Wednesday, July 30, 2014

වීදී කොන

  

                ශ්‍රී ලංකාව තුල යාචකයින් සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් පර්යේෂණයක් සිදුකර ඇත . එය ශ්‍රීලංකාවේ යාචකයෝ නමින් ප්‍රකාශයට පත් කර ඇති අතර , මේ වන විට විශ්වවිද්යාල වල විෂය නිර්දේශයට පවා ඇතුලත් කරමින් , සමාජ ගැටළුවක් ලෙස  විග්‍රහ කරමින් නිර්දේශ පවා මෙමගින් ඉදිරිපත් කර ඇත . නමුත් ඒ සියල්ල මේ වන විට උපන්‍යාසයකට පමණක් සිමා වෙමින් , නිගමන හා නිර්දේශ පොතකට පමණක් සිමා වන ලදී .  ශ්‍රීලංකා සමාජයේ එක් උප සංස්කෘතියක් ලෙස යාචක සමාජය හැදින්විය හැක . මොවුන් සමාජයට දැඩි බලපෑම් එල්ල කල හැකි පිරිසක් බවට අද වන විට පත්ව ඇත . අතීතයේ පටන් අද දක්වාම යාචකයින් බිහිවීම වැළක්විය නොහැකි විය . ලෝකයේ පවා සෑම රටකම යාචකයින් සිටීම සුලබ දසුනකි . ධනවාදී මෙන්ම තුන්වන ලෝකයේ රටවල පවා මෙමෙ උවදුර දැකිය හැක .

             මොවුන් සමාජයක අත්‍යවශ්‍ය  කොට්ටාශයක් නොවේ . එහෙත් සමාජයෙන් ඉවත් කල හැකි කොටසකුත් නොවේ . හේතුව ඔවුන්ටත් මේ දීපය තුල ජිවත් වීමේ අයිතිය ඇති නිසාය , ඔවුන්ද මනුෂ්‍යයින් වන නිසාය .   යාචකයින්ගේ ගැටලුව සදහා කිසිදු ස්ථාවර  ක්‍රියා  මාර්ගයක් රජය විසින් ගෙන නොමැත . යාචකයින් ජිවත් වනුයේ කඩපිල් වල හා අගුපිල් වලය මොවුන්ට බොහෝ විට නිවෙස් නොමැත . සිගමනින් අහිංසකව ජිවත් වේ එය සම්ප්‍රධායයි  . නමුත් මේ වනවිට එම තත්වය වෙනස් වී , මැර කමින් , මංකොල්ල කමින් , හා වෙනත් නීති විරෝධී ක්‍රියා  සිදු කරමින් ජිවත් වන කොටසක් බවට යාචකයින් පත්ව ඇත . මොවුන් වරෙක පාතාලයේ ක්‍රියාකාරකම්ද , ත්‍රස්ත ක්‍රියා  සදහා ඉත්තන් වීමද , පහුගිය වකවානුවේ දැකිය හැකි විය . 

            මෙහිදී යාචකයින් තුලින් වීදී ගණිකාවන් බිහි වීමද , වීදී දරුවන් බිහි වීමද දක්නට ලැබුණි . මොවුන් සියලුම දෙනා සංක්‍රමිකයන්ය . ළදරුවාගේ සිට මහල්ලා දක්වාද ආබාධිතයින් හා මන්ද බුද්ධිකයින් දක්වාද ඔවුන් සදහා ආර්ථික වටිනාකමක් විය . යාචකයින් සමාජයට කරදරයක් වූ විට උන් හිටි තැන් නැති අය, වරෙක පොලිසිය අධිකරණය මගින් රිදියගම නිවර්තන නිවාසයටත් , ගංගොඩවිල නිවර්තන නිවාසයටත් , මානසික රෝගීන් අංගොඩ මානසික රෝහලටත් , ළමුන් පරිවාසය හරහා ළමා නිවාස වලටත් යොමු කරනු ලැබිය . 

              එක් යුගයකදී , කොළඹ සිටි සියලුම යාචකයින් බලහත්කාරයෙන්ම රිදියගම නිවර්තන නිවාසයට ගල් කරන ලදී . එහෙත් , පිරිසක් එම නිවාසයෙන් පලා  ගිය අතර ඔවුන් නැවතත්   කොළොඹ පෙදෙසේ  දක්නට විය . මේ අතර පදික වෙලදුන්ද වෙනත් ගමන් ගිය වයසක උදවියද සාමාන්‍ය  ජනතාවද එම ගාල් කිරීමට ලක්විය . යාචකයින් සදහා එම විසදුමද උචිත නොවන බව අදාල පාලන අධිකාරීන් වටහා ගන්නට ඇත . යාචක පැවැත්ම හා ඔවුන් සම්බන්ධයෙන් වූ වැදගත් සිද්දීන් ඉහත පරිදි විය . 
             යාචකයින් සමාජයට අනවශ්‍ය  පිරිසක් බව සැබෑය . එහෙත් ඔවුන් වෙනුවෙන් මීට වඩා මානුෂිය විය යුතු බව මතක් කර දීමට කැමැත්තෙමි .

16 comments:

  1. දැන් නම් ඕක ව්‍යාපාරයක් වෙලානේ තියෙන්නේ....ඒ නිසාම පාරට වැටෙන අහිංසක මිනිස්සුන්ට කවුරුත් දැන් උදවු කරන්න කැමති නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... හිඟාකෑමේ බිසිනොස් එක.

      Delete
  2. ඔව්...රෙහානි .... දැන් බස් එකකවත් යන්න අමාරුයි.... හිගන්නෝ ගානට නිකන් මිනිස්සුත් සල්ලි ඉල්ලනවා.... දීලා ඉවරයකුත් නැ....

    ReplyDelete
  3. යාචකයා යනු දැන් තනතුරක් = රුකියවක් කියන්නයි වුවමනා වුණේ ! 

    ReplyDelete
    Replies
    1. මම කියන්න හිතපු එක තෝ....කියල....
      ඉදපිය .... දිනේෂ් අයිය එක්ක බේර ගන්නම් ......

      Delete
    2. මොකෝ..... කෙන්ජි...... ඇරියස් ....... මධාරා එක්ක.....

      Delete
  4. ඔව්..... මධාරා...... කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් රැකියාවක් මේක.....

    ReplyDelete
  5. යාචක කම රැකියාව කරන් ඉන්න මිනිස්සු ඉද්දී සැබෑ යාචකයෝ නාගරික සංවර්ධනය අස්සෙන් උස්සන් යන රටක් මේක..

    ReplyDelete
    Replies
    1. ඔව්...... දිනේෂ් සමහරුන්ට යාචකයෝ.... සම්පතක්..... උල්පතක්.... එකයි උස්සන් යන්නේ , වටින නිසා....

      Delete
  6. මේ පවතින ක්‍රමය ඇතුලේ අපිත් යාචකයෝද කියලා හිතෙනවා විටෙක.

    ReplyDelete
    Replies
    1. නැනේ...... මනෝජ්..... අපි තාම එතෙන්ට වැටුනේ නැ..... තාම කෙලින් ඉන්නවා...

      Delete
  7. යාචකයෙක්ගේ සාමාන්‍ය දවසක ආදායම රු 6000 ක් ලු.. ලගදි පත්තරේක දැක්කේ.. මට හිතෙනවා මේ හිගන රස්සාව අතැඇරල හිඟාකෑවනං හොඳයි කියලා...

    පිං සි ද් ධ වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔව්..... සිජේ...... දිනක වැටුප මෙහම් නම් ..... අපියි හිගන්නෝ කියල හිතෙනවද...?

      Delete
  8. ඔය යාචක නෝනලා මහත්තරුන්ට හිගන්නෝ හිගන්නෝ කියන්න එපා අපිට වඩා ඒ අය ලග සල්ලි බාගේ තියෙනවා.සමහරුන්ට ගෙවල් 2ක් 3ක් තියෙනවා ඒවා කුලියට දීල තියෙන්නේ.සමහරුන්ට යාන වාහන එහෙමත් තියෙනවා කන්නේ බොන්නේ ටවන් එකේ තියෙන හොදම කඩෙන්.ඒ අය තමයි ලංකාවේ ඉන්න හොදම විකුනුම්කරුවෝ....

    ReplyDelete
    Replies
    1. මගේ අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නවා..... ඇත්තෙන්ම ඔව්..... ලංකාවේ යාචකයින් කියන්නේ..... ධනවතුන් කොට්ඨාශයක් . ඇන්දේ නැති උනාට අපට වඩා වත්කම් තියන, අපට වඩා තුන්වේල හොදට කාල ඉන්න පිරිසක්. මේක ජාල ගත රැකියාවක්.

      Delete
    2. මේ යාචක ජාවාරම හේතුවෙන් අසරණ යාචකයන්ට අසාදාරනයක් වෙනවා පව්...

      ස්තුතියි පිට්ටුවව සාදරයෙන් පිලිගත්තට....

      Delete