Monday, July 14, 2014

දඩුවම සුදුසුද

                     


          වනචාරී යුගයේ සිට මිනිස්සු අපරාධ කරති . එවකට පැවැති යුගයේ වරදට දඩුවම මරනයයි . නමුත් නීති හා සිමා එදා තිබුනේ නැත . මිනිස්සුන්ට කැමති දඩුවමක් දීමට හැකියාව පැවතුනි . නොයෙක් සමාජ අතර වැරදි සිදුඋනි .එදා ඔවුන්ට ඒවා අපරාධ යයි  සැලකීමට උවමනාවක් හා දනුවත් බාවයක් නොතිබිණි . 
          මේ අනුව ගැටීම හා සමාජ පෙරලි කීපයක් ඔස්සේ නවීන සමාජය දක්වා පැවැති පර්යාය වෙනස් උනි .සමාජ වෙනස්කම් මානුෂිය මුහුණුවරක් ගත අතර , ඒවාට ගැලපෙන නීති පද්ධතියක් සකස් කරන ලදී .නිත්‍යානුකුල  සමාජයක මිනිසාට පැවතීමට ස්ථාවරභාවයක් තිබුණි . වරදට දඩුවම පැවැති හෙයින් , අපරාධ තරමක් දුරට පාලනය විය . නමුත් නිරන්තරයෙන් සමාජ ගැටුම් ඇති විය . නුතන වෙනස්වීම්  සමහර සමාජ වලට දරා ගත නොහැකි විය .

        සමාජ විෂමතාවය හේතුවෙන් පුද්ගල ගැටුම් උත්සන්න විය . නොයෙක් වර්ගයේ අපරාධ බිහි විය . මේ සියල්ලටම හේතු ලෙස පවතින සමාජ ක්‍රමය ඉවහල් වුවා අපට යයි සිතිය හැක . එබැවින් අපරාධයක් සදහා පුද්ගලයා මෙහෙයවුයේ සමාජය යයි  පිළිගන්නට සිදුවේ . එහෙත් අපරාධයක් සදහා පුද්ගලයා මෙහෙය වූ  ක්‍රම  කීපයක් ඇති බව විමර්ශනයේදී දැකගත හැක  .

1 උපන් අපරාධකරු , 
      එනම් මිනිසා ස්වභාවයෙන්ම අපරාධ නැමියා ඇත්තෙක්ය යන හේතු සාධකය ,

2 ජීව විද්යාත්මක අපරාධකරු , 
      එනම් මිනිසා අපරාධ කිරීමට පෙළඹීමට ඔහුගේ ශරීර අවයව පිහිටා ඇතැයි යන මතය  .

3 සමාජීය හේතු මත බිහි වූ අපරාධකරු 
         එනම් , සමාජය අපරාධකරුව නිර්මාණය කරයි  යන මතය .

      ඉහත සදහන් හේතු අශ්‍රීතව අපරාධකරු බිහිවූවා යයි  මේ අනුව සිතිය හැක . නමුත් බහුතර පිළිගැනීම වුයේ , සමාජය අපරාධකරු නිර්මාණය කරයි  යන නවීන මතයයි  . එබැවින් සමාජය විසින් නිර්මාණය කරන අපරාධකරු වෙත දඩුවම් ලබා දෙන්නෙත්   සමාජය විසිනි . එබැවින්, නවීන  සමාජයේ දඩුවම නිත්‍යානුකුල විය. එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට  අනුකුල වුවකි .

    මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුවේ දඩුවම් ක්‍රම  කීපයක් අපරාධ සදහා ක්‍රියාත්මක  විය .

1 බන්ධනාගාර ගත කිරීම , සිර දඩුවම 

2 දඩ ගෙවීම ,

3 ශාරීරික දඩුවම් , දැනට නැත

4 මරණ දඩුවම , මෙයද දැනට ක්‍රියාත්මක නොවේ .

5 ප්‍රජා විශෝධන නියෝගයක් ලබා ගැනීම 

6 අත්හිටවූ සිර දඩුවම් 

7 වන්දියක් මුදලින් ගෙවීම

8 රජයේ ගාස්තු අය කිරීම් 

     අපරාධකරුවකු හට  දඩුවම් කිරීම  සදහා නිසි ක්‍රියාදාමයෙන් අනතුරුව , බන්ධනාගාර ගත වුවාට වරදක් නැත . එය කාලෝචිතය . දඩ ගෙවීමද වරදට අනුව සමාජකාලිනය. ශාරීරික දඩුවම් අද වන විට සමාජයට උචිත නොවේ .

      අප ජිවත වනුයේ තවමත් තිරිසන් යුගයක නොවන බව වටහා ගත යුතුය . මරණ දඩුව අද වන විට අඩපන තත්වයක ඇත්තේ , අපරාධකරු මරණයට පත් කිරීමෙන් , සමාජයේ අපරාධ අඩු වූ ආකාරයක් දැක ගත නොහැකි නිසාවෙනි  . තව දුරටත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම , යුක්ති සහගත නොවන්නේ , වරදකරු  මරණයට පත්කලාට පසුව වරදට නිසි දඩුවම ඔහුටත්,  සමාජ සාධාරණත්වය වින්දිතයා  වෙනුවෙනුත්  ඉටු නොවන නිසාය .

         නීති ප්‍රතිසන්ශෝධනය විය යුතුය . සමාජයට ගැලපෙන දඩුවම් හා අප අනුගත විය යුතුය . පුනුරුත්ථාපන ක්‍රියාවලියක අවශ්‍යතාවය දඩුවම් සදහා ආදේශ කල යුතුය .

       ලෝකයේ කිසිදු රටක මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් , අපරාධ අඩු වුයේ නැත . වෙනසක් දැකීමට හැකි වන්නේ සමාජ ප්‍රතිසංස්කරණයන් තුලින් පමණක් බව අප වටහා ගත යුතුය . අපරාධකරුවන් පුනුරුත්ථාපනය කල යුත්තේ එබැවිනි . ඒ සදහා අවශ්‍ය  විකල්ප යෝජනා සම්මත කර ගන්නවා වෙනුවට දඩුවම් ප්‍රතිපත්ති තව දුරටත් වර්ධනය කිරීම සුබසාධක රජයක ප්‍රතිපත්තියක් නොවන බව අප වටහා ගත යුතුය .

      නීති වෙනස් විය යුත්තේ පුද්ගලයා සමාජ ගත කරන්නට මිස , සමාජයෙන් තුරන් කරන්නට නොවේ . අපරාධකරු ආරක්ෂා කලයුතුද නොවේ , එසේ නම් කලයුත්තේ කුමක්දයි  සිතීමට විචාරශීලි විය යුතුය .එබැවින් අපරාධය හා දඩුවම අපරාධ විද්‍යානුකුල පියවරක් කරා  යා යුතු බව වටහා දීමට සිදුවේ . .

28 comments:

  1. //නීති වෙනස් විය යුත්තේ පුද්ගලයා සමාජ ගත කරන්නට මිස , සමාජයෙන් තුරන් කරන්නට නොවේ . අපරාධකරු ආරක්ෂා කලයුතුද නොවේ// මෙයට 100% ක් එකඟ වෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... ඔබට ෂෙහාන්....

      Delete
  2. පුනුරුත්ථාපනය කරල සමාජෙට අතෑරියට වැඩක් වෙන්නෙ නෑ මම නම් හිතන්නෙ. ඒ අයට ආදායම් මාර්ග හදල දෙන්න ඕනෙ, කාලයක් යනකම් ටච් එකේ ඉන්නත් ඕනෙ ආයෙ වලට වැටෙනවද බලන්න. එහෙම නැතිනම් ඉතින් අපරාධ කරපු මිනිස්සු පුනුරුත්ථාපනය කරල තියෙන විදියට අයි ආර් සී කියල එකක් තියෙන්න බෑනෙ.:)

    ReplyDelete
    Replies
    1. සැබැව..... මිතුර ....ඒ විකල්ප ක්‍රමවේදය තමයි..... ප්‍රජා පාදක විශෝධනය..... මේ සදහා දෙපාර්තුමෙන්තුවක් හා ප්‍රජා විශෝධන නිලධාරීන් පත්කර ඇත. දැනට මේ සදහා යොමු වීමට නීතියේ ප්‍රතිපාදන ඇත්තේ සුළු වැරදිකරුවන් සදහා පමණයි.

      මොවුන්ගේ පසු විපරම් කටයුතුත්,රැකියා, පුහුණුව, ආධාර, උපදේශන, මේ සදහා නිර්දේශ කරමින්, මහේස්ත්‍රාත් අධිකරණ තුල ක්‍රියාත්මක වී තිබෙනවා.

      Delete
    2. :) මම දැනගෙන හිටියෙ නෑනෙ අෆ්ෆ එහෙම දෙපාර්තමේන්තුවක් , :/

      Delete
  3. එන්න එන්නම සමාජයේ අපරාධ රැල්ල වැඩිවෙලා. පෙර නොඇසු තරම් අපරාද..දඩුවම් වශයෙන් සිරගෙවල් බන්ධනාගාරගත කලාම තවත් අපරාධකාරයෝ එක්ක එකතු වන ප්‍රවණාතාවය වැඩියි.ජේලර්ල බලය ධනය හමුයේ අමු අමුවේ විකිනෙනවා...ඇයි මිනිස්සු මේ තරමට අපරාධ කරන්නෙ.....ප්‍රධාන වශයෙන්ම මා දකින විදියට මේ රටේ ආර්ථිකය පිරිහිලා......ඒ වගේම රට සංවර්ධනය වන තරමටම ඒ රටේ ඉන්න මිනිස්සුන්ගෙ අධාත්මික ගුණ වගාව පිරිහිලා

    ReplyDelete
    Replies
    1. ඔව්.... මිතුර..... අපරාධ රැල්ල වැඩි වෙලා නම් තමයි. ආර්ථික පීඩනය, හා අපරාධ සමාජානුයෝජනය මේ සදහා බලපා තිබෙනවා. ඕනෑම රටක සංවර්ධනයත් එක්ක ඉස්සෙල්ලම අපරාධ වල වර්ධනයක් පෙන්නනවා. ලංකාවටත් මේක අදාලයි.....

      Delete
  4. නීති ප්‍රතිසන්ශෝදනය විය යුතුය , වැදගත් දේ නීතිය හැමට එකසේ ක්‍රියාත්මක විය යුතුය

    ReplyDelete
    Replies
    1. නිතිය සැමට පොදු කියල තමයි තියෙන්නේ, ඒත් භාවිතාව ප්‍රයෝගික නොවන අවස්ථා තියනවා....

      Delete
  5. අපේ වගේ ගෝත්‍රික රටක, ගෝත්‍රිකයින් සමාජ ගත කිරීමට අති දරුණු නීතී රීතී අවශ්‍යයි. නමුත් එම නීතිය සැමට පොදුවේ ක්‍රියාත්මක විය යුතුයි. ආගම් වලට ඒ දේ කරන්න බැරි නම්. ඒක කරණ ඒක් රජයේ යුතුකමක්. ඒ කියන්නේ මේ තියෙන නීතී රීතී වෙනස් විය යුතුයි. අධිකරණ ක්‍රියාදාමය වේගවත් විය යුතුයි. මරණ දඬුවම නම් අනුමත කරන්නේ නෑ. ඒත් ජීවීතාන්තය දක්වා සිරගත කිරීම නම් අනුමත කරනවා.

    ReplyDelete
    Replies
    1. මම නම් සගවා ඇති ආයුද පෙන්වීමට රැගෙන යාම අනුමත කරමි .....

      Delete
    2. මිනිසුන් හික්මීම සදහා දැඩි නීති,රීති අවශ්‍යයි තමා. අධිකරණ ක්‍රියාදාමය නම් පෙරට වඩා දැන් වේගවත්, කියල කියන්න පුළුවන්. වරදකරුගේ අධ්‍යාත්මය ගොඩ නැගීම තමයි, පළමුවෙන්ම කල යුත්තේ. මාතලන් අයියේ.

      ඇනෝ..... කවුරු දඩුවම් කලත්, නැතත්, අපි නිතිය අතට නොගත යුතුයි. මොකද ඊලග දඩුවම කාගෙන් බේරුනත්, ස්වභාවධර්මයාගෙන් නම් ගැලවෙන්න බැ....ස්වභාවික යුක්තිය සියල්ල විසදනවා.

      Delete
    3. මාත ....???? මරණ දඩුවම ඕන.... ලංකාවට මචෝ....

      Delete
  6. මේ දවස් වල නිහිංසා සමාජ විදයාත්මක කරුණු ලියනව වැඩි වගේ...
    මාතෙක කියපු දේට සමාන හිංද මං මගෙ පිළ්තුර ලියන්නෙ නෑ...
    මොකද එකම දේ දෙපාරක් ලියන එක තේරුමක් නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඔව්.... මහේෂ්..... මං ටිකක්, සමාජ විද්‍යාත්මක හා අපරාධ විද්‍යාත්මක කරුණු සාකච්චා කරන්න කැමතියි..... පාරට බැස්සම මේ සේරම දේවල් ඇස් පනාපිට පේනවනේ....

      Delete
  7. මරණ දඬුවම පැනවීම නිසා මිනීමැරුම් අඩුවූ රටක්වත්, මරණ දඬුවම ඉවත් කිරීම නිසා මිනී මැරුම් වැඩිවූ රටකවත්, මේ ලෝකයේ කොහෙවත් නැත. මිනීමැරුම අඩුම ස්වීඩනය, ස්විට්සර්ලන්තය, වැනි රටවල ඒ තත්වය උදාවී තිබෙන්නේ අධ්‍යාපනය ඉහලම තලයකට නගාසිටුවීම නිසයි. එය දුෂ්කර එහෙත් අනිවාර්ය අභ්‍යාසයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.... නලින්... මරණ දඩුවම උත්තරය නෙමේ.... මිනිසුන්ගේ අධ්‍යාත්මය දියුණු කරන්න නම්, අපේ අද්‍යාපන ක්‍රමය ගුණාත්මක විය යුතුයි.... එකයි, ඒ රටවල් වල අපරාධ අඩු....

      Delete
    2. සමාවෙන්න විචාරකතුමා.... ඔබටයි ඉහත පිළිතුර , නලින් යනුවෙන් වැරදීමකින් යෙදුනේ.....

      Delete
    3. ඔයාට නම් දෙක ටැපලෙනවා ද අනී ... :)

      Delete
  8. මරණ දඬුවම නම් මාත් අනුමත කරන්නෑ. රටක නීතිය ලොක්කාටයි සොක්කාටයි මැක්කාටයි හැම එකාටම එක වගේ සමානව ක්‍රියාත්මක වෙනවා නම් ගොඩක් ප්‍රශ්ණ අඩුයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝගික නොවුනත්.... දැනට නිතිය සමානයි..... සැමට ප්‍රියා.....

      Delete
  9. අපරාධකරුවන්නට නම් දඬුවම් තිබිය යුතුමය. අපරාධකරුවන්ගෙන් අහිංසකයන්ට වන හානි විපත් ඇගට දැනෙන්න නම් අපත් ඒ අපරාධයකට ගොදුරු වූවෙක් ම විය යුතුයි. ඒ වගේම නීතිය හැමට සමානවත්... මිල මුදල් නැති එකාට නීතියේ සරණ කොහෙත් ම නැති එකත් ලොකුම ගැටලුවක්.. දැන් බලන්න ලොකු කෙරුමෙක් රක්ෂත ගතවුණත් රජ සැප එක්කෝ විශේෂ කාමරයක. එත් නැති එකා අගු පිලේ... මේවත් වෙනස් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. සැබවින්ම නලින්, මේක ඇත්තක්.... ඒත්.... මේකට බන්ධනාගාර නිලධාරීන් වගකිව යුතු නැ. බලපෑම් පිටස්තරයෙන් නොලැබෙන්නේ නම්, සැමට නිතිය පොදු වෙයි..... ආර්ථික කාරණා මිනිසා මෙහෙයවන ප්‍රබල සාධකය බැවින්.... මේවට උත්තර දෙන්නේ කොහොමද කියල හිතා ගන්න බැ....

      අනික අපි සියල්ල .... මේ වන විටත්, මං හිතන්නේ නොදැනුවත්ම අපරාධ වින්දිතයින් වී අවසානයි....කුමන විදියක හෝ සුරාකෑමකට අපි ලක් වෙලා.

      Delete
  10. ඔය නීති කොහොම වුනත් ඒවා හැමෝටම එක වගේ ක්‍රියාත්ම වෙන්නේ නැත්නම් කිසිම ප්‍රයෝජනයක් නෑ ඒකෙන්..

    ReplyDelete
    Replies
    1. සමාජය යම් තරමකට පාලනය වන්නේ මේ නීති තුලින්, ඒත් සංවර්ධනයත් එක්ක නීති, පුළුල් නැ.... ඒවා වෙනස් විය යුතුය, දඩ මුදල, ඇප , දඩුවම් කාලය. හා, ඔවුන්ගේ පසු ක්‍රියා සියල්ල සංශෝධනය විය යුතුය.

      Delete
  11. කියන්න ගියොත් ලොකු කතා ගොඩයි නිහිංසා.....
    නොකිය යමි....
    තරහ නැහැ නේද .... අනී ,,,,!

    ReplyDelete
  12. ආවට ස්තුතියි.... කෙන්ජි....ලොකු කතා ලියනවනම් තමා හොද නේ.....

    ReplyDelete