Saturday, June 7, 2014

වැරදි තුල වූ මානසික අවපිඩනය

         අපි කවුරුත් වැරදි කරති . වැරදි නොකරන කෙනෙක් මෙදියත නැති බව සුභාෂිතය කතුවරයා පැවසුවේය. පව්කාරයට ගල් නොගසන්න යයි ජෙසුතුමාද කීහ. එසේනම් වැරදි නොකරන්නන් කිසිවකුත් නොවන බව කිවමනාය. වරද නම් මෙය නොව, වරදක  අවසානයේ දැනෙන මානසික පීඩනය ඔබට කවරදාක හෝ දැනිල ඇති. ඒ...... අපි අතින් වෙච්ච පුංචි වරදක් හින්ද වෙන්න ඇති. ඒක නම් .... ටික වෙලාවකින් ඇරිලා යන සාමාන්‍ය තත්වයක්. 
            නමුත්, සිතා මතා සැලසුම් සහගතව කරන වැරදි සදහා නම් අවසානයේ දැනෙන පීඩනය හරියට අර .....දුම් දමන තෙක් නටන දිය හැලියේ ඉන්න කකුළුවා, වගේමයි. ලෝකයේ සිටි බොහෝ කෙරුම් කාරයින්ට අත්වූ ඉරණමද මෙකි විය. වැරදි කරන්න එපා යයි , මිනිසුන්ට කියන්නේ මේ නිසාය. සියල්ලෝම මේ සමීකරණය ඇස් දෙකින්ම දකින්නත් ඇති, ඒත් තවදුරටත් කරන්නෙම මෙයමය. වැරැද්දේ පාපය හා අනෙකාට වූ සියළුම අකටයුතුකම් තමා පිටින්ම යන්නට පටන්ගත් විට, එල්ලෙන්න වත් වැලක් නැති බව පසක් වන්නේ...... ඇතිව තිබෙන්නාවූ ආතතියට මානසික රෝහලක පිහිට ලබමිනි. සමහර විට මෙය රෝග රාශියක ආරම්භයක්ද  විය හැක. රටේ සාමාන්‍ය තත්වයට අනුව වැඩිමනක් මුදල් හදල් ඇති අය එළියේ සිට මේ පිඩාවට ගොදුරු වන අතර දුප්පත් උදවිය ඇතුලේ සිට පාපය ගෙවයි.... එහෙත් දෙගොල්ලගෙම තත්වය එකක් බව ඔවුන් නොදන්නවා ඇති. { ඇතුල යනු හිර ගෙදරයි.}


                මානසික රෝහලක බිත්ති අතර යකඩ කූරු ගනින කොට, ප්‍රකෘතිය පවා හැරගිය විට, පශ්චත්තාප වනන්නවත්, ඉඩක් නොතබම...... හිස් බැල්මෙන් අහස දෙස බලා හිදින්න පමණි උරුම වන්නේ. විසදුමක් නැති අනාගතයකට ජීවිතාන්තය තෙක්, පව් ගෙවනකොට ...... දෑස කළුවර පමණි පෙනෙන්නේ. හිරු උදාවෙයි, අදුර නැග එයි, ජීවිතය අවසන් නොවේ. සියල්ල විදිය යුතු නිසා, විදවන්න ඕනෙ නිසා. 
                  මරණය එන තෙක් බලහිදින , පෙර සිටි කෙරුම්කාරයන් අංගොඩ මානසික සවුක්‍ය ආයතනයේ ප්‍රතිකාර ලබන ආකාරය , එහි ගියවිට දැකිය හැක. (මෙය එහි සිටින  අහිංසකයින්ට අදාල නොවේ.) වරදින් මිදෙන්න වයිද්ය වාර්තා ගන්න හදන අයද මේ අතර සිටියද. ඔවුන්ද දසදහස් වාරයක් මැරී මැරී උපදින්නේ නඩුවට මොනවා වෙයිද කියල බිය සැකෙනි. මේ සියල්ලෝම නියම පිස්සෝද වෙති. සැනසීම ඔවුන්ට ලගපාතකවත් නැත. එබැවින් සියල්ලෝම වරදින් මිදෙත්වා කියල තමයි කියන්න වෙන්නේ.  

26 comments:

  1. වරදක් නොවන්නට නුවණ පහළ වෙත්වා.....

    ReplyDelete
    Replies
    1. වරද වෙන්න කලින් නුවන පහල වෙන්නේ නැති එකනේ වරද.... නලින්.....

      Delete
  2. වැරදි වෙනවා අපි කා අතිනුත්.මිනිස්සුනේ නමුත් වැරදි නොකර ඉන්න තරමට උත්සහාගන්න පුළුවන් නම් එකත් බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. වැරදි නොකර ඉන්න මොලේ තියන හැම කෙනෙක්ම උත්සාහ ගන්නවා. ඒත් වරදක් වෙනකම්ම දන්නේ නැ මොකද්ද උනේ කියල. මනෝජ්....

      Delete
  3. බොහොම හොඳයි. අර ඉංග්‍රීසි භාෂාවෙන් දක්වා ඇති සටහන සිංහලට පරිවර්තනය කලානම් වඩාත් යෝග්‍යයි.

    ඔබ මේ ලිපි ලියන්නේ කුමන සිංහල යුනිකෝඩ් වලින්දයි මා දන්නේ නැහැ. ඔබ Google Input Tools පාවිච්චි කරනවා නම් සමහර වචන ලිවීම සඳහා මේ පහත දක්වන විදිහට ටයිප් කරන්න

    වෛද්‍ය = waaidya

    පෞද්ගලික = ගූගල් ඉන්පුට් ටූල්ස් වලදී pou අකුරු තුන ටයිප් කරපුවාම එන විකල්ප තුළ මේ වචනය එක වරම ගන්නට පුළුවන්.

    සෞඛ්‍යය = පෞද්ගලික යන වචනය ටයිප් කල විදිහමයි. පළමුව sou යන අකුරු තුන පමණක් ටයිප් කරන්න.

    විසඳුම = wisanduma

    විඳවන්න = windawanna

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය ටයිප් කරන විදිය කියා දුන්නට thanks මාත් හොයා හොයා හිටියේ විචාරක තුමණි.

      කවුරුත් වැරදි කරනවා කීවට කතාවට කියන්නේ "ගැහණු කවුරුද වරදේ නොබැඳෙන කියලනේ "

      Delete
    2. විචාරක තුමනි. මාත් type කරේ google in put tools වල තමයි. ඒත් සමහර වචන මට හදා ගන්න බැරි උනා. දැන් තේරෙනවා. අකුරු කීපයක් ගොනු කරලා හදා ගන්න. කලින් උත්සාහ කර , හරි ගියේ නැ, ඉතින් මට යාලුවෙක් කිව්වා, අකුරු ගැන හිතන්නේ නැතිව, අදහස ප්‍රකාශ කරන්න කියල. නැත්නම් ඔයා, එකක්වත් publish කරන්නේ නැතිව ඉදිවී කියල.

      දැන් ඉතින් ඔයා හරි විදිය මට කියල දුන්නනේ. ස්තුතියි එකට, අනික විචාරකතුමනි. අර සටහන සිංහලට ගන්න , සමහර වචන වල සිංහල තේරුම දන්නේ නැ, guess කරලා ලියල වරදින්නත් පුළුවන් අර්ථය. ඒ හන්ද ඒ සටහන ඒ විදියටම දැම්මා. මේ තියන විදිය blog එක කියවන හැමෝටම තේරෙනවා. මට හිතෙනේ විදියට,

      එකෙත් වැරැද්ද අපේම තමා අපි සිංහල උනාට, සමහර සිංහල වචන දන්නේ නැ. දන්නේ එකෙත් ඉංග්‍රීසි වචනය විතරයි.

      මම සමහර සටහන් ශාස්ත්‍රීය විදියට ලියන්නේ නැ. මට හිතුන හැමෝටම තේරෙන විදියට ලියන්න ඕන කියල.අනික . සිංහලෙන් ලියන හරි අත් අකුර දැන දැන මේ විදියට ලියනවටත් ...... ඔයාලා මට සමාවෙන්න .

      මෙහෙම ලියද්දි තමයි, අඩු පාඩු පෙන්නද්දී මං වැරැද්ද හදා ගන්නේ.

      Delete
    3. @ අපුර්වී..

      කවුරුත් වැරදි කරනවා කීවට කතාවට කියන්නේ "ගැහණු කවුරුද වරදේ නොබැඳෙන කියලනේ "...

      ගැහැණු කවුරුත් හිතාමතා වරදේ බැදෙන්නේ නැ. ඒක පැරණි ජන සමාජයේ කියමනක් විතරයි...... දෙගොල්ලන්ගේම්ම වැරදි වෙන්නේ ඒක විදියට.
      වාසියට සමහරු මේක ගැනු පිටම පැටෙව්වා.

      Delete
    4. මමත් නිහිංසාගේ ඒ අදහසට එකඟයි.

      Delete
    5. විචාරක තුමාට ස්තුතියි..... අකුරු කොටන විදිය පෙන්වා දුන්නට....

      Delete
  4. වරදක් කලත් සිතකින් තමයි.....

    ReplyDelete
    Replies
    1. එහෙම නැනේ විදානේ..... සිත තමයි වරදට මුල..... නේ....

      Delete
  5. වරදින් මිදෙන්න නොව.....වගකීමෙන් මිදෙන්න වෛද්‍ය වාර්ථා හදාගෙන රට පැනල ඉදල ඇවිල්ල නියම පිස්සු කොර වෙන වැඩ කොරන මල්ලිල ඉන්න රටක් නොවැ අම්මට සිලි ලංකාව කියන්නෙ නිහිංසා....හෙක්..... හෙක්.....

    ReplyDelete
    Replies
    1. මං ඒක දන්නේ නැ කෙන්ජි..... බැරිද post එකකින් ඒ ගැන අපට කියන්න. මේක මට අහුවෙලා නැති තැනක්......

      Delete
  6. එකනේ කියන්නේ වරදක් කලත් සිතකින් නොවේ කියලා :D

    ReplyDelete
    Replies
    1. අයියෝ.... ඉවාන්..... මේ ආදරය සම්බන්ධ වැරදි වලට අදාල වැකියනේ...... එහෙම කියලනේ පිහියෙන් අනින්නේ.....

      හා..... කියන්න , එතකොට කවුද වැරදි......?

      Delete
  7. හම්මේ...
    වැරදි කරන අය ඔක්කම පොලිසියෙන් අල්ල ගත්තතොත් කොහොමට තියේද...
    ලංකාවම පාළු වෙයි නේ

    ReplyDelete
    Replies
    1. එකනේ..... මහේෂ්....... සුභාෂිත කතුවරයා...... කියල තියෙන්නේ.... ලෝකය හිස් තැනක්.... එදාට ...... ඔක්කොම අපායේ ගියොත්.....

      Delete
  8. රහසින් වත් පවු නොකරන කෙනෙක් නෑ.

    ඒත් හැකිතාක් වරදින් මිදේවා කියලා පතමු.

    ReplyDelete
    Replies
    1. ඔව්.... ප්‍රියා ....... අපේ රෝග වලට මුල කොතනද කියල තේරෙනවනේ...... මෙලෙ වශයෙන් අපටම පඩිසන් දීලා......

      Delete
  9. කාගෙ කාගෙ කිල්ලෝටවලත් හුනු ටික ටික තිබේ.....සමහර කිල්ලොටවල හුනු හොන්ඩර ගනන් තිබේ....

    ReplyDelete
    Replies
    1. තියන හුණු ප්‍රමාණය අනුව තමයි..... ඇලජි ඒක එන්නේ..... නේද.....?

      Delete
  10. චේතනාහන් භික්කවේ කම්මං වදාමි. කම්මං කරෝතිවා කායෙන වාචාය මනසාය. කර්මයන් සිතුවිලි නිසාම හටගනී, ඒවා කයෙන් මනසින් හා වචනයෙන් සිදුවෙත්. කියලනේ බුදුහාමුදුරුවෝ තුන්ලොවම දිනලා කිව්වේ. එත් කර්මයක් සිදුකර පසුව නැවතත් ඒ ගැන මනසින් පසුතැවිලි වන්නෝ සිටිනවා නේද? ඒ ඇයට තමා බුදුහාමුදුරුවෝ මෙහෙමත් කිව්වේ.

    ජරා වග්ගො 10

    අචරිත්වා බ්‍රහ්මචරියං
    අලද්ධා යොබ්බනෙ ධනං
    ජිණ්ණකොංචාව ඣායන්ති
    ඛීණමච්ඡෙව පල්ලලෙ

    ඇතැම් අය තරුණ වයසෙහි ලැබගත හැකි ධනයත් නැතහොත් විෂය රසයක් නොලැබ, බ්‍රහ්ම චර්යාවත් නොරැක මහලු වූ පසු මසුන් නැති දිය හිඳුණු විලක තැවෙන නාකි කොස් ලිහිණියන් මෙන් තැවෙත්..

    ජරා වග්ගො 11

    අචරිත්වා බ්‍රහ්මචරියං
    අලද්ධා යොබ්බනෙ ධනං
    සෙන්ති චාපාතිඛීණාව
    පුරාණානි අනුත්ථුනංති

    ඇතැම් අය තරුණ වයසෙහි ලැබගත හැකි ධනයත් නැතහොත් විෂය රසයක් නොලැබ, බඹසරත් නො හැසිර මහලු වූ පසු කලින් කළ යම් යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදීගොස් වැටුණු ඊතල මෙන් ශෝකයෙන් සුසුම් ලමින් සිටිති..

    ReplyDelete
    Replies
    1. අනේ සොමි..... ඔයා දන්නා බන ...... කර්මය,පවා,පින, මේ ඔක්කොම , අපි කරන ,කියන දේවල් තමා.

      Delete
  11. වැරැදක් වෙන වෙලාවට වැඩිය වරදින් පස්සේ දඬුවම් ලැබෙද්දී වෙන මානසික පීඩනය හුඟක් වැඩියි.. මම වතාවක් ඒ ගැන ලිපියකුත් ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්...... ඒ වගේ ලිපි තිබුනම link ඒක දාන්න......ඔක්කොටම ආයෙත් බලන්න.

      Delete