Tuesday, July 8, 2014

සිරිකට් රැජිනගේ රෙදිපිළි කෞතුකාගාරය


           මෙම කෞතුකාගාරය තායිලන්තයේ සිරිකට් රැජිනගේ 'උපකාර ' නම් පදනමට කරන ලද පරිත්‍යාගයකි . 1976 දී , රැජින විසින් අරම්භ කරන ලද්දේ , තායි අත්කම් නිර්මාණ සදහා අත දීමක් ලෙසිනි . කෞතුකාගාරය තැනීමෙන් පාරම්පරික ඇදුම් ආයිත්තම් කලාව අනාගත පරපුරට දැක ගැනීම සදහා සංරක්ෂණය වීමද සිදුවේ . මෙහි ප්‍රධානම පරමාර්ථය අග්නිදිග, පෙරදිග,හා දකුණු ආසියා කලාප වල දුර්ලභ පැරණි රෙදිපිළි වර්ග ප්‍රදර්ශනය හා සංරක්ෂණයයි . ඇදුම් නිර්මාණ කලාව සදහා යමක් ඉගෙන ගන්න වේ නම් එයද මෙ'මගින් ඉගෙනගත හැක . 


          'උපකාර' පදනම විසින් නිර්මාණ අලෙවිකරණයද මෙහිදී සිදු කරයි . ඒවා නුතන හා පුරාතන වර්ගයේ ඒවා වේ . මෙයට අමතරව , නිවාස සැරසිලි සදහා උචිත භාණ්ඩ කපු සහ සිල්ක් මෝස්‌තර උපාංග ,ස්වර්ණාභරණ ,පොත්පත් , මල් වලින් කරන ලද අත්කම් ද මෙහි වේ .


         සේද වලින් කල නිර්මාණ , රාජකීය මෝස්‌තර රැජිනගේ අතින්ම නිම කරන ලද දොළහකට අධික වූ ආයිත්තම් ද වේ . තායි පේෂ කර්මාන්තය ආරක්ෂා කිරීමද රැජිනගේ අරමුණ වේ. 'උපකාර' පදනම පිහිටීමෙන් දේශීය පේෂ කර්මාන්තය නගා සිටුවීම තායි කාන්තාවන්ට දැනුම හා හුරුව ලබාදී අමතර අදායම් මාර්ගයක් සාදා දීම රැජින විසින් ආරම්භ කර ඇත . තායිලන්තයේ ජාතික උරුමයන් හා සංස්කෘතිය රැකිම හා එය ඉවහල් කරගත් ජිවන රටාවක් ලබාදීම සදහා රැජින විසින් ගත් මේ උත්සාහය ප්‍රසංසනීයයි . ලෝකයේ සංචාරකයින් තායිලන්තයට පැමිණෙන්නේ නම් අනිවාර්යෙන්ම සිරිකට් රැජිනගේ රෙදිපිළි කෞතුකාගාරය නරඹනු ලබති .

22 comments:

  1. වටිනා විස්තරයක්,කලින් මේ ගැන කියවලා නම් නෑ වගේ ,

    ReplyDelete
    Replies
    1. ඔව්.......... සහෝ.... මටත් අහම්බෙන් හම්බ උනේ.... මං ඔයාලට දැනගන්න සටහන් කලා....

      Delete
  2. අනේ දෙවරක් තායිලන්තයේ ගියත් මේක බලාගන්න යන්න හැකි වුණේ නෑ. හේතුව ඒ දෙපාරම රාජකාරි අතර ලද දවසක විවේකය ගත කරන්න පතායා තෝරගත්ත එක. ඒ පතායා ගමන් ගැන තමා මගේ බ්ලොගයේ මුල්ම ලිපි ටික. ඒ කියන්නේ බ්ලොග පටන් ගත්තේ තායි සංචාරයේ සංචාරක සටහන් ලියමින්. යළිත් අවස්ථාවක් ආවොත් අමතක නොකරම යනවා මෙතැන බලන්න. තායිලන්තයේ විශාලතම මැණික් අබරණ නිමැවුම් කම්හල හා ප්‍රදර්ශනාගාරය නම් බැලුවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.... නලින් ආයේ තායිලන්තයට ගියොත්, නොවරදවාම යන්න බලන්න. තායිලන්තයට දේශීය නිෂ්පාදන වල වටිනාකම නිසා, ඒවා , සංරක්ෂණය කරන්න හා නව නිර්මාණ ගොඩ නගා ගන්න උත්සාහය බලන්න.

      Delete
  3. කවදාවත් අහල නෑ...
    ඒ හින්දම වටිනව.
    කවදහරි මේකත් බලන්න යන්න චෑන්ස් එකක් වැදේවා

    ReplyDelete
    Replies
    1. මාත් ඔයාට එහේ යන්න ලැබේවා, කියලා ප්‍රර්ථනා කරන්නම් මහේෂ්....

      Delete
  4. මාත් අදමයි මේ විස්තරේ කියෙවුවෙ. වටිනවා.

    ReplyDelete
  5. අදයි මේ ගැන ඇහුවෙ. ස්තූතියි නිහිංසා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... ප්‍රියා..... බස්සියෝ......

      Delete
  6. සිරිකත රැජින සහ අතුල්‍යතේජ බූමිපාල රජතුමා

    ReplyDelete
    Replies
    1. ඔයා ටිකක් මේ ගැන දන්නවා නේ....

      Delete
  7. මම ඉස්සෙල්ලම ටයිටලේ දැක්කේ සිකරට් රැජිනගේ මාලිගේ වගේ , මම බැලුවේ කවුද යකෝ සිකරට් රැජින කියලා

    ReplyDelete
    Replies
    1. සිකරට් රජාවනම් මමත් දන්නවා (කාටවත් කියන්න එපා පත්තර විකුණන එකෙක්)

      Delete
    2. ඔයාලට පේන්නෙම සිකරට් නේ..... හිතේ තියන දේවල් මැවිලා පේනවා, නේ ... ඉවාන්...? කවුද...? පත්තරේද....?මැලේ.....

      Delete
  8. ඔය සිංහල බාෂෘවට “සිරිකත“ කියන වචනේ ආවෙත් එහෙනං වෙන්ටෑ..

    ReplyDelete
    Replies
    1. සමහර විට වෙන්ටෑ..... නේ

      Delete
  9. ඊළඟ සැරේ තායි ගියාම බලන්න යන්න ඕනා

    ReplyDelete
    Replies
    1. ගිහින් බලලම එන්නකෝ.....

      Delete
  10. සිරිකට් රැජින ගැන මේ අහුවමද මන්දා මම..

    ReplyDelete
    Replies
    1. ලෝකයේ අපි දන්නේ නැති රජවරු හා රැජිනන් තව කොතෙක් ඇත්ද....? දිනේෂ්....

      Delete
  11. මිට කලින් කවදාවත් අහලා නෑ මෙහෙම එකක්.. නියමයි

    ReplyDelete
    Replies
    1. මොනරි..... දැන් දන්නවනේ .... රටට හා අපේ කමට ... ඒ කියන්නේ තායි ජාතියට හිතැති අයත් ඉන්නවා, කියන එක ....

      Delete