Friday, September 5, 2014

ඉබෝලා වයිරසය

       

           ලෝකයේ දැන් ....  උවදුරක්ව පැතිර යතැයි බියෙන් සිටින වයිරසයකි ඉබෝලා .  මේ නිසා සමහර අප්‍රිකානු රට වලට ඇතුළුවීම මේ වන විට විදේශයන්  විසින් වලක්වා  ඇත. මේ වයිරසයේ ව්‍යාප්තිය සදහා ජානමය ලක්ෂනත් ඉවහල් වී ඇති බව පරීක්ෂණ පවත්වන විද්වතුන් විසින් සොයා ගෙන ඇත. 
     ගිනියාවේ සිට සියෝරා ලියෝන්  දක්වා, වයිරසය අසාදනය වූ රෝගීන්ගේ සාම්පල ජානමය විශ්ලේෂණයකට ලක් කිරීමෙන් පසුව ඔවුන් මෙම අදහස ඉදිරිපත් කර ඇත. 




  ඒ අනුව මේ සියලු මරණ සදහා එක් මරණයක් පමණක් හේතු වී ඇතැයිද , ඔවුන් සොයා ගෙන ඇත. 
    එහිදී ජානමය හේතු 300 කට අසන්න ප්‍රමාණයක් හදුනා ගෙන ඇති බව , මෙම අද්‍යනය සිදු කල හාර්වඩ් විශ්වවිද්‍යාලයේ විද්වතුන් පවසති. 
        ගෙවුණු දශකය පුරාම මෙම වයිරසය මද්යම අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්ත වුයේ, පලතුරු වවුලා හෝ ප්‍රයිමාටවන් හෙවත් වානරයන් හේතුවෙනි. ගිනියාවේ සිට සියොරා ලියෝන් දක්වා මිනිසාගෙන් මිනිසාට වයිරසය පැතිරුනේ එක්තරා රෝග සුව කරන්නකුගේ මරණයක් අවස්ථාවෙන් පසුව බව, ඔවුන් මෙහිදී සොයා ගෙන ඇත. 


    මේ තත්වයන් යටතේ වයිරසය වෙනස් වන බවත්, එය නිරන්තරයෙන්ම එසේ සිදුවන බවත්, ඇමරිකානු හා අප්‍රිකානු පර්යේෂකයින් අනතුරු අගවා ඇත. එහෙත්, මේ ඉබෝලා වයිරසය තම හැසිරීම් වෙනස් නොකරන බවද හදුනා ගෙන ඇත. 


   බටහිර අප්‍රිකාවේ ඉබෝලා වයිරසය අසාදනය වුනා යයි සැලකෙන රෝගීන් 3000 ක් පමණ හදුනා ගෙන ඇත. එහෙත් මෙය පාලනය නොකළහොත් ඉදිරියේදී එය , 20,000 ක් දක්වා වර්ධනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත. 



   මිට එරෙහිව ඇමරිකාව නිපද වූ සිමැප් ඖෂධය සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කරමින් පවතින බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.
    ඒඩ්ස් තරමට භයානක වූ රෝගයක් බව, අපට හැගී යන බැවින්, හා තොරතුරු වලට අනුව වාර්තා වී ඇති බැවින් , සියලු වාසීන්..... මේ සදහා අවදානයෙන් හා දැනුවත්භාවයෙන් සිටීම වටි.....

34 comments:

  1. මේ වගේ පින්තුර මම අදමයි දැක්කේ නිහිංසා

    ReplyDelete
  2. පින්තුර ටික දැක්කම මට මේ ලෙඩේ ලියන්නම හිතුනා. භයානකම තේරෙනවනේ ..... දෙශකතුමනි..... අප්‍රිකානුවන් අතර තමයි වැඩිපුර තියෙන්නේ, ඒ හන්ද.... මේ රට වලින් ඒම සහ යාම දැන් තහනම්....

    ReplyDelete
  3. ඉබෝලා ඇවිල්ලා ලෙඩ පිට්ටනියට බෝල ගහන්න පටන් අරන් මේ දවස් ටිකට ගැහුවේ 20 20 ගැහිල්ලක් නේද, ඔය ඔක්කොම බෝල අප්‍රිකාවෙන් එන්නේ ඇයිද කියලා හොයලා බලන්න ඕන, සාගතය දිළිඳු කම හා සාම්ප්‍රදායික බයිලාවල් නම් ඕකට හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි ඔය වගේ ලෙඩ රෝග එයාගේ වර්ෂන් අප්ඩේට් කර ගනිමින් මොඩර්න වෙන්න ගන්නේ බොහොම කෙටි කාලයක්. වටින ලිපියක්.

    ReplyDelete
    Replies
    1. සොමියෝ.....මේකට හේතු ... සම්ප්‍රධායට බර කරන්න විදියක් නැ. මේක ලෙඩක්නෙ හැබැයි, කරුමයට මේ හැමදේම පාටන් අරන් තියෙන්නේ , අප්‍රිකානු රටවල් වලින්..... ඇත්තටම එකට හේතුව මොකද්ද කියල නම් හිතන්න වෙනවා.

      Delete
    2. බටහිර රටවල් වලින් ඔය රටවල් වල කරන පර්යේෂණ නිසාද දන්නේ නැනේ

      Delete
    3. ඔව්.... අටම්..... එහෙම වෙන්නත් පුළුවන්..... දුප්පත් රටවල් වලට ඇවිත් රාජ්‍ය නොවන සංවිධාන ආධාර කරන්නේ තමන්ගේ හිතේ වෙන දෙයක් තියන්..... මේ වසංගත රෝග... ඒවායේ ප්‍රථිපලයක් වෙන්නත් පුළුවන්...
      මුලින් ඔවුන් පර්යේෂණ අත්හදා බලන්නේ කැලේ ඉන්න සතුන්ගෙන්.....?

      Delete
  4. Replies
    1. ඊලග , ලිපියෙන්, සිමැප් ගැනත් දාන්නම්කො. බුද්ධි ආවට ස්තුතියි.....

      Delete
  5. ඉබෝලා ගෑනු ලමයට දාන්න හොදම නම...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි..... සි.ජේ. මාත් මුලදී හිතුවේ මේක කාගේ හරි නමක් කියල, ඒත්..... ලිපියක් අහම්බෙන් බැලුවම හිතුව, මේ ගැන තව ටිකක් හොයන්න. නම වගේ ලෙඩේ නම් ලස්සන නැ.... දැක්කනේ....

      Delete
  6. මන් මේක ගැන හොයන්න හිටියේ... කම්මැලි කමටයි වැඩයි නිසා අමතක උනා.. මේ පෝස්ට් එක හින්දා ඒකත් හරි දැන්.. ස්තූති මේ වගේ ඒවා ලියනවට නිහන්සා :)

    ReplyDelete
    Replies
    1. මටත් ... ඕක අමතක උනා .... සුසී...... නම අහල ටිකක් කල්.....අයෙත් මේ පින්තුර ටික දැක්කම ලෙඩේ මොකද්ද කියල හොයන්නම හිතුන....

      Delete
  7. පරණ පෝස්ට් ඉවරද බං

    ReplyDelete
    Replies
    1. තව තියනවා..... ඒවා හදන්න ටිකක් අමාරුයි..... අවුල් වෙනවා....... උපරිමය හදල දැම්මා.... දැන් තියන ඒවා ඉවරයි.....

      Delete
  8. පරිසරය අසමතුලිත වෙනකොට ස්වභාදහම ඒ අසමතුලිත භාවය නැති කරල සමතුලිත කරන්න විවිධ ගැට ගහනව(ලු) (මාත් ඇහුව කතාවක්...
    මේත් ඒ වගේ ගැටයක ප්‍රතිඵලයක් වෙන්න ඇති...
    ඒත් මට තියෙන ගැටළුව ඩේන්ජර් ඩෙන්ජර් කියන හැම ලෙඩේම ඇයිඅප්‍රිකාව හරහ එන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. පරිසරය සමතුලිත කරන්න ස්වභාවධර්මය උත්සාහ ගන්නේ නොයෙක් විපත් හරහා, ඒක ඇත්ත, ඒත්..... මහේෂ්...... ඇස් පනා පිට දුක විදින මනුස්සයෝ දිහා බලන්න අමාරුයි..... ඒ පව්කාරයෝද.....?
      අප්‍රිකාව සැම විටම ස්වභාවික විපත් වලට හේතුවක්ම වෙන එක ගැටළුවක්....

      Delete
  9. මට්ට් ප්‍රශ්නේ ඔය හැම දරුණු ලේදක්ම අප්‍රිකාවෙන්ම පටන් ගන්නේ ඇයි කියලා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හේතුව දන්නේ නැ..... ඉවාන්..... සමාජ කතිකාවකට මේක හොද මාතෘකාවක්... පුළුවන් නම් සොයා බලන්න. අප්‍රිකාව ඇත්තටම දුර්වල රටක්ද.....?

      Delete
    2. දුප්පත් කමයි අවම සෞඛ්‍ය පහසුකමයි තියෙන හන්ද තමයි වැඩි කරම හේතුව..

      Delete
    3. එකත් එක හේතුවක් දිනේෂ්.....

      Delete
  10. එබොලා වයිරස (පහක් පමන ) වවුලන් ගෙ සිරුරේ ඔවුන් හට ලෙඩ නොසාදා ජීවත් වෙනවා... කලින් කලට එම වවුලන් ගෙන් වයිරස ප්‍රයිමේටාවන් ගෙ සිරුරට ඇතුලුවී එබෝලා වයිරස උන සාදනවා. එම ප්‍රයිමේටාවන් ගෙන් මිනිසුන් ට දේහ තරල මගින් රෝගය බෝ වෙනවා.... ඉතින් මේ තුන්කට්ටුවම ඉන්න සහ ලඟින් ආස්‍රය කරන තැනක් තමා අප්‍රිකාව....

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් හදල, තව කෙනෙක් මත ක්‍රියාත්මක වී.....තවෙකෙකුට සම්ප්‍රේෂණය වීම..... මගින් රෝගය බෝවනවා.....
      සාරස...... ප්‍රයිමෙටවන්ගේ දේහ තරල කොහොමද මිනිස්සුන්ට ඇතුල් වෙන්නේ.....

      Delete
    2. හා හා.... නරක විදියට හිතන්න එපා....

      ප්‍රයිමේටයන් ගේ කෙල යන්තම් මිනිසෙකු ගේ ඇඟේ ගෑවුනත් රෝගය හැදෙන්න පුලුවනි...

      ජලබීතිකාව කියන්නෙත් ඔය විදියට සතුන් ගෙන් මිනිසුන් හට හැදෙන ලෙඩක් (zoonosis)... එබෝලා වයිරස වලට වඩා අඩුවෙන් දරුනුයි... එබොලා වයිරස තියෙන සතෙකුගෙ / මිනිසෙකු ගෙ දේහ තරල සමේ ගෑවුනත් ආසාදනයට ලක් වෙනවා...නමුත් ජල බීතිකාව හදෙන්න එය තියෙන සතෙකු සපා කන්න ඕනෑ... එහෙම නැත්නම් හමී තිබෙන කුඩා කැපුමකට එම දෙහ තරල ගැවෙන්න ඔනෑ...

      මිනිසුන් හට ප්‍රයිමේටයන් ගේ දෙහ තරල ගෑව්න්න අවස්තාව තියෙනවා..... දඩයමේ ගොහින් ප්‍රයිමේටයන් ව අල්ල ගන්න කල...

      Delete
    3. ස්තුතියි ඔබට..... සාරස ...... විද්‍යාත්මක පැත්ත මං දන්නේ නැ.... ඒ ගැන දැනුම මට නැ.... රෝගය ගැන විතරක් කට්ටියට පරිස්සම් වෙන්න කිව්ව.
      දැන් තේරෙනවා. මේක කොහොමද උනේ කියල. රෝග සම්බන්ධයෙන් ඔබට දැනුම තියනවා. මෙවැනි රෝග ගැන අපව දැනුවත් කරන්න. ඉදිරියේදී..... මේවා හැදෙන්නේ කොහොමද කියල.

      Delete
    4. ප්‍රයිමේටයන් කියන්නේ මොකක්ද , ඇත්තටම දන්නේ නෑ

      Delete
    5. http://en.wikipedia.org/wiki/Primate

      Delete
    6. ප්‍රයිමේටයන් කියන්නේ ඉවාන්..... වානර විශේෂයක්......

      Delete
  11. ජැපනීසෙ එන්සෙෆලයිටිස් රෝගය ගැන අසා තියෙනවා නේද? එම වයිරසය හීලෑ ඌරන් හා කැලෑ කුරුල්ලන් ගේ ඇඟේ උන් ට ලෙඩේ නොසාදා ජීවත් වී (reservoirs of the virus) මදුරුවන් මගින් මිනිසාට බෝ වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව්...... අපි හිතුවේ....උන්ගේ මස් කෑවම තමයි බෝවන එකම ක්‍රමය කියල..... රෝගය ගැන කිව්වට කවුරුත් මේවා දැනුවත් කරන්නේ නැ.

      Delete
  12. හොඳ පැහැදිලි කිරීමක් , අවදානම ගැන සූදානම් කිරීමක් නිහිංසා .ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. මගේ අඩවියට ඔබව පිලිගන්නවා මහේෂ්..... අවදානම කොයි වෙලෙත්..... දැනුවත් වුනාම මේවට මුණ දෙන්න ටිකක් ලේසියි.....

      Delete
  13. මේ දවස් වල කොහෙත් අවදානයෙන් ඉන්නේ ඔය ගැන.. විස්තරය වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්..... දිනේෂ්..... ලංකාවේ අය තාම මේ ගැන දන්නේ නැ.....නිකන් එහෙන් ,,, මෙහෙන්,,,,, ඇහුන වචනයක් විතරයි එබෝලා..... ඒඩ්ස් .... තරම් මිනිස්සු අතරට ගියේ නැ තාම.....

      Delete
  14. අනේ අම්මෝ ලන්කාවටනම් ඕක එන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්ඩ ඕන

    ReplyDelete