Sunday, July 6, 2014

රෝස පාට සිහිනය.....


                  රෝස පාට  හැන්දෑවක පැතු පැතුම් එක්තැන් කොට
දෑත , දෑතේ පටලමින් ගිවිසුමකට එක්තැන්ව

පෙම්බර කවි මුමුණ මුමුණ
පාට පාට ලෝකයකට කැන්දාගෙන යන්නට
වරම් ලදිමි ... ලෝකෙන් .....

දෑස , දෑසේ පැටලී පැටලී
යුග ගීයේ ....  එලිසමය  තනුවකට මැදිව ....
නොමැති රිද්මයක් කෙලෙස ගයන්නද ....

දෑත රැදුණු මල් පොකුරෙන් එකිනෙක ගිලිහෙන
පරවුණු මලක් වගේ පැතු පැතුම්
හිස් අහසට විසිර යද්දී ........

යුග දිවියට අවරගිරේ හිරු පායද්දි.....
පෙම්වත් වූ හිත දෙරණත දිව යද්දී .....
රෝස පාට හැන්දෑවේ තුරුල් වෙලා ...
 සීහිනයක් දුටු බව පමණයි මතක .......


33 comments:

  1. හීන වුනත් හැබෑ වෙන්න පුළුවන් ...

    ReplyDelete
    Replies
    1. මේක හැබෑ වෙච්ච හීනයක්..... සහෝ.....

      Delete
  2. සිහින සැබෑවනනේ කැපවීමෙනි..

    ReplyDelete
    Replies
    1. ඔව්... සි.ජේ...... මේ කැපවීමෙන් බලපු හීනයක් තමයි...... හොදට කියවල බලන්නකෝ, තව පාරක්, මොකද වෙලා තියෙන්නේ කියල....

      Delete
  3. ජීවිතය ඉතින් අපේ සිහිනයාක් නොවේ......
    හෙට උදේම අවදි වී යා යුතුව තිබේ.........

    ReplyDelete
    Replies
    1. ඔබ නිදන්න....ඔබ නිදන්න.... මතින් සැතපිලා...... නලිය .....

      Delete
    2. ඔව්.... නලින් අවදි උනාම තමයි..... ඇත්ත පෙන්න ගන්නේ....

      ඇයි කෙන්ජි..... නලින්ට මත් නින්දක්ද තියෙන්නේ...... පරිස්සම් වෙන්න කියන්න...

      Delete
  4. මං නම් රෝස පාට සැදාවට ගොඩක් ආසයි.... & ... කැමතියි..... අදටත්.......
    මොකද මන්ද......

    ReplyDelete
    Replies
    1. ඔයත් ඒ හීනෙ sure එකටම දැකල තියනවා, කෙන්ජි..... එකයි ආස....

      Delete
  5. Sweet dream turn out to be a nightmare ...... :(

    ReplyDelete
    Replies
    1. Because , without sleep ...... to see .... your, memories .....

      Delete
  6. සිහිනය හැමවෙලාවෙම සුන්දරයි කියලා හිතේ තියාගන්න..

    ReplyDelete
    Replies
    1. සිහින දකින කම් විතරයි.... දිනේෂ්.... සුන්දර...

      Delete
  7. රෝස පාට ද නැත්තං රෝස පටද...
    ඉදස්පිලි පාපිලි තේරුම ගොඩක් වෙනස් කරනව...
    ඒක තෝරල දෙන්නකො මං උත්තරයක් ඊට පස්සෙ දෙන්නං

    ReplyDelete
    Replies
    1. රෝස පාට කියල හිතන්නකෝ...... මට පා පිල්ලක් අඩු වෙලා....

      Delete
    2. පා පිල්ල කියන්නෙ ු මේකට...
      ඕකට කියන්නෙඇල පිල්ලක් කියල...
      කවිය ලස්සනයි...
      ඒත් ඇයි රෝස පාට විතරක් මතක..
      හිහි
      ජෝක් එකක් හොදේ

      Delete
    3. මට කවිය ලියද්දි මතක් උනේ රෝස පාට නේ මහේෂ්..... එකයි එහෙම ලියවුනේ....

      Delete
  8. ඇත්තටම සමහර වෙලාවට හීනයක් වගේ සමහර දේවල්, සුන්දර මතක විතරයි. සැබෑ ජීවිතයේදී ඇත විඳින්න වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ තමයි..... ඉවාන්..... මේ හීනෙන් දැක්ක විවාහයත්.......

      Delete
  9. මාත් හරිම ආසයි
    ලා රෝස පාට හීන බලන්න...

    ReplyDelete
    Replies
    1. අනේ බස්සියෝ....... ලා රෝස පට හින දකින්නේ චුටි ළමයිනේ......

      Delete
  10. සුන්දර සිහින සැබෑ වීමත් සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ඒත් මෙතන සුන්දර වෙලා නෑනේ.... ප්‍රියා....

      Delete
  11. මටත් මේ වටේ පිටේ උන් කියනවා දැං ඉතිං රෝස පාට හීනයක් බලහං.. නිල් පාට හීන් දෙකක් ම දැකල නේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ..... නිල්පාට හිනත් තියනවා, කියල මට මතක් උනේ දැන් නේ.....දේශකතුමනි...... කොළ පට හිනත් ඉස්සර දැක්කද...?

      Delete
  12. අපිනම් ඉතින් රෝස පාට දැක්කොත් හිනෙන්ම තමයි

    ReplyDelete
    Replies
    1. ඇයි.... ඒ.... රෝස පාට ඒ තරම්ම පේනවා අඩුද...?මැලේ රාල....

      Delete
  13. මට පේන්නේ පාට පාට හීනනේ.

    ReplyDelete
    Replies
    1. ඒකත්, හොදයි.....එතකොට ටිකක් විතර හින හැබෑ, කරගන්න පුළුවන්.... මිතුර.....

      Delete
  14. දේදුන්නේ පාට හතෙන්
    නේක පාට කලවම් වුණ
    පාට හීනයක් දැක්කා
    අවදි වෙන්න පමා උනා
    හීන දිගේ දුරක් ගියා
    පාට ලෝකෙ නැතුව ගියා
    පාට මැකුණු පා තිය තිය
    මං ආයෙත් අවදි උනා.


    ඕව ඔහොම තමයි නිහිංසා...........

    ReplyDelete
    Replies
    1. ඔන්න අවදි උනාම වෙච්ච දේ තනුජා...... හින හීනම තමයි...... සැබෑ නොවන...

      Delete
  15. ඒ කෝ මම දාපු කමෙන්ට් එක ? 

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට මොකද උනේ මදාරා..... මාත් දැක්කේ නැ.... සමහර කමෙන්ට් වල mail එක විතරයි මට එන්නේ ... ඇයි ඒ ? anonymouse ගේ mail එකකුත් තිබ්බ, ඒකත් publish වෙලා නැ....

      Delete