Saturday, August 2, 2014

කුණාටුව



උඩු සුළඟ මුසුව ගිය සුනරුත් පැතුම් පොදි 

හද දවා නෙතු පුපුර ගලා ගිය කදුළු බිඳු 

ජීවිතය යදින්නක් කර මංමුලාව 

හිරු සඳුද නොමැති කල දුකදුරුය හැම විලස 



හමා ගිය සැඩ පාර ජීවිතය උදුර ගෙන 

හිමිව තිබු වසන්තයේ විසිර ගිය සුසුම් වැල් 

මාරුතය දරුණු මුත් ශේෂ වූ ගිම්හානේ 

කෙබඳු ලෙස වැලපේද ගගනතම කළඹමින් 



මලේ මකරන්ද පාව ගිය බොල් සුළගේ 

වියලි බව නොම දැනුනි කටුක වූ දිවි දියඹේ 

ඉරි තැලී බිද වැටි වල් වැදුණු හද දෙරණේ 

කවර දින රැදෙවිද ලතෙත් වූ දිය බිදක් 



16 comments:

  1. වචන පෙළ නම අති විශිෂ්ඨයි දරුවා...

    ReplyDelete
  2. ස්තුතියි..... ඔබතුමාට ...... සාදරයෙන් මගේ අඩවියට පිලිගන්නවා....

    ReplyDelete
  3. ලස්සන පෙළගැස්මක්

    ReplyDelete
  4. ජීවන යථාර්තය.. නේද නිහිංසා

    ReplyDelete
    Replies
    1. ජිවන යථාර්තය මට මතක් උනේ සුනාමි ව්‍යවසනයත් එක්ක ..... තනුජා.....

      Delete
  5. ලස්සනයි... අපූරුයි ඇත්තටම

    ReplyDelete
  6. කුණාටු හැමදාම තියෙන්නේ නැහනේ නිහංසා.
    කුණාටු නිසල වෙන දවසක් ලඟදීම එවී.

    ReplyDelete
    Replies
    1. ඔව්.... මනෝජ්....... ජීවිතය , වෙලාවකට , මේ වගෙයි..... හරියට සුනාමියක් වගේ..... ඒ ස්වභාවික අත්දැකීමයි.... මේ විදියට අකුරු කෙරුවේ....

      Delete
  7. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය..
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    ReplyDelete
    Replies
    1. ඔබ ... එය මතක් කලාට ස්තුතියි.....ඉක්මනටම ලියාපදිංචි වෙන්නම්.....

      Delete
  8. ලස්සනයි හරිම රසයි...

    ReplyDelete