Friday, July 4, 2014

පොත් සහ මං

             

   
         මං පොත් කියවන්න පටන් ගත්තේ මං කියන්නේ කවුදවත් නොදන්නා කාලේ ඉදන්, මට මතකයි ගෙදර තිබුණ පත්තර කැලි, අම්මගේ ශ්‍රී සගරා තමයි, මං ඉස්සෙල්ලම ඇල්ලුවේ. 'දසුන ' 'සිත්තර ' 'මධුර' 'සතුට' තමයි මගේ පෙළපොත් උනේ. ඒවායේ තිබුනේ චිත්‍ර කතා මට අග මුලවත් තේරුනේ නැ.ඒත්, පින්තුර දිහා බලන් ඉදල මොකක් හරි අදහසක් ගත්තා. 
             ආදරේ දුක, වේදනාව ,හිනහව පොත් වලින් තේරුම් ගත්තේ මං ඒ නොදන්නා කාලේ අවුරුදු පහක පමණ වයසකින්, බාලන්ශෙන් , එක , දෙකට විතර එද්දී, අම්මට පොත් ගේන්න මං පුස්තකාලෙට ගියා. ගෙවල් ළග නිසා. පොත් කබඩ් වලට උස නැතුවත්, ඇගිලි තුඩින් ඉස්සි, ඉස්සි මං ගත්තේ අතට අහුවෙච්ච ලොකු පොත්. ගෙදර ගෙනත් අම්ම පොත තියන වෙලාව බලන් ඉදල මං පොත අතට ගත්තා.ගොළු හදවත, අක්කර පහ, පාරදිගේ තමයි, මං ඒ කියවල තියෙන්නේ. ඔහොම කියවන කොට, තුන,හතර, පහ,හය පන්ති පහු කරනකොට, හම්බ උනේ ශර්ලොක් හොල්ම්ස්ගේ අභිරහස් කතා 
        කාලය කෙමෙන් ගෙවිල භිෂනයත් ආව . ඉස්කෝලේ වැහුව. පන්තිත් නැ. ගියා මං ළග යාලුවෙකුගේ ගෙදරකට කාලය ගෙවන්න. මගේ වෙලාවට තිබුණා, එහේ පොත් කබඩ් එකක් ඔක්කොම රුසියන් පරිවර්තන පොත්, 'අම්ම' 'සිටුවරයාගේ දියණියෝ ' විලියම් ශේක්ෂ්පියර්ගේ නාට්‍ය පොත් මං කියෙව්වේ එතනින් 
          භිෂනයත් ඉවර වෙලා ආයෙත් මං ඉස්කෝලේ ගියා. සාමාන්‍ය පෙළ පංතියේ අන්තිම පේලියේ, යාලුවෝ සෙට් එකත් එක්ක මං ඉංග්‍රීසි පීරියඩ් ඒක වෙලාවේ පෙරලගෙන හිටියේ ' මං නරක ගැහැනියක් නොවේ' ටීචර් පොතත් අරන් මටත් බැනල ගියා. පස්සෙන්දා යාප්පුවෙලා පොත ඉල්ල ගත්තේ ටීචර් අපේ ගෙවල් ළග නිසා. යන්තන් සාමාන්‍ය පෙළත් පාස් වෙලා දෙයියන්ට පින්සෙද්ද වෙන්න උසස් පෙළත් පාස් උනේ පොත් කියවල තිබුන සාමාන්‍ය දැනීම නිසා කියල මං දන්නව. නැත්නම් හරියට පංතියේ ඉගෙන ගත්ත නිසා නෙමේ. 
              ඉතින් මේ වෙද්දී කියවපු පොතුත් මං මොනවද කියල ලියන්න ගත්තා. ලොකු ලිස්ට් එකක් එතන. පොත් සාප්පු ගානේ මං දවස් ගණන් රස්තියාදු වේවි අළුත් පොත් හෙව්වා. පොත් ප්‍රදර්ශන වලට ගිහින් අඩුවට පොත් ගත්තා. international book fair එක කොළඹ ඉන්නකම් වැරද්දුවේ නැ. 
        කියවල, කියවල, මං දැන් ලියනවා. මගේ සිංහල භාෂාව, අකුරු හැකියාව, සාහිත්‍ය අවබෝධය වැඩි දියුණු උනේ ඉස්කෝලේ යද්දී නෙමේ. මේ ලගක් කාලේදී. ගුරුවරු නැතත් අපි දැන් ස්වයං අද්‍යනයට හුරුවෙලා. මොනවා හරි, කොහේ හරි ලියන්න හිතෙනවා. වෙලාවට love letters ලියන්නවත් දැන් බැනේ, කට්ටිය හිනා වෙනවා. දැන් එහෙම කලාවක් නැති නිසා.ඔන්න මං මේකේ ලිව්වා. මං පොත් කියවන්න පටන් ගත්තේ කොහොමද කියල .... 


31 comments:

  1. මටනං ඕන පොතක් අහුඋනොත් කියවලවම තමයි නවතින්නේ.. කොහොම උනත් ලියන්නනම් බෑම තමයි.. අඩුම ගානේ සෙනෙහෙ කොලවත්...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එක නම් බොරු ..... සි.ජේ.... ඔයා ඔය මලදානයක් ලියන්නේ අගේට.....

      Delete
  2. නිහංසා ඇන්ටි කියන්න ද ඈ :)))))
    රුසියන් පරිවර්තන තමයි මමත් වැඩියෙන්ම කියවලා තියෙන්නෙ ,ශර්ලොක් හොම්ස් වැඩි ප්‍රමාණයක් කියවලා තියෙනවා (මං හිතන්නෙ සේරම පොත් ටික )

    ReplyDelete
    Replies
    1. ආච්චි කියපං

      Delete
    2. හරි මාමේ :)))))))))))))))))))))))))))))))))))))))00

      Delete
    3. සහෝ...... පැටියෝ..... ඔයාට ඕන එකක් කියන්නකෝ...... තව කියවන්නකෝ..... හොද බබා..... වගේ.....

      Delete
    4. මං හිතුවා හරි වගේ ... :))))))))))))))))))))))

      Delete
  3. පොත් කියවීමේ අගය වචන වලින් කියන්න බහ. අදටත් මට කියවන්න දේවල් නැත්නම් පිස්සු වගේ. මාසෙකට සැරයක් පොතක් ගන්න එක අදටත් නොකඩවාම කරනවා. තමන්ගේම කියලා පොඩියට පුස්තකාලයක් හදාගන්න උත්සාහ කරන්න. 'අධ්‍යයනය' කියන වචනය කම්මැලි කමින් ටයිප් කරලා වරද්දලා තියෙන්නේ. හොර කොල්ලා. මෙහෙමයි ලියන්නේ. adhyayanaya

    ReplyDelete
    Replies
    1. විචාරකතුමනි...... ඒ වැරදිලා, කලබලේට type, කරලා, අනේ ..... මං කොල්ලෙක් නෙමේ..... ඔබතුමා හිතන්නෙත් මං කොල්ලෙක් කියලද...? මට පොඩි පුස්තකාලයක් තියනවා..... එකේ හැම වර්ගයකම පොත් තියනවා..... ටික ටික.....

      Delete
    2. හොර කොල්ලා/// හැක් මමත් වටෙන් තැලුවා ඕන් උඩින්

      ඇන්ට් ඇයි මේ විචාරක තුමා මෙහෙම කියලා තියෙන්නෙ ?????


      Delete
  4. එක හොදයි දැන් ඉතින් මේකෙවත් ලියන්න... පස්සේ පහුවෙලා පොතක් එහෙම ලියන්න බැරියැ ;) 

    ReplyDelete
    Replies
    1. මාත් හිතුව. මදාරා..... දැන් ටිකක් වැඩ වැඩි හින්ද , වයසට ගිහිල්ල පොතක් ලියන්න ඕන කියල....

      Delete
  5. අපෙත් කියවීම් පරන් ගැන්න ඔහොමම තමයි ඉතින්.. මම නම් හැබැයි වැඩියෙන් ආස කලේ රහස්පරීක්ෂක එවුවට තමයි.. ඊට පස්සේ හුඟක්ම පරිවර්ථන... ලවු ස්ටෝරි නම් කියෙවුවෙම නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව්..... දිනේෂ්... නොදන්නා කාලේ, අහුවෙච්ච හැම පොතක්ම කියෙව්වා. ඊට පස්සේ පරිවර්තන, අතරින් පතර love story , ඊට පස්සේ පැරණි ගද්‍ය, හා පද්‍ය ...... දැන්, සමාජ විද්‍යාත්මක පොත්...... ඔන්න කියවීමේ ක්‍රමය වෙනස් වෙච්ච හැටි.....

      Delete
  6. පොතක් නම් අහුවුනොත් කියවනවා , හැබැයි මගේ ඉට්ටයිල් එකට හරියන ඒවා, සමහර ඒවා කොච්චර හොඳ වුනත් කියවන්න හිතෙන්නෙම නෑ

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද ඉවාන්..... ඔයාගේ ඉට්ටයිල් එක ... කියන්නකෝ බලන්න අපට තේරෙන්නේ නැනේ....

      Delete
    2. හෙහ්...හෙහ්.... ඉවාන කියවන්නෙ මං ලියන ඉට්ටයිල් එකේ ඒව නිහිංසා..... :)

      Delete
    3. සැක් ඉතරක් ..... ඔය කිව්වේ ඉතිං

      Delete
  7. කියවන එක මම හිතන්නෙ බ්ලොග් වල ඉන්න ගොඩ දෙනෙක්ගෙ ප්‍රියතම විනෝදාංශයක් විය යුතුයි. මොකද බ්ලොග් කියවීමත් කියවීමක්නෙ.

    ශර්ලොක්ගෙ කතා නම් මාත් ආසම කතා ටිකක්.

    ReplyDelete
    Replies
    1. පොත් කියවන කෙනා..... කොතනින් හරි හොයන්නේ කියවන්නම තමයි..... ඒක හොද ලක්ෂණයක්..... නුතන චින්තනය ගොඩ නගන්න, සාර්ථක ක්‍රමයක්, අපේ set එක ඒ කියන්නේ blog මිතුරෝ ඒ කාර්යයේ දැන් පෙරටම යනවා. ප්‍රියා....

      Delete
  8. මම නං මාසෙකට පොතු තුනක් අනිවා ගන්නව.. එර්ත් ඒව කට්ටිය ඉල්ලං ගියාම තමා මල පයින්නෙ...
    මොකද ඒව ආපහු හම්බවෙන්නෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඔව්.... මහේෂ් , එක අපේ හිත හොද වැඩි කමට වෙන දෙයක්..... මටත් ඒ දේ වෙලා තියනවා, ආපහු නම් ඒ අයට දෙන්නේ නැ..... මතක් වෙනකොට තරහත් යනවා.

      Delete
  9. පොත් කියවන එක හොදයි.. වළදනවට වැඩිය

    ReplyDelete
    Replies
    1. වල දාන්නේ නැතිව කියවන්න ...... ගොඩ එන්න පුළුවන්, කොහෙන් හරි.

      Delete
  10. පොත් කියවන්න ගිහාම මට තියෙන අවුල තමයි කියෝලා ඉවර කරනකන් ඉවසිල්ලක් නැති කම.එතකොට ඉතින් අනිත් වැඩ වලට සොරි වෙනවා... :)

    ReplyDelete
  11. ඔව්.... සුසී..... මං ඒ කාලේ..... ගෙදරින් බැනුම් අහනවා. ගෙදර වැඩ කරන්නේ නැතිව පොත අතේ තියන් ඉන්නවා, කියල, ඔහොම තමා ඇබ්බැහි උනේ, පොත් කියවන්න....

    කලෙකදී සමහරු මට කිව්ව, පොත් කියවල පිස්සු හදා ගනී කියල, මෙහෙම ගියොත්....

    තවත් සමහරු කිව්ව, මං අහස අල්ලන්න හදනවා, කියලා. මේ වෙනකොට මං ඒ ගොල්ලන්ට කියනවා, මං අහස අල්ලලා ඉවරයි කියල......

    ReplyDelete
  12. ඔය කියන ඒවගෙන් ටික ටික කියෙව්ව කියල මටත් යන්තමට වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ටික ටික කියෙව්වේ ,,,,? එකත් හොදයි....

      Delete
  13. හෙක්...හෙක්.....
    >>උසස් පෙළත් පාස් උනේ පොත් කියවල තිබුන සාමාන්‍ය දැනීම නිසා කියල මං දන්නව. නැත්නම් හරියට පංතියේ ඉගෙන ගත්ත නිසා නෙමේ.<<
    එල කියමන......

    ReplyDelete
    Replies
    1. නැත්නම්........ කවුරුත් දන්නේ නැනේ අපිට ඉගෙන ගන්න පුළුවන් කියල, වැඩිපුර නටන නිසා, ඒ උනාට, අපේ පේලියේ උසස් පෙළ පාස් උනේ මං විතරයි...... ඉස්සෙල්ල ජොබ් එකක් කරෙත් මං..... කැම්පස් ගියෙත් මං.......

      ඔක්කොමත් කරාට හැබැයි..... පොත් කියවිල්ල නිසා, නොලැබුන දේවලුත් තිබුන.... කෙන්ජි.....

      Delete