Monday, June 30, 2014

නුඹ ගියදා ........



ම,හිසට සෙවන දුන් විසල් රුක විය නුඹ
ම,හිතට සිසිල දුන් සරා සද විය ඔබ
ම,නෙතට අමා වූ සොදුරු දසුන ඔබ
කියන් මට නොවලහා හිමි සදුනි මගේද ඔබ .....
                                                                                                     
ගිනි ගත්ත රාත්‍රියේ  සද කදුළු බොද උනිද
පුදසුනට ගිනි ඇවිලී නෙත කදුළු විසිරුනිද
අග්නි ජාලාවක්ව ම,හද දොර ඇවිලුනිද.....
පතිකුලය දෙපා මුල බිඳ වැටි විසිරුනිද ......?

නුඹ  යන්න හදන මුත් අ,තර  මගේ විමානෙන්
හැර ලන්න හැකිවේද කිරි සිනහ ප,පුතුරෙන්
පෙන්වන්න හැකි නම් පුතු හඩන විට සොවින්
යන්නේ නෑ නුඹ  .... කිසි විටෙක අපේ ලොවින් .....

27 comments:

  1. දැන් සිංහල ලිවීම සතුටුදායක මට්ටමකට ඇවිත් නේද? නුඹ කියනවචනය සමහර තැන්වල හරි. තවත් තැන්වල නුබ කියලා තියෙන්නේ. ඒක හදන එක අමාරු නැහැනේ?

    ReplyDelete
    Replies
    1. දැන් උවමනාවෙන්ම ...... සිංහල හසුරුවනවා. ඔබතුමාගෙන් බැනුම් අහන්න බැරි කමට..... සමහර වෙලාවට අමතකත් වෙනවා, මං හදන්නම්..... ඒක......

      Delete
  2. Replies
    1. ඔව්..... මං යශෝධාරවත ආදර්ශයක් කර ගත්ත, නිමිත්ත සදහා. ඒ වගේම සිද්ධාර්ත ගෞතම මේ දිනවල යනවා, අපහු එකත් මතක් වුන..... දැනට අවුරුදු 3 කට කලින් ලියවුනත් , කාලෝචිතයි කියල හිතුන. මාතලන් අයියේ.....

      අපේ කාලයේ යශෝධාරවන්ටත් , අද මේ ටික වෙනවා, තාමත්.....

      Delete
  3. මම මගේ මිස අනෙකෙක් කිසිදින මගේ නොවේ.
    පිළිගන්න අකැමැති සත්‍ය එයයි...

    @ විචාරක තුමා ඒ සින්ගිලිෂ් යතුරු පුවරුවේ දොසක් වගේ අර සංඤක ද යන්න දුයන්න දෙකමත් වැරදිලා ඇත්තේ ඒ නිසා වෙන්න ඇති
    /සෙවන/ නම් සෙවණ විය යුතුමයි......

    ReplyDelete
    Replies
    1. ඔව්.... නලින් අපි අනුන්ගේ දේවල් අයිති කර ගන්න හදනවා, මටවත් මාව අයිති නැතිකොට. එක ලෝක ස්වාභාවනේ.....

      නණ, ළල භේදය අත් අකුරු තුල ඉබේ හැදුනට , යතුරු පුවරුවේ, ඉක්මනින් ඒ කටයුත්ත වෙන්නේ නැ, ආයාසයක් දරන්න ඕන. නලින්....

      Delete
  4. ම,හිසට...... ම'හිසට

    මේ දෙකෙන් හරි ක්‍රමේ මොකද්ද ඇත්තටම.. මාත් දන්නේ නැති හන්දා අහන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව්..... නලින් අයියගේ ක්‍රමය හරි..... කොමාවක් දාන්නේ වචන කීපයක් එකවර වාක්‍යක් තුල ගෙනි යන්න.

      Delete
  5. මටත් දැනුනෙ යශෝදරාවක්……

    පද ටික ලස්සනයි නිහංසා…

    ReplyDelete
    Replies
    1. ඔව්..... ප්‍රියා..... සම්පුර්ණයෙන්ම , මේ යශෝධාරවත තමයි.

      Delete
  6. අපුරුයි...
    ලස්සනයි...
    ජයවේවා

    ReplyDelete
  7. හැඩයි..

    ජය වේවා!!!!

    ReplyDelete
  8. අකුරු අඩුපාඩු අපි නම් හොයන්නෑ.... නිහිංසා භාෂාවක් කියන්නේ සන්නිවේදන මාර්ගයක් පමණයි.. ඒක මැරීගෙන ඉගෙන ගන්න හරි පස්සෙන් පන්නපන්න නිවැරදි කරගන්න ඕනේ දෙයක් නෙමෙයි. මාධ්‍යය තමයි භාෂාව ඒත් හුවමාරු වෙන දේ තමයි දැනුම. වැදගත් වෙන්නේ කරුණු විතරයි...

    කවිය ගැනනම් ඉතින් කියන්න දෙයක් නෑ. අති සාර්ථකයි. ඔබ හැගීම් අකුරු කරලා තියෙනවා හරිම අගේට.. වැදගත් ම දේ තමයි ඔබේ කවිකම.. ඒක අනර්ඝයි...

    ReplyDelete
    Replies
    1. @කුගෑගිප සාන්.....+++++++++++++++++++++++++++++++

      Delete
    2. ස්තුතියි...... ඔබට මාව, අගය කලාට...... කවිය කියන්නේ හැගීම් දනවන ප්‍රබල මද්‍යක්.... සන්නිවේදනය වැදගත්..... අදහස් ඉදිරිපත් කිරීමේදී මගේ අකුරු අඩුපාඩු බලපාන්නේ , යතුරු පුවරුවේදී විතරයි..... අත් අකුරු තුල ගැටළුවක් නැ, මට, එක sure....

      ඒත්.... ඒ අඩුපාඩු කම් වැඩිපුර පේන්නේ, සිංහල භාෂාව , විෂයක් විදියට කරපු හා, අකුරු පිළිබද, වැඩි දැනුමක් ඇති අයට ... එහෙම අය ඒ වැරැද්ද දැක්ක ගමන් කියනවා. එක ඉබේ වෙන ක්‍රියාවක්, මං එකට විරුද්ධ නැ. භාෂාව ඉගෙන ගත් නිසා. ඒ වැරදි හදා ගන්න වැඩි කාලයක් යතුරු පුවරුවේ ගත කරන්න වෙනවා,

      මගේ හැගීම් ප්‍රකාශය කොතනකවත් ලියල නැ. යතුරු පුවරුව මතයි එකවර පෙළ ගැහෙන්නේ, ඒ නිසා, මේ වැරැද්ද මගෙන් වෙනවා ඇති.....

      Delete
    3. ඔබ හරි නිහින්සා මා අතින් වුවත් යතුරු ලියනයේදී වැරැදි සිදු වෙනවා.

      Delete
  9. සාර්ථකයි'''''! ......................රසයි'''''! ..........................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...... කෙන්ජි.....

      Delete
  10. ඇත්තටම එහෙම නොයා හිඳීවී කියලා හිතනවාද පුතු හඩන හැඩුමට කන් දීලා ?

    ReplyDelete
    Replies
    1. එක නම්.... හිතා ගන්න අමාරුයි මනෝජ්..... සිදුහත් ගියේ දැන දැනමනේ ...... ඉතින් අනිත් අය ගැන කවර කතාද....?

      Delete
  11. ලස්සනයි හිත නිවන නිර්මාණයක්......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... සුසී..... හිත නිවන ... දුක දනන .....

      Delete