Tuesday, July 22, 2014

විලි බිය




        දඩයම් යුගයේ අපට කිසිත් බියක්, සැකක් නැතිව ජීවත්වෙන්න පුළුවන් වුනේ, අපි අප ගැන නොදන්නා නිසයි. අපිට අපේ කියා දෙයක් තිබුනේ නැ. අයිතිකර ගැනීම්,ඇත්තෙම නැ. පොදු දේපල ක්‍රමය, භාණ්ඩ හුවමාරුව විතරයි, ජීවත්වීම පිණිස අවශ්‍ය වුනේ. කන්න දෙයක් හොයාගෙන ගහක්, ගලක් යට වැටිලා නිදා ගත්තම ඒක තමයි ජිවිතේ කියන්නේ. 
         සරල උපයෝගිතාව, මේ අඛණ්ඩ පැවැත්මට බාධා කරන්න පටන් ගත්තේ කවර කලෙක ඉදන්ද කියල මං හොයනවා . මොකද යැපුම් කෘෂි කර්මයට  කැමති නිසා. බලය පතා මිනිසා ඉදිරි ගමනට අවතීර්ණ වුවාදැයි හිතෙන්නේ, එදත් හයිය ඇති එකා, ලොකුම මස් කුට්ටිය අල්ල ගත්ත නිසයි. අතින් වහගෙන හංගන්න දෙයක් නැතිව හිටිය මිනිසාට මොකද වුනේ කියල දැන්නම් හිතෙනවා. ලැජ්ජාව කියන වචනය පටන් ගන්න ඇත්තේ එතැනින් වෙන්න ඇති. 
          විලිබිය ටික ටික දැනෙන්න  ගත්තේ ශරීර ආවරණයක ඕනෑකම තිබුන නිසා, නිදහසේ ජිවත් වෙච්ච මනුස්සයා. සමාජ සංක්‍රමනයත් එක්ක විපරිත වෙන්න වුනා . දඩයම් යුගය අවසන් කරලා, සරල සමාජ හරහා දේශපාලනික ගමනක් ඇවිදින් ආපස්ස හැරිලා බලන්නේ, මේක සදාචාරාත්මක ගමනක්ද කියල වෙන්න ඇති. විලිබිය දැනෙන්නේ, කරපු කී, දේ මතක් වෙලා වෙන්න ඇති. කොයි පැත්තෙන් වහන්න හැදුවත් දැන්නම් වහගන්න බැරි තරමට කඩතොළු වැඩිවෙලා බව දැනෙන කොට. එදා හිටිය දඩයම් යුගයටම නේද අපි අපහු ආවේ කියල හිතෙනවා. එදා නොතිබුන විලිබිය අද දැනෙන්නේ සමාජ නිරුවත ඕනෑවටත් වඩා පෙනෙන හින්දද.....මන්දා

               බලය අල්ලා ගතහැකි දෙයක් නොව, රදවා තබා ගතයුතු ක්‍රියාවකි. රැදෙන්න නම්, යහපාලනයක් තිබිය යුතුය. අතහැර යන කිසිම දෙයක් නැවත නොඑන්නේ, දැක්මක් නොමැතිකම හන්දයි. විලිබිය දැනේ නම් නැවත ඔබ කරා නොඑනු ඇත. එහෙත්, නැවත එන්නේ ලැජ්ජාවක් හෝ හිරිකිතයක් නැතිවය. මෙය වර්තමාන ජිවන රටාවයි. අපට අපේ කියල දෙයක් නැත. මට කියල දෙයක් ඇත. වෙන්න ඔබ මනාප නොබලන්න ඉවත...... අදත් මා ඔබ සමගයි. මා ඔබේ ජීවයයි. වනචාරී යුගය අවසන් .... නව යුගයකට අරුනළු උදාවී ඇත. 
           නැවත නැවතත් කැරකෙන්නේ මේ විෂම චක්‍රයමයි කියල දන්නේ කියෙන් කීදෙනාද....? පාට වෙනස් උනත් පෙතේ අදින්නේ එකම දාමෝ සෙට් එකම තමයි. කියල හිතන්න බැරිද..........?  

31 comments:

  1. "එකම දාමෝ සෙට් එකම තමයි. කියල හිතන්න බැරිද..........? " අපෝ බෑ එතකොට ආයෙමත් ලැජ්ජාව යනවනේ ...... අපි කොම්වන්ට් වල ඉගෙන ගෙන හොඳ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ ....:D
    ( උදේ පාන්දරම පොස්ට් එකම අනුභව කරාද මන්දා )

    ReplyDelete
    Replies
    1. ආ ...... ඔයා කොන්වට් ද ඉගෙන ගත්තේ...? තාම උදේ පාන්දර උනේ නැනේ.... ඒ වගේද මැලේ රාළට පේන්නේ....

      විලි ලැජ්ජාවයි...... අනිත් පැත්තට පේනකොට.....

      Delete
  2. අපට අපේ කියල දෙයක් නැත. මට කියල දෙයක් ඇත. වෙන්න ඔබ මනාප නොබලන්න ඉවත...... අදත් මා ඔබ සමගයි. මා ඔබේ ජීවයයි. වනචාරී යුගය අවසන් .... නව යුගයකට අරුනළු උදාවී ඇත.

    ජය වේවා
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මේක සැම යුගයකම ප්‍රාර්ථනාව..... සිජේ....

      Delete
  3. අතීතය නැවත නැවතත් සිදු වෙනවා... ඒක තමයි ඇත්ත. කතාව නම් හරිම අගෙයි නිහිංසා...............

    ReplyDelete
    Replies
    1. කුරුටු...... මට හිතෙන්නේ , අපි ඉන්නේ එදා හිටි තැනමයි.....

      Delete
  4. බය කියන දේ නම් සත්වයා පහල වුනු දවසේ ඉදන් තියන දෙයක් කියලයි මට හිතෙන්නේ.. මොකෝ කාටත් පරාන බිය තියනවනේ.. ඒත් විලි බිය පසු කාලීනව ඇතිවුන වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. shagiyo....බයට වඩා විශේෂයිනේ , විලිබිය...... කට්ටිය මේකට ටිකක් බයයි.... ඒකනේ වහගන්න හදන්නේ..... මේක අයිති නුතන මිනිසාට..... ඒත්...... ගෝත්‍රික මිනිසුන්ට විලිබිය කියල දෙයක් නැ..... සාමාන්‍යයි....

      Delete
  5. බලය ඇත්තා විසින් බලය නැත්තා පෙළනවා.........ඒක තමා යතාර්ථය. ඒක වෙනස් වෙන්නෑ.......ඒක හරියට පුන්සද ඇති දාට දහසක් තරු පංති නොපෙනී තියෙන්නා සේය.

    ඇති කම හා නැති කම විසින් මනුස්ස සන්තානය විවිධ පැතිකඩයන් ඔස්සේ ගෙනියනු ලබයි

    අපි විසින් පවසනු ලබන යම් දේයක් වේද ඒ ඒ අනුවමය

    ප්‍රතිශතයක් ඇද්ද නොදනී

    ReplyDelete
    Replies
    1. ප්‍රතිශතයක් නැ.... වැව්.... සියල්ල අවස්ථානුකුලව වෙනස් වෙනවා..... බලය තමයි තීරණාත්මක සාධකය.... මනුස්සය හසුරු වනු ලබන්නේ මෙම බලය නමැති අදෘශ්‍යමාන හස්තය විසින්...

      Delete
  6. හැබැයි දැන් නම් ආපහු හිතෙනවා නේද ඔය ලජ්ජවා බය කියන දේවල් මිනිස්සුන්ට නැතිවේගෙන යනවා කියලා ...

    ReplyDelete
    Replies
    1. ඔව්..... ඉවාන් දැන් නවීන සමාජය පසු කරමින් ගෝත්‍රික සමාජය කරා ගමන් ගන්නා .... මේ විෂම චක්‍රය කැරකෙන කොට ලැජ්ජා... බය නමැති සංකල්ප ඉවතට විසි වෙනවා.

      Delete
  7. සියල්ලම චකුයක ප්‍රතිඵල... හැමදේම වෘත්තාකාරව යලි යලිසිදුධ වෙනව... ඒක තමයි ඇත්ත...

    දන්නවද නිහිංස වැඩක්...
    අපේ සමහරක් ඇදුම් අදින මහත්හොරු ඇදුම් අන්දත් නෑවගේනෙව...
    පට්ට ෙහලුවෙන් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ්..... ඇන්දට ..... ඇදගෙන නේ ඉන්නේ.... ඉතින් .... දන්නේනම නැතුව , ඕක වනනවා..... නේ... මහත් හොරු..... සමාජය තුල වැඩි නම්.... මේක බලාපොරොත්තු වෙන්න වෙනවා....

      Delete
  8. නිහිංසා කියන්න උත්සහා කළේ මොකක්ද ?
    // වෙන්න ඔබ මනාප නොබලන්න ඉවත...... අදත් මා ඔබ සමගයි. මා ඔබේ ජීවයයි. වනචාරී යුගය අවසන් .... නව යුගයකට අරුනළු උදාවී ඇත. // මට හරියට පැහැදිලි නෑ.

    ReplyDelete
    Replies
    1. මං කියනවා ඔයාට මට කැමති වෙන්න කියල, ඉවත බලන්නේ නැතුව.... මං ඉන්නේ ඔයත් එක්ක තමයි.....

      පසුකර යුගය එච්චර හොද එකක් නෙමේනේ..... දැන් අලුත් ලෝකයක් තමයි මං උදා කරන්න හදන්නේ,....

      මේක යුගයක ප්‍රාර්ථනාවක් .... මදාරා......

      මෙතැනදී අර විලිබිය තුරන් වන අවස්ථාවක්.... මේ ඉල්ලීම කරන විට අපට දැනෙන්නේ....

      Delete
  9. දඩයම් යුගයට ආයිත් ගියානම් ......
    මොනවා වෙයිද

    ReplyDelete
    Replies
    1. අයෙත්..... මුල ඉදන්....... චක්‍රය කැරකෙන්න පටන් ගනියි..... ජිවන....

      Delete
  10. මල කෙලියයි දාපු කොමෙන්ට් එක වැටුනේ නැහැ.

    ReplyDelete
  11. අතීතයම නැවත නැවතත් සිදු වෙමින් පවතී..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දිනේෂ්.... අපිට අතීතයෙන් මිදෙන්න බැ කියන එකද.....?

      Delete
  12. අප නම් අධි වෙගයේ ගල් යුගයට ගමන් කරමින් සිටින්නෙමු.

    ReplyDelete
    Replies
    1. අධි වේගය ගල් යුගයට යන පාර ලං කරලා දුන්නා...... රහතුන් වහන්සේලාත් ඔය වගේ අධි වේගයේ ඉර්ධියෙන් ගිහින් තියනවනේ....... ඒ ගල් යුගයට නෙමේ..... සත්‍ය සොයා....

      Delete
  13. 'ලබන සැරේ අපි දෙනවා බැටේ' කිය කියා, ගොයම් කොලේ වටේ යන අම්බරුවෝ වගේ, ඔහේ යනවා ඉතිං.....ඔච්චරනේ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ..... අයෙත් එක තැන කැරකෙනවා...... හෝයියා...... හෝයියා........

      Delete
  14. ඔය ගැන මම කතා නොකරමි..... නිහිංසා.......
    මොකද ඔය රටේ ජිවත් වෙන අදහස අත්හැරල ගොඩක් කල් නිසා......

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔයත් බුද්ධිගලනයට අහු උනාද.....? නැත්නම්, බයේ පැනල ගියාද.....? කෙන්ජි...

      Delete