Saturday, July 12, 2014

ජමිලා.....


තිරුගු යායේ දුවපැන ඇවිද්ද රුවැත්තියේ ....
ගී ගයමින් ,නටමින් ....සෙවූ තාලය ......
ජමිලා ....නුඹ ජීවමානයි මගේ හිත අද්දර

විසුරුණු කෙහිරැලි  තඹවන් ..... දිගු දෑස ....
ජමිලා .....නුඹ ජීවිතය සෙවූ හැටි .....

දුක හිතෙන හැන්ද යාමයට ගුලි කරන් කදුළු බිදු ....
තාරකා අතරින් මග බලන් ස්වාමියා එනු ඇතැයි ....
ගෙවීගිය දවස් යුද්ධයට ශාප කරමින් ....

ජමිලා ..... තිරිගු යායේ හැංගි....... ... මතුවේවි .....

හද ගැහෙන රිද්මය ... අනේ .... මට ඇහුන ....
නැහුනාසේ .... සිටින්නම් මම ......

නුඹේ හිත .....  මං දන්නවා ... යන්න එපා සැගවිලා ....

නුඹ ජීවිතය හොයනකොට ........
පැටලිලා ... මං මගේ හිතට

අසම්මතය ...නුඹට සම්මත නැ ....
සත්තයි නුඹ අහිංසකයි .... එත් ....

සැගවිලා පලා යන නුඹේ රුව නොපෙනී යනකන්
මං බලන් ඉන්නම් .... නුඹට සුබ දවසක් ....




රුසියානු ජන සමාජයේ ....... අසම්මත වූ ප්‍රේම කාව්‍යක්...... මනුෂ්‍යත්වයේ .... රිද්මය තුල දෝංකාරය ....දුන් අයුරු.....

ජමිලා නුඹ වැරදිද.....?
එහෙම නැත්නම්.....
මං වැරදිද...?
අහල බලමු .....
අපි.......

21 comments:

  1. අසම්මත ප්‍රේමය…… මට තියෙන ප්‍රශ්ණයක් හැමදාම ඕක, ප්‍රේමයට සම්මත අසම්මත කියා කියන දේ???????

    ReplyDelete
    Replies
    1. මේක...... අපි හදා ගත්ත මිම්මක්නේ....

      Delete
  2. " විසුරුණු කෙහිරැලි ... තඹවන් දිගු දෑස ...." ?

    ReplyDelete
    Replies
    1. ඔව්....... කාර්මික දෝෂයක්..... මං ඒක හදන්නම්.....

      Delete
  3. "ජමිලා" හැමෝම කියවිය යුතු හොඳ පොතක්.

    ReplyDelete
  4. පසුගිය එක මග හැරිල .... සොලි ..... :)

    ReplyDelete
  5. "ජමීලා" මා කියැවූ අපූරුම පොතක්.

    ReplyDelete
  6. මටත් ඒ.... වගේමයි බස්සියෝ.....

    ReplyDelete
    Replies
    1. "ජමීලා" පොත ගැන පොඩි හැඳින්වීමක් දෙන්නකෝ..:)

      Delete
    2. කසාද බැදපු අළුත සැමියා යුද්ධයට ගියා....ඒත් ඒ විවාහය උනත් සමමිතික ආදරයක් දැනෙන්නේ නැ....බලන් හිටිය එනකන්... කාලයක් සැමියා ආවේ නැ..... ආරංචි උනේ යුද්ධයෙන් මිය ගොස් ඇති බව ඒත් ඒ ගැන හරියටම දන්නේ නැ...

      ඔය අතර යුද්ධයෙන් අබාධිත වෙච්ච හේවයෙක් ගමට එනවා. .... එය ගමේ අනෙක් ඇය හා එකතුව , යුද්ධයට යවන්න, ආහාරපාන කරත්ත වල පටවල යවනවා, මේක ගමේ හැමෝම කරන රාජකාරියක්, ජමිලත් මේ කටයුත්ත කරනවා, මේ දෙන්න එතැනදී නිහඩවම හදුනා ගන්නවා, හැගීම් නිරුපනය තමයි, මුලින් තියෙන්නේ,,,,,

      අවසානයේදී මොවුන් දෙදෙනා ප්‍රේම කරනවා, අන්තිමට අබාධිත සෙබලා සමග ජමිලා පැනල යනවා.....ආදරය හා හැගීම්... මෙහිදී හොදින් නිරුපනය වෙනවා.... ජමිලා ඉන්න ගෙදර මල්ලි කෙනෙක් මේ දේවල් දකිනවා, වගේම ජමිලගේ මේ සම්බන්ධයට උදව් කරනවා. පැනයාම ඔහු විසින් දකිනවා.....

      මේ ඒ පොඩි කොල්ලා ජමිලා දැකපු විදිය තමයි..... කවියට නැගුවේ.....

      ඔන්න කෙටියෙන් කතාව..... මනෝෂ්....

      Delete
  7. කණගාටුවට කාරණේ.. මේ පොත මම කියවලා නැති එක..

    හැමදාම කියන්න වගේ ආදරේ අසම්මත නෑ.. ආදරේ ආදරේම තමයි.. වටේ ඉන්න එවුන් තමයි ඒකට ලේබල් ගහන්නේ..

    ReplyDelete
    Replies
    1. මටත් කණගාටුවට කාරණේ.. මේ පොත මම කියවලා නැති එක.. තමා

      Delete
    2. දිනේෂ්..... , මදාරා ..... මේක පොඩි පොතක් එච්චර ගනන් නැ..... අරගෙන කියවන්න....

      ආදරේ අසම්මත නැ තමයි..... ඒත්.... මේක අසම්මත විදියට පෙනුනේ කසාද බැදපු කෙනෙක් , වෙනත් පිරිමියකු සමග පැන යාම හා හොරෙන් ආදරේ කිරීම..... ඒවටත්, එහෙම වෙන්න හේතු තිබුන....

      Delete
  8. මේ කියන්නෙ අයිත්මාතොව් ගෙ ජමීලා ගැන කියලයි මට හිතෙන්නෙ....
    අපූරුයි නිහිංසා

    ReplyDelete
    Replies
    1. ඔව්.... මහේෂ්....... ඒක තමා පොත....

      Delete
  9. ගෑනුන්ගෙයි පිරිමින්ගෙයි ප්‍රේම කතා ඉතින් ඉතිහාසයේ කුණුබක්කියට යවන්න ඕනේ අසම්මත බැරිනම් සම්මත උනත්.

    ReplyDelete
    Replies
    1. ඇයි.... අනේ ඒ..... කොච්චර ලස්සන කතන්දර තියනවද....? වනිතා අක්කේ....

      Delete
  10. ආදරය....සුන්දර, වරදකි......කිසිදා....සමාවක්, නම් නැති.......මට...පෙන්නලා, ආලේඒඒ, හැටි.....නුඹ...දුන්නු, දුක හොඳටොම, ඇති..........

    ආදරය සැබෑවටම සුන්දරය​, එය සිත පරිදි නොලබන්නන්/නීන් තමයි, සමාජයේ චන්ඩකාරී ලෙස හැසිරෙන්නේ. එය ආදරවන්ත​/වන්තියන්ගෙන් හෝ වැඩිහිටි, යහළු මිත්‍රාදීන්ගෙන් වෙන්නත් පුළුවන්.

    ReplyDelete