Sunday, August 10, 2014

අපේ කාලයේ සහෝදරයෙක්

        


         නිමල් පුංචි කාලේ ඉදන්ම ඉගෙන ගන්න දස්සයා . ඒත් ආර්ථික අමාරුකම් මැද්දේ අම්මගේ තාත්තගේ ගොවිතැන් වලට උදව් වී, කීය කීය හරි හොයා ගෙන පොත් අරන් ඉස්කෝලේ ගියා. හතේ අටේ පන්තියට එනකොට දකුණේ භිෂණය පටන් ගත්තේ නිමල්ලගේ අද්‍යාපනයටද කන කොකා හඩවමිනි . 
     මෙතක් ඔහු ආ ගමන් මග වෙනස් කරමින්, යන්න උනේ සමාජ සංශෝධන ව්‍යාපාරයේ පෙරටුගාමී චරිතයකට පන පොවමින්. ජාතියේ විමුක්තිය පිණිසය. සැබෑ දේශප්‍රේමියකුගේ වගකීම රට හා ජාතිය රැකිම බව, නිමල්ට පිළිගන්නට සිදුවුනි. පාසල් අද්‍යාපනය ඒ වන විටත් අවසන්ව නොතිබුනත්, ඔහු රට රැකීමේ භාරදුර කාර්යට අත තිබ්බේ සිය ජීවිතය පරදුවට තබමිනි. 
      ඔහු පෙරමුණේම ගියේය. සටන් ව්‍යාපාර දියත් කළේය. ඔහුගේම සමකාලීනයන් ආරක්ෂක අංශ අතින් අතුරුදහන් වෙද්දී, මළමිනී හන්දි ගානේ දැවී යද්දී, ඔහු ආයුධ සන්නද්ධ විය. පොලිසියට, හමුදාවට කට්ටි පනිමින් , වන වැදුනේ සිය ආරක්ෂාව පතාය. 
       හිරිමල් වියේ එළිපත්තේ සිට සුන්දර සිහින දකිනවා වෙනුවට , මරණය දකිමින්...බියෙන් සැකෙන් කාලය ගෙව්වේය. ඔහුගේ මිතුරන් බොහොමයක් හා ව්‍යාපාරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු  අතුරුදහන් වෙද්දී, නිමල්ගේ දිවි රැකුණේ පුරුවේ වාසනාවකටද කියල අපට සිතුනත්, ඔහු නම් සිතුවේ, මෙලෙස දිවි රැකුණේ කරුමයට බවය. 
       දකුණේ එක් ප්‍රසිද්ධ ගම්මානයක ජිවත් වූ ඔහු..... දේශප්‍රේමී වීරයකු ලෙස අවට ගම දනව් වෙතද..... නිමල් යන නම ප්‍රචලිත විය. ගෝනි බිල්ලෝ මග හරිමින්, දවලට නොපෙනී.... රැට පෙනී .... නොපෙනී..... සටන්  කරමින් ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් නිමල් ඇප කැප වෙද්දී..... කාලයාගේ ඇවෑමෙන් භිෂණය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙන්නට විය. වල් වැදුණු නිමල්..... නිවසට එන විට , ඔහුගේ අනාගතයද වල් වැදී ඇති බව, ඒ වන විටත්  දැන නොසිටින්නට ඇත. 
      අඩපනව තිබු නිමල්ගේ පාසල් අද්‍යාපනය නැවත පටන් ගත්තේ, ගෙදරින් බැනුම් අහන්නට බැරිකම නිසාවෙනි. සාමාන්‍ය පෙළ, සමත්ව සිටි නිමල් උසස් පෙළද ඉහලින් සමත් වුයේ විශ්ව විද්‍යාලයට යාමට ලකුණක් මදි වීමෙනි. 
        එතකින් අද්‍යාපනය හමාර කරමින්, රැකියා සදහා නිමල් ඉල්ලුම්පත් දමන්න උත්සාහ ගත්තේ, තව දුරටත් ගෙදරට බරක් නොවන්නටය. විටක , සම්මුඛ පරීක්ෂණ සදහා කැදවිණි. එහෙත්, පොලිස් වාර්තාව නිමල් සම්බන්ධයෙන් , හොද එකක් නොවූ බැවින්, එතනින් එහාට යන්න නිමල්ට නොපුළුවන් විය. JVP කාරයා යන නමින් නිමල් හංවඩු ගැහුනේ, ගමේ ප්‍රසිද්ධ චරිතයක් වූ බැවින් හා, ඔහුගේ දේශප්‍රේමියත්වයට ගරු කිරීමක් වශයෙනි. ඉතින් ඔහු කොතෙක් ඉගෙන ගත්තත් කෝ ආණ්ඩුවේ රස්සාවක්? 
          මේ කිසි දෙයකින් වැඩක් නැති බව දැනගත් , නිමල් උරුමයෙන් හම්බ වෙලා තිබුණු කුඹුරට බැස්සේ ජිවත් වීමේ මහා සටන දැන් ඔහු අභිමුවේ ඇති නිසාවෙනි. කුඹුරු නියගයට අහුවී... අස්වැන්න අඩු වෙන්නට පටන් ගත්  විට ඔහුට දෙවියන් සිහි උනේ. මින් ඉදිරියට කුමක් කරන්නදැයි, සිතමිනි..... ඔහු කසාද බැන්දේය. ළමයින් හැදුවේය, දැන් ඔහුට කියා පවුලක් ඇත.පවුල නඩත්තු කිරීම යුතුකම වන්නේය....
          නිමල් නම් වූ දේශප්‍රේමියා, ගමේ වීරයා, අළුත් රැකියාවක් සොයා ගත්තේය. පවුලක් නඩත්තු කිරීමේ මහා බාරදුර කටයුත්තට සරිලන රැකියාව ඔහු තෝරා ගත්තේය. 
       නිමල් බුරු පිටියේ ගණන්කාරයකු වුයේ, දේශප්‍රේමයේ අනුහසින් යයි ගමේ උන් කියයි. ඔහු දැන් මුදලට බුරු ගස්සවයි, ගමේ හා ඒ අවට මල ගෙවල් වැරද්දුවේ නැත. ඒ හැම එකටම සහභාගි වුයේ, නීතියේ රැකවරණ ලැබෙන නිසාවෙනි. දැන් නිමල් JVP නිමල් නොව, බුරු නිමල්ය. ගමේ අය ඔහුව හදුන් වන්නේ එලෙසිනි, තවමත් ඔහු වීරයෙකි, හේතුව, ගමේ කාට හරි අතමාරුවක් ඕන වුන විට පිහිට වන්නේ නිමල්ය. ඒ යහතින් සල්ලි ඇති නිසාය. 
      මට ඔහු හමු උනි, ඒ අවුරුද්දට මුදල් ඔට්ටුවට බුරු ගසා පොලිස් අත්අඩංගුවට පත් වූ නිසාය. ඔහුගේ කතාව මා ඉදිරියේ, පෙළගැස්වුයේ ඔහුගේම  දැසට කදුලක් එක් කරවමිනි. මා ඇහුවේ එක ප්‍රශ්නයයි, ඔහුගෙන්, ඇයි.... දැන්වත් රස්සාවක් කරන්නේ නැත්තේ ඕන තරම් JVP කරපු අය රස්සාවල් කරනවනේ,
          මේ ඔහුගේ පිළිතුරයි, .....
      මං ගියා මගේ සුදුසුකම් වලට රස්සාවක් බලන්න මන්ත්‍රීතුමාගේ ගෙදර, අයදුම්පත දීල යන්න කිව්ව, පස්සේ දන්වන්නම් කියල. මට ආරංචි වුණා එතන හිටපු අය කිව්වලු ඔය JVP කාරයෙක්, මොන රස්සාද කියලා. ඉතින්, මට කවුද රස්සා දෙන්නේ ....? 
       නිමල්ගේ චරිතය සමාජය  විසින් මේ වන විට ලේබල් කර හමාරය. ඒකට පිළිතුරක් ලෙස ඔහු නැවතත්, සමාජ විරෝධී චර්යාවක නියැලී සිටි . අද දවස ගත කලද , හෙට අවිනිශ්චිතය, එහෙත්, දරු පවුල නඩත්තු කරන්නට නම් ඔහුට, හෙටත් බුරුවො ගැස්සවීමට සිදුවේ.  
     වරද කොතනද....? නිමල්ගේද...? අපේද....? 

37 comments:

  1. ඇත්තටම නිමල්ලට සාමාන්‍ය ජීවිතයක්, සාමාකාමී ජීවිතයක් සදහටම අහිමිද?

    ReplyDelete
  2. ඔහු අහිංසකයෙක් බව.... වැටහුනා...... නමුත්, පාසල් වියේ කල වරදට සමාජය ඔහුට ජීවිතාන්තය දක්වාම දඩුවම් දුන්නා. තවමත්. ඔහු ඒ දඩුවම විදිනවා......සාමාන්‍ය ජිවිතයක් හිමි කරනවාද.... නැත්ද...? කියන එක සමාජයමයි තීරණය කල යුත්තේ ප්‍රියා.....

    ReplyDelete
  3. සමාජෙම තමා මේ මිනිස්සුන කොන් කරලා ඈත් කරලා දාන්නේ.මට නම් දැනෙන්නෙ පුදුම තරහක් මේ සමාජෙ ගැන.විප්ලවෙ මෙහෙයවපු සෝමවංශලා සැප විදිද්දි.විප්ලවෙ බර කරට ගත්තු නිමල් ලා මහපාරේ.ඇගේ පතේ කටේ හයිය තියනකල්,ඇස් පේනකල් බූරු ගහයි ඊටපස්සෙ???????????????????

    ReplyDelete
    Replies
    1. නිමල් කරන්නේ දැන්, වැරදි මුදල් ඉපැයීමක්, ඒ හේතුවෙන්, සමහර අවස්ථා වලදී, පොලිසියට අහුවෙනවා. රකයි අවදානම.
      නිමල්ගේ ළමයි සමාජෙට මුණ දෙන්නේ කොහොමද.... කවුරුත් කියාවි.... අර බුරු නිමල්ගේ ළමයි කියලා. දැනටත් තත්වය ඒක. අද හොදට සල්ලි තිබුනට, හෙට අවිනිශ්චිතයි..... මොකද අසාධාරණ මුදල් වලට ආයුෂත් අඩුයි.....මල්ලියෝ.....

      Delete
    2. ඒ උනාට බොලේ ඔයිට වඩා අසාධාරණ වැඩ කරන මිනිස්සු ලංකාවෙ ඉන්නවා.අපිත් ඔව්වට වග කියන්න ඕනි.නයිට් ක්ලබ් 1 කැසිනෝ එකේ මිලියන ගනන් වලට කෙලින සූදු හොදා.මේ ගමේ ගොඩේ එකෙක් 500 ට 1000ට ගැහුවොත් තමා අපාගත වෙන්නේ.

      Delete
    3. කැසිනෝ රජා ලංකාවෙන් පිළිගත්තා ඒ මෙහේ සුදුව නවීකරණය කරන්න. ඒත්..... සංස්කෘතිය ඊට හරස් උනා, මන්ද..... අපට නොගැලපෙන මුදල් ඉපැයීමක් නිසා. ඇත්ත.... බුරු ගැහුවම උසාවි දඩයත් රුපියල් සීයයි, ඒත්.... ඒ දක්වා හරි යනවට අකමැති..... මේක සමාජ ව්‍යවසනයක් නිසා.
      මොකද අනෙක් පාර්ශවයන් සල්ලි ගේන්නේ.... බුරු ගහන්න, නෝනගේ කරාබු දෙක උගස් තියල, නැතිනම්, ළමයාගේ පිටි පැකට් එක ගේන්න තියන සල්ලි වලින් මල්ලි....
      ගෙදර අයගේ සාපය තමයි ,,, මේ සල්ලි වල තියෙන්නේ....

      Delete
  4. නිමල් ලා තවත් අපි අතරම සිටිනවා.. වරද කාගේ ද ? නිමල්ගේද සංවිදානයේද, නැත්තං සමාජයේද ?

    මමත් ඔය මාතෘකාව ගැන ලිව්වා, හැබැයි ඒක ඔය තරංවත් සුන්දර නෑ
    http://cvpsur.blogspot.com/2014/03/blog-post_31.html

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒකත් මං බලන්නම් සි.ජේ. . වරද, මං දකින්නේ සමාජයේ....

      Delete
    2. සි.ජේ. ඔයාගේ ඒ post එකට මං ගියා , එක කලින් බලලා , මං කමෙන්ටුවක් දලයි තිබුනේ,...
      ගධබ්බයෙක් වෙන්න බැරි උනොත්.... ඉතුරු වෙන්නේ මේ ටික තමා, නිමල්ටත් වෙලා තියෙන්නේ. එකයි... නිමල් කිව්වේ දිවි බේරුනේ කරුමයට කියල.
      මේ traning වලදී brain wash කරනවා. ඒ ටික දැන් වෙනස් කරන්න හරිම අමාරුයි. සමහර විට නිමල් තුල සමාජය ගැන තරහක් තියෙන්න පුළුවන්, ඒ හින්ද මේ දේ කරනවා වෙන්නත් පුළුවන්.
      ඔයාගේ post එකෙන් , මං අන්තිමට තීරණය කලේ... ඒ සිදුවීම නම් ඇඹිලිපිටිය යුගයට අයිති කතාවක් නේද කියල.

      Delete
  5. සමාජ අසාධාරණයේ තවත් කතාවක්...

    ReplyDelete
    Replies
    1. ඔව්..... එක් පැතිකඩක් මේ තුලින් නිරුපනය වෙනවා.....දෙයියෝ.....

      Delete
    2. //එක් පැතිකඩක් මේ තුලින් නිරුපනය වෙනවා.....දෙයියෝ.....//

      හිනා කාල මැරෙනවා

      Delete
    3. ඒ මොකද සි.ජේ. .... හිනා යන්නේ,
      මෙතැනදී , නිමල්ගේ කතාව කොටස් දෙකකට ගත්තොත්, නිමල්ගේ වැරැද්ද හා සමාජයේ වැරැද්ද....හේතු වෙනවා. මේ හැම සිද්දීයකටම.

      Delete
    4. නෑ අප්පා දෙයියෝ කියපු එකටයි හිනා ගියේ...

      Delete
  6. මීට වඩා හිතා මතා වැඩකරන්න ඕනෙ JVP කාරයා කියා රජයේ රැකියා නොලැබෙන විටයි. පෞද්ගලික අංශයේ හූරාකෑමට ලක්වන රැකියාවකට ගිහින් සාධාරණ ජීවිතයක් ගත කරන්න තිබුනා හිරේ විලංගුවේ නොවැටී. ඉක්මනින් සල්ලි ගොඩක් හොයන්න ගියාම අමාරුවේ වැටෙනවා. ඒ නිසා එක පැත්තකින් නිමල් වැරදියි.

    නිමල්ලාට මග පෙන්වන තැන් බොහොම අඩුයි. එවනි ආයතන හැදෙයිද කියන එකත් ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. නිමල්ලාට මග පෙන්වන ආයතන නැ..... අහඹු ලෙසයි, නිමල් මටත් මුණ ගැහුනේ, උත්සාහ කරා මං ..... ටිකක් හරි චර්යාව වෙනස් කරන්න. ඒත්..... අන්තිමට දිග හැරුනේ ඔහුගේ කතාව මං ඉදිරියේ.... මේ විදියට.
      ඔහු කලින් බුස්ස කදවුරෙන් පුනුරුත්ථාපනය වෙලා තියනවා. ඒත්... එය සැබෑ පුනුරුත්තාපනයක් නෙමෙයි කියලයි, මට හැගෙන්නේ.... තවමත් ඔහුගේ අදහස් තුල. අතීත නටඹුන් දක්නට ලැබෙනවා, විචාරකතුමනි....,
      ඔහුට මිට වඩා විකල්ප ක්‍රමයකට යන්න ඉඩ තිබුන.... ඒත්..... එහෙම නොවුනේ මන්ද කියල හිතා ගන්න අමාරුයි.....ඔහු..... බිද වැටිච්ච පුද්ගලයෙක් කියලයි , මට හැගෙන්නේ...

      Delete
  7. වරද කාගෙද කියන එකට දැන් උත්තර හෙවීමෙන් ප්‍රතිඵලයක් තියෙනවද?? මේ තවත් එක කතාවක් විතරක් වෙන්න පුළුවන්..

    ReplyDelete
  8. දැන් වත් මේ වරද හදා නොගත්තොත්..... දඩුවම් විදින්නේ අර නිමල්ගේ දරුවෝ..... දිනේෂ්.... ඒ ළමයි දැන් ඉන්නේ පාසල් වියේ....

    ReplyDelete
  9. අපේම මිනිස්සුන්ගෙ කුහක මානසිකත්වය නෙව...
    ඒ හන්ද වෙන සමාජ ව්‍යසනය බලන්න..
    එදා අර මන්ත්‍රි දෙන්න හදපු රස්සාව දෙන්න ඉඩ ඇරිය නං අද ප්‍රශන තියේද...
    කුහක කම හා ඊර්ෂ්‍යාව තමා අපේ මූලික දායාද ඒව නැතිව වැඩක් කරන්න පුලුවංද...

    ReplyDelete
    Replies
    1. ඔව්.... මහේෂ් අපේ මිනිස්සු හරි කැමතියි.... දුබලයෙක්ව පාගන්න .... කොන් කරලා හිනා වෙන්න. ඒ හන්දනේ..... රස්සාව දෙන්න ඉඩ ඇරියේ නැත්තේ....
      දිගින් දිගටම මේ දේ වෙනකොට, නිමල්ට සමාජය ගැන තරහක් ඇති වෙන්නත් ඇති....

      Delete
  10. ඕක තමයි නිහිංසා සෑබෑ ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස!

    ReplyDelete
    Replies
    1. සිංහලයින් උසස් කියල කිව්වට කැත ගතිත් නිරුපනය වෙනවා. බස්සියෝ....

      Delete
  11. Replies
    1. මේක දේශපාලනේ වරදද,,,? මිනිසුන්ගේ වරදද...? සංජිව....

      Delete
  12. සමාජේ සාධාරණ නැහැ නිහංසා හැම තිස්සෙම.
    නිමල්ගේ නෙමේ වරද සමාජේ.නිමල්ට ඕනේ මඟ පෙන්වීම දෙන්න බැරි නම් සමාජේට ඒතැන තමයි වරද තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නිමල් වරද කලේ ළමා වියේ ඒ කියන්නේ වයස අවුරුදු දහසය, දාහත කාලේ..... ළමයින් කරන වැරදි .... වැරදි විදියට අදටත් අපේ නීතියට වලංගු නැ..... ඒත් මේක විතරක් සදාකල් දඩුවම් ලබන වරදක් බවට පත් උනා....මනෝජ්.... ඒකයි සමාජයේ වරද....

      Delete
  13. මෙතැන මූලිකම වරද නිමල් ම අතේ කියලමයි මට හිතෙන්නේ.ලොකු විවරණයකට යන්න තරම් විවේකයක් නෑ මේ වෙලාවේ.

    ReplyDelete
    Replies
    1. නලින් අයියේ.....මුලිකවම ..... අපි වැරද්දක් කලොත් ඒකෙ වගකීම අපටම තමයි.... කොයි තරාතිරමේ උනත්..... ඒ මනුෂ්‍යත්වය.....
      ඒත්..... ලංකාවේ නීතියට අනුව, ළමයි කරන වැරදි, වැරදි නොව,,, අන් අයගේ පෙළඹීමයි.... ඒ තුල ඇත්තේ.....එතකොට වැරදිකාරයා... අර පොලවමබපු තැනැත්තා..... නේද....?

      Delete
  14. වරද නිමල් හා සමාජයටත් එක ලෙස බෙදි යා යුතු යැයි මට සිතේ ඒ මගේ සිතුවිල්ලයි.....

    ReplyDelete
    Replies
    1. ඔව්.... ශානු...... මද්‍යස්ථ මතයට අනුව ඔයා හරි.....

      Delete
  15. නිමල් ගැන වරදක් කියන්න මට නොමැත......
    දැනට පවතින ක්‍රමය වෙනස් වුවහොත්....... හ්ම්ම්ම්ම්ම්..... ගොඩක් දේ වෙනස් විය හැක....
    මෙවැනි දේවල් අපි කතා කල යුතුයි.... නිහිංසා .....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි..... පැවතුන ක්‍රමයේ ප්‍රථිපලයක් මත, නිමල් වරදට පෙලඹුණා.... පවතින ක්‍රමයේ ප්‍රථිපලයක් මත ... නිමල්ට දඩුවම් ලැබුන..... ක්‍රම දෙකෙන්ම සිද්ධ උනේ.... නිමල් අසාධාරණයට ලක් වීමයි.....
      අදටත් ගෙවිච්ච යුග තුල වූ අදුරු සෙවනැලි මේ ආකාරයෙන් හොල්මන් කරන නිසයි.... මේක ලිව්වේ.... කෙන්ජි.....

      Delete
  16. ලංකාවේ නිතිය මානුෂිය නීතියට පටහැනියි.....සමහර අවස්ථා වල .....
    ඒ නිසා..... නිමල් වැරදි හා නිවැරදි යන මත දෙකම මේ තුල නිරුපනය වුවා....කොයි... පැත්තට අදහස් දැක වුවත්..... ඔබ නිවැරදියි..... යාලුවනේ.....

    ReplyDelete
  17. වැඩේ දැං නැගල යනව නේද එල

    ReplyDelete
    Replies
    1. ඔව්.... අටම්..... ඔයාට පින්සිද්ධ වෙන්න..... blog එක ගොඩ දාගත්ත.....දැන් බොහෝ අය කියවනවා,,,,,

      Delete
  18. වැරැද්ද අපි හැමෝගෙම.. නිමල්ගේ.. මෙන්ම අපේ.. නිමල් කරපු වැඩ වල.. නිමල් කරපු වැඩ දිහා බලපු අපේ ඇස් වල.,සිතුවිලි වල...

    ReplyDelete
    Replies
    1. ඔව්...... සුසී..... වෙලාවකට .... අපේ සිතුවිලි..... ඒ වගේම නිමල්ගේ සිතුවිලි..... මේ හැමදේටම මුල අපි වටා තියන සමාජීය සාධක....

      Delete