මල් හීන
හීන දකින්න පෙරුම් පිරුව ඇස් දෙකෙන්
කදුළු කඩන් වැටෙනවා .....
හෝ ගාගෙන හිත සුසුම්ලනවා
නුඹ රිදවනවා මාව ....
ගෙවෙන හැම තප්පරයකම
ආදරෙයි කියල ..... හිත පිරිමැද්දට
මං කෝම දකින්නද .....
රුදුරු වදන් මුවගින් ගිලිහෙද්දී
ඇස් පුපුරා ....කදුළු .....
දොරේ ගලනවා ...... කියන්න මට
නුඹේ ආදරය මේකද කියා .....
මොකද එක පාරම ට්රැක් මාරු වුනේ
ReplyDeleteහැබෑ.... ආදරය හැම වෙලේම track මාරු වෙනවනේ..... ඉවාන්...... දුක මිසක්.... මේ..... වෙන්වීමක් නොවේ......
ReplyDeleteහැබෑ අත්දැකීමක්ද?
ReplyDeleteආදරය ගැන ලියවෙන හැම නිසදසක්ම පාදක උනේ අත්දැකීමකින් තමයි මිතුර..... ආදරය දවසින් දවස එකේක පාට ගන්නවා කියන්නේ මේකට තමා....
ReplyDeleteඉවසන්න.. හුඟක් දේවල් අපි හිතනවට දකිනවට වැඩිය වෙනස් වෙන්න පුළුවන්..
ReplyDeleteඔව් දිනේෂ් මතුපිටින් දකින දේ යථාර්තය නොවේ......
Deleteහෙක්....හෙක්.... පොඩි වචනයක් වැරදුනත් ඔය කාලෙට ඔහොම හිතෙනව අප්පා......
ReplyDeleteවැඩිය හිතන්න එපා.....
සැබෑ ආදරේදි එහෙමයි....
කෙන්ජි...... මේ වචන වැරදිලා තරහ ගිහින් දැනෙන දුක තමා.......සැබෑ ආදරේ හිත රිදෙනවා....
Deleteහ්ම්ම් හිත රිදිලද?
ReplyDeleteඔව්..... නේ...
Deleteඑල්ලා මරා දමපං මා
ReplyDeleteනුඹේ කෘර හෘද රාජ්ජේ
ඉවසුවත් මා
නූඹ දීද සැනසීමක් මට
ජූරියත් නුඹ නම්
විත්තියත් නුඹම නම්
නුඹේ උසාවියේ
නිවැරදි වැරදිකරු මා
දීපං ඉතිං
උපරිම දඩුවම්
තවත් විදින්නට
දුකක් නොමෑත මට
වීදවුවා මං නුඹ නිසා
උගුල්ලාපං මේ ඇස්
නුඹ දෙස
සෙනෙහෙන් බැලූ නිසා
කපාපං මේ දෑත්
නූඹ සෙනෙහෙන්
වැලදගත් නිසා
පලාපන් මෙ දෙතොල්
නුඹව සිපගත් නිසා.........
අම්මෝ ආදරය කියන්නේ .... තරහ නෙමේ..... සොමි..... මං එච්චර දරුණු නැ.....ඒ හින්ද ඕව නම් කරන්න බැ..... ඊට කලින් මං මැරෙයිනේ.....
Deleteඒ උනාට ලස්සන කවිය.....
ආදරේ වැඩිකමටත් රිද්දවනවා නේ සමහරු.
ReplyDeleteඔව්...... ආදරේ වැඩි උනාම හතර ගාතෙන්ම රිද්දනවා..... මනෝජ්.....
Deleteනැති දෙයක් තියෙනවා කියලා ඒක පස්සේ යන කොට එහෙම වෙනවා...
ReplyDeleteනැති දේ හොයන්න ගියාම .... තමයි රිදුම වැඩි..... ඒත් කරන්න දෙයක් නැනේ......
Deleteහිත රිදීමත් ආදරයෙම කොටසක්... ලස්සනයි
ReplyDeleteඔව්..... සුසී රිදෙන්නත් ඕන..... ආදරය තේරෙන්න නම්..... ගොදවදුනට ස්තුතියි...... මගේ අඩවියට.....
Deleteආදරය යනු ගනු දෙනුවකි නිහින්සා......
ReplyDeleteඔව්..... නලින්..... සුන්දර ගනුදෙනුවක්..... ඇන්න ඒ හින්ද තමයි අත් හරින්න බැරි තරමට බැදීමක් ඇති වෙන්නේ....... ඒ හුවමාරුම...... තමයි අපිව ආදරය කියල ඉස්සරහට තල්ලු කරන්නේ.
Deleteආදරය කියන්නේ මේ හැම දේකම එකතුවක්...ඒ හැඟීම එහෙමම ප්රකාශ කිරීම වඩා වැදගත්..
ReplyDeleteමිතුර ...... ආදරය කියන්නේ අපේ ජීවයේ සංකලනය..... හැගීම් , දැනීම්..... සියල්ල ආදරයේ උත්පේරක.......
ReplyDelete