Tuesday, July 29, 2014

දැහැන



සරා සද මෝදු වී තෙමා වැටි කදුරැල්ල
තරු නෙතට ඉගි කරන් විසිර ගිය හසරැල්ල
කොද කැකුළු පුදින සිසි කැලුම් නල රැල්ල
දරා  ගනු කෙලෙස තුටු හදවතට සිහිලැල්ල

වනපස මලින් පිදුම් ලැබූ නිරාමිසයන්
පරසතු මදාරා අකැප වූ පාරමිතාවන්
වඩන්නට බවුන් නොදැනෙන්න මල් පවන්
මිරිගු දිය නොපැගි පා ඔසන සදරුවන්

හිරු නැගී මල් පිපි සියොත් කල හැඩවී
නෙතු බැදී මන බිදී හද ඇතුරු සරාගී
මල් මන්ද මාරුතේ කැලඹ ගිය නුරාගී
දැහැන් ගත සමාධිය සිත් ඉමෙන් හමාවී

7 comments:

  1. අපූරුයි නෙව...
    ජයවේවා

    ReplyDelete
  2. හැඩයි කවි ටික

    ReplyDelete
  3. ස්තුතියි.......... ඔබ සියලු දෙනාටම....

    ReplyDelete
  4. සිවුපද ශෛලිය සහ නිසඳැස් ශෛලිය මිශ්‍ර නොකර ලියනවානම් වඩාත් හොඳයි.

    ReplyDelete
  5. මං ඒක වැඩිදුර හිතන්නේ නැතුව ලිව්වේ විචාරකතුමා..... ශයිලිය ගැන අවදානය යොමුකළේ නැ.. සදැස් සහ එළිසමය ගැන තැකුවෙත් නැ. නිකන්ම ලිව්වා....

    ReplyDelete