Friday, August 8, 2014

සිදන්ගනාවී............



නෙක වර්ණ උලා කසී සළු පොරවා 
අදුරු වූ මාවතේ පියමනින සිදන්ගනාවී
රොන්සුනු නැතද තැවරුණු වත්සුණු
නුඹ  වත බබලන්න ඉසිඹුලයි  නිශාවේ ....

ගැහෙන සිතුවිලි හදේ තෙරපා
වැටෙන්නට පෙරාතුව කදුළු බිදු දෑස්  වල
තොම්බුලන්නිය වැඩිම ලන්සුවකට
ඇග මස් විකුණන වෙන්දේසියක .......

නොදැන අතක පැටලී පියමනින
මියුරු  බස් අහුරු තෙපලන්න රාත්‍රියේ 
නොම වේද උණුසුමක් ගිනියම් වූ සඳට 
නාදුනන පුරවරයේ ...... නුඹ .... සිදන්ගනාවී ......

21 comments:

  1. පහන් කණුව යට ඇය.....

    පැදිය ලස්සනයි, අරුත දුක්බරයි....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔව්.... සි.ජේ. අරුත දුක්බරයි..... ජිවිතයම ඇයගේ....

      Delete
  2. ලස්සනයි..

    මේ ටිකේම කවි විතරක්ම මොකද මන්දා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..... මේ ටිකේ මට ටිකක් විවේකය අඩු උනා..... ඒ හන්ද..... සුපුරුදු පරිදි කලින් ලියපු post publish කරා....... මේ post එකත් ..... මතක විදියට ලියවුනේ අවුරුදු තුන හතරකට පෙර.

      Delete
  3. හම්මේ...
    අපූරුයි ඈ...
    ඒත් ඕ ගැන වෙනස් විදියකට හිතන්න බැයිද...හැමදාම හැම කෙනාම
    ළය පමණක් ලොවට පෙනෙන ළැම නොපෙනෙන
    කේස් එකටනෙ කවි හදන්නෙ
    වැරැද්දක් කියනව නෙවී...
    වෙන විදියක් නැද්ද හොයන්න

    ReplyDelete
    Replies
    1. මහේෂ්...... මේ ගැන වෙනස් විදියකටත් දකින්න පුළුවන්..... මේ එක කෝණයක් පමණයි.... මේ ගොල්ලන් ගැන මට තියෙන්නේ අනුකම්පාවක්, ඒ නිසයි , වැඩිපුරම මේ ආරයට ලියන්නේ.... ඒත් මේ චරිත එකිනෙකට වෙනස්. සංකල්ප බොහොමයක් වස්තු බිජ කරගන්න පුළුවන්..... එකෙන් වෙන්නේ ....තව තවත් මේ ජිවිත පිළිකුල් කරන එක .... ඒ හන්ද.....
      මං මේ විදියට විතරක් ලියන්න කැමතියි..... බොහෝ දේ අන් ඇය දැන නොගත්තට කමක් නැ කියල හිතනවා.
      මේ අය ගැන මං research එකක් කරා. මේක තමා මගේ අන්තිම නිගමනය.

      Delete
    2. ඔබගේ කියමන හරි නිහිංසා...... අදහසට 100% එකගයි .........

      Delete
    3. ඔව්..... කෙන්ජි...... හෝද හෝද .... මඩේ දාන එකේ තේරුමක් නැ..... යමක් කරන්න පුළුවන් නම් ..... ඒ අය වෙනුවෙන් කරන එක අපේ යුතුකම.

      Delete
  4. ළය සඟවා ළැම පෙන්වන වරදක් නොකරන සදාකාලික වැරදිකාරිය.……

    පද ටික අපූරුයි නිහංසා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... ප්‍රියා......

      Delete
  5. හ්ම්ම් ලස්සනයි නිහිංසා ! 

    ReplyDelete
  6. හරිම ලස්සනයි කවියයි අරුතයි දෙකම

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් මගේ අඩවියට පිලිගන්නවා. තරිඳු..... ස්තුතියි,,,,,, ඔබට...

      Delete
  7. ලස්සන කවියක දුක්බර කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම .....මනෝජ්..... දුක්බරයි....කතාව....

      Delete
  8. Replies
    1. ඇත්ත..... තිත්තයි.... බස්සියෝ......

      Delete
  9. ඇත්තටම මා සිත තදින් ඇදී ගිය සිතිවිල්ලක්..........!!!
    V.good ........ ළමයො ............!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... කෙන්ජි...... සමාජ ප්‍රශ්න යථාර්තවාදීව දකින්න මං කැමතියි......ඒකයි..... ඔයා මේ නිසදසට සංවේදී උනේ......

      Delete
    2. අකුරු වෙලා ගොඩක් හොදට........

      Delete