Monday, June 9, 2014

සිනාසෙන නුවන් .....



සිනාසෙන ඔය නුවන් ම'නෙතු ගැටෙන විට
දන්නේ නැ ..... මන් නුඹට සෙනෙහෙ වග
මාවත දිගේ පියමනින නුඹේ රුව දකින්න
නෙතු පෙළගැසී බලාසිටියා හැම දිනකම

නුඹ සිනාසුනා දුටුව හැම දිනකම
මම සිනාසුනා සිතට බර දරාගෙන
ප්‍රේමය මෙතරම් තිගැස්සෙන සුළුවීද යත්
වටහාගත නොහැක පරිණත වූ මගේ සිතට

වදනකට නොපෙරෙලෙන මුමුණන සිවුනෙතු
කවදා දොඩමලුවේද නෙතින් නොව මුවින් අපි
නුඹ දකින මට දැනෙන ........  සංවේදී අපේ පෙම
කවර දින මල්වරව හිනැහෙයිද අපේ සිත් ......

18 comments:

  1. හිනැහේවි ලගදිම
    දොඩමලුව වදනින්
    වැටහේවි සිතට
    ආදරේ බැව් අප අපට.. :)

    ReplyDelete
  2. ඒක එහෙම වෙන්න එපා කියල..... දැන් , මං කියනවා, සුසී....... මේක මං ලිව්වේ මිට අවුරුදු 11 කට පෙර වගේ මතක. එදාට වඩා අද වෙනස්.....

    ReplyDelete
  3. බල බල හිටියොත් නම් මල්වර වෙන එක පරක්කු වෙයි.. ඒ හදා කතා කලානම් තමා හොද..

    ReplyDelete
    Replies
    1. අනේ..... දිනේෂ් ඒක උපන් ගෙයිම මිය ගිහින්නේ..... ඉතින් කෝම.... මල්වර වෙන්නද....?

      Delete
  4. වසර 11 ට පෙර නම්.....දැන් මල්වරව හිනැහිලා ගොඩක් දුර ගිහිල්ල ඇති නොවැ ....... නිහිංසා....?

    ReplyDelete
    Replies
    1. නැනේ..... කෙන්ජි...... මේ වනකොට මං විතරක් දුර ඇවිත්......

      Delete
  5. අපූරුයි.....
    අතීත කතාවක්ය ෙම්...

    ReplyDelete
    Replies
    1. අතීතයේ ප්‍රේමනීය හැගීම්..... මේ වගෙයි..... වැඩි කලබල නැ......

      Delete
  6. දැන් නිහිංසාට ලියවෙන්නේ ආදරය ගැන විතරමයි

    ReplyDelete
    Replies
    1. නැ ඉවාන්....... ලිපි ලියන ගමන් වෙනසකට නිසදැස් දානවා....... ආදරය ගැන අතීතයේ ලියවෙච්චි කතා..... ඉස්සර මං වැඩිපුරම ලියල තියෙන්නේ ආදරය ගැන විතරමයි....

      Delete
  7. අවුරුදු 11 කට පෙර පතපු පැතුමක්ද?

    ReplyDelete
    Replies
    1. පැතුවෙත් නැ...... ප්‍රියා..... දුටුවා...... හිතුවා .....පමණයි......

      Delete
  8. මගෙ කතාවකුත් මේක දැක්කම මතක් වුනා ජිවිතේට වචන 2ක තුනකට වඩා කතා නොකරපු අවුරුදු 2කක ආදරයක්..බින්දුවක්වත් ආදරෙ අඩු නොවුනු..ලස්සනයි කවි ටික

    ReplyDelete
    Replies
    1. ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැ..... සිතුවිල්ල .... නොකොලිටි නම්......මෙවැනි කතා , අපේ ජිවිත තුල නැති වෙන්න බැනේ.....

      Delete
  9. ප්‍රේමය නම් කිමෙක්ද කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය විවිධාකාරයි...... මිතුර....

      Delete
  10. හැමෝම ගාව ඔය වගේ හැංගිච්ච එ් වා තියනවා...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. විදානේ....... ඒක හැන්ගිලම කියලත් කියන්න බැනේ..... මට හිතෙන්නේ , ඒ හැටි කියල....

      Delete