Saturday, June 21, 2014

ඔබ යන්න ගියා ඉගිලී.......




                      ඔබ මා හමුව ගෙවීගිය කාලය සිහිවන විට .... අනේ.... මට මගේ ආදරය ආපහු මා ගාවට ආවදෝයි සිතෙනවා. මට තාමත් ඔබව දැනෙනනවා. හීනෙන් වගේ මං ලගින් ඇවිද යන බවක් දැනෙනවා.

ඒ අතීතය සුන්දරයි.... මට මගේ වර්තමානයට වඩා, දරුවා අඩනකොට , හිත දුරක ගියත්, මගේ හිත තාමත් ඔබ එතැයි ... මග බලා සිටිනවා. අපි දෙන්නා අත් අල්ලාගෙන පියමන් කරපු හැටි.... ඇස් වලට කදුළු එනකන් හිනාවුණු හැටි....... නෝනා .... කියාගෙන මගේ පස්සෙන් වැටි මට ආදරය දීපු හැටි.... ඒ හැමදේම මට තාම මතකයි.....


              ඔබට පුළුවන් නම් මගේ කතාව අසාගෙන ඉන්න ..... මේ වගේ දුකක් කිසිම කෙනෙකුට අත් නොවේවායි ..... මං ප්‍රාර්ථනා කරනවා. ඉස්කෝලේ යන කාලේ ඉදන් අපි දෙන්නා ආදරෙන් බැදුනා,

සුදු .....

           මට එයාගේ පනටත් වඩා ආදරේ කලා. අපි දෙන්නට දෙන්නා දවසක්වත් නොදක ඉන්න බැරි තරමට අපි.... අපට ආදරය කලා. අපේ ගෙදරින් සුදුට කැමති උනේ ඔහු ගුණ යහපත් වගේම, මට හුගක් ආදරය කල නිසා. අපි දෙන්නට පුදුම තරම් නිදහසක් තිබුනේ ඒකයි


      ....... ඒත්.... දවසක් අපි අපේ කේන්දර බැලුව, බදින්න ඉන්න නිසා නිකමට වගේ බැලුව.....දෙවියනේ අහස කඩා වැටුන වගේ...... අහන්න ලැබුනේ,  සුදුට ආයුෂ අඩු බව. පොරොන්දම් බලපු මනුස්සයා කිව්වේ නම්, ඉක්මනට බබෙක් හදන්න, එතකොට ඔය අපලය ඇරිල යයි කියල. 

        
            අනේ මගේ සුදු මේ කතාව පිළිගත්තේ නෑ. ඔහු කේන්දරේ එච්චර ගණන් ගත්තෙ නෑ. මං කිව්වා අපි ඉක්මනට බබෙක් හදමු කියල. ඒත් අපිට තව වයස තියෙන නිසා ඔහු ඉක්මන් තීරණයක් ගත්තේ නෑ. කසාද බදින්න . ඔහොම සතුටින් කාලය ගතවුනා .... මට ඒ කතාවත් ටික ටික අමතක වෙලා ගියා...... 

               දවසින් දවස ගෙවුනා ..... අපි අපේ ලොවේ දුවපැන ඇවිද්දා. ආදරය කොතරම් සොදුරුද කියල හිතන තරමටම ....... 

අපිට කිසිත් බාධාවක් තිබුනේ නැ. සුදු මගේ පන වගේ මට දැනුනේ.

               දවසක් එයා , දේශපාලන රැස්වීමකට අකුරැස්සේ ගියා. මහින්ද මහත්තයාගේ රැස්වීමක් එදා තිබුනේ

         නෝනා .... , මම  හෙට උදෙන්ම අකුරැස්සේ රැස්වීමට යනවා. මං ඒක ඉවර වෙච්ච ගමන්ම ඔයාව බලන්න එන්නම්  කියල ... මට  , හාදු වැස්සක් දීල එදා හවස මගෙන් සමුගත්තේ , සදාකාලික වෙන්විමකටද කියල ඇයි ..... මට එදා හිතුනේ නැත්තේ..... දන්නවනම් මං ඔයාට එදා යන්න දෙනවද.....?

            ඔයා යන්න ගියා..... යන්නම ගියා .....ඊට පස්සෙන්ද ... මං බලන් හිටිය, ඔයා ඒවි කියල.
             එකපාරටම බයික් එකක් ගේ ළග නතර කරා. මං හිතුවේ සුදු ආව කියල. දුවල ගියේ ඒ මුණ දකින්න.

         ඒ ආවේ  ...... සුදුගේ යාලුවෙක්  ....

           අපේ අම්ම එක්ක කතාවක, අම්ම මගේ මුණ බැලුව. ඒ ඇස් වල කදුළු. මං බයවුණා.

           අම්ම කිව්වා , පුතේ ......... සුදු මහත්තය තුවාල වෙලා මාතර ඉස්පිරිතාලෙට ගෙනෙහින් කියල.

          මගේ ඇස් , නිලංකාර උනා . ඇදන්  හිටි ඇදුමෙන්ම , මං දිව්වේ මගේ සුදු බලන්න ඉස්පිරිතාලෙට.

 අකුරැස්සේ රැස්වීමට බෝම්බ ගහල හුගක් අයට තුවාලවෙලා.

 ඉස්පිරිතාලේ ඇදන් අස්සේ මං දිව්වේ පිස්සුවෙන් වගේ..... අනේ මගේ සුදු එතනත් නැ..... සමහරු මැරිලලු. එක එක්කෙනා ,කියනවා ඇහෙනවා.


             මගේ සුදු මැරිලා නැ..... මං දැක්ක ..... එයා ඔපරේෂන් කරලා, දැඩි සත්කාර ඒකකයෙ , විදුරු පෙට්ටියක් ඇතුලේ ඉන්නවා.

             අනේ .... මට එයා ලගට යන්න බැ. ඔලුව සුදුපටි වලින් ඔතලා, කකුලුත් ඔතලා. මට ලගට යන්න දුන්නෙ නැ. මං කැ ගහල ඇඩුව. මගේ අසරණයා මෙහෙම ඉන්නවා බලන්න මට බැ. දවස  ගානේ ගෙවිල සතියක්ම ගෙවුන. ඒත් එයාට සිහියක් නැ. තාමත් විදුරු පෙට්ටියේ.


          කෑමක්, බිමක් නැතිව මාත් ඔහේ හිටියා. මගේ සුදු ඇස් අරිනකම් බලන් හිටිය. 

      ආදරේ උනුවෙලා.... ලේ කදුළු වෙලා .... ගලා යනවා..... මටත් නොදනිම. මං මේ තරම් ආදරේ කරපු, මගේ සුදු වේදනාවෙන් ඉන්නවා දකිනකොට, මගේ හිත මං කොහොමද හදා ගන්නේ...... 


[එක් සත්‍ය කතාවක් ]


මතු සම්බන්ධයි........

18 comments:

  1. සත්‍ය කතාවක්?? :/ :'(

    ReplyDelete
    Replies
    1. ඔව්..... බස්සියෝ....... මං දන්නා කෙනෙක් මට කිව්ව කතාවක්......

      Delete
  2. ඊළග කොටසත් බලලම ඉමු.

    සත්‍ය කතාවකින් ගෙතුන කතාවක් නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.... ප්‍රියා...... ඉස්සරහට බලන්න වෙන්නේ ..... ජිවිත වල විශ්වාශ හා ඇදහිලි ..... සමග ජිවිතයට මුහුණ දෙන හැටි. ....

      Delete
  3. ඉස්සරහට බලමු

    ජය වේවා!!1

    ReplyDelete
  4. කෙන්දරේ නේද හ්ම්ම් :/

    ReplyDelete
    Replies
    1. මෙතන තිබුන ප්‍රශ්නය කේන්දරේ .... තිබුන කතාව ...... ඇත්ත වුන එක ... සොයුරිය.....

      Delete
  5. කේන්දරෙත් වෙලාවකට වද දෙනෝ...අද්දැකිමෙන් කියන්නේ...ඊලග කොටසත් බලමු

    ReplyDelete
    Replies
    1. ගණන් ගත්තේ නැති උනාට , තාම අපේ හිත් වල කේන්දරේ හොල්මන් කරනවා, ශානු....

      Delete
  6. ජීවිතේ හුඟක් දේවල් ඔය කේන්දරේ කොටු වලට සීමා කරන්න හොද නෑ.. ඕවායේ නැති දේවල් වුනත් කෙනෙක්ට වෙන්න තියෙන ඉඩ වැඩියි නේ..

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙම වෙනවා, දිනේෂ්...... නැති දේවල් කරන්න තරම්, අපි අපේ ආත්ම ශක්තිය ගොඩ නගා ගන්න ඕන,,

      මං කේන්දරේ විශ්වාශ කරනවා, වෙලාවකට ,,,,, ඒත් කෙන්දරයට අභියෝග කරන්න කැමතියි......

      Delete
  7. ලියවිල්ල රසයි.....
    එහෙනං කේන්දරත් ඇත්ත......... ද.......??????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... කෙන්ජි , මුලින්ම....

      කේන්ද්‍රය ගැන මට තාම ස්වාධින මතයකට එන්න අමාරුයි. මං පැටලිලා....

      Delete
  8. සත්‍ය කතාවක්?????

    කේන්දර කෙසේවෙතත් , මේ වගේ සත්‍ය කතා අහන්න මම කැමතිම නැත

    ReplyDelete
    Replies
    1. හේතුව කියන්න ඉවාන්...... අකමැති වෙන්න.

      මේක මං ඉස්සරහ ඉන්න කෙනෙක්ගේ කතාවක්......

      Delete
    2. මේ වගේ අනුවේදනීය කතා අහන්න අපි මොන තරම් පව් කරලා තියෙනවද කියලා හිතෙනවා අහනකොට, ඇත්තටම අපිට මෙහෙම කතා අහන්න නොලැබෙනවා නම් කොච්චර හොඳද?

      Delete
    3. එක ඇත්ත ඉවාන්...... ඒත් ඒ කතාව අහන්නම උනා. මට හිතෙන්නේ .... අපි හැමෝටම අනුවේදනීය කතාවක් තියනවා කියල.

      Delete