Tuesday, July 15, 2014

ලොව පුරා සරණාගතයින්ගේ විශාල වැඩිවීමක්


    
            ලෝකයේ 1994 වසරදී තිබුනට වඩා සරණාගතයින්ගේ  වැඩි වර්ධනයක් මේ වන විට සංඛ්‍යාලේඛන වල සටහන්ව ඇත. ගැටුම්කාරී තත්වයන් හා ජිවිත හානි විශාල වශයෙන් වාර්තා වුයේද, මේ ජන සංක්‍රමණ ආශ්‍රයෙනි. මින් වැඩි ප්‍රමාණයක් දේශපාලන රැකවරණ පතන අය බව එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පෙනී යයි. 

       මින් බහුතරය, ඇෆ්ගනිස්ථානය හා මැද පෙරදිග රටවල් වලින් පැමිණෙන අතර, ඉන්දුනීසියාව හරහා බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමට පටන්ගෙන ඇත. මිට අමතරව මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපයේ සිට මද්‍යධරනි මුහුද හරහා ඉතාලියට පැමිණේ. 
          
        මේ සියල්ලටම හේතුවුයේ, යුද්ධය හා දේශපාලන අස්ථාවරභාවයයි. එමෙන්ම, දුප්පත්කම යන කරුණු හේතුවී ඇත. අළුත් ජිවිතයක් බලාපොරොත්තුවෙන් ජිවිත පරදුවට තබා, මොවුන් සංක්‍රමණය කෙරේ . මේ අනුව බලන විට මිලියන 26 ක පමණ ජනතාවක් ලෝක සංක්‍රමිකයන්ගේ ඝනයට වැටේ. ඉන් මිලියන 10.4 ක් භූමියෙන් පිටත්, 15.6 ක් උපන් භූමියේත් සරණාගතයින් බවට පත්ව ඇත. 

           පසුගිය වසර දෙකේ සිරියාවේ ඇතිවූ ගැටුම් නිසා, මිලියන දෙකකට අසන්න පිරිසක් අවට රටවල අවතැන්ව ඇත. ලෝකය පුරාම රටක් නැති පිරිස මිලියන 12 ක් පමණ වෙතයි, එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. 

26 comments:

  1. ඒත් තාම ලංකාව වගේ රටවලින් සරණාගත විදියට පැනල යන්නෙ ඇයි කියල තමා තේරෙන්නැත්තෙ...
    ඊටත්.. දැං ඕට්ටේලියාවෙන් කියලග තියේ නේද ආයෙ කව්රුවත් එහෙට්ට ගන්නෙ නෑ ඔක්කම අර හඩ්ඩ දූපතට යවනව කියල

    ReplyDelete
  2. ලංකාවේ සිංහල අය ඔස්ට්‍රලියා යන්නේ නැති බැරි කමට , උතුරේ වැසියන් ගියාය කියන්නේ, එහේ ඉන්න බැරි හින්දලු, ඒකනේ වැඩි ප්‍රමාණයක් එහේ යන්න ගියේ කාන්තාවන් සහ ළමුන්, පවුල් පිටින්.

    ඔසට්‍රලියාවෙන් කිව්ව මිට පස්සේ එන අය මැඩගස්කරයට යවනවා කියල, එහේ යැව්වා කියල නම් තාම කිව්වේ නැ, ඒත් මේ ලගදි ලංකාවේ ටිකක් ආපහු ලංකාවටම එව්වා, ආරක්ෂිතව, බල්ලෙකුත් එක්කම. මහේෂ්

    ReplyDelete
    Replies
    1. මැඩගස්කරයට???

      PNG නේද?

      Delete
    2. දුපත නම් මැඩගස්කරය තමයි ඒකට තවත් නමක්ද...? PNG

      Delete
  3. //ලෝකය පුරාම රටක් නැති පිරිස මිලියන 12 ක් පමණ// අපි තියෙන රටත් බෙදා ගන්න බැරිව මරා ගන්නවා.

    ReplyDelete
  4. ඒකනේ..... ප්‍රියා..... මං හිතන්නේ ..... ගෝලීයකරණයේ ප්‍රතිපල තමා මේ.....

    ReplyDelete
  5. කවුද කියන්නේ ලංකාවේ සරණාගතයෝ ඉන්නවා කියලා ,පිස්සුද .ලෝකේ ප්‍රීතිමත්ම මිනිස්සු ඉන්න රට

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++=

      Delete
    2. අන්න ඇත්ත කතා කරන මිනිස්සු..

      Delete
    3. ඉවාන් කියන විදියට ලෝකයේ ප්‍රීතිමත්ම මිනිස්සු ඉන්න රට ලංකාව කිව්වාම.... ඇයි කෙන්ජි...... වැටක් බැන්දේ.........?

      Delete
    4. මගෙ මල්ලිය තව ඒව කියයි කියල නිහිංසා......
      ඕක පේර ඉන්න කාලෙ ඉදල.................... එක්කො ඕනැ නැහැ අප්පා......

      Delete
    5. ඔන්න ඔයා ආයේ මාව අතරමන් කලා කෙන්ජි.....

      Delete
  6. සරණාගත ප්‍රශ්නේ නම් ඉතින් කවදාවත් විසඳෙන්නේ නැති එකක්. දේශපාලන ප්‍රශ්න තමයි මුල.

    ReplyDelete
  7. දේශපාලනය සරණාගතයින්ට විසදුම් යෝජනා කරනවා. ඒත් ඒවා ප්‍රයෝගික නොවන නිසාද මන්දා....සරණාගතයින්ගේ අඩුවක් නැ.

    ReplyDelete
  8. තව ටික දවසයි අපි අපේ රටේම සරණාගතයෙ‍ෝ වෙන්ඩ , ටිකක් හිටහංකෝ

    ReplyDelete
    Replies
    1. අනේ මං දන්න තරමින් ඔයාට බින් අගලක් තියනවනේ.... අටෝ ගත්තු.....

      Delete
  9. සරණාගතයෝ කව්ද? සත්තජාතියක්ද? කොහෙද ඉන්නේ...

    කයින් නැතත් සිතින් අපිකොහොමත් සරණාගතයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවනේ අපි අසරණ වෙලානේ...... කියලත් කිව්වලු නේ.....

      Delete
  10. අපි අසරණගතයෝ නේ!!

    ReplyDelete
  11. මොකද්ද ඕකට හේතුව...

    ReplyDelete
    Replies
    1. රෙහානි..... අත මිට නැති එක....

      Delete
  12. හැබෑ සරණාගතයන් අතරේ ඩොලර් කෑදරකමට සරණාගත වන අයත් ඉන්නවා..

    ReplyDelete
  13. ඔව්.... නලින් දැන් තත්වය නම් ඒක.... දේශපාලන රැකවරණ ඉල්ලන්නේ දැන් ඒ අය... නැත්නම් මෙහෙ මගඩි වලට සම්බන්ධ අය.....

    ReplyDelete
  14. හැබැයි වැඩිකරියක් ඇත්තටම සරණාගතයෝ වෙච්ච අයට විකුණන් සල්ලි හොයන්න රට පනින එවුන් තමයි ඉන්නේ..

    ReplyDelete
  15. නීති විරෝධී ලෙස , රට යන්න දගලන අයගෙන් ගන්න අතුරු ප්‍රථිපලය මේක තමා දිනේෂ්....

    ReplyDelete