Tuesday, August 19, 2014

හුදෙකලා යව්වනිය



සයුරු තෙර මායිමට නෙත හිය දුර යවා ......
සොයන රුව කවුරුන්ද හුදෙකලා යව්වනිය .....

ඔහු සමග ගත කෙරුණු  යව්වනයේ වසන්තය .......
නෙතට සිහිවිද අතීතය ඔබට .......

අඩ  අදුර මුසුවෙලා ..... අදුරු රැය  එළඹිලා  ......
ඇයිද ඔබ තවමත් මේ පාලු  වෙරළේ .....

සිතුම්  කැළ  විසිරිලා ... බිදෙන රල හා සමයි .....
තනිවිද ... යව්වනිය ඔබ ඔහු හැර ගිය පසු .....




අවුරුදු 22 කට පෙර ලියවූනු  පලවෙනි නිසදැස , 
තවමත් මා  හද මානයේ ඉදහිට එබිකම් කරයි .......
ආදරය .... හුදකලාව ....වේදනාව ..... සිනහව ..... කදුල .......
 අදටත් මා අතහැර නොයයි .....
මා ජිවත්වෙමි ..... ලෝකයට දැනෙන්න ......
ලෝකය මට දැනෙන්න ........
මා  දිනුවාද ...? පැරදුනද ...? 
එය කවුරුවත් ..... 
අඩු ගන්නේ මං වත් 
දන්නේ නැ  .....



29 comments:

  1. සිංගිලිෂ් නං
    yauvaniya - යෞවනිය

    යුනිකෝඩ් (විජේසේකර නං)
    fhAjksh - යෞවනිය

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එක දැන් නේ කල්පනා වුනේ .....සි.ජේ..... මේ අවුරුදු 22 කාට කලින් ලිව්ව විදියටම ලිව්වා....එදා මං මේක ලිව්වා විදිය තමා මේ.....

      Delete
    2. මම ලියන්නේ, you විතරක් මුලින් ටයිප් කරනවා input tools වලින්. එතකොට යෞ/යෞවන/යෞවනය/යෞවනයේ/ කියන වචන ඔක්කොම එනවා. යෞ විතරක් අරගෙන වනිය ඊළඟට ටයිප් කරනවා.

      Delete
    3. තේරුණා...... විචාරකතුමා..... මං ඒ විදියට ලියන්න උත්සාහ කාලේ නැ.... පරණ පුරුදු විදියටම ලිව්වා.

      Delete
  2. යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
    රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...

    දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
    සිඟිති ආදර දූපතක තනිවී...
    ගංඟාවක් සේ - ගලා බසිනු මැන
    නිරන්තරේ සිනා සිසී...

    හසරැලි ගවසා තුරු මුදුනේ
    කල්පනා තෝතැන්නේ...
    තරු අහුරක් සේ - රෑ ඇවිළෙනු මැන...
    අහස් ගඟේ දියඹ දිගේ...

    ගායනය - නන්දා මාලනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - ඩී ආර් පීරිස්

    වසන්ත ඔබේසේකරයන් ගේ "දියමන්ති " චිත්රපටයෙන්..

    ReplyDelete
    Replies
    1. උඹනං පට්ට බුවෙක් ඇනෝ..

      Delete
    2. ආසම සිංදුවක්. පදමාලාව හරියටම දැනගත්තේ අද. ස්තූතියි සින්දු ඇනෝ

      Delete
    3. ස්තුතියි - බ්‍රෑන්ඩ් එක ගල් ...

      Delete
  3. හුදෙකලා වූ පෙම්වතාණෙනි කියන්න
    තාරුණ්‍යයේ කඩඉමත් පසුවී යතත් ඔබ ඔතැනමද
    මම මෙතැනමද හැමදාම
    හුදෙකලා වූ පෙම්වතාණෙනි අහන්න......

    ReplyDelete
  4. සින්දු ඇනෝ...... ඔයාව සාදරයෙන් මගේ අඩවියට පිලිගන්නවා..... සින්දුව ලස්සනයි.....
    ඔබ ඔතන.... මා මෙතන...... හැමදාම..... හුදකලාවූ පෙම්වතාණෙනි.....
    නියමයි ... ඇනෝ..... ඔයාගේ සින්දු ගැලපුම.....
    කොච්චර කිව්වත් වැඩක් නැ....

    ReplyDelete
    Replies
    1. ඔයාගේ සින්දු ගැලපුම.....
      කොච්චර කිව්වත් වැඩක් නැ..........

      හපොයි .....මම ඉවරයි ..

      පත්තරයෝ අනේ මලේ විගහට වරෝ ..
      නැත්නම් මම තනියම මේ "ගල්' ගෙඩියම ඉවර කරනවා ..ඕ යේස්
      මතක ඇතිව වඩේ දෙකක් ගෙනෙන් ...නලිය එනවානම් ..එක්කෝ ඕන නැ

      Delete
  5. ලස්සනයි එත් කෙටි වැඩියි..

    ReplyDelete
    Replies
    1. කෙටියි.... කියල මටත් හිතුන...... ඒත්..... ඉස්සෙල්ලම ලිව්වා එකනේ දෙයියෝ....

      Delete
  6. හපෝ මැදැයි පට්ට කෑල්ලක් ලියන බ්ලොග් එකක් ය කියලා පැණි හලාගෙන ආව බලන්න.අවුරුදු විසි දෙකකට කලිං ලවු ලෙටර් ලිව්වා කියන්නෙ දැන් අඩුම තරමෙ පනස් දෙකක් විතර වයස ඇන්ටියෙකනෙක් වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත නේන්නම්.. මම අමිල අයිය කිවුවමයි බුකියේ ගිහින් උපන්දිනේ බැළුවේ..

      Delete
    2. අමිල එතකොට යන්නේ පට්ට කෑලිවල බ්ලොග්වලට විතරද? හූ.... හොද වැඩේ

      Delete
    3. හූ.... හොද වැඩේ x 2
      :P

      Delete
    4. අමිල හා දිනේෂ්...... පට්ට කෑලි කියන්නේ මොන වයසටද අනේ..... ඔයාල සාමාන්‍යයෙන් බලන්නේ පට්ට කෑලි ලියන blog විතරද....?
      මං නම් ඉතින් මගේ වයස හංගන්නේ නැ.... මං මොනවා හරි ලියනවා විතරයි..... අමතර බලාපොරොත්තු නැ, මේක මගේ hobby එක.
      අනෙක මං නම් වයස බේදයකින් තොරව, අහු වෙන හැම එකක්ම බලනවා. කමෙන්ට් කරනවා....
      හරිද බබාල.....

      Delete
  7. කවිය පරණ වුනත් අදහස නම් පරණ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්..... අපි ලියන දේ සර්වකාලින වෙන්න ඕන....

      Delete
  8. විසි දෙකක් පරණ වුණත් පට්ට ඇ..
    අපූරු අදහසක් දැනෙනව

    ReplyDelete
    Replies
    1. ආදරය කවදාවත් පරණ වෙන්නේ නැනේ මහේෂ්.....

      Delete
  9. ලත්තනයි. පරණයි කියල හිතෙන්නෙ නෑ

    ReplyDelete
  10. අවුරුදු 22 කට කින් හිටිය කිවිඳිය පරිනත වෙලා දැන්

    ReplyDelete
  11. ඔව්..... ඉවාන් පරිනත වෙනවා .... අපි අත්දැකීම් එක්කම.....

    ReplyDelete