Tuesday, June 3, 2014

මල් හීන



හීන දකින්න පෙරුම් පිරුව ඇස් දෙකෙන්
කදුළු කඩන් වැටෙනවා .....
හෝ ගාගෙන හිත සුසුම්ලනවා
නුඹ රිදවනවා මාව ....
ගෙවෙන හැම තප්පරයකම
ආදරෙයි කියල ..... හිත පිරිමැද්දට
මං කෝම දකින්නද .....
රුදුරු වදන් මුවගින් ගිලිහෙද්දී
ඇස් පුපුරා ....කදුළු .....
දොරේ ගලනවා ...... කියන්න මට
නුඹේ ආදරය මේකද කියා .....

22 comments:

  1. මොකද එක පාරම ට්‍රැක් මාරු වුනේ

    ReplyDelete
  2. හැබෑ.... ආදරය හැම වෙලේම track මාරු වෙනවනේ..... ඉවාන්...... දුක මිසක්.... මේ..... වෙන්වීමක් නොවේ......

    ReplyDelete
  3. හැබෑ අත්දැකීමක්ද?

    ReplyDelete
  4. ආදරය ගැන ලියවෙන හැම නිසදසක්ම පාදක උනේ අත්දැකීමකින් තමයි මිතුර..... ආදරය දවසින් දවස එකේක පාට ගන්නවා කියන්නේ මේකට තමා....

    ReplyDelete
  5. ඉවසන්න.. හුඟක් දේවල් අපි හිතනවට දකිනවට වැඩිය වෙනස් වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් මතුපිටින් දකින දේ යථාර්තය නොවේ......

      Delete
  6. හෙක්....හෙක්.... පොඩි වචනයක් වැරදුනත් ඔය කාලෙට ඔහොම හිතෙනව අප්පා......
    වැඩිය හිතන්න එපා.....
    සැබෑ ආදරේදි එහෙමයි....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි...... මේ වචන වැරදිලා තරහ ගිහින් දැනෙන දුක තමා.......සැබෑ ආදරේ හිත රිදෙනවා....

      Delete
  7. එල්ලා මරා දමපං මා
    නුඹේ කෘර හෘද රාජ්ජේ
    ඉවසුවත් මා
    නූඹ දීද සැනසීමක් මට
    ජූරියත් නුඹ නම්
    විත්තියත් නුඹම නම්
    නුඹේ උසාවියේ
    නිවැරදි වැරදිකරු මා
    දීපං ඉතිං
    උපරිම දඩුවම්
    තවත් විදින්නට
    දුකක් නොමෑත මට
    වීදවුවා මං නුඹ නිසා
    උගුල්ලාපං මේ ඇස්
    නුඹ දෙස
    සෙනෙහෙන් බැලූ නිසා
    කපාපං මේ දෑත්
    නූඹ සෙනෙහෙන්
    වැලදගත් නිසා
    පලාපන් මෙ දෙතොල්
    නුඹව සිපගත් නිසා.........

    ReplyDelete
    Replies
    1. අම්මෝ ආදරය කියන්නේ .... තරහ නෙමේ..... සොමි..... මං එච්චර දරුණු නැ.....ඒ හින්ද ඕව නම් කරන්න බැ..... ඊට කලින් මං මැරෙයිනේ.....
      ඒ උනාට ලස්සන කවිය.....

      Delete
  8. ආදරේ වැඩිකමටත් රිද්දවනවා නේ සමහරු.

    ReplyDelete
    Replies
    1. ඔව්...... ආදරේ වැඩි උනාම හතර ගාතෙන්ම රිද්දනවා..... මනෝජ්.....

      Delete
  9. නැති දෙයක් තියෙනවා කියලා ඒක පස්සේ යන කොට එහෙම වෙනවා...

    ReplyDelete
    Replies
    1. නැති දේ හොයන්න ගියාම .... තමයි රිදුම වැඩි..... ඒත් කරන්න දෙයක් නැනේ......

      Delete
  10. හිත රිදීමත් ආදරයෙම කොටසක්... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔව්..... සුසී රිදෙන්නත් ඕන..... ආදරය තේරෙන්න නම්..... ගොදවදුනට ස්තුතියි...... මගේ අඩවියට.....

      Delete
  11. ආදරය යනු ගනු දෙනුවකි නිහින්සා......

    ReplyDelete
    Replies
    1. ඔව්..... නලින්..... සුන්දර ගනුදෙනුවක්..... ඇන්න ඒ හින්ද තමයි අත් හරින්න බැරි තරමට බැදීමක් ඇති වෙන්නේ....... ඒ හුවමාරුම...... තමයි අපිව ආදරය කියල ඉස්සරහට තල්ලු කරන්නේ.

      Delete
  12. ආදරය කියන්නේ මේ හැම දේකම එකතුවක්...ඒ හැඟීම එහෙමම ප්‍රකාශ කිරීම වඩා වැදගත්..

    ReplyDelete
  13. මිතුර ...... ආදරය කියන්නේ අපේ ජීවයේ සංකලනය..... හැගීම් , දැනීම්..... සියල්ල ආදරයේ උත්පේරක.......

    ReplyDelete