Tuesday, September 16, 2014

කදුළු බින්දු



දුක නුඹ ම,පසුපස ඇවිදින්
හිත රිදවා .....මගේ නෙත් අතර
රැදවූ කදුල ..... හිත හිරි වට්ටනවා .....

ඔබ ඇතින් ඇතට ....යන බව
දැනෙනනවා මට ......

කදුල නුඹ මං  ලග තනියට ........
හිත සුසුම්ලනවා ..... නුඹේ මතකය
පෙළ ගැසෙන විට ......

මැවූ සුන්දර ලෝකය .....
කැදැල්ලකට තුරුළු වන්නට

එත් ..... ඒ ..... විමානය ...
සුළන් කපොල්ලක තැනු  බව
කෙලෙස සිතන්නද .....

කදුල ....නුඹ තවමත් මං  ලග ......
තනි රකිවී හැමදාම......

29 comments:

  1. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්......

      Delete
    2. මෙයා ලගකදී ඉදල ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් තමයි ඉදගෙන ......

      Delete
  2. කඳුළු දෙන්න මට හඬන්න........

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඕනෑ.... තරම් දෙන්නම්කො....

      Delete
  3. දුකේදි අපි ළගම ඉන්න එකම මිත්‍රයා,, කඳුළ

    ReplyDelete
    Replies
    1. කදුල කවදාවත් අපි අත්හැර යන්නේ නැ....

      Delete
  4. සුළං කපොල්ලේ තැනූ කැදැල්ලක් :(

    ReplyDelete
    Replies
    1. සමහරු සුළං කපොළු වල කැදලි හදනවනේ....

      Delete
  5. කඳුළු එනකොටවත් මතක් වෙන එක ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. මතකෙට නැගෙන කොටයි..... කදුළු එන්නේ....

      Delete
  6. බිඳුණු පෙම් හද නිවාලන්නට
    කඳුල නුඹ ආ දා
    අඳුර රජයන හුදකලා සිත
    නුඹට පෙම් බැන්දා

    සරාගික වූ නෙතින් ගිලිහී
    ජීවිතෙන් පිදු ආදරේ //
    නිමා වූ සිහිවටන පමණකි
    දෙනෙත් දෑලේ ඉදි වුනේ
    කඳුල නුඹ පිපුනා
    දැවී ගිනිගත් පෙම් සුසානේ
    කඳුළු මල් පිපුනා

    ප්‍රේම ආතුරයන් වෙලා
    ජීවිතේ තනි මන්සලේ //
    දිනෙක ඇය මා අමුත්තන් සේ
    යලිත් හම්වේවී
    කඳුල නුඹ නාඩන්
    දුරස් වන්නනේ නැතේ නුඹ මා
    කඳුල නුඹ නාඩන්

    -ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. සින්දුව ලස්සනයි...... නුඹද...? කදුළුද...? ජිවිතේ....

      Delete
  7. කඳුළු දෙන්න මට හඬන්න
    සත් සමුදුරු ගොඩ ගලන්න
    සුසුම් දෙන්න මට හෙලන්න
    සක්වල ගල සසළ වන්න//

    හිත උපන්න ආලවන්ත
    ඒ රුව කෝ මට කියන්න
    මගේ තනියට මා පමණයි
    ඇය එවන්න මා බලන්න

    කඳුළු දෙන්න මට හඬන්න...

    ලිහිණියනේ පියාඹන්න
    ඇය ඇති තැන සොයා යන්න
    මා මිය යන බව පවසා
    ඇය එවන්න මා බලන්න

    කඳුළු දෙන්න මට හඬන්න..


    ගායනය - සුනිල් එදිරිසිංහ
    ගී පද - ජයරත්න ගමගේ
    සංගීතය - රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ඇති වෙන්න හඩුවම කදුළු ඉවර වෙනවද ....?

      Delete
  8. වතුරයි කදුළු එන්නේ නෙතු අගින් ගලා
    උතුරයි ලය පතුලෙන් දුක වාවා කීරී ගසා
    මතුරයි තොලග ඉකි බිදුම්ක හඬක් නගා
    චතුරයි කදුල නුඹ මා හඬවා සතුට නසා

    එන දල කඳුළු වල නිම් හිම් නොමැත නෙතින්
    සැන සුම් මග හැඬුම පමණකි නොවේද ඉතින්
    ගන අදුරුය තුන් ලෝකෙම හැඟෙන සිතින්
    මොන කරුමයද ගෙවන්නේ මේ මෙමා විසින්

    සතුටක් උරුම මගේ නෙත් දෙක අද වියැකි ගිසින්
    කදුලක් උනන්නේ නෙතු කවදාකද සතුටු සිතින්
    මෙතුවක් කලක් මා තනිවම හැඬවූ ලේසින්
    කදුලක් උනාලා හඬවාපන් මා සතුටු වෙසින්

    ReplyDelete
    Replies
    1. සොමියෝ .... මේ සිංදුවක් නෙමෙයිනේ....? ලස්සනයි

      Delete
  9. ම්ම්ම්ම්ම්ම්ම්......සිතිවිල්ලක් පමණයි නේද.........
    ඔයාට එහෙම නැහැනෙ ........
    දුක ඉතෙන විදියට ලියවිලා,,,,,,,

    ReplyDelete
    Replies
    1. සිතුවිල්ලක් දැනුනු එක දවසක් මේ......එක සිමා උනේ දවසකට පමණයි...... ආයෙත් පෙර සේ.....
      ආදරය දවසින් දවස දැනෙන විදිය තමයි මේ..... කෙන්ජි......

      Delete
  10. මම දාන කමෙන්ට් කෝ.....???

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ...... පස්සේ තමයි.... publish msg ආවේ.....

      Delete
  11. දුක + දුක = සතුට

    ReplyDelete