන්නේ නැ. අනික ගෝත්‍රික සමාජ තුල තාමත් ස්ත්‍රී දුෂණ , දෙවියන්ගේ ආශීර්වාදය මත සිදු වෙනවා යයි කියා. කන්‍යාවෝ බිලි ගන්නවා.

      Delete
  8. මෙක දිගු කාලින ප්‍රශ්න වල ප්‍රතිඑල තමයි,මේ ගැන මට නම් තර්ක නෑ අරුන් පිරිමි කියන නමටත් නිගාවක් ,

    ReplyDelete
  9. ඔව්.... සහෝ..... ඒගොල්ලන්ට ඒක ලොකු නම්බුවක්...... නියම පිරිමි කියල හිතන්නේ.

    ReplyDelete
  10. කන්න බොන්න නැති වුනත් උන්ට ඒවටනම් පණ තියෙනවා..

    ReplyDelete
  11. පුරුෂාධිපත්යේ බලය ..... දිනේෂ්......

    ReplyDelete