Saturday, July 19, 2014

නිදහස් .... නිවහල්.....

          

          
           ලෝකය නිදහස්ය... නිවහල්ය.... මේ සුපින්වත් බිමේ, පය තබන්න ...... කල පින් මදිද කියාත් සිතේ. ස්වභාවික යුක්තිය අහසින් බිමට විත්, පව්කාරයන්ට දඩුවම් කරන්නට පටන්ගෙන ඇත්දෝයි සිතෙන තරමට කරුණු කාරනා සිදුවෙන සැටියක් පෙනේ.යුක්තියේ  සමාජ රාමුව අභිබවා යා නොහැකි බවත්, බව තරණය කරන්නටම සිදුවෙන බවත් ඉදුරා පැවසිය හැක. නිදහස් නිවහල් මේ සාමකාමී මන්දාකිණියේ , සළෙලු වරම් ලබාදුන් දෙවියෙක්වත්, ගැත්තෙක්වත් නැති බව යුක්තියේ මාතාව අපට නැවතත් පසක් කළේය. සිදුවීම් බොහෝම සෙමින් සිදුවන විට, ඇයි මේ ඉක්මනක් ...... සියළු කරුණු අවබෝධ වීමෙන්ද නැතහොත් උන්මන්තක අවපීඩන පසුපස එලවන නිසාද .....අවසානය සොයා පා නැගුවේ , ය'දඩු වටවූ   මුරුග පුරවරයට .

               ඔබට මෙසේද, තවකෙකුට එසේද සිදුවන අහඹු ප්‍රාතිහාර්ය ඔස්සේ දෙපා නගන විට........ දනන්  පිරිවරාගත් රග මඩලක නටන රුකඩ  ...... විහිදුනු දෙපා සොලවමින් , අල්ලලන අළුත් කස්තිරම්, වැයෙන බෙර පදයට, ඔසවමින් සිය දෑත ...... පිළින දෙමින් සාමයේ රජ පරවී දහනක කිරුළු පළදින බවට, සපත වෙමින් දහසක් පොරොන්දු සමග අප .... ඔබ සමගයි ...... කියා. වෙනසක් සොයන හුදී ජනයාට ..... දිව කප්පරක් සිරි සැප දෙමුයි ....මතක බන කියමින්, රගන්නෝය, සිත් තුටින්.

             අළුත් ලෝකයක් හදන්න ..... සතුටින් සාමයෙන් දිවි ගෙවන්න අප සිතන විටම, උදා වෙතයි, බලාපොරොත්තු වන ලෝකය      ඇලඩින්ගේ පුදුම පහන මෙන්, මැවිම්වාදය .....දෙවියන්ගෙන් ලැබෙන තුටු පඩුරු ..... වලට කවුද ආස නැත්තේ...? රැල්ලට හසුවෙලා   ..... පාවෙලා යන්න  .... ගහගෙන යනකොට තණකොළ පදුරු වල එල්ලෙන්න . 


          තාමත් අපට පුළුවන්. බලය හා ලෝභය මෝඩ ලෙස පාවිච්චි නොකරන තෙක් , හිස් දෑසින් බලා ඉන්න..... ලෝකය තවමත් නිදහස් , නිවහල් තමයි..... ඒත් අපේ නිදහස ..... බාධාවක් නැතිව පාවෙලා යන්න පුලුවන්ද...

          සියළු විප්ලවයන් හමුවේ..... හෙට බිහිවන අළුත් ලෝකය දෙස බලන් ඉමු අපි .... සංක්‍රාන්තියක් උදා වෙනකන් . 


23 comments:

  1. කවදාවත් උදාවෙයිද, උදාවෙන්න දෙයිද එවැනි නිදහස් නිවහල් ලෝකයක්... ජාති, ආගම්, කළු සුදු, උතුරු දකුණු, නැගෙනහිර බටහිර, වගේ කොච්චර ප්‍රශ්ණ තියෙද එයිට ඉස්සෙල්ලා විසඳගන්න.. ඒ ප්‍රශ්ණ ඉවර උනාමනං ලෝකය නිදහස් නිවහල් වෙයි, හැබැයි එය භුක්ති විඳින්න නම් මිනිසුන් ඉන්නෙකක් නෑ....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උදාවෙයි..... කියල අපි බලන් ඉන්නවා, සි.ජේ. උදා වෙච්ච දවසට අපි නැ නම් තමයි....

      Delete
  2. හෙට ඉපදෙන නැවුම් ලොවට හිරු දෙවියනි වරම් දෙන්න

    ReplyDelete
    Replies
    1. සින්දුවක් නේ ඉවාන්....

      Delete
  3. අළුත් ලෝකයක් හදන්න සතුටින් සාමයෙන් ජීවත් වෙන්නනම් මේ සම්ප්‍රදායික ගතානුගතික ආකල්ප වෙනස් වෙන්නම ඕනේ නේද? ඇත්තෙන්ම ඔය කිඅන විදිහට අළුත් ලෝකයක් හැදුනත් ගෑනු පිරිමි වෙනසයි පුරුෂයාගේ ආධිපත්‍යයි කියන දේවල් එතනටත් ආවොත් ඒ ලෝකයත් වැඩකට නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. වනිතා අක්කේ..... කාලෙකට පස්සේ..... කොයි ලෝකෙට ගියත් අක්කේ..... මේ ගොල්ල අපි පස්සෙන් එනවා.... අන්න ඒක විතරක් අපි කරගමු නේ.....

      Delete
  4. Replies
    1. නැහැ.... ජිවන...... මේ ඇස් දෙකට දකින්න තියන ඒවා තමයි.....

      Delete
  5. ලියැවිල්ල රහයි නිහිංසා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...... බස්සියෝ.....

      Delete
  6. Replies
    1. එක කියන්න බැ ප්‍රියා.....

      Delete
  7. බලාපොරොත්තු වෙමු නිදහස් නිවහල් ලෝකයක්.

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුවක්ම විතරක් වෙයිද......? ෂෙහාන්....

      Delete
  8. "හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු...."
    .
    .
    .
    "ඒ හීනය මට දකින්න ඉඩ හරින්න"

    ReplyDelete
    Replies
    1. සුසිගේ කතාව හරියට .....දේශපාලන පොරොන්දුවක් වගේ.....

      ඒක නම් හීනයක්ම විතරක් වෙයි දරුවෝ.....

      Delete
  9. ඔය හීනේ කවදා හරි ඉටු වෙනවා.බලපොරොත්තුවෙන් ඉඳිමු.

    ReplyDelete
    Replies
    1. බලමු නේ මනෝජ්....

      Delete
    2. ඔව් මනොජ් .....එය ඉටුවිය යුතු සිහිනයක්.....

      Delete
  10. එහෙම දවසක් ඒවිද??

    ReplyDelete
    Replies
    1. කියන්න බැ නේද දිනේෂ්....

      Delete
  11. මොකුත් නොකිය,,,,, ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කිව්වොත්........?

    ReplyDelete
    Replies
    1. හිතන්න වෙනවා .... ඒ ගැන ටිකක් , කෙන්ජි....

      Delete